සපුගස්කන්ද ඩීසල් බලාගාරය
පෙනුම
| සපුගස්කන්ද ඩීසල් බලාගාරය Sapugaskanda Diesel Power Station | |
|---|---|
Sapugaskanda Diesel Power Station | |
| රට | ශ්‍රී ලංකා |
| පිහිටුම | සපුගස්කන්ද |
| ඛණ්ඩාංක | 06°57′55″N 79°57′30″E / 6.96528°N 79.95833°E |
| තත්ත්වය | සක්‍රීය |
| ක්‍රියාකරු(වන්) | ලංකා විදුලිබල මණ්ඩලය |
සපුගස්කන්ද ඩීසල් බලාගාරය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ, සපුගස්කන්ද හී පිහිටුවා තිබෙන, මෙගාවොට් 160 ක විද්‍යුත් ජනන ධාරිතාවයක් සහිත ඩීසල් බලාගාරයකි. බලාගාරය සතුව MAN සහ Siemens විසින් සපයන ලද, විදුලි ජනක ඒකක 12 ක් පවතී. ඉන් 4 ක් මෙගාවොට් 20 බැගින් විදුලිය ජනනය කරන අතර, ඉතිරි සියල්ල මෙගාවොට් 10 බැගින් විදුලිය උපදවයි. බලාගාරයේ මෙහෙයුම් කටයුතු ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිදු කරන් ලබයි.[1]
| විදුලි ජනක ඒකකය | ක්‍රියාත්මක කිරීම |
|---|---|
| ඒකක 1 හා 2 | 1984 මැයි |
| ඒකකය 3 | 1984 සැප්තැම්බර් |
| ඒකකය 4 | 1984 ඔක්තෝම්බර් |
| ඒකක 5 සිට 8 | 1997 සැප්තැම්බර් |
| ඒකක 8 සිට 12 | 1999 ඔක්තෝම්බර් |
මෙම සියළුම ඒකක ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වෙයි.[2]
මේවාද බලන්න
[සංස්කරණය]ආශ්‍රිත
[සංස්කරණය]- ^ "ඩීසල් ඇන්ඩ් ගෑස්-එන්ජින් පවර් ප්ලාන්ට් ඉන් ශ්‍රී ලංකා". ඉන්ඩස්ට්කාර්ඩ්ස්.කොම්. 12 ජනවාරි 2003. සම්ප්‍රවේශය 17 මාර්තු 2014.
- ^ "සීඊබී ජෙනරේෂන් ඩීටේල්ස්". ලංකා විදුලිබල මණ්ඩලය. සම්ප්‍රවේශය 17 මාර්තු 2014.