Jump to content

මහා ප්‍රජාපතී ගෝතමී

විකිපීඩියා වෙතින්



මහා ප්‍රජාපති ගෝතමිය බුදුන් වහන්සේගේ භික්ෂුණි වරය ඉල්ලු ප්‍රථම කාන්තාව මෙන්ම සංඝ සමාජයට එක්වූ ප්‍රථම කාන්තාවද වූවාය. ඇය බුදුන්ගේ මව් පාර්ශවයේ කුඩා මව වූවාය. බුදුන්ගේ මව වූ මහාමායා දේවිය මිය ගිය පසු හදා වඩා ගත් මව වූයේද මහා ප්‍රජාපති ගෝතමියයි. පුරාණ නේපාලයේ ‘දේවදහ’ නම් ස්ථානයෙහි ගෝතමිය උපත ලැබුවාය. මෙම ස්ථානය පිහිටා ඇත්තේ දකුණු නේපාලයේ වර්තමාන දේවදහ නගරයේය.

මුල් කාලය

[සංස්කරණය]

අග්‍ර ගණයේ තෙරණියක වූ මහා ප්‍රජාපතිය, කෝලිය රජ පවුලේ මහාමායා දේවියගේ බාල සොහොයුරිය ලෙස “දෙව්දහ” හිදි උපන්නාය. ඇය උපන් අවස්ථාවේ ඇයට අනාගතයේදි පරිවාර ජනයා බොහොමයක් සිටින බවට අනාවැකි කරුවන් කීම නිසා ඇයට මහා ප්‍රජාපතී යනුවෙන් නම තබන ලදී. ගෝතමී යනු ඇගේ ගෝත්‍ර නාමයයි. භික්ෂුණි ශාසනය ආරම්භ කිරීමට බුදුන් වහන්සේගෙන් අනුමැතිය ලබා ගන්නා තැනැත්තිය වන්නේ මහා ප්‍රජාපති ගෝතමිය බවට උගතුන් විසින් අනාවැකි පවසා තිබිණ. ඇගේ පියා අන්ජන සක්ක හා මව සුලක්නා ලෙසින් පුරාණ ග්‍රන්ථවල සඳහන් වේ. මහාවංශයේ හැටියට ඇගේ පියා අන්ජන් වන අතර මව යශෝධරා වන්නීය. දන්පානී සහ සුප්පබුද්ධ ඇගේ සොහොයුරෝ වූහ. ප්‍රජාපතී ගෝතමියගේ උප්පත්තියේදි අංග ලක්ෂණ බලා ඇය පුතෙක් ලැබුවහොත් ඔහු දිනක සක්විති රජෙකු වන බවත් දුවක ලැබුවහොත් ඇය සක්විති රජ කෙනෙකුගේ අග මෙහෙසිය වන බව අනාවැකි පල කළහ.

මායා දේවිය සිදුහත් කුමරු ඉපිද දවස් හතකින් මිය ගොස් තුසිත දෙව්ලොව මාතෘ දිව්‍ය පුත්‍රයාව ඉපදුනි.ඉන් පසු සිදුහත් කුමරුගේ සුලුමව වූ මහා ප්‍රජාපතී ගෝතමී විසින් ඔහු ඇති දැඩි කරන ලදී.මහා ප්‍රජාපතී ගෝතමීය සුද්ධෝදන රජු දාව නන්ද කුමරුසහ සුන්දරී නන්දා කුමරිය ලැබුණි.සිදුහත් කුමරු ,නන්ද කුමරු ,සුන්දරී නන්දා කුමරිය ,රාහුල කුමරා සහ සිය ලේලිය වූ යශෝදරා දේවිය යන සියලු දරුවන්ට ඇය එකසේ ආදර සැලකිලි දැක්විය.

පළමු කාන්තාව පැවිදි කිරීම

[සංස්කරණය]

තම ස්වාමියා වූ ශුද්ධෝදන රජු මිය යාමෙන් පසු ගිහිෙගය අතහැර යා යුතුයයි ප්‍රජාපතිය තීරණය කළාය. එම අවස්ථාවේ බුදුන් වහන්සේ “වේසාලි” යෙහි වැඩ සිටි අතර බුදුන් වහන්සේගෙන් පැවදි වීම සඳහා අවසර ලබා ගැනීමට අවස්ථාවක් එළඹෙන තෙක් ප්‍රජාපතිය බලා සිටියාය. ප්‍රජාපතිය ඒ වන විටත් සෝවාන් ඵලය ලබා සිටියාය. ඇය එම තත්වයට පත් වූයේ බුදුන් වහන්සේ තම පියාගේ ඇරයුමෙන් පියරජුගේ මාළිගයට පළමුවෙන් වැඩි අවස්ථාවේදි මහා ධම්මපාල ජාතකය දේශනා කළ අවස්ථාවේදිය (DhA.i 97). භික්ෂුණි ශාසනය ආරම්භ කිරීම සඳහා බුදුන් වහන්සේගෙන් අනුමැතිය ලබා ගන්නා පළමු තැනැත්තිය වන්නේ ප්‍රජාපති ගෝතමිය යයි උගතුන් විසින් අනාවැකි පවසා තිබිනි. ඇයට මෙම අවස්ථාව උදා වූයේ බුදුන් වහන්සේ ශාක්‍ය හා කෝලිය වංශිකයින් අතර රොහිණි නදියේ ජලය බෙදා ගැනිම සම්බන්ධයෙන් ඇති වි තිබුනු ගැටුම නිරාකරණය කිරීමට බුදුන් වහන්සේ කපිල වස්තු නුවරට වැඩි අවස්ථාවේදිය. එම ආරවුල සන්ඳවීමෙන් අනතුරුව බුදුන් වහන්සේ කලහවිවාද සූත්‍රය දේශනා කළ සේක. ශාඛ්‍ය වංශික තරුණයින් 500 ක් දෙනා සඟ සසුනට ඇතුලත් වූහ. මහා ප්‍රජාපති ගෝතමිය විසින් මෙහෙයවන ලදුව ශාක්‍ය වංශික බිරින්දැවරු ද බුදුන් වහන්සේ වෙත ගොස් ඔවුන්ද මහණ කරන ලෙස ඉල්ලා සිටියහ. එහෙත් බුදුන් වහන්සේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර වේසාලි වෙත වැඩම කළහ. එහෙත් ප්‍රජාපති සහ පිරිස පසුබට නොවූහ. ඔව්හු කරණවෑමියෙකු ලවා තම කෙස් වැටි කපා දමා කහ සිවුරෙන් සැරසි පයින්ම ‘වේසාලි’ වෙත ගියහ. ඔව්හු තුවාල වූ පාද සහිතව එසේ පැමිණ තමන් සඟ සසුනට ඇතුළත් කර ගන්නා ලෙස නැවත වරක් ආයාචනා කළහ. එවරද බුදුන් වහන්සේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ. එවරද ආනන්ද තෙරුන් ඔවුන් වෙනුවෙන් මැදිහත් වූහ. බුදුන් ඔවුන්ගේ ඉල්ලීම ඉටු කිරීමට පොරොන්දු වූයේ දැඩි කොන්දේසි අටක් පිළිපැදිය යුතු බව ප්‍රකාශ කරමිනි. (විස්තර සඳහා විනii 253 j-A.iv.27 ) පසුව ප්‍රජාපති ගෝතමියගේ පැවිද්ද ගැන ප්‍රශ්නයක් ඇති වූයේ 14 එය විධිමත් ලෙස සිදු නොවුනු බැවිනි. අනෙකුත් භික්ෂුණීන්ට මෙය වැටහීමෙන් පසු ඔවුන්ගේ ඇතමෙකු උපෝශත පැවැත් වීම ප්‍රතික්ෂේප කළහ. එවිට බුදුන් වහන්සේ ප්‍රකාශ කළේ ඇයට පැවිද්ද දෙන ලද්දේ තමන් වහන්සේම බැවින් එය යථා පරිදි සිදු වී ඇති බවයි. භික්ෂුණින් වෙත පනවන ලද ගුරැධමි අට අනුමත වීම තුලින් ඇයගේ උපසම්පදාව සිදු විය.

මහා ප්‍රජාපතියගේ ආශ්‍රම ජීවිතය

[සංස්කරණය]

පැවිදි කිරීමෙන් පසු ප්‍රජාපතිය පැමිණ බුදුනට වැඳ නමස්කාර කළාය. බුදුහු ඇයට ධර්ම දේශනා කොට කමටහන් දුන්හ. එම අරමුණ සමග ඇය ඇයගේ ඥාණය වර්ධනය කර ඉතා ඉක්මණින් අරහත් බවට පත් වූවාය. ඇය සමග පැමිණි භික්ෂුණින් පන්සිය දෙනාට නන්ද කෝවාද සූත්‍රය ඇසිමෙන් අරහත් බවට පත් වූහ. පසුව ජේතවනයේදි සංඝයා වහන්සේලා රැස් වූ අවස්ථාවක බුදුන් වහන්සේ ප්‍රජාපතිය ‘දැනිමෙන් අගපත්’ තැනැත්තිය ලෙස ප්‍රකාශ කළහ. ඉන් ටික කලකට පසු වේසාලියෙහිදි තමන්ගේ ජීවිතය අවසානය කරා ළඟා වී ඇති බව ඇයට වැටහුනි. එවිට ඇගේ වයස අවුරුදු එකසිය විස්සක් විය. එහිදී ඇය මෙසේ පැවසී ය.

🔴 සුගත පියාණෙනි , මම ඔබේ මව වීරයාණෙනි , ඔබ මගේ පියා නාථයාණෙනි , දම් සුවය දුන් ගොයුම් ඔබගෙන් මම උපන්නෙමි සුගතයාණෙනි , ඔබේ රූපය වඩන ලද්දේ මා විසින්මය මගේ කැළලක් නොමැති දම් කය වඩන ලද්දේ ඔබ විසින්මය සාපිපාසා සුසංසිඳවන ඔබට කිරි පෙව් මව මමයි ඉතාමත් සං සිඳුණු දම් කිරි පොවන ලද්දේ මට ඔබයි මහා මුනි ඔබ හැදුව වැඩුවට ඔබ මෙමට ණය ගැති නොවේ පුතුන් පතනා කතුන් වෙත්නම් ලබත්වා ඔබ වැනි පුතෙක්. මෙස් පැවසූ ඈ පිරිනිවී ය... ඇගේ පරිවාර මෙහෙණින් වහන්සේලා පන්සිය දෙනාද ඇය සමග පිරිනිවන් පෑහ. ඇගේ ආදාහනය පැවති අවස්ථාවේ පැවති අවමංගල චාරිත්‍ර වල ආශ්චර්යමත් භාවය දෙවැනි වූයේ බුදුන්වහන්සේ ට පමණි යැයි කියනු ලැබේ.

වෙනත් භවයන්

[සංස්කරණය]

පදුමුත්තර බුදුන්ගේ කාලයේදී ශ්‍රේෂ්ඨත්වය ලබා ගැනීමට ප්‍රජාපතිය අදහස් කළාය. එම භවයේදි ඇය “හංසවති” හි වංශවතෙකුගේ පවුලක උපන්නාය. එක්තරා භික්ෂුණිනියකට බුදුන් වහන්සේ පළපුරුද්ද අතින් අග්‍රස්ථානය භාරකරවන බව දැනගත් ප්‍රජාපතිය එම තත්වය ඇයට ලබා ගැනිමට අපේක්ෂා කළාය. ඒ සඳහා බොහෝ යහපත් ක්‍රියාවන් කළාය. පුනරුප්පත්ති කීපයකට පසු ඇය නැවත වතාවක් බරණස් නුවරහි හි උපත ලැබුවාය. ඒ පන්සියයක් වහල් කාන්තාවන් පිරිසකගේ ප්‍රධානියා වශයෙනි. වැසි ඇද හැලීම ආරම්භ වූ විට පසේබුදුවරු පස් නමක් නවාතැන් සොයා ජේතවනාරාමයට වැඩියහ. භාණ්ඩාගාරික තැන එම පසේ බුදුවරුනට නවාතැන් දීම ප්‍රතික්ෂේප කරනු ප්‍රජාපති දුටුවාය. ප්‍රජාපතිය ඇගේ පිරිවරෙහි සිටි කාන්තාවන් කිහිප දෙනෙකු සමග සාකාච්ඡා කොට ඔවුන්ගේ ස්වාමිවරු කීප දෙනෙකු පසේ බුදුවරු සඳහා මඩු පහක් තනවා දීමට එකඟ කරවා ගත්හ. එසේ කොට පසේ බුදුවරුන්ට නවාතැන් පහසුකම් සලස්වා වෙනත් අවශ්‍ය සියල්ල සැපයූහ. වැසි සමය අවසාන වූ පසු ඔව්හු සෑම පසේබුදුනමකටම සිවුරු තුනක් පූජා කළහ. එයින් පසු ඇය බරණැස් නුවර අසල රෙදි වියන්නන්ගේ ගමක උපත ලැබුවාය. නැවත ඇය උපස්ථාන කෙළ්ය. පසේබුදුවරුන් පන්සිය නමකටයි. ඔවුන් පදුමාවතිගේ පුත්තු වූහ. (Thig A. 140 ffi AA.i.185. Ap.ii 529 43)

එක්තරා අවස්ථාවකදී ප්‍රජාපතිය විසින් බුදුන් සඳහා පුදුම උපදවන රෙදි වර්ගයකින් සිවුරක් ඉතා අලංකාර ලෙස නිම කල බව කියැවේ. එහෙත් එය බුදුන් වහන්සේට පූජා කිරීමට පැමිණි විට බුදුහු එය ප්‍රතික්ෂේප කළහ. බුදුන් වහන්සේ එය සියලුම සංඝයා වෙත කරන පූජාවක් ලෙස පූජා කිරීමට යෝජනා කළහ. ප්‍රජාපති දේවිය බලාපොරොත්තු සුන් වූ තත්වයට පත් වූ අතර ආනන්ද හිමියන් මැදිහත් විය. එම යෝජනාව කළේ ප්‍රජාපතියගේම යහපත තකා යයි බුදුන් වහන්සේ වදාළහ. එමෙන්ම අනාගතයේදි එවැනි තෑගි පිරිනමන අයට ආදර්ශයක්ද වනු පිණිස යයිද බුදුන් පවසා සිටියහ. දක්ඛිණ විභංග සූත්‍රය දේශනා කළේ මෙම අවස්ථාවේදිය. බුදුන් වහන්සේ ප්‍රජාපතියට මහත් සේ ඇලුම් කළ සේක. ඇය ගිලන්ව හොත් අවස්ථාවේ කිසිදු භික්ෂුවක් ඇය හමුවට ධර්ම දේශනා කිරීම සඳහා නොගොස් සිටි අවස්ථාවේ බුදුන් වහන්සේ එම රෙගුලාසි සංශෝධනය කරමින් ඇයට ධර්මය දේශනා කිරීම සඳහා උන් වහන්සේම වැඩියහ. ප්‍රජාපතියගේ නම කීප අවස්ථාවකදිම ජාතක කථාවල සඳහන්වේ. චූල නන්දිය ජාතකයේ ඇය මව් වැඳිරි යයි චුල්ලධම්මපාල ජාතකයේ චණ්ඩාය.

දේවදහ දී උපන් ප්‍රජාපතිය විසින් සේවයේ යොදවනු ලැබු උපස්ථායිකාවක් ගැන කථාවක් තිබේ. ඇය ප්‍රජාපතිය සමග පැවදි ජිවිතයට ඇතුළත් වූවාය. එහෙත් අවුරුදු විසිපහක් තිස්සේ ධම්ම දින්න දේශනාව ශ්‍රවනය කරන තෙක් කාම සිතිවිලි වලින් පීඩා වින්දාය. ඉන්පසු ඇය භාවන ක්‍රම ප්‍රගුන කර අරහත් භවයට පත් වූවාය.

http://en.wikipedia.org/wiki/Maha_Pajapati_Gotami

"https://si.wikipedia.org/w/index.php?title=මහා_ප්‍රජාපතී_ගෝතමී&oldid=700918" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි