Jump to content

අයිබීරියානු අර්ධද්වීපය

විකිපීඩියා වෙතින්

අයිබීරියානු අර්ධද්වීපය (අයිබීරියාව ලෙසද හැදින් වෙන) යුරෝපයේ නිරිත දෙසින් පිහිටා ඇති අර්ධද්වීපයකි. එම අර්ධද්වීපයට අයත් භූමිය ප්‍රධාන වශයෙන් ස්පාඤ්ඤය හා පෘතුගාලය අතර බෙදී ඇත. ඇන්ඩෝරාව, ප්‍රංශයට අයත් කුඩා ප්‍රදේශයන් කිහිපයක් සහ බ්‍රිතාන්‍යට අයත් ප්‍රදේශයක් වන ජිබ්‍රෝල්ටාව ද එයට ඇතුළත් වේ. වර්ග කිලෝමීටර් 596,740 ක (වර්ග සැතපුම් 230,400 ක්) වන මෙම අර්ධද්වීපය ජනගහනය අනුව ගත් කල දෙවන විශාලතම යුරෝපීය අර්ධද්වීපය ද වේ(ස්කැන්ඩිනේවියානු අර්ධද්වීපය හා බෝල්කන් අර්ධද්වීපයෙන් පසුව).