පසළොස්වක

9.25 අඟල් ෂ්මිට්ඩ්-කැසිග්‍රේන් දුරදක්නයක් භාවිතයෙන් දර්ශනය වන ආකාරයෙහි පසළොස්වක සඳෙහි ඡායාරූපයක්.
පුර පසළොස්වක යනු සූර්යයාගේ සිට පෘථිවියෙන් ප්‍රතිවිරුද්ධ පැත්තෙන් චන්ද්‍රයා පිහිටන විට ඇතිවන චන්ද්‍ර කලාවකි. වඩාත් නිවැරැදිව පවසතොත්, පුර පසළොස්වකක් ඇතිවන්නේ, සූර්යයාගේ සහ චන්ද්‍රයාගේ භූකේන්ද්‍රීය දෘශ්‍ය (කක්ෂතල) දේශාංශක අංශක 180 කින් වෙනස් වන විටය;
චන්ද්‍ර ග්‍රහණ ඇතිවන්නේ පසළොස්වක දිනයන් හි පමණි.
ආගමික වැදගත්කම[සංස්කරණය]
විවිධ ආගම් පුර පසළොස්වක දින ශුද්ධවූ දිනයන් සේ සලකයි. බෞද්ධයන් මෙම දිනය පුර පසළොස්වක පෝය දිනය හඳුන්වා ආගමික වතාවත්වල නිරතවේ. එබැවින් ශ්‍රී ලංකාව තුල පුර පසළොස්වක තිථීය ඇතුලත්වන ග්‍රෙගරි දින දෙකෙන් එකක් රජයේ නිවාඩු දිනයක් වේ.
ආශ්‍රිත[සංස්කරණය]
පූර්වප්‍රාප්තිකයා පුර තුදුස්වක |
පුර පසළොස්වක | අනුප්‍රාප්තික අව පෑලවිය |