උප්පුඩලුව සුළං විදුලි බල උද්‍යානය

විකිපීඩියා වෙතින්
උප්පුඩලුව සුළං විදුලි බල උද්‍යානය
Uppudaluwa Wind Farm
උප්පුඩලුව සුළං විදුලි බල උද්‍යානය is located in ශ්‍රී ලංකාව
උප්පුඩලුව සුළං විදුලි බල උද්‍යානය
Location of උප්පුඩලුව සුළං විදුලි බල උද්‍යානය
Uppudaluwa Wind Farm
රටශ්‍රී ලංකාව
පිහිටුමඋප්පුඩලුව
ඛණ්ඩාංක07°58′52″N 79°46′33″E / 7.98111°N 79.77583°E / 7.98111; 79.77583ඛණ්ඩාංක: 07°58′52″N 79°46′33″E / 7.98111°N 79.77583°E / 7.98111; 79.77583
තත්ත්වයසක්‍රීය
ගොඩනැගීම ඇරඹුනේ2010 සැප්තැම්බර්
අධිකාරී දිනය2011 ජුනි
වරපත අහෝසිය2029 සැප්තැම්බර්
ගොඩනැගුම් පිරිවැයඅමෙරිකා ඩොලර් මිලියන 18.55
අයිතිකරු(වන්)PowerGen Lanka (Pvt) Ltd
Turbine information
Turbinesමෙගාවොට් 7 × 1.5
Manufacturer(s)Leitner Shriram
Model(s)LTW 77-1.5
Power generation information
Installed capacity10.5 MW
Annual generationගිගාවොට් පැය 26.28
As of 2013 ඔක්තෝම්බර්

උප්පුඩලුව සුළං විදුලි බල උද්‍යානය ශ්‍රී ලංකාවේ පුත්තලම, උප්පුඩලුව හී ඉදිකොට තිබෙන, මෙගාවොට් 10.5 ක විදුලි ජනන ධාරිතාවක් සහිත සුළං විදුලි බල උද්‍යානයකි. බල උද්‍යානයේ හිමිකාරීත්වය පවර්ජෙන් ලංකා පුද්ගලික සමාගම (PowerGen Lanka (Private) Limited) සතුවෙයි.

සුළං විදුලි බල උද්‍යානය පිළිබඳ ගිවිසුම් අත්සන් කිරීමේ කටයුතු 2010 අගෝස්තු මසදී ලංකා ආයෝජන මණ්ඩලයේදී සිදුවුනු අතර, එහි ඉදිකිරීම් කටයුතු ඊට අනුගාමී මසදී අරඹන ලදී. 2011 ජුනි මසදී බලාගාරයේ නිමවුම් කටයුතු අවසන් කොට විවෘත කල අතර, එහි හමස්ථ නිමවුම් කටයුතු සඳහා අමෙරිකා ඩොලර් මිලියන 18.55 ක් වැයවූ බව සඳහන්ය.[1][2][3][4][5] බලාගාරය මගින් වාර්ෂිකව ගිගාවොට් පැය 26.28 ක විද්‍යුත් බල ප්‍රමාණයක් උත්පාදනය කෙරේ.[6][7]

ටර්බයින (වා රෝද)[සංස්කරණය]

මෙම සුළං විදුලි බල උද්‍යානය තුල Leitner Shriram LTW-77-1.5 වර්ගයේ, මෙගාවොට් 1.5 ක විදුලි ජනන ධාරිතාවක් සහිත ටර්බයින 7 ක් ඉදිකොට තිබෙන අතර, ඒවා පුත්තලම කලපුවේ දකුණුදිග වෙරළ ඔස්සේ එකිනෙක මීටර 260 ක පරතරයක් ඇතිවන සේ ස්ථාපනය කොට තිබේ.[6] ඉන්ටර්නැෂනල් කන්ස්ට්‍රක්ෂන් කන්සොර්ටියම් (International Construction Consortium) විසින් ශ්‍රී ලංකා රුපියල් මිලියන 121 ක වියදම් කරමින්, මෙහි ටර්බයින පාදම් සකස් කල බව කියැවේ.[8]

ටර්බයින් පිහිටුම්
ටර්බයිනය පිහිටුම
ටර්බයිනය 1 07°58′52″N 79°46′33″E / 7.98111°N 79.77583°E / 7.98111; 79.77583 (UWF Turbine 1)
ටර්බයිනය 2 07°58′50″N 79°46′42″E / 7.98056°N 79.77833°E / 7.98056; 79.77833 (UWF Turbine 2)
ටර්බයිනය 3 07°58′46″N 79°46′52″E / 7.97944°N 79.78111°E / 7.97944; 79.78111 (UWF Turbine 3)
ටර්බයිනය 4 07°58′44″N 79°47′01″E / 7.97889°N 79.78361°E / 7.97889; 79.78361 (UWF Turbine 4)
ටර්බයිනය 5 07°58′42″N 79°47′10″E / 7.97833°N 79.78611°E / 7.97833; 79.78611 (UWF Turbine 5)
ටර්බයිනය 6 07°58′41″N 79°47′22″E / 7.97806°N 79.78944°E / 7.97806; 79.78944 (UWF Turbine 6)
ටර්බයිනය 7 07°58′40″N 79°47′31″E / 7.97778°N 79.79194°E / 7.97778; 79.79194 (UWF Turbine 7)

මේවාද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "අනදර් වින්ඩ්-පවර් ප්ලාන්ට් ඉන් පුත්තලම්". PRIU.gov.lk. 18 අගෝස්තු 2010. 2015-09-24 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 5 ඔක්තෝම්බර් 2013.
  2. "BOI අල්ටනේටිව් එනර්ජි ප්‍රොජෙක්ට් ටු රෙඩියුස් ඩිපෙන්ඩන්ස් ඔෆ් ෆොසිල් ෆියුල්". සන්ඩේ ඔබ්සවර්. 22 අගෝස්තු 2010. සම්ප්‍රවේශය 5 ඔක්තෝම්බර් 2013.
  3. "ඉන්ඩියන් ෆර්ම් එන්ටර්ස් වින්ඩ් පවර් බිස්නස් ඉන්ද අයිලන්ඩ්". News360.lk. 12 අගෝස්තු 2010. 2013-10-14 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 5 ඔක්තෝම්බර් 2013.
  4. "ශ්‍රී ලංකා ගෙට්ස් US$18.55මිලියන් ඉන්ඩියන් වින්ඩ් පවර් ඉන්වෙස්ට්මන්ට්". LankaBusinessOnline.com. 12 අගෝස්තු 2010. 2014-07-12 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 5 ඔක්තෝබර් 2013.
  5. "පවර්ජෙන් ලංකා ලිමිටඩ් ටු සෙට් අප් අ 10 MW වින්ඩ් බවර් ප්ලාන්ට් ඉන් පුත්තලම් විත් ඇන් ඉන්වෙස්ට්මන්ට් අමවුන්ට් ටු US$ 18.55 මිලියන්". LankaNewspapers.com. 13 අගෝස්තු 2010. සම්ප්‍රවේශය 5 ඔක්තෝම්බර් 2013.
  6. 6.0 6.1 "පවර්ජෙන් වින්ඩ් පවර් ප්ලාන්ට්". Windpower.LK. සම්ප්‍රවේශය 5 ඔක්තෝම්බර් 2013.
  7. "ප්‍රොජෙක්ට් ඉන්ෆොර්මේෂන් - පවර්ජෙන් උප්පුඩලුව වින්ඩ් ෆාර්ම්". ලෝක බැංකුව. සම්ප්‍රවේශය 5 ඔක්තෝම්බර් 2013.
  8. "කන්ස්ට්‍රක්ෂන් ඔෆ් 7 ෆවුන්ඩේෂන් ෆෝ 10 MW වින්ඩ් පවර් ප්ලාන්ට් ඇට් උප්පුඩලුව". ICC. සම්ප්‍රවේශය 5 ඔක්තෝම්බර් 2013.