ශ්‍රී ලංකාවේ විදුලි බලය
ශ්‍රී ලංකාවේ විදුලි බල ජනනය ප්‍රාථමික වශයෙන් භාවිතා කරන්නේ ජල විදුලි බලය සහ තාප උණුසුම හා සමග, ප්‍රවර්ධනයෙහි මුල් අවදියෙහි පවතින ප්‍රකාශවෝල්ටීය බලය සහ සුලං බලය වැනි අනෙකුත් ප්‍රභව වෙති. මෙය වන විට ඒවා සඳහා සම්භාව්‍ය අඩවි පිළිබඳ අධ්‍යයනය කරමින් පැවතුනත්, භූතාප, වායු, න්‍යෂ්ටික, පීට්, සූර්ය තාප සහ තරංග බලය වැනි අනෙකුත් බල ප්‍රභව වෙතින් ජාතික ජාලකය සඳහා වර්තමානයේදී විදුලි බල ජනනය සිදු නොකෙරෙයි. [1]
විදුලි බල උත්පාදනය[සංස්කරණය]
වර්තමානයේදී ශ්‍රී ලංකාවේ විදුලි බල උත්පාදනය සඳහා ප්‍රාථමික ප්‍රභව තුනක් භාවිතා වෙති; තාප විදුලි බල (ජෛවස්කන්ධය, ගල්අඟුරු, සහ අනෙකුත් සියළු ඉන්ධන-තෙල් ප්‍රභව වලින් ගැනෙන ශක්තිය අඩංගු වෙයි), ජල විදුලි බලය (කුඩා ජල විදුලි), සහ අනෙකුත් සාම්ප්‍රදායික-නොවන පුනර්ජන්‍ය බලශක්තිය ප්‍රභව (සූර්ය බලශක්තිය සහ සුලං බලශක්තිය) අඩංගු වෙයි:
ජල විදුලි බල ප්‍රභව අතරතුර වඩාත් විශාල රජයට-අයත් ව්‍යාපෘති මෙන්ම, පෞද්ගලික කුඩා-ජල විදුලි පහසුකම්ද අඩංගු වෙති.
තාපජ ප්‍රභව අතරතුර ඩීසල් සහ අනෙකුත් සමස්ත ඉන්ධන තෙල් ප්‍රභව ද අඩංගු වෙති. 2011 අග භාගයෙහිදී, රටෙහි එකම ගල්අඟුරු බලාගාරය වන, නොරොච්චලෙයි ගල් අඟුරු බලාගාරය හා සමග 300මෙවො ප්‍රමාණයක ගල් අඟුරු බලයක් ජාලකය වෙත එක් කෙරිණි.
අනෙකුත් පුනර්ජන්‍ය බලශක්ති ප්‍රභව අතරතුර සුලං බලශක්තිය, සූර්ය බලශක්තිය, සහ ජෛවස්කන්ධය වැනි ජෛව ඉන්ධන ද අඩංගු වෙයි.
2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ජල විදුලි බලය | 1,150 | 1,161 | 1,171 | 1,247 | 1,281 | 1,293 | 1,316 | 1,326 | 1,357 | 1,379 | 1,382 | 1,401 |
තාපජ | 685 | 835 | 1,056 | 1,233 | 1,215 | 1,155 | 1,155 | 1,155 | 1,285 | 1,290 | 1,390 | 1,690 |
අනෙකුත් පුනර්ජන්‍ය | 3 | 3 | 3 | 3 | 3 | 3 | 3 | 3 | 3 | 15 | 45 | 50 |
මුළු උපයෝජ්‍යතාව | 1,838 | 1,999 | 2,230 | 2,483 | 2,499 | 2,411 | 2,434 | 2,444 | 2,645 | 2,684 | 2,818 | 3,141 |
ජල විදුලි බලය | 3,197 | 3,110 | 2,962 | 3,310 | 2,960 | 3,451 | 4,634 | 3,947 | 4,130 | 3,881 | 5,634 | 4,622 |
තාපජ | 3,485 | 3,407 | 3,201 | 4,298 | 5,080 | 5,314 | 4,751 | 5,864 | 5,763 | 5,975 | 4,995 | 6,785 |
අනෙකුත් පුනර්ජන්‍ය | 3 | 3 | 4 | 3 | 3 | 5 | 4 | 4 | 8 | 27 | 86 | 121 |
6,685 | 6,520 | 6,167 | 7,611 | 8,043 | 8,770 | 9,389 | 9,815 | 9,901 | 9,883 | 10,715 | 11,528 |
ජල විදුලි බලය[සංස්කරණය]
ජල විදුලි බලය යනු ශ්‍රී ලංතාවේ පැරණිතම සහ වඩාත් ආයත්ත විදුලි බල උත්පාදන ප්‍රභවය වන අතර, 2010 දෙසැම්බර් වන විට මුළු උපයෝජ්‍ය ජාලක ධාරිතාවෙන් 45% පමණ කොටසකට හිමි කම කීය. .[1] ජාතික ජාලකය හඳුන්වා දීමෙන් අනතුරුව, ජල විදුලි බල උත්පාදන පහසුකම් නිරන්තරයෙන් ප්‍රවර්ධනය කෙරුණු මුත්, වර්තමානයේදී එම ප්‍රවර්ධනය පිරිහෙමින් පවතින්නේ ප්‍රභවය නිරවශේෂණය වීම නිසාය. වර්තමානයේදී, විශාල ජල විදුලි බල බලාගාර දහයක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, ඒ සියල්ල 38 සිට 210 මෙවො දක්වා ධාරිතාවක් ගනිමින්, වික්ටෝරියා වේල්ල ව්‍යාපෘතිය විශාලතම තනි ජල විදුලි බල ප්‍රභවය ලෙසින් පවතියි.
රටෙහි ජල විදුලි බල ප්‍රභවයන්ගෙන් විශාල කොටසක් ක්ෂය වී පැවතුනද, එක් ව්‍යාපෘතියක් සඳහා ස්ථාපිත ධාරිතාව 10 මෙවො දක්වා ව්‍යාපෘති සඳහා, පෞද්ගලික අංශය වෙත කුඩා ජල විදුලි ප්‍රවර්ධන අවසර පත් නිකුත් කිරීම රජය විසින් සිදු කර යයි. [4]
තාපජ බලය[සංස්කරණය]
ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි බල ප්‍රභවය තාපජ බලාගාර වන අතර, 2010 දෙසැම්බර් වන විට, මුළු උපයෝජ්‍ය ජාලක ධාරිතාවෙන් 54% පමණ කොටසකට හිමි කම කීය. [1] ශ්‍රී ලංකාවේ තාපජ බලාගාර ක්‍රියාත්මක වන්නේ, එක්කෝ ඩීසල්, වායු හෝ අනෙකුත් ඉන්ධන තෙල් භාවිතා කරමිනි. රටෙහි එකම ගල් අඟුරු බලාගාරය වන නොරොච්චලෙයි ගල් අඟුරු බලාගාරය, 2011 අගභාගයේදී අධිකාරිය ලද අතර, ජාලකය වෙත තවදුරටත් මෙගාවොට් 300 විදුලි බල ධාරිතාවක් සපයයි. ඊළඟ අඩ දශකය ඇතුලත, තවදුරටත් අතිරේඛ මෙවො 600 ක ධාරිතාවක් නොරොච්චලෙයි වෙතට එක් කිරීමට වර්තමානයෙහිදී සැලසුම් කර ඇත. දෙවන සහ අවසන් ගල් අඟුරු බලාගාරය වන,[5] සාම්පූර් ගල් අඟුරු බලාගාරය, දැනට ත්‍රිකුණාමලයෙහි ඉදිවෙමින් පවතියි. [6]
සුලං බලය[සංස්කරණය]

ක්‍රිපූ 500 දී පවා, රටෙහි සුලං බලය භාවිතා කිරීම පැවති බව පෙනෙයි. පුරාතන සිංහලයන් විසින් ක්‍රිපූ 300 තරම් ඈත අතීතයෙහි පවා යකඩ නිෂ්පාදන උෂ්මක බල ගැන්වීමට මෝසම් සුලං භාවිතා කල බව පෙනෙන අතර, සුලං බලය භාවිතා කල ලොව පළමු රටවල් අතුරින් එකක් බවට ශ්‍රී ලංකාව පත්ව තිබුණි. මෙය සඳහා සාක්ෂ්‍ය අනුරාධපුරයෙන් සහ අනෙකුත් නගර වලින් හමුව තිබේ. [7] නවීන සුලං ගොවිපොළ ප්‍රවර්ධනය කෙරුම පිළිබඳ බොහෝ ස්වදේශීය සහ ජාත්‍යන්තර ප්‍රවර්ධකයන් විසින් බොහෝ වසර ගණනක් තිස්සේ සැලකිල්ල භාජනය කොට තිබුණි. එහෙත්, එවන් ප්‍රවර්ධන බොහෝ ලෙසින් පසුබෑමකට ලක්ව තිබුණේ ආර්ථික සහ යටි තල පහසුකම් බාධකයන් නිසාය. පළමු වාණිජ ජාලක-සම්බන්ධිත සුලං ගොවිපොළ වූයේ හම්බන්තොට නගරයට වයඹ දෙසින් පිහිටි හා මෙවො 3 ක් උත්පාදනය කරන හම්බන්තොට සුලං ගොවිපොළ වෙයි.
වෙනත් විදුලි බල ප්‍රභව මෙන් නොව, මෙම ප්‍රභවයෙන් විදුලි බල ප්‍රවර්ධනය, එහි ප්‍රවර්ධන කාලානුරූපය තුලදී බොහෝ අභියෝගයන්ට මුහුණ දෙයි.සම්භාව්‍ය අඩවි වෙතට ප්‍රවේශ්‍ය වීමේ අපහසුතාවය, සුලං ගොවිපොළක් ප්‍රවර්ධනය කෙරුමෙහිදී මුහුණදෙන පළමු අවහිරතාවය වෙයි. රට වටා පිහිටි බොහෝ ප්‍රධාන ප්‍රවාහන මාර්ග වල පටු බව සහ තියුණු වංගු ආදී සීමා නිසා, 600 කිවො ට වඩා විශාල ටර්බයින ප්‍රවාහණයෙහි නොහැකියාවන් මතු වෙයි. වර්තමානයේ භාවිතා වන වාණිජ තලයේ මෙගාවොට්-පංතියේ ටර්බයින වලට වඩා කුඩා ටර්බයින භාවිතා කරමින් සුලං ගොවිපොළ තැනීම ආර්ථික අතින් වාසි දායක නොවන්නේ ප්‍රවර්ධනයේදී දැරීමට සිදු වන අධික වැය නිසාය.
සූර්ය බලය[සංස්කරණය]
ජාලක-සම්බන්ධිත සූර්ය බලය හඳුන්වාදුන්නේ බොහෝ මෑතකදීය. දැනට ක්‍රියාත්මක වන වාණිජ-මට්ටමේ එකම සූර්ය-බල පහසුකම වන්නේ, ශ්‍රී ලංකාවේ සුනිත්‍ය බලශක්ති අධිකාරිය (SLSEA) විසින් ක්‍රියාත්මක කරවන 1.2 මෙවො ධාරිතාවක බුරුතකන්ද සූර්ය උද්‍යානය වෙයි. [8]
භූතාපජ බලය[සංස්කරණය]
භූතාපජ බලය පිළිබඳ වර්තමානයේදී පර්යේෂණ පවත්වන නමුත්, මෙම වර්ගයේ බලාගාර කිසිවක් දැනට ක්‍රියාත්මක නොවෙයි. [9] [10][11]
න්‍යෂ්ටික බලය[සංස්කරණය]
රජය විසින් වර්තමානයේදී න්‍යෂ්ටික බලය පිළිබඳ අවධානය යොමු කර ඇති අතර, 2025-2030 වන විට ක්‍රියාත්මක කිරීමෙහි අරමුණක් පවතියි. [12] [13]
විදුලි බල සම්ප්‍රේෂණය[සංස්කරණය]
සම්ප්‍රේෂණ ජාලය[සංස්කරණය]
මග | භූ කම්බි සංඛ්‍යාව | පරිපථ සංඛ්‍යාව | නාමික වෝල්ටීයතාවය |
---|---|---|---|
කොලොන්නාව-අතුරුගිරිය | 2 | 2 | 132kV |
පන්නිපිටිය-රත්මලාන | 2 | 2 | 132kV |
බියගම-පන්නිපිටිය | 2 | 2 | 220kV |
බියගම-කෙතේමලේ | 2 | 2 | 220kV |
කොත්මලේ-කිරිබත්කුඹුර | 2 | 2 | 132kV |
කිරිබත්කුඹුර-උකුවෙල | 2 | 2 | 132kV |
කිරිබත්කුඹුර-කුරුණැගල | 1 | 2 | 132kV |
පුත්තලම-මාදම්ප | 1 | 2 | 132kV |
උකුවෙල-බෝවතැන්න | 1 | 1 | 132kV |
උකුවෙල-නාවුල | 2 | 2 | 132kV |
නාවුල-හබරන | 2 | 2 | 132kV |
හබරන-පැරණි අනුරාධපුරය | 1 | 2 | 132kV |
පැරණි අනුරාධපුරය-පුත්තලම | 2 | 2 | 132kV |
නව ලක්ෂපාන -බොගවන්තලාව වතුයාය | 1 | 2 | 132kV |
නව අනුරාධපුරය -වවුනියාව | 1 | 2 | 132kV |
ඇඹිලිපිටිය-තිඹොල්කැටිය | 2 | 2 | 132kV |
නව ලක්ෂපාන-කැනියන් බලාගාරය | 2 | 1 | 132kV |
පැරණි ලක්ෂපාන-පොල්පිටිය | 2 | 2 | 132kV |
කොත්මලේ-පොල්පිටිය | 2 | 2 | 132kV |
නුවරඑළිය -බදුල්ල | 2 | 2 | 132kV |
පැරණි ලක්ෂපාන-නුවරඑළිය | 2 | 2 | 132kV |
බදුල්ල-මැදගම | 2 | 1 | 132kV |
පොල්පිටිය-සීතාවක | 2 | 2 | 132kV |
සීතාවක-කොස්ගම | 2 | 2 | 132kV |
අතුරුගිරිය-තුල්හිරිය | 2 | 2 | 132kV |
ඇඹිලිපිටිය-හම්බන්තොට | 2 | 2 | 132kV |
බලංගොඩ-සමනලවැව | 2 | 2 | 132kV |
බලංගොඩ-රත්නපුරය | 2 | 2 | 132kV |
බලංගොඩ-දෙනියාය | 1 | 2 | 132kV |
මාතර-ඇඹිලිපිටිය | 2 | 2 | 132kV |
හබරණ-වාලච්චිනේ | 1 | 1 | 132kV |
කැලණිතිස්ස-බියගම | 2 | 2 | 220kV |
ඉන්දු – ශ්‍රී ලංකා ජාලක අතුරු සබැඳිය[සංස්කරණය]
මෙම අතුරු සබැඳියට අදාල වන්නේ, දකුණු ඉන්දියාවේ රාමේශ්වරම් සහ වයඹ දිග ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමඔස්සේ, ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජාතික ජාලක සම්බන්ධ කිරීමයි. මෙම ව්‍යාපෘතියෙහිදී සිදුවන්නේ, දකුණු ඉන්දියාවේ මදුරායි සහ උතුරු මැද ශ්‍රී ලංකාවේ අනුරාධපුරය අතර, පෝක් සමුද්‍ර සන්ධිය හරහා, උවෝසධා (HVDC) සම්බන්ධතාවයක් ඉදිකිරීමයි. සබ්මැරින් කේබලයන්හී දිග 50 කිමී[convert: unknown unit] ද ඇතුළුව, මෙම සබැඳියෙහි සම්පූර්ණ දිග දළ වශයෙන් 285 කිමී[convert: unknown unit] වන අතර, ඉදිකිරීම සඳහා වසර තුනකට වඩා වැඩි කාලයක් ගතවෙයි. එය ක්‍රියාත්මක කරනුයේ සීමා සහිත පවර් ග්‍රිඩ් කෝපරේෂන් ඔෆ් ඉන්ඩියා සමාගම සහ ලංකා විදුලිබල මණ්ඩලය විසිනි. [14]
විදුලි බල අපයෝගිතාවය[සංස්කරණය]
අන්ත-පාරිභෝගික විදුලි බල ගාස්තු[සංස්කරණය]
20 අප්‍රේල් 2013 සිට බලපවත්වන වත්මන් අන්ත-පාරිභෝගික විදුලි බල ගාස්තු පහත දැක්වෙයි:
පාරිභෝගිකයා | ඒකකය (කිවොපැ)/කාල පරාසය | අයකිරීම (රු./කිවොපැ) |
අචල ගාස්තුව (රු./කිවොපැ) |
ඉන්ධන ගැලපුම් ගාස්තුව (මුළු ශක්ති ගාස්තුවෙන් % ප්‍රමාණය) |
උපරිම ඉල්ලුම් ගාස්තුව (රු./කිවෝඇ) |
---|---|---|---|---|---|
ගෘහස්ත (D-1) | 000-030 | 5.00 | 30.00 | 25 | අදාල නොවේ |
031-060 | 6.00 | 60.00 | 35 | ||
061-090 | 8.50 | 90.00 | 40 | ||
091-120 | 15.00 | 315.00 | |||
121-180 | 20.00 | ||||
181-210 | 24.00 | ||||
211-300 | 26.00 | ||||
301-900 | 32.00 | ||||
≥901 | 34.00 | ||||
ආගමික (R-1) | 000-030 | 1.90 | 30.00 | අදාල නොවේ | අදාල නොවේ |
031-090 | 2.50 | 60.00 | |||
091-120 | 3.50 | 180.00 | |||
121-180 | 5.00 | 180.00 | |||
≥181 | 7.50 | 240.00 | |||
පොදු කාර්ය (පොකා) | GP-1: ≤210 | 19.50 | 240.00 | 25 | අදාල නැත |
GP-1: ≥211 | 21.50 | ||||
GP-2: දිවා (05:30-18:30) | 20.50 | 3,000.00 | 1,100 | ||
GP-2: උච්ච (18:30-22:30) | 25.00 | ||||
GP-2: උච්ච-නොවන (22:30-05:30) | 14.50 | ||||
GP-3: දිවා (05:30-18:30) | 19.50 | 1,000 | |||
GP-3: උච්ච (18:30-22:30) | 24.00 | ||||
GP-3: උච්ච-නොවන (22:30-05:30) | 13.50 | ||||
රජය (GV) [Note 1] |
GV-1: ∞ | 14.65 | 600.00 | 0 හෝ 25 | අදාල නැත |
GV-2: ∞ | 14.55 | 3,000.00 | 1,100 | ||
GV-3: ∞ | 14.35 | 1,000 | |||
හෝටල (H) | H-1: ∞ | 22.00 | 600.00 | 15 | අදාල නැත |
H-2: දිවා (05:30-18:30) | 15.00 | 3,000.00 | 1,100 | ||
H-2: උච්ච (18:30-22:30) | 24.00 | ||||
H-2: උච්ච-නොවන (22:30-05:30) | 10.00 | ||||
H-3: දිවා (05:30-18:30) | 12.60 | 1,000 | |||
H-3: උච්ච (18:30-22:30) | 16.40 | ||||
H-3: උච්ච-නොවන (22:30-05:30) | 8.85 | ||||
කර්මාන්ත (I) | I-1: ∞ | 12.50 | 600.00 | 15 | අදාල නැත |
I-2: දිවා (05:30-18:30) | 11.30 | 3,000.00 | 1,100 | ||
I-2: උච්ච (18:30-22:30) | 21.00 | ||||
I-2: උච්ච-නොවන (22:30-05:30) | 7.00 | ||||
I-3: දිවා (05:30-18:30) | 10.50 | 1,000 | |||
I-3: උච්ච (18:30-22:30) | 24.00 | ||||
I-3: උච්ච-නොවන (22:30-05:30) | 6.00 | ||||
වීදි ආලෝකකරණ | ∞ | 17.00 | අදාල නැත |
විදුලි බලය භාවිතා කිරීමේ අයකිරීම් වලින් නිදහස් කර ඇති ආයතන[සංස්කරණය]
ශ්‍රී ලංකා විදුලි බල පණත අංක 20. 2009[16] හී ඡේදය 21-2 ප්‍රකාර, ශ්‍රී ලංකාවේ මහජන උපයෝගිතා කොමිසම විසින් පහත ආයතනයන් වෙත විදුලි බල භාවිතා ගාස්තු වලින් නිදහස් කිරීම් සපයා ඇත:
නිදහස් කිරීම් අංකය. | පුද්ගලයා/ආයතනය | පරිශ්‍රය | ගැසට් අංකය හා දිනය |
---|---|---|---|
EL/EX-D/11/001 | සී/ස මාස් ෆැබ්රික් පාක් (පෞද්ගලික) සමාගම | මාස් ෆැබ්රික් පාක්, කුරුණෑගල පාර, තුල්හිරිය | අතිවිශේෂ ගැසට් – අංක.1725/14 28 සැප්තැම්බර් 2011 |
EL/EX-D/11/002 | ඕවර්සීස් රියෑලිටි (සිලෝන්) පීඑල්සී | ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය, එචලන් චතුරස්‍රය, කොළඹ 1 | |
EL/EX-D/11/003 | සී/ස මිරේකා කැපිටල් ලෑන්ඩ් (පෞද්ගලික) සමාගම | 324, හැව්ලොක් පාර, කොළඹ 6 | |
EL/EX-D/12/001 | ඒෂියන් හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී | අංක.89, ගාලු පාර, කොළඹ 3 | සාමාන්‍ය ගැසට් – අංක.1744, 03 පෙබරවාරි 2012 |
EL/EX-D/12/002 | බීඕසී ප්‍රොපර්ටි ඩිවලප්මන්ට් ඇන්ඩ් මැනේජ්මන්ට් (පෞද්ගලික) සමාගම | බීඕසී මර්චන්ට් ටවර්, 28, ශාන්ත මයිකල් පාර, කොළඹ 3 | |
EL/EX-D/12/003 | සී/ස මිලේනියම් ඩිවලප්මන්ට් (පෞද්ගලික) සමාගම | එක්සෙල් වර්ල්ඩ් එන්ටර්ටේන්මන්ට් පාර්ක්, 338, ටී බී ජයා මාවක, කොළඹ – 10 | |
EL/EX-D/12/004 | සී/ස ප්‍රොපර්ටි ෆිනෑන්ස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් කැන්ඩ් (පෞද්ගලික) සමාගම | කැන්ඩි සිටි සෙන්ටර්, 05, දළදා වීදිය, මහනුවර | |
EL/EX-D/12/005 | සී/ස විටෝල් බූස්ටඩ් (පෞද්ගලික) සමාගම | 148, වොක්සෝල් වීදිය, කොළඹ 2 | |
EL/EX-D/12/006 | සී/ස සිලෝන් කැරියර්ස් (පෞද්ගලික) සමාගම | 104, නාවල පාර, නාරාහේන්පිට, කොළඹ 5 | අතිවිශේෂ ගැසට් – අංක.1749/8, 12 මාර්තු 2012 |
EL/EX-D/12/007 | සී/ස ජේකේ මාර්කටිං සර්විසර්ස් (පෞද්ගලික) සමාගම | කේ-සෝන් ෂොපිං මෝල්, 340, ගාලු පාර, මොරටුව | අතිවිශේෂ ගැසට් – අංක.1757/19, 11 මැයි 2012 |
EL/EX-D/12/008 | සී/ස ප්ලැටිනම් රියෑලිටි ඉන්වෙස්ට්මන්ට්ස් (පෞද්ගලික) සමාගම | 01, බගතලේ පාර, කොළඹ 3 | |
EL/EX-D/12/009 | සී/ස යූනියන් රෙසිඩන්සීස් (පෞද්ගලික) සමාගම | අංක.200, යූනියන් පෙදෙස, කොළඹ 2 | |
EL/EX-D/12/010 | පැල්වත්ත ෂුගර් ඉන්ඩ්‍රස්ටීස්පීඑල්සී | පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව බුත්තල | |
EL/EX-G/12/001 | සී/ස ටෝකියෝ සිමෙන්ට් පවර් (ලංකා) සමාගම | 10 මෙවො ජෛවස්කන්ධ බලාගාරය, කොඩ් බේ, චයිනා බේ, ත්‍රිකුණාමලය | අතිවිශේෂ ගැසට් – අංක.1759/31, 23 මැයි 2012 |
ආශ්‍රිත සහ සටහන්[සංස්කරණය]
සටහන්[සංස්කරණය]
- ↑ රජය විසින් සම්පූර්ණයෙන් අයිතිවාසිකම් දරන, ජාතික අයවැයෙහි ප්‍රතිපාදන මත යැපෙන, සහ මහජනයාට මුදල්-අය නොකරමින් සේවා සපයන, පාසැල්, රෝහල්, වෘත්තීය පුහුණු ආයතන සහ විශ්වවිද්‍යාල අඩංගුය. රෝහල් සහ පාසැල්, ඉන්ධන ගැලපීමේ ගාස්තුවෙන් නිදහස් කර ඇත (FAC).
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ 1.0 1.1 1.2 1.3 1.4 1.5 සීඊබී ස්ටැටිස්ටික්ස්, retrieved 2012-10-07
- ↑ 2.0 2.1 2.2 ඊකනොමික් ඇන්ඩ් සෝෂල් ස්ටැටිස්ටික්ස් ඔෆ් ශ්‍රී ලංකා 2011 පිටු. 58
- ↑ 3.0 3.1 3.2 ඊකනොමික් ඇන්ඩ් සෝෂල් ස්ටැටිස්ටික්ස් ඔෆ් ශ්‍රී ලංකා 2012 pg. 58
- ↑ එනර්ජි පරිමිට්ස් ෆො ස්මෝල් හයිඩ්‍රො ප්‍රොජෙක්ට්ස්, retrieved 2012-10-07
- ↑ නෝ මෝර් කෝල් ප්ලාන්ට්ස්, retrieved 2010-08-08
- ↑ මිනිස්ට්‍රි: කරන්ට් එනර්ජි ප්‍රොජෙක්ට්ස් (PDF), retrieved 2010-08-07
- ↑ ජී. ජූලෙෆ්, "ඇන් ඒන්ෂන්ට් වින්ඩ් පවර්ඩ් අයන් ස්මෙල්ටිං ටෙක්නලජි ඉන් ශ්‍රී ලංකා", නේචර් 379(3), 60–63 (ජනවාරි, 1996)
- ↑ එනර්ජි පර්මිට්ස් ෆො සෝලර් ප්‍රොජෙක්ට්ස් (PDF), retrieved 2010-10-22
- ↑ ශ්‍රී ලංකා ඊස් ටු ඩිවලප් ජියෝතර්මල් පවර්, retrieved 2010-08-07
- ↑ ජියෝතර්මල් එනර්ජි ඉන් ශ්‍රී ලංකා, retrieved 2010-08-07
- ↑ ජියෝතර්මල් එනර්ජි ෆෝ ග්‍රොවිං පවර් ඩිමාන්ඩ්, retrieved 2010-08-07
- ↑ සැකිල්ල:උපන්‍යාසය
- ↑ සැකිල්ල:උපන්‍යාසය
- ↑ "ඉන්ඩියා-ශ්‍රී ලංකා 285-කිලෝ මීටර් පවර් ට්‍රාන්ස්මිෂන් ලින්ක් බයි 2013". RTT නිවුස් (ග්ලෝබල් එනර්ජි නෙට්වර්ක් ඉන්ස්ටිටියුට්). 2009-12-29. http://www.geni.org/globalenergy/library/technical-articles/transmission/rtt-news/india-sri-lanka-285-km-power-transmission-link-by-2013/index.shtml. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-03-08.
- ↑ "ඉලෙක්ට්‍රිසිටි ටැරිෆ්ස් ෆෝ 2013". ශ්‍රී ලංකාවේ මහජන උපයෝගීතා කොමිසම. 2013. Retrieved 20 අප්‍රේල් 2013. Unknown parameter
|month=
ignored (help) - ↑ "ශ්‍රී ලංකා ඉලෙක්ට්‍රිසිටි ඇක්ට් නම්බර්. 20 ඔෆ් 2009" (PDF) (in ඉංග්‍රීසි). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව. 8 අප්‍රේල් 2009. Retrieved 21 අප්‍රේල් 2013.
- ↑ "ඉලේක්ට්‍රිසිටි එක්සෙම්ප්ෂන්ස් ග්‍රාන්ටඩ් ටු පර්සන්ස් ඈස් පර් සෙක්ෂන් 21 (2) ඔෆ් ද ශ්‍රී ලංකා ඉලෙක්ට්‍රිසිටි ඇක්ට් නම්බර්. 20 ඔෆ් 2009" (PDF). ශ්‍රී ලංකාවේ මහජන උපයෝගිතා කොමිසම. 1 අප්‍රේල් 2000. Retrieved 21 අප්‍රේල් 2013.
|