Jump to content

පසළොස්වක පොහොය දොළහ

විකිපීඩියා වෙතින්
(පොහොය දොළහේ වැදගත්කම වෙතින් යළි-යොමු කරන ලදි)

පසළොස්වක පෝය යනු බෞද්ධ සම්ප්‍රදායන්ට අනුව චන්ද්‍ර මාසයක් තුල යෙදෙ පෝය හතරින් එකකි. සෑම චන්ද්‍ර මාසයකම පසළොස්වක තිථියට යෙදේ. චන්ද්‍ර මාසයක ඇති පෝය දින 4න් වඩාත් වැදගත් සහ වඩාත් ඉහලින් සමරන්නේ පසළොස්වක පොහොය දිනයයි.

සාමාන්‍ය චන්ද්‍ර වසරක පසළොස්වක පොහොය දොළහක්ද අධික චන්ද්‍ර වසරක පසළොස්වක පොහොය දහ තුනක්ද යෙදේ.පොහොයවල් :( පුර පසොලොස්වක, අමාවක, පුර අටවක, අටවක.

දුරුතු පසළොස්වක පොහොය

[සංස්කරණය]
  • බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමනය
  • බුද්ධත්වයෙන් නව මසකට පසු උරුවෙල් දනව්වට වැඩමකල බුදුරදුන් උරුවේල කාශ්‍යප,නදී කාශ්‍යප,ගයා කාශ්‍යප යන තුන්බෑ ජටිලයන් ප්‍රමුඛ 1000 පිරිස සිය දහම් මගට හරවා ගත්හ.
  • පසුව ලක්දිව බිම්තැන්නේ මහවැලි ගඟ අසබඩ මිනිපේ නම් සරු දනව් පියසට ගුවනින් පහලව බුදුරැස් මාලාවන් විහිදුවමින් වැඩහුන් සේක.
  • ලක්දිව ත්‍රිපිටක බුද්ධ ධර්මය ප්‍රථම වරට පුස්තකාරෑඩ කිරීම.


නවම් පසළොස්වක පොහොය

[සංස්කරණය]
  • රජගහ නුවර වේලුවනාරාමයේදී සැරියුත් මුගලන් වහන්සේලා අග්‍ර ශ්‍රාවක තනතුර ලැබීම.
  • තථාගතයන් වහන්සේ විසින් මහා සංඝයාට ඕවාද ප්‍රාතිමෝක්‍ෂය දේශනා කිරිම.
  • බුදුන් වහන්සේ පිරිනිවනට මාස තුනකට ප්‍රථම ආයු සංස්කාරය අත් හැරීම.
  • බුදුරදුන් 20000ක් ආර්ය මහා සංඝයා පිරිවරාගෙන සුද්ධෝධන රජතුමා හා සිය ඥාතීන්ව අමාමහ නිවන්සුව ලබාදෙනු වස් කිඹුල්වත් පුරයට වැඩම කිරීමට ගමනාරම්භය.
  • රහල් කුමරු පැවිදි වීම
  • නන්ද කුමරු පැවිදි වීම


බක් පසළොස්වක පොහොය

[සංස්කරණය]
  • ලක්දිව දෙවන වරට බුදු සිරිපා පහසින් පිවිතුරු බවට පත්වූයේත්, බුදුරදුන්ගේ සවනක් රැස් කඳින් මුළු හෙළදිව ආලෝකමත් වූයේත් දහම් අමා මිහිරෙන් නොයෙක් දෙනා නිවී සැනසී ගියේත් මේ පොහෝදා වේ.
  • බුදුරදුන් ලක්දිව නාගදීපයට වැඩමකොට මැණික් පුටුවට යුද වදිමින් සිටි චූ⁣ලෝදර - මහෝදර නා රජුන් දෙදෙනාට ධර්ම දේශනා කොට ඔවුන් සාමදාන කිරීම.
  • සතර පෙරනිමිතිවලින් පළමු පෙරනිමිත්ත සිදුහත් කුමරු ඇස ගැටීම.

වෙසක් පසළොස්වක පොහොය

[සංස්කරණය]
  • දීපංකර බුදුරදුන් හමුවේ සම්මා සම්බුද්ධ පදවිය සඳහා ගෞතම බුදුරදුන් නියත විවරණ ලැබීම.
  • බුදුවීමෙන් පසු ප්‍රථම වරට කිඹුල්වත් පුරයට පැමිණ යමාමහ පෙළහර පෑම.
  • බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මනිඅක්ඛිත නාරදුගේ ඇරයුමෙන් කැලණියට වැඩීම,එදවසම සුමන සමන් දෙව්රදුන්ගේ ඇරයුමින් සමනළ පව්වට වැඩම කොට බුදුසිරිපා පිහිටුවා තෙවන වරටත් සිරිලක පුන්‍ය භූමියක් බවට පත් කිරීම.
  • පිරිනිවන් මංචකයේ සැතපී සිටි බුදුරදුන් වෙත පැමිනි සක්දෙව් රදුට ලංකාවත්සිංහලජාතියත් රක්නා ලෙස පැවරීම.
  • දෙවනපෑතිස් රජු ධර්මාශෝක චක්‍රවර්තීන් විසින් තිළිණකොට එවන ලද පංච කකුධ භාණ්ඩයන් සහිතව නියම උදාර රජකු ලෙස ද්විතීයාභිශේක ලැබීම.
  • අනුරපුර මහමෙවුනා උයනේ රුවන්වැලි සෑ රදුන් සැදීමට වීසා නැකතින් වැඩ ඇරඹීම.
  • ආනන්ද හිමියන් පිරිනිවන් පෑම
  • මහා විහාරවංශික භික්‍ෂූන්ගේ වර්ෂයක් පාසා පවත්වනු ලබන උපසම්පදා මහෝත්සවය ප්‍රථමවරට පැවැත්වීම.
  • ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ රජවරුන්ගේ අභිෂේකය සිදුකිරීම.

පොසොන් පසළොස්වක පොහොය

[සංස්කරණය]
  • අනුබුදු මහාමිහිදු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය,උත්තිය,සම්බල,බද්දසාල යන රහතන් වහන්සේලාත්,ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන්ද,භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා යන පිරිස ධර්මවිජය පිළිබඳ අනගිතම පනිවිඩය මූර්ථිමත් කරමින් ශාන්තීය දූතයන් වශයෙන් ලංකාකවේ උතුරුමැද නිම්නයේ අනුරපුර මිස්සක පව්වට වැඩමකර බු:ව 236 දී ලක්දිව බුදුසසුන පිහිටුවීම.
  • බුදු වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදුරදුන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීම.
  • ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව වන භණ්ඩුක උපාසක මහණ උපසම්පදාව සිදුවීම.
  • දෙවනපෑතිස් රජු ඇතුළු 40,000 ක් පිරිස චුල්ල හත්ථිපදෝපම  සූත්‍රය අසා තෙරුවන් සරණ යාම


ඇසළ පසළොස්වක පොහොය

[සංස්කරණය]
  • සිදුහත් කුමරු මව්කුස පිළිසිඳ ගැනීම
  • සිදුහත් කුමුරු අභිනිෂ්ක්‍රමණය කිරීම.
  • රාහුල කුමරුගේ උපත.
  • බරණැස් පුර ඉසිපතනාරාමයේදී පස්වග මහනුන්ට දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම.
  • ගණෟඩබ්බ රුක්මුල්හිදී ථීරථකයන්ගේ මානය මර්ධනය කිරීමට යමාමහ පෙළහර පෑම.
  • මාතා දිව්‍යරාජයා ඇතුළු දෙවියන්ට විජයම්බණ දේශනා කිරීම.
  • ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීමට රජගහ නුවරට වැඩමකර වස් එලැඹ මූලික කටයුතු ඇරඹීම.
  • ප්‍රථම ඛණ්ඩ සීමාව සාම්ගීත කිරීම.
  • අරිෂෟඨ කුමරු ප්‍රධාන සිංහලයන් සපනස් දෙනාගේ මහණ උපසම්පදාව තුම්බුරු සීමා මාලකයේදී සිදු කිරීම.
  • ලංකාවේ දෙසැටක් රහතන් වහන්සේලාගේ ප්‍රථම වස්සූපගමනය.
  • මහ සෑයේ ධාතු නිධානය අනේප්‍රකාර ප්‍රාතිහාර්ය මැද සිදුවීම.
  • කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ(කිත්සිරි මෙවන්) දවස කලිඟු රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසින් ලංකාවට ගෙනෙන ලද දළදා වහන්සේ ප්‍රදර්ශනය කරමින් වර්ෂයක් පාසා පවත්වනු ලබන ඇසළ පෙරහැරේ ආරම්භය.
  • ලක්දිව සාමනේර හිමිවරුන්ට උපසම්පදාව ලබා දීම.

නිකිණි පසළොස්වක පොහොය

[සංස්කරණය]
  • වස් එළඹීම ඇරඹීම.
  • ආනන්ද හිමියන් රහත් වීම.
  • අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහ නුවරදී පළමු ධර්ම සංගායනාව පැවැත්වීම.
  • බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන්වහන්සේ නිදන් කොට සේරුවිල මංගල චෛත්‍යරාජයා තැනීම ආරම්භ කිරීම.

බිනර පසළොස්වක පොහොය

[සංස්කරණය]
  • මෙහෙනි සස්නේ ආරම්භය.

බුදුරදුන් විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ වෙසෙන සමයේ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය රෝහිනී නදී තීරයේදී පැවිදි වූ කුමරුවන්ගේ භාර්යාවන් 500 දෙනා සමඟ කෙස් සිඳ, කසාවත් හැඳ කිඹුල්වත් පුරයේ සිට පා ගමනින්ම විශාලා මහනුවරට පැමිණියාය.අනඳ හිමියන්ගේ මාර්ගයෙන් කාන්තාවන්ට සසුන් පැවිද්ද දෙනලෙස ඉල්ලා සිටියහ.අනඳ හිමි බුදුරදුන්ට මේ බව සැලකලද උන්වහන්සේ තෙවරක්ම එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළහ.පසුව අනඳ හිමිගේ බලවත් උත්සාහය මත කරුණු පහදා දී මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රධාන කාන්තාවන්ට සසුන් දොර විවෘත විය.පැවිද්ද අවශ්‍යනම් අෂ්ඨගරු ධර්ම පිළිගත යුතුය,එයම ඇයට පැවිද්ද හා උපසම්පදාව වන්නේයි බුදුරදුන් ප්‍රකාශ කලහ.එය පිළිගෙන එවලෙහිම පැවිද්ද හා උපසම්පදාව ලැබීය.


වප් පසළොස්වක පොහොය

[සංස්කරණය]
  • සත්වන වස් කාලය ගතකිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සකස්පුරයට පැමිණ මහා පෙළහර පාමින් වැඩ සිටි සේක.
  • කල්ප ලක්‍ෂයකින් මතුයෙහි බුදුවීමට සිටින මෛත්‍රී බෝසතානන් ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහි පැවිදි වීම.
  • අනුලා දේවිය ඇතුළු කුල කතුන් සසුන්ගත කිරීමට සංඝමිත්තා තෙරණිය ඇතුළු භක්‍ෂුණී සංඝයාත්,ජය ශ්‍රී මහා බෝධි ධාමයේ දක්‍ෂිණ ශාඛාවත් ලක්දිවට වැඩමවා ගැනීමට අනුබුදු මිහිදු හිමියන්ගේ නියමයෙන් දෙවනපෑතිස් රජුගේ සංදේශයත් සතුටු පඬුරුත් රැ‍ගෙන අරිෂ්ඨ කුමරු ප්‍රමුඛ රාජකීය දූත පිරිස දඹදිව සැලලුප් නුවර ධර්මාශෝක චක්‍රවර්තීන් හමුවීමට පිටත්කොට යවන ලද්දේ වප් පෝ දායි.
  • මහාරිෂ්ඨ මහ රහතන් වහන්සේ විසින් ලංකා ශාසන ඉතිහාසයේ අමරණිය සිද්ධයක් වන විනය පිටකය සංඝායනා කිරීම.


ඉල් පසළොස්වක පොහොය

[සංස්කරණය]
  • මෛත්‍රී බෝධිසත්වයන් ‍ගෞතම බුදුරදුන්ගෙන් විවරණ ලැබීම.
  • ප්‍රථම ධර්මදූත පිරිස වන රහත් හැටනමගේ ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම.
  • බුදුරදුන් තුන්බෑ ජටිලයන් දමනය කිරීමට උරුවෙල් දනව්වට වැඩම කිරීම.
  • පසුවස් ප්‍රාවරණය කලයුතු දිනය වීම.
  • චීවර මාසයේ අන්තිම පොහොය එනම් කඨිනාස්කරණ විනය කර්මය කළහැකි අවසන් දිනය වීම.
  • අගසව් සැරියුත් මාහිමියන් පිරිනිවන් පෑම.
  • ථූපාරාම චෛත්‍යය ඉදිකිරීම.

උඳුවප් පසළොස්වක පොහොය

[සංස්කරණය]
  • සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිස ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාවද රැගෙන ලක්දිව දඹකොළ පටුනට පැමිණීම.
  • මුඟලන් තෙරුන් පිරිනිවන් පෑම.
  • සිරිපා වන්දනාව ආරම්භ කරන පොහොය වීම.




රටවල් අනුව පසළොස්වක පොහොය

[සංස්කරණය]
  • ශ්‍රී ලංකාව: සෑම පසළොස්වක පොහොය (තිථියකටම) දිනකටම වඩාත්ම අනුරූපී සම්මත දිනය රජයේ සහ වෙළඳ නිවාඩුවකි.

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]

ආශ්‍රිත ග්‍රන්ථ

[සංස්කරණය]
  • දහම් පාසල් හා පාසල් බුද්ධ ධර්මය පෙළ පොත්
"https://si.wikipedia.org/w/index.php?title=පසළොස්වක_පොහොය_දොළහ&oldid=670661" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි