Jump to content

ද්වාරය:කතෝලික සභාව

විකිපීඩියා වෙතින්
(ද්වාරය:Catholicism වෙතින් යළි-යොමු කරන ලදි)
තෝලික භාවේ ද්වාරය
මුල් පිටුව   Pontifex Maximus   The town and the world

හැඳින්වීම

ලෝකයෙහි විශාලතම කතෝලික දෙව්මැදුර වන ශාන්ත පීතර බැසිලිකා දෙව්මැදුර


කතෝලික සභාව හෙවත් රෝමානු කතෝලික සභාව, 2019 වන විට ලොව පුරා බව්තීස්ම වූ කතෝලිකයන් බිලියන 1.3ක් සිටින ලොව විශාලතම ක්‍රිස්තියානි සභාව වේ. [1]ලොව පැරණිතම සහ විශාලතම අවිච්ඡින්නව ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ආයතනය වන අතර එය බටහිර ශිෂ්ටාචාරයේ ඉතිහාසය සහ සංවර්ධනයෙහි ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇත.[2] කතෝලික සභාව, ලතින් සභාව සහ පෙරදිග කතෝලික සභා 23 ක් ඇතුළුව sui iuris සභා 24 කින් සමන්විත වන අතර ඒවා ලොව පුරා පිහිටි රදගුරු පදවි සහ eparchies 3,500 කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත වේ. රෝමයේ බිෂොප්වරයා වන පාප්තුමා සභාව ප්‍රධානියා වේ.[3] ශුද්ධාසනය ලෙස හැඳින්වෙන රෝමයේ රදගුරු පදවිය සභාවේ මධ්‍යම පාලන අධිකාරිය වේ. ශුද්ධාසනයේ පරිපාලන ආයතනය, රෝමානු කියුරියාව ලෙස හදුන්වන අතර, එහි ප්‍රධාන කාර්යාල ඇත්තේ ඉතාලියේ රෝමයේ කුඩා පරිවාර භූමියක් වන වතිකානු නගරයේ වන අතර, එහි රාජ්‍ය නායකයාද පාප්තුමා වේ.

තෝරාගත් ලිපි



ත්‍රීත්වය (Trinity) යනු දෙවියන් පුද්ගලයන් තිදෙනෙකු ලෙස අන්‍යෝන්‍ය වශයෙන් නිත්‍යව පවතින යැයි පවසන ක්‍රිස්තියානි දර්ශනයකි. එහිදී ත්‍රිත්වය වශයෙන් හැඳින්වනුයේ, පියා, පුත්‍රයා (ජේසුස් වහන්සේ ලෙස මිනිස් රූපයකින් මවා පාන) සහ ශුද්ධවූ ආත්මයයි. 4 වන සියවසේ සිට පෙරදිග ක්‍රිස්තියානු දහමේ සහ බටහිර ක්‍රිස්තියානු දහමෙහි යන 2හිම ත්‍රිත්වයේ දේව ධර්මය එකම දෙවි කෙනෙකුගේ පුද්ගලයන් තිදෙනෙකු ලෙස ප්‍රකාශ කර තිබේ. මෙම පුද්ගලයන් තිදෙනා බෙදිය නොහැකි එක් දිව්‍යමය ස්වභාවයකින් යුත් සරල පුද්ගලයෙකුය. තවද කිතු දහම, පුත්‍රයාට විශේෂ වූ ස්වභාවයන් 2ක් තිබෙන බවට උගන්වනු ලැබේ. එනම් දිව්‍යමය සහ සම්පූර්ණයෙන්ම මිනිස් ස්වභාවයයි. ත්‍රිත්වයේ දර්ශනයෙන් පෝෂණය වූ දහම ශුද්ධ ත්‍රිත්වවාදය(Trinitarianism) ලෙස හඳුන්වයි. ක්‍රිස්තියානි දහමක් සමඟ වූ බොහෝ නිකායන් ත්‍රිත්වයක් ලෙස සලකනු ලබන අතර ත්‍රිත්වයේ ඇති විශ්වාසයන් ක්‍රිස්තියානු සම්මතයන් ලෙස සලකනු ලැබේ.


වැඩිදුර කියවන්න...

තෝරාගත් සේයාරු



ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?

ඔබට කතෝලික සභාව සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?

සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.

නොවැම්බර් මාසයේ මංගල්‍යයන්

Selected quote



උප ප්‍රවර්ග

Category puzzle
Category puzzle
උප ප්‍රවර්ග නැරඹීම සඳහා [►] තෝරන්න

WikiProjects

උප මාතෘකා

ආශ්‍රිත විකිමීඩියා

කොමන්ස්
මාධ්‍ය

විකිනිව්ස් 
පුවත්

විකික්වෝට් 
කියමන්

විකිසෝර්ක් 
මූලාශ්‍ර

විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර

වික්‍ෂනරි 
අර්ථ දැක්වීම්

විකිඩේටා 
දත්ත ගබඩාව

 · ද්වාර යනු මොනවාද? · ද්වාර ලැයිස්තුව ·

සේවා දායකයේ කෑෂය හිස් කරන්න

  1. ^ "Pubblicati l'Annuario Pontificio 2021 e l'Annuarium Statisticum Ecclesiae 2019" (in Italian). L'Osservatore Romano. 25 March 2021. Archived from the original on 25 March 2020. Retrieved 29 March 2021.
  2. ^ O'Collins, p. v (preface).
  3. ^ "Lumen gentium". www.vatican.va. Retrieved 11 October 2020.
"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:කතෝලික_සභාව&oldid=702736" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි