Jump to content

මාම්පුරි සුළං විදුලි බල උද්‍යානය

විකිපීඩියා වෙතින්
මාම්පුරි සුළං විදුලි බල උද්‍යානය
Mampuri Wind Farm
Three wind turbines of the Mampuri Wind Farm, located near the Lakvijaya Power Station.
ලක් විජය බලාගාරය ආසන්නේ ඉදිකොට තිබෙන මාම්පුරි සුළං ටර්බයින තුනක්.
රටශ්‍රී ලංකාව
පිහිටුමකල්පිටිය, පුත්තලම
ඛණ්ඩාංක08°00′37″N 79°43′24″E / 8.01028°N 79.72333°E / 8.01028; 79.72333ඛණ්ඩාංක: 08°00′37″N 79°43′24″E / 8.01028°N 79.72333°E / 8.01028; 79.72333
තත්ත්වයසක්‍රීය
ගොඩනැගීම ඇරඹුනේ2009
අධිකාරී දිනයStage-1: 22 මාර්තු 2010
වරපත අහෝසිය10 දෙසැම්බර් 2028
ගොඩනැගුම් පිරිවැයශ්‍රී ලංකා රුපියල් බිලියන 3
අමෙරිකා ඩොලර් මිලියන 26 ක් පමණ
අයිතිකරු(වන්)සෙනොක් වින්ඩ් පවර්
Senok Wind Power
Turbine information
Turbines8 × 1.25 මෙගාවොට්
Manufacturer(s)Suzlon
Model(s)S64-1.25MW
Hub height75 m (246 අඩි)
Rotor diameter64 m (210 අඩි)
Rated wind speed14 m/s (45.9 ft/s)
Power generation information
Installed capacity10 MW
Maximum capacity30 MW
Capacity factor31.55%
Annual generation27.638 GWh
Website
http://www.senoksl.com/
As of 2012 ඔක්තෝම්බර්

මාම්පුරි සුළං විදුලි බල උද්‍යානය ශ්‍රී ලංකාවේ ඉදිකල, මෙගාවොට් 10 ක විදුලි ජනන ධාරිතාවක් සහිත පළමු සුළං විදුලි බල උද්‍යානයයි. වර්ථමානයේදී එය සතුව ටර්බයින (වා රෝද) අටක් ක්‍රියාත්මකව පවතින අතර, ඒවා කල්පිටිය අර්ධද්වීපයේ, ලක් විජය බලාගාරයට නුදුරින් පිහිටුවා ඇත. මෙම සුළං විදුලි බල උද්‍යානය අදියර තුනකින් නිමකිරීමට අපේක්ෂා කෙරේ. මින් පළමු අදියර ලෙස, මෙගාවොට් 10 ක ජනන ධාරිතාවක් සහිත බලාගාරය, 2010 මාර්තු 22 දින විවෘත කරන ලදී. අදියර-2 සහ අදියර-3 මේ වනවිට ඉදිකෙරෙමින් පවතී.[1][2][3]

පළමු අදියරේදී බලාගාරය සහ එහි කොටස්, කිලෝ මීටර 5 ක පමණ බිම් තීරයක ඉදිකොට තිබේ. Suzlon S64 වර්ගයේ, එකක මෙගාවොට් 1.25 ක විද්‍යුත් ජනන හැකියාවක් සහිත ටර්බයින අටක් උද්‍යානයේ ස්ථාපිත කොට තිබෙන අතර,[4] ටර්බයින භ්‍රමකයක විෂ්කම්භය 64 m (210 අඩි) සහ ප්‍රමත සුළං වේගය තත්පරයට මීටර් 14 ක් පමණ වන බව සඳහන් වෙයි.[5] බලාගාරයෙන් නිපදවන සෑම කිලෝවොට් පැය 1 කටම, පළමු වසර අට සඳහා, ලංකා විදුලිබල මණ්ඩලය විසින් Senok ආයතනයට රුපියල් 20 ක මුදලක් ගෙවනු ලැබේ. මෙම බලාගාරයේ පළමු අදියර ඉදිකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 3 ක පමණ මුදලක් වැයවූ බව පැවසෙයි. එම මුදලින් 55% ක ප්‍රමාණයක් Senok ආයතනය විසින් දරණු ලැබූ අතර, ඉතිරි ප්‍රමාණය ලෝක බැංකුව විසින් සපයා තිබේ.[6][7]

මේවාද බලන්න

[සංස්කරණය]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ සෙනොක් වින්ඩ් පවර්. "සෙනොක් වින්ඩ් පවර් (ප්‍රයිවට්) ලිමිටඩ්". සම්ප්‍රවේශය 12 ඔක්තෝම්බර් 2012.
  2. ^ "ෆස්ට් කමර්ෂල් වින්ඩ්-එනර්ජි ප්ලාන්ට් ටු ස්ටාර්ට් දිස් මන්ත්". නිව්ස්.එල්කේ. 20 මාර්තු 2010. සම්ප්‍රවේශය 13 ඔක්තෝම්බර් 2012.
  3. ^ "රු.3බිලියන් සෙනොක් වින්ඩ් පවර් ප්‍රොජෙක්ට් ලෝන්ච්ඩ් ඉන් පුත්ලම්". සන්ඩේඔබ්සවර්.එල්කේ. 21 මාර්තු 2010. සම්ප්‍රවේශය 13 ඔක්තෝම්බර් 2012.
  4. ^ "ශ්‍රී ලංකා'ස් ෆස්ට් කමර්ෂල් වින්ඩ් එනර්ජි ප්ලාන්ට් ටු ස්ටාර්ට්". ලංකාබිස්නස්ඔන්ලයින්.කොම්. 19 මාර්තු 2010. 2012-11-24 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 13 ඔක්තෝම්බර් 2012.
  5. ^ "Suzlon S64-1.25MW වින්ඩ් ටර්බයින්". Suzlon. සම්ප්‍රවේශය 13 ඔක්තෝම්බර් 2012.
  6. ^ චාරුමනී ද සිල්වා (18 මාර්තු 2010). "සෙනොක් ඕපන්ස් ෆස්ට් කමර්ෂල් වින්ඩ් පවර් පාක්". ඩේලිනිව්ස්.එල්කේ. සම්ප්‍රවේශය 13 ඔක්තෝම්බර් 2012.
  7. ^ බන්දුල සිරිමාන්න (21 මාර්තු 2010). "හාර්නසිං වින්ඩ් එනර්ජි ෆ්‍රොම් ශ්‍රී ලංකා'ස් වෙස්ට් කෝස්ට්". සන්ඩේටයිම්ස්.එල්කේ. සම්ප්‍රවේශය 13 ඔක්තෝම්බර් 2012.