යුගදනවි බලාගාරය
යුගදනවි බලාගාරය Yugadanavi Power Station | |
---|---|
Yugadanavi Power Station | |
රට | ශ්‍රී ලංකාව |
පිහිටුම | කෙරවලපිටිය, කඳාන |
ඛණ්ඩාංක | 07°00′40″N 79°52′30″E / 7.01111°N 79.87500°Eඛණ්ඩාංක: 07°00′40″N 79°52′30″E / 7.01111°N 79.87500°E |
තත්ත්වය | සක්‍රීය |
ගොඩනැගීම ඇරඹුනේ | 2007 නොවැම්බර් |
අධිකාරී දිනය | 2010 පෙබරවාරි |
ගොඩනැගුම් පිරිවැය | අමෙිරිකා ඩොලර් මිලියන 300 |
අයිතිකරු(වන්) | West Coast Power (Private) Limited |
යුගදනවි බලාගාරය (කෙරවලපිටිය බලාගාරය) ශ්‍රී ලංකාවේ ඉදිකොට ඇති දෙවන විශාලතම විදුලි බලාගාරයයි. මෙගාවොට් 300 ක විද්‍යුත් ජනන ධාරිතාවක් සහිත මෙම බලාගාරය, බස්නාහිර පළාතේ කෙරවලපිටිය හී ස්ථාපනය කොට තිබේ.
විදුලි බලාගාරයෙහි ඉදිකිරීම් 2007 නොවැම්බරයේදී ඇරඹි අතර, අදියර දෙකකින් බලාගාරයේ ඉදිකිරීම් කටයුතු සිදුකෙරිණි. මෙගාවොට් 200 ක විදුලි ප්‍රමාණයක් ජනනය කරන පළමු අදියරේ ඉදිකිරීම් මාස 10 කදී නිම කෙරුණු අතර, බලාගාරයේ දෙවැනි අදියර 2010 පෙබරවාරියේදී සම්පූර්ණ කෙරිණි. 2008 දෙසැම්බර් 8 වන දින පැවැති බලාගාරයෙහි පළමු අදියර විවෘත කිරීමේ අවස්ථාවට ජනපති මහින්ද රාජපක්ෂ මහතාද එක්වූ බව පැවසෙයි.
බලාගාරයේ ඉදිකිරීම කටයුතු වෙනුවෙන් HSBC හරහා යූරෝ මිලියන 152 ක ණය මුදලක් ලැබුණු බවද සඳහන්ය.[1]
පිරිවිතරයන්
[සංස්කරණය]අක්කර 25 ක පමණ භූමි ප්‍රමාණයක පැතිර පවතින බලාගාරය සතුව, මෙගාවොට් 100 ක ධාරිතාවයක් ඇති GE Frame 9E ගෑස් ටර්බයින දෙකක් සහ එක් GE හුමාල ටර්බයිනයක් පවතී. වාර්ෂිකව බලාගාරය මගින් ගිගාවොට්පැය 1,800 ක විද්‍යුත් ප්‍රමාණයක් ජනනය කරනු ලබයි.[2][3][4] බලාගාරයේ සිසිලන පද්ධතිය සඳහා පැයට ඝනමීටර 25000 ක මුහුදු ජල ප්‍රමාණයක් යොදා ගනු ලැබේ.[5]
මේවාද බලන්න
[සංස්කරණය]ආශ්‍රිත
[සංස්කරණය]- ^ "CCGT පවර් ප්ලාන්ට් ඉන් ශ්‍රී ලංකා". Industcards.com. 5 ජූලි 2013. සම්ප්‍රවේශය 13 ඔක්තෝම්බර් 2013.
{{cite web}}
: External link in
(help)|publisher=
- ^ "යුගදනවි පවර් ප්ලාන්ට්". GEO. සම්ප්‍රවේශය 13 ඔක්තෝම්බර් 2013.
{{cite web}}
: External link in
(help)|publisher=
- ^ "තර්මල් පවර් ප්ලාන්ට් කමෙන්සස්". NewsFirst.lk. සම්ප්‍රවේශය 13 ඔක්තෝම්බර් 2013.[permanent dead link]
- ^ "කෙරවලපිටිය පවර් ප්ලාන්ට් ඔපන්ඩ්". Target.lk. සම්ප්‍රවේශය 13 ඔක්තෝම්බර් 2013.