දර්ශනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ග්‍රීක දාර්ශනිකයෝ- වතිකානු බිත්ති සැරසිල්ලක් - ශිල්පී රපායෙල් විසිනි.

මිනිසා සහ සමාජයත්, ලෝකය හා විශ්වයත් පිළිබඳ සිතිවිලි ගොනුකිරී‍මෙන් දර්ශනවිෂය (Philosophy) ගොඩනැගී ඇත. මුලදී දාර්ශනික ගැටලුවක් ලෙස සැලකූ අදහසක්, ක්‍රමයෙන් ඒ පිළිබද අවබෝධය දියුණු වත්ම ස්වාධීන විෂයයක් ලෙස හදාරනු ලැබේ. එබැවින් විද්‍යාත්මක හා ආගමික කරුණුද, කලින් කල දර්ශන විෂය යටතේ හදාරා ඇත. තවද කිසියම් එක් විෂය ක්ෂේත්‍රයකට පැහැදිලිව වර්‍ග කළ නොහැකි හා ක්ෂේත්‍ර රාශියකට සබැදි ගැටලුද දර්ශනය මගින් විමසීමට ලක් කෙරේ.

සමාජය සහ දර්ශනය[සංස්කරණය කරන්න]

මිනිස් සමාජයේ හැසිරීම මිලෙච්ඡ (තිරිසන්) ස්වරූපයේ සිට උතුම් (දේවත්වය) අතර තත්වයක වෙනස් විය හැකිය. මිනිස් සතාගේ මනුස්ස හැසිරීමට පාදකවන චින්තනයේ පදනම වනුයේ දර්ශනයයි. සමාජයේ බලපවත්වන  නිදහස, ජීවනක්‍රමය, කලාව, සෞන්දර්‍ය්‍ය රසාස්වාදය,ගෘහ නිර්මාණය ආදි සියලුම ක්ෂේත්‍රයන්ගේ දියුණුව මෙන්ම පිරිහීමද, බලපවත්වනු ලබන දර්ශනයේ පරිමාණය අනුව තීරණය වන බව දර්ශන ඉතිහාසය හැදෑරීම තුළින් මැනවින් තහවුරු වේ.

දාර්ශනික ගැටළුවල ස්වභාවය[සංස්කරණය කරන්න]

දාර්ශනික සංකල්පයෝ වියුක්ත (abstract) සංකල්පයෝ වෙත්. එනම් පංචේන්ද්‍රියන්ට සෘජුවම ගෝචර නොවන බවයි. එබැවින්ම එම ගැටලු සදහා ඇති විසදුම්ද එකගතාවකින් තොරවූද, එකිනෙකට පරස්පරවූද ස්වහාවයක් ගනී. එසේ වූ පමණින් ඒවා සැබෑ ලෝකයට අදාළ නොවන්නේද නොවේ. උදාහරණ වශයෙන් "යුතුකම් හා සදාචාරය" ආදියද "අධිභෞතික විද්‍යාව" වැන්නක්ද සලකා බලන්න. කෙසේ වෙතත් "අද හවසට වසීද?" වැනි ප්‍රශ්න දාර්ශනික ගැටළු යටතේ නොසැලකේ.


දාර්ශනික ප්‍රශ්න සමහරක්[සංස්කරණය කරන්න]

  •     පරම සත්‍යයක් තිබිය හැකිද?
  •     හොඳ යනු කුමක්ද?
  •     ලස්සනයි යනු කුමක්ද?
  •     අපට පූර්ණ නිදහස් කැමැත්තක් තිබේද?
  •     දෙවියන් වහන්සේ යථාර්ථයක්ද?
  •     අප අවට ඇති ලෝකය යථාර්ථයක්ද?
  •     පුද්ගලයා යනු කුමක්ද?
  •     සත්‍ය යනු කුමක්ද?
  •     පාපය යනු කුමක්ද?
  •     මනස සහ ශරීරය අතර ඇති සම්බන්ධය කුමක්ද?
  •     විද්‍යාව යනු කුමක්ද?
  •     දර්ශනය යනු කුමක්ද?
  •     ආදරය අර්ථ දක්වන්නේ කෙසේද?.

දාර්ශනික ප්‍රශ්න සඳහා පිළිතුරු.[සංස්කරණය කරන්න]

අතීතයේ සිට මේ දක්වා දාර්ශනිකයින් නඟා ඇති ප්‍රශ්නත්  ඒවාට ලැබී ඇති ප්‍රතිචාරත් ඉතා පුළුල් වපසරියක පැතිරේ. ඒ ඒ යුගයන් හි ජීවත්වූ දාර්ශනිකයන් එම යුගයට අදාළ පරිද්දෙන් පිළිතුරු සපයා ඇති බැවින්, එකම ප්‍රශ්නය සඳහා විවිධ පිළිතුරු දර්ශන ඉතිහාසයේ දැකිය හැකිය. තවද පිළිතුර එකම වුවත් ඉදිරිපත්වන සන්දර්භය අනුව අදහස් වෙනස් විය හැක. එබැවින් ඒ ඒ දාර්ශනිකයාට අනුව ගැටලුව හා පිළිතුර අවබෝධකරගත යුතුවේ.

දාර්ශනිකයාගේ පරීක්ෂණ ක්‍රමය[සංස්කරණය කරන්න]

දාර්ශනිකයා ගේ පරීක්ෂණ විද්‍යාඥයා ගේ පරීක්ෂණ ක්‍රමවලට වඩා බෙහෙවින් ම වෙනස් වේ. විද්‍යාඥයා පරීක්ෂණ පවත්වන්නේ විද්‍යාගාරයන් තුළ විවිධ උපකරණ වල ආධාරයෙනි. ඔහු අලුත් නිගමනවලට එළඹීමේදී එයට සාධක වශයෙන් හැකි තරම් අලුතින් කරුණු සොයා ගැනීමට උත්සාහ දරයි. එහෙත් දාර්ශනික ප්‍රශ්න විසදීම මීට වඩා වෙනස් ස්වරූපයක් උසුලයි. උදාහරණයක් වශයෙන්, මේ ප්‍රශ්නය ගනිමු. යමෙකු මේසයක් දෙසට අත දිගු කොට මෙතැන මේසයක් තිබේද? තිබේ නම් එහි ස්වරූපය කුමක්ද? යනුවෙන් ප්‍රශ්න කරයි. විද්‍යාඥයා නම් මේසය විද්‍යාත්මක උපකරණවලින් මැන බලා එ තැන මේසයක් තිබෙන බව ස්ථීර ව පවසනු ඇත. එහෙත් දාර්ශනිකයා මෙ තැන ඇත්ත වශයෙන්ම මේසයක් තිබේ ද නො එසේ නම්, අපට පෙනෙන්නේ මායාවක් ද කියා ඇසීමට පෙළඹිය හැකිය.

අපට මෙතැන මේසයක් තිබෙනවා යැයි පෙනෙන්නේ අප සිතෙහි ඇතිවූ මනඃකල්පිතයක් නිසා විය නොහැකිද? නැතැයි කියා අප කියන්නේ කෙසේද? මිරිඟුව දකින විට අපට එතැන වතුර තිබෙන්නාක් මෙන් පෙනේ. එහෙත් එතැන ඇත්ත වශයෙන් ම වතුර නැත. මේ මේසයද මිරිගුවක් මෙන් විය නොහැකිද? එසේත් නැත්නම් අප මේ අවස්ථාවේ දී සිහිනයක් දකිමින් සිටිනවා විය නොහැකි ද? එසේ නම්, මෙ තැන නියම වශයෙන් මේසයක් පවතින්නේ නැත.

දාර්ශනිකයා විසින් මෙවැනි විවිධ ප්‍රශ්න අසනු ඇත. එම නිසා, විද්‍යාඥයාට මෙන් පරීක්ෂණ පවත්වා අමුතුවෙන් සොයා ගතයුතු දෙයක් මෙ තැන නැත. අපට කළ හැක්කේ මෙ තැන මේසයක් තිබෙන බව හෝ නැති බව හෝ මේ ප්‍රශ්නය හුදු විකාරයක් බව හෝ ඔප්පු කිරීමය. මේ තුන් ආකාරයෙන් ම දාර්ශනිකයන් පිළිතුරු දී ඇත.[1]

දර්ශනය පිළිබඳ ලිපි මාලාවෙහි කොටසකි
දර්ශනය
‍චින්තන ධාරා

ඊජිප්තු හා බැබිලෝනියානු
පෞරාණික ඈත පෙරදිග (චීන)
පෞරාණික ඉන්දියානු
පෞරාණික ග්‍රීක-රෝම
පෞරාණික පර්සියානු
මධ්‍යකාලීන යුරෝපීය

දාර්ශනික ගවේශන සහ ඉතිහාසය

හැඳින්වීම
දාර්ශනිකයෝ
දර්ශන ඉතිහාසය
දර්ශනවාදයේ ගැටලු
නූතන දර්ශන සංකල්ප හා ආගම
විරෝධයන් / මතභේදයන්
සමාජීය ආචරණය
විද්‍යාවට හා ගණිතයට පදනමක්

දර්ශනවාදයේ ක්ෂේත්‍රයන්

භාෂාව හා තර්කශාස්ත්‍රය
ඥානමීමාංසාව
අධිභෞතික වාදය
පරිණාමීය මනෝවිද්‍යාව
විද්‍යාව සහ ගණිතය
ආචාර ධර්‍මය
සෞන්දර්‍ය්‍ය වාදය

දර්ශනවාදය ·

දාර්ශනික සම්ප්‍රදායයන්[සංස්කරණය කරන්න]

ඒ ඒ සංස්කෘතියේ අදහස්, ආකල්ප, භාෂාව ආදියේ ඇති වෙනස්කම් නිසා, දාර්ශනික ගැටලුවේ අර්ථයද ඒ අනුව වෙනස්වී තිබිය හැක. මෙසේ ක්‍රමයෙන් විවිධවූ දාර්ශනික චින්තන ධාරාවන් වර්‍ධනය වී ඇත.

දාර්ශනික සම්ප්‍රදායයන් (පෞරාණික)[සංස්කරණය කරන්න]

  • අටොන් දෙවියා
    ඊජිප්තු හා බැබිලෝනියානු    

Occult දහම

  • පෞරාණික ඈත පෙරදිග (චීන)    

කොන්ෆියුසියස් හා තාඕ ධර්මය.

  • පෞරාණික ඉන්දියානු    

ආත්මය, බ්‍රහ්මන්, ආචාර ධර්ම, යුතුකම්, සංසාරය (ඉපදීම, ජීවිතය, මරණය සහ නැවත නැවත ඉපදීමේ කි‍්‍රයාවලිය), කර්මය (කි‍්‍රයා සහ ඒවායේ විපාක), මෝක්ෂය, නිවන (සසරින් මිදීම) සහ යෝග දර්ශනය (විමුක්තිය සදහා ප‍්‍රගුණ කළයුතු දෑ) ආදී සංකල්ප දැකිය හැක.

  • පෞරාණික ග්‍රීක-රෝම    

"පැරණි ග්‍රීක සමයේදී මිථ්‍යා විශ්වාසයන් ක්‍රමයෙන් ඈත්වී ගොස්, මිනිස් නිදහස් චින්තනය සහ බුද්ධිය ප්‍රධාන ස්ථානය උසුලන්නට පටන් ගත් බව, ග්‍රීක දර්ශනය වෙත ආපසු හැරී බැලීමෙන් පෙනේ."[2](පිටු 2) ග්‍රීසිය පූර්ව ක්‍රිස්තු යුගයේදී සේද මාර්ගය හරහා බෞද්ධ බලපෑමට ලක්විය. එහි විසූ සොක්‍රටීස්,ප්ලේටෝ,ඇරිස්ටෝටල් ආදීන් ප්‍රකට දාර්ශනිකයෝ ය.

  • පෞරාණික පර්සියානු    

සොරොස්ත්‍රියන් (Zoroastrianism) ධර්‍මය. "අහුර මස්දා" නම් වු එකම දෙවියන් ඇදහීම.

දාර්ශනික සම්ප්‍රදායයන් (මධ්‍යකාලීන 5-16 ශතවර්ෂ)[සංස්කරණය කරන්න]

  •     මධ්‍යකාලීන යුරෝපීය
  1. මධ්‍යතන යුරෝපීය දර්ශනයට නිදසුනක් සේ ඹගස්ටයින් (ක්‍රි.ව. 354-430) ගේ දර්ශනය සැලකීමෙදී
    • තේරුම් ගැනීමට නම් විශ්වාස කරන්න.
    • සත්‍යයන් දේව වක්‍යයන් බැවින් මනුෂ්‍ය බුද්ධිය සත්‍ය සෙවිය යතු නොවේ.
    • සත්‍ය අවිශ්වාස කිරීම හෝ ප්‍රශ්න කිරීම දඩුවම්ට ලක්වීමකි. ආදී ලෙස අධානග්‍රාහී (dogmatic) ආගමික දර්ශනයක් බව පෙනේ.[2](පිටු 2,3)

තෝමස් ඇක්වයිනාස් (1225-1274) ඇරිස්ටෝටල්-දර්ශනය නවමගකට හැරවීය. එනම් ක්‍රිස්තියානි දේවධර්‍මයට නව මුහුණුවරක් දීම.

  •     නැගෙනහිර ආසියානු

♙ෂින්ටෝ දහම

  • Buddha 1.jpg
        ඉන්දියානු
  1. ඉන්දියානු සාහිත්‍ය තුළ ඒකදේවවාදය, බහුදේවවාදය, සර්වේශ්වරවාදය, ඒකත්වවාදය සහ අදේවවාදය වැනි සංකල්ප හදුනාගත හැක.
  •     මැදපෙරදිග

දර්ශන ක්ෂේත්‍රයට විවිධාකාරයෙන් දායක වි ඇත. නිදසුනක්

"පෞරාණික යාන්ත්‍ර විද්‍යාවෙහි වැදගත් මූලධර්මයක් වන බලය සහ ත්වරණය අතර ඇති සමානුපාතිකතාව පිළිබඳ මුල්වරට සඳහන් කිරීමේ ගෞරවය හිබට් අල්ලා අබුල් - බරකත් අල් - භග්ඩාඩි, ඉබන් අල්-හේතම් සහ අල්-කසීනි යන අයට හිමිවේ. තවද ගැලීලියෝ ගැලීලි ත්වරණය පිළිබඳව ගණිතමය වශයෙන් සලකා බැලීමත් වේගය පිළිබඳ ඔහුගේ සංකල්පයත් ඔහුට පෙර මධ්‍යතන යුගයේ සිදු වූ චලිතය පිළිබඳව විශ්ලේෂණ මත ගොඩ නැගුණු ප්‍රතිඵල ලෙස සැලකේ. මේ අතරින් ගැලීලියෝට වැඩිම බලපෑමක් එල්ලකළ අය අතරට ඇවිසෙන්නා, ඉබන් භාජා සහ ජීන් බුරිඩන් යන අය අයත් වෙයි‍."[3]

ඇවරොස් (1126-1198) නැමැති අරාබි දර්ශනවාදියා ඇරිස්ටෝටල් ගේ දර්ශනය ගැන විවරනයක් කර තිබේ.

  1. පිළිගත් සත්‍යයන් අවිශ්වාස කිරීම සහ නව මත ප්‍රකාශ කිරීම. උදා:
    • බෲනෝ (ක්‍රි.ව. 1548-1600)
    • කොපර්නිකස් (ක්‍රි.ව. 1473-1543)
    • ගැලීලියෝ ගැලීලි (ක්‍රි.ව. 1564-1642)

දාර්ශනික සම්ප්‍රදායයන් (නූතන 17-20 ශතවර්ෂ)[සංස්කරණය කරන්න]

  • නුතන බටහිර

එක් දාර්ශනිකයෙකු ඉදිරිපත්කල කිසියම් දාර්ශනික පද්ධතියක් හෝ අදහස් සමුදායක් තවත් දාර්ශනිකයෙකු එසේම පිළිගන්නා බවක් දක්නට නැත. බුද්ධිවදීන් හා අනුභූතිවාදීන් වශයෙන් බෙදීමක් දැකිය හැක. වැඩිදුර තොරතුරු සදහා 17 වැනි සියවසේ දර්ශනය බලන්න.

  • 19 වැනි සියවස

ඩෙස්කා‍ටෙස් (1596-1650) පැවසූ දේ ස්පිනෝසා (1632-1677) එලෙසම පිළිනොගනී. ස්පිනෝසා ගේ සර්වේශ්වරවාදය (Pantheism) ලයිබිනීස් (1646-1716) පිළිනොගනී. ජෝන්ලොක් (1632-1714) ඉහත එකක්වත් පිළිනොගත්තේය. ඩේවිඩ් හ්‍යුම් (1711-1776) නවතම අනුභූතිවාදයක් ගොඩනැගුවේය. එය කාන්ට් (1724-1804) නොපිළිගත් අතර පිච්චේ (1762-1814) එය සංශයට ලක්කරයි. හේගල් (1770-1831) එය නොපිළිගත්තා සේම සමකාලීන බොහෝ දාර්ශනිකයන් වන හෙන්රි බර්ගසන් (1859-1941), ජොන් ඩීවී (1859-), බ්‍රර්ට්‍රන් රසල් (1872-1969), ලුඩ්විග් විට්ගන්ස්ටයින් (1889-1951), ඇල්ප්‍රඩ් ජේ ඒයර්, බ්‍රොඩ්, එවිං, මුඅර්, රයිල්, ඇල්බට් කැමූ, ජීන් පොල් සාත්‍රේ, හෛඩෙගර්, ප්‍රෑරෑක් කෆ්කා යනාදීහු හේගල් ගේ පරම විඤ්ඤාණ මත පිළිනොගනී.

  • 20 වැනි සියවස
  1. සමකාලීන දර්ශනය (Contemporary philosophy)
    • තාර්කික යතානුභූතවාදීන් - ඥානය
    • මාර්ක්ස්වාදීන් - සාමාජික හා ජීවන ප්‍රශ්න
    • සාංදෘෂ්ඨිකවාදීන් - මිනිසා සහ මිනිස් ජීවිතය

ආදී ක්ෂේත්‍රයන් වෙත අවධානය යොමුකර ඇත.

යථාර්ථය හෙවත් පරම සත්‍යය යනු කුමක්ද?[සංස්කරණය කරන්න]

Reality.PNG

දර්ශනයේ ඉතිහාසය තුළින් එය විමසීමේදී මූලික දාර්ශනික ගැටලුව වන පැවැත්ම හෙවත් මිනිසා සහ ලෝකය පිළිබඳ යථාර්ථය (reality) ප්‍රමුඛ වේ.එය සත්වයා සහ විශ්වය ලෙස පළල්වද, මනස හා ද්‍රව්‍ය ලෙස සියුම්වද සලකා බැලේ. ඉහත ගැටලුවට පිවිසීම් කීපයකි.

මෙය ද්‍රව්‍යවාදය යනුවෙන්ද හැඳින්වේ. මින් කියැවෙන්නේ ලෝකය පදාර්ථයෙන් (අංශූන් හෝ ශක්තියෙන්) නිර්මිත බවයි. තවද මනසද එයින්ම නිර්මාණයවන බවයි. බලන්න බුද්ධිවාදීන්

මෙයින් ලෝකය මනසේ (විඤ්ඤාණයේ) නිර්මාණයක් බව කියැවේ. ලෝකය (හා සත්වයා) මායාවක් බව හෝ සත්‍යමයවූ පැවැත්මක් නැති බවයි. බලන්න අනුභූතිවාදීන්

  • වෙනත් පිවිසීම්:
  • ඊශ්වර නිර්මාණ වාදය. - සියල්ල සර්වබලධාරී දෙවියන් ගේ කැමැත්තට අනුව සිදුවන මැවීමක් බව. නියතිවාදය. 

මෙහිදී මූල හේතුවක් ඇතැයිද, ආරම්භයක් ඇතැයිද පිළිගනී. බොහෝ ආගම් දෙවියන් ලෙස එය හදුන්වයි. එවිට දෙවියන් යනු කුමක්ද? යන දාර්ශනික ගැටලුව පැනනගී. මෙම චින්තන ආකාරය රේඛීය චින්තනය ලෙසද හැදින්වේ.මහා පිපුරුම් වාදයේ පදනමයි.

මෙහිදී ආරම්හයක් හෝ අවසානයක් ගැන හෝ පැවැත්මක් හෝ නොපැවත්මක් ගැන නොව, හටගනිමින් හා විනාශවෙමින් හෙවත් වෙනස් වෙමින් සිදුවන්නාවූ ක්‍රියාවලියක් අදහස් කෙරේ. මෙම චින්තන ආකාරය චක්‍රීය චින්තනය ලෙසද හැදින්වේ. ස්ථාවර තත්ව වාද‍යේ පදනම මෙයයි.

"ධර්මය තුල පවතින මැදුම් පිළිවෙත කිසි දිනෙක හෝ නොදැක සියළු සත්වයන් මේ අන්ත දෙක (ශාස්වත/උච්ඡේද -ඇත/නැත) තුළ සිරවී සිටින බව බුදුරජානන් වහන්සේ විසින් දැක ගන්නා ලදී. මෙම මහා හේතුඵල වාදය සියලු දාර්ශනික න්‍යායන් අභිගමණය කරන්නාවූ ගැඹුරු සංකීර්ණ පෞරාණික විග්‍රහයකි. ඇතිවන ප්‍රතිවිපාකයන් ඉස්මතුකර දැක්වීම සහ සත්වයාගේ අතරමංවූ චෛතසිකයට යායුතු සෛද්ධාන්තික මාර්ගය පහසු කොට ඒ සඳහා උචිත මග පෙන්වීම උන්වහන්සේ විසින් මෙම ධර්මතාවය ලොවට පෙන්වා දෙන ලදී".[4]

  • ආගමික පිවිසීම්

"පැවැත්ම තරම් මූලධර්මවූ ප්‍රශ්නයක් මිනිසුන්ට තවත් නැත. ඊට ඒබ්‍රාහමණික ආගම්හි ලැබෙන පිළිතුර මැව්ම්කාර දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරනලදුව පවතී යන්නය. ඒ නිසා ඒබ්‍රාහමණිකයෝ පවතින දෑ තමන්ගෙන් නිරපේක්‍ෂව (ස්වාධීනව) පවතින ලෙස දකිති. ද්‍රව්‍යවාදීන්ට හා සමහර නිරාගමිකයින්ට අනුව පැවැත්ම හුදෙක් ද්‍රව්‍යයන්ට ඌනනය කළහැකිය. ඒ නිසා ඔවුන්ට ඇත්තේ ද්‍රව්‍යයන්ට සාපේක්‍ෂ පැවැත්මකි. විඤ්ඤාණ වාදීන්ට අනුව මනසට නිරපේක්‍ෂ පැවැත්මක් ඇත. ඔවුන්ගේ ලෝකය මනසේ නිර්මාණයකි. හිංදු ආගමට අනුව පවතින්නේ බ්‍රහ්මන් පමණය. හිංදුවරුන් උත්සාහ කරන්නේ තමන් නිරපේක්‍ෂව පවතී යැයි සිතන මුළාවෙන් මිදී බ්‍රහ්මන් සමඟ එක් වීමටය නැත්නම් බ්‍රහ්මන් බවට පත්වීමටය. පැවැත්ම පිළිබඳව ප්‍රශ්නයට බුදුන් වහන්සේ දුන් පිළිතුර අනිත්‍යය දුකය අනාත්මය යන්නය. බෞද්ධයින් උත්සාහ කරන්නේ පැවැත්ම මායාවක් ලෙස අවබෝධ කරගෙන ඒ මායාවෙන් මිදෙන්නටය. "[5]

දර්ශනවාදයේ ක්ෂේත්‍ර[සංස්කරණය කරන්න]

භාෂාව හා තර්කශාස්ත්‍රය[සංස්කරණය කරන්න]

නිවැරදි චින්තනයක් අරබයා ක්‍රමවත් සිතුවිලි පද්ධතියක අවශ්‍යතාව මෙයින් අවධාරණය කෙරේ. දාර්ශණික චින්තනයේ පදනම මෙයයි. සෑම දර්ශන පද්ධතියකම ඊට පදනම්වූ තර්ක විධි හඳුනාගත හැක. පෙරදිග ප්‍රචලිත තර්‍ක පද්ධති අතර න්‍යාය, සංඛ්‍ය, වෛශික, මිමංසා, උත්තර මිමංසා (වේදාන්ත) ආදියද, අපරදිග ඇරිස්ටෝටලීය තර්ක ශාස්ත්‍රයද උදාහරන වෙත්.

වදනක අර්ථය, තාර්කික විභජ්ජවාදය , කිඹුල් උභතෝකෝටිකය ආදි ගැටලු විමසුමට ලක් කෙරේ.

ඥානමීමාංසාව[සංස්කරණය කරන්න]

ඥානවිහාගය - යථාර්ථය හෙවත් පරම සත්‍යය කුමක්ද?, සාමාන්‍යයන් පිළිබද ගැටලුව, විඤ්ඥාණය යනු කුමක්ද? ආධ්‍යාත්මිකත්වය (මම) යනු කුමක්ද? ආදී ගැටළු විමසුමට ලක් කෙරේ.

අධිභෞතික වාදය[සංස්කරණය කරන්න]

අධ්‍යාත්ම විද්‍යාව - භාවනා හා යෝගී අභ්‍යාස මගින් පුද්ගල ආත්මය උසස් තත්වයනට පත්කරගැනීම. චිත්ත ශක්තිය දියුනුකිරීම.

මනෝ විද්‍යාව - සිතුවිලි හා හැගීම් -චිත්ත හා චෛතසික ක්‍රියාකාරිත්වය, ඉගෙනීම, ආකල්ප හා හුරු පුරුදු හා පීඩන ඇතිවන අන්දම හැදෑරීම හා මනෝවිශ්ලේෂණය

කෙප්ලර් ගේ සූර්ය්‍ය සිද්ධාන්තය

විද්‍යාව සහ ගණිතය[සංස්කරණය කරන්න]

මුල් අවධියේදී ස්වහාවික දර්ශනය වශයෙන් හදාරා ක්‍රමයෙන් ජීව විද්‍යාව, සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාව, තාරකා ශාස්ත්‍රය ආදී වශයෙන් වැඩි දියුණු විය. ශුද්ධ වූ ගණිතය , යථාභූතය අවබෝධකිරීමේ උතුම් මාවතක් වශයෙන් ද සළකනු ලැබූ අතර ජෝනස් කෙප්ලර් වැනි විද්වතුන් ග්‍රහ හැසිරීම් විස්තරකිරීමටද ශුද්ධ ජ්‍යාමිතිය (sacred geometry) යොදා ගත්තේය. ගණිතය, වීජගණිතය (Al gebra) කළනය, අවකළනය ආදී වශයෙන් සංවර්‍ධනය විය.

මේ යටතේ වර්තමානයේදී අවකාශ කාලය, ක්වොන්ටම් යථාර්ථය,මහා පිපුරුම්වාදය, ක්ෂේත්‍ර, සාපේක්ෂතාව, පරිණාමනය, සම්හාවිතාව, පරිගණක, ඉහළ මානයන් වැනි සංකල්ප සාකච්ඡාවට බදුන්වේ.

ආචාර ධර්‍මය[සංස්කරණය කරන්න]

යුතුකම, නීතිය, දේශපාලන විද්‍යාව, සාරධර්ම, සාධාරණත්වයේ ආප්ත,, .. ආදී සංකල්ප මේ යටතේ වර්‍ග කළහැක.

සෞන්දර්‍ය්‍ය වාදය[සංස්කරණය කරන්න]

චිත්‍ර කලාව ආදිය.

  

වැඩිදුර කියවීම්[සංස්කරණය කරන්න]

නූතන බටහිර දර්ශනය -  මහාචාර්ය්‍ය ඒ.ඩී.පී. කලන්සූරිය

විශ්ව මනස හා දේවත්වය - ගුණසිරි වීරසූරිය - ආරිය ප්‍රකාශකයෝ

The Internet Encyclopedia of Philosophy (IEP) (ISSN 2161-0002)

ආශ්‍රිත[සංස්කරණය කරන්න]

බාහිර සබැඳි[සංස්කරණය කරන්න]

මූලාශ්‍ර[සංස්කරණය කරන්න]

  1. දාර්ශනික ප්‍රශ්න - ආචාර්ය්‍ය ගුණපාල ධර්මසිරි, අධ්‍යපන දෙ. 2007, පිටු9,10
  2. 2.0 2.1 ඒ.ඩී.පී. කලන්සූරිය,නූතන බටහිර දර්ශනය,අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 2007
  3. ?? සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාව
  4. අචාන් චා හිමි, සදහම් මාවත ඇරඹෙනුයේ විස්වාසය ඇතිවීමෙනි,පහන් ප්‍රකාශන-2012 පසු කවරය.
  5. http://janakawansapura.blogspot.com/p/blog-page_28.html සිංහල බෞද්ධයාගේ පැවැත්ම
"https://si.wikipedia.org/w/index.php?title=දර්ශනය&oldid=391836" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි