මැදින් පසළොස්වක පෝය
මැදින් පසළොස්වක පෝය පෝය 12 න් එකකි.
බුද්ධ චරිතය සහ මැදින් පසළොස්වක පෝය වැදගත්කම.[සංස්කරණය]
- කාලුදායි ඇමතිවරයාගේ ආරාධනයෙන් ගෞතම බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් පසු පළමුවරට සිය නැදෑ හිතමිතුරාදින්ට සහ ජන්ම භූමියට කෘතගුණ සැලකිම සඳහා කිඹුල්වත් පුරයට වැඩම කිරීම.
- ශාක්‍යන් විසින් නීග්‍රෝධාරාමය පූජා කිරිම.
- කිඹුල්වත් නුවරට වැඩමකොට සුද්ධෝදන රජුට දහම් දෙසු අවස්ථාවේ සුද්ධෝදන රජතුමා සකෘධාගාමී වීම.
- සුද්ධෝදන රජතුමා තෙවන වරට තම පුත් වු ගෞතම බුදුරජානණ්වහන්සේට නමස්කාරය කිරිම.
- යසෝධරා දේවිය උදෙසා චන්ද කින්නර ජාතකය දේශනා කිරිම.
- රාහුල කුමාරයා සහ නන්ද කුමාරයා පැවිදි කරවිම.
- ශාක්‍යන්ගේ මානය බිද දැමිම සදහා යමාමහා පෙළහැර පෑම.
- බුදුරජාණන් වහන්සේ විසින් තම පියාණන්ගේ ඉල්ලීම අනුව දෙමාපියන්ගේ අවසරයකින් තොරව දරුවන් පැවිදි නොකරන ලෙස ප්‍රථම විනය ශික්ෂාව පැනවීම.
රටවල් අනුව මැදින් පසළොස්වක පොහොය[සංස්කරණය]
- ශ්‍රී ලංකාව: සෑම මැදින් පසළොස්වක පොහොය තිථියකටම වඩාත්ම අනුරූපී සම්මත දිනය රජයේ සහ වෙළඳ නිවාඩුවකි.
පූර්වප්‍රාප්තිකයා නවම් පසළොස්වක පෝය |
මැදින් පසළොස්වක පෝය | අනුප්‍රාප්තික බක් පසළොස්වක පෝය |