Jump to content

පැන්ඩා

විකිපීඩියා වෙතින්

යෝධ පැන්ඩා
Giant panda at the Ocean Park Hong Kong
CITES අනුබද්ධය I (CITES)[1]
විද්‍යාත්මක වර්ගීකරණය edit
අධිරාජධානිය: Eukaryota
රාජධානිය: අනිමාලියා
වර්ගය: මමාලියා
ගෝත්‍රය: කානිවෝරා
උපගෝත්‍රය: Caniformia
කුලය: Ursidae
ගණය: Ailuropoda
විශේෂය: ''A. melanoleuca''
ද්වීපද නාමය
Ailuropoda melanoleuca
David, 1869[2]
Subspecies
Giant panda range
පැන්ඩා
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: අනිමාලියා
Phylum: කෂීරපායී
වර්ගය: Procyonidae
ගෝත්‍රය: Carnivora
කුලය: Ursidae
ගණය: 'Ailuropoda'
පැන්ඩා

පැන්ඩා වලස් පවුලට (Ursidae) අයත් ක්ෂීරපායී සතෙකි. පැන්ඩා ගේ නිජභුමිය වන්නේ චීනය යි.

විස්තරය

[සංස්කරණය]

පැන්ඩා ගේ ගැහැනු සතා වරකට එක් පැටවකු පමණක් දමයි. ඔවුහු මාර්තු සිට මැයි දක්වා වූ කාලය තුළ එක්වන අතර අගෝස්තු සැප්තැම්බර් මාසවල දී පැටවුන් බිහි කරති. අලුත උපන් කුඩා පැටවකුගේ බර 2 kg පමණ වේ. පැටවුන් ඇස් අරින්නේ දින 40 කට පසුව යි. යෝධ පැන්ඩාවුන්ට නිශ්චිත ලැගුම් පොළවල් නැත. එහෙත් අභිජනන සමයේ දී ඔවුහු ඉතා වෙහෙස මහන්සි වී පැටවුන් බිහිි කිරීමට සුදුසු බිලයක් තනති. එය තුළ සුව පහසුව පිණිස මෘදු ශාක පත්‍ර අතුරනු ලැබේ. යෝධ පැන්ඩා සිත් ගන්නා සුලු ගති ගුණවලින් හෙබි අහිංසක සතෙකි. උගේ මුහුණේ ඇත්තේ ළදරු පෙනුමෙකි. උගේ ගමන සිනා උපදවන සුලු යි. යෝධ පැන්ඩා දිනකට පැය දහයක් දොළහක් පමණ ආහාර ගැනීමේ නිරත වේ. ගස තලා දමන්නේ නැතිව උණ දළු හා කොළ ගලවා ගැනීමේ අපූරු හැකියාවක් ඌට ඇත. මේ බුහුටි බව ඌට ලැබී ඇත්තේ ඉදිරි ගාත්‍රාවල දිගු රෝමවලින් වැසුණු මාංශමය කොට්ට ඇති නිසා ය. යෝධ පැන්ඩාට නිශ්චිත දින චර්යාවක් නැත. දිවා කාලය පමණක් නොව රාත්‍රී කාලයට ද ඌ ආහාර සොයා සැරිසරයි. නිදා ගැනීමට හෝ විවේක ගැනීමට විශේෂ වේලාවක් නැත. මධ්‍යම රාත්‍රීයටත් උදෑසනටත් උන් වඩාත් ක්‍රියාකාරී ය. බාහිර බලපෑම් නැති විට මේ පැන්ඩා ගේ සියලු කටයුතු අලස ලෙස හෙමින් සීරුවේ සිදු කෙරේ. කෙනකු කලබල කළ හොත් ඌ ඉවතට දිවගොස් සැඟැවේ. එසේ කළ නො හැකි නම් ගසකට නැඟැ අතු රිකිලි අතර සැඟැවෙයි. වටාපිටාව නිහඬ හා නිශ්චල වූ විට පැන්ඩා ගසින් බැස බිමට පැමිණේ. ඇතැම් විට පැන්ඩාවුන් ගස්වල අතු මත නිඳා සිටිනු ද දැකිය හැකි යි.

සංරක්ෂණය

[සංස්කරණය]

වඳවී යාමට ඔන්න මෙන්න කියා සිටි මේ සොඳුරු සත්ත්වයා ඉන් බේරා මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවේ ද සහය ඇතිව චීන රජය ක්ෂණිකව පියවර ගත්තේ ය. යෝධ පැන්ඩාවන් සංරක්ෂණය කිරීම සඳහා වන පෙත් වෙන් කෙරුණු අතර උන් පිළිබඳව පුළුල් ලෙස අධ්‍යයනයක් ද සිදු කැරිණි. එම අධ්‍යයනය ප්‍රයෝජනයට ගෙන ගන්නා ලද පියවර නිසා අද වන විට චීනයේ යෝධ පැන්ඩා ගහණය වැඩෙමින් පැවැතීම වන සත්ත්ව ලෝලීන් ගේ සතුටට කරුණෙකි.

වර්ගීකරණය

[සංස්කරණය]

වංශ ප්‍රවේණිය

[සංස්කරණය]
Ursidae

Giant panda (Ailuropoda melanoleuca)

Spectacled bear (Tremarctos ornatus)

Ursinae (black, brown, sloth, sun, and polar bears)

අමතර අවධානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. 1 2 Swaisgood, R.; Wang, D. & Wei, F. (2017) [errata version of 2016 assessment]. "Ailuropoda melanoleuca". IUCN Red List of Threatened Species. 2016: e.T712A121745669. සම්ප්‍රවේශය 15 January 2022.
  2. David, A. (1869). "Voyage en Chine". Bulletin des Nouvelles Archives du Muséum. 5: 13. 12 August 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 21 February 2018.

භාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=පැන්ඩා&oldid=780327" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි