Jump to content

ප්ලේටෝ

විකිපීඩියා වෙතින්
ප්ලේටෝ(Πλάτων)
උපතc. 428–427 ක්‍රි. පූ.[1]
මියගිය දිනයc. 348–347 ක්‍රි. පූ. (වයස දළවශයෙන් 80)
ඇතන්ස්
යුගයපුරාතන දර්ශනය
ප්‍රදේශයබටහිර දර්ශනය
ගුරුකුලයප්ලතෝනිකවාදය
ප්‍රධාන ලැදිකම්
වාගලංකාරය, කලාව, සාහිත්‍යය, ඥානවිභාගය, සාධාරණත්වය, සදාචාරය, දේශපාලනය, අධ්‍යාපනය, පවුල, රණකාමිත්වය
සංගණ්‍ය අදහස්
ප්ලතෝනික යථාර්ථවාදය

ප්ලේටෝ (සිංහල ඉසිරැවීම: පුලාතු) ක්‍රි. පූ. 427 - ක්‍රි. පූ. 347 අතර ජීවත් වූ ග්‍රීක දාර්ශනිකයෙකි. ඔහුගේ ගුරුවරයා වුයේ සොක්‍රටීස්ය. ඇරිස්ටෝටල් ඔහුගේ ශිෂ්‍යයෙක් විය. හෙතෙම බටහිර ලෝකයේ වැඩිදුර අධ්‍යාපනයට පිහිට වූ ප්‍රථම ආයතනයේ එනම් "ද ඇකඩමි" හි පුරෝගාමියා විය. එහි දී ප්ලේටෝ තමන් අතින් ලියැවුන සිය ගුරුවරයා වූ සොක්‍රටීස්ගේ සංවාද ඉගැන්වීය. ප්ලේටෝගේ දර්ශනයේ කොටස් කිහිපයකි. ඔහු මනෝරාජ්‍යයක් ගැන කීවේය. එසේම සංකල්පවාදය ඉදිරිපත් කළේය. අමරණීයත්වයට පක්ෂපාතී තර්කයන් ගෙන ආවේය. හේ විශ්ව සම්භව ශාස්ත්‍රය ගැන කතාබහ කළේය. ඔහුගේ විකල්පනය වූයේ ඥානය නම් ප්‍රත්‍යක්ෂ්‍ය නොව අනුස්මෘතිය යැයි කියාය.

ළමා කාලය

[සංස්කරණය]

ප්ලේටෝගේ උප්පත්තිය පෙලපසීනියානු යුද්ධයේ මුල් අවදියේ සිද්ධ වූවකි. හරියට ම ඔහු ඉපදුන කාලය හා ස්ථානය ගැන තොරතුරු දැනගන්නට නැත. ඇතැන්ස් හෝ ඒජිනා හි ක්‍රි. පූ. 429 සහ 423 අතර උපත ලද යැයි ඵෛතිහාසික සටහන් අධ්‍යයන කරන නූතන විද්‍යාර්ථීන් විශ්වාස කරති. ප්ලේටෝගේ පියා ඇරිස්ටන් විය. පියා පැවත ආවේ කොඩ්රස් නම් ඇතැන්ස් රජ පරම්පරාවෙන් යැයි විවාදයට තුඩු දුන් මතයක් ඇත. ප්ලේටෝගේ මව පෙරික්ටියොනෙ විය. ඇය කිවිඳෙක් හා නීතිවේදියෙකු ලෙසින් නම දැරෑ සොලොන්ගේ ඥාති පවුලක් බව කියැවේ. පෙරික්ටියොනෙගේ සහෝදරයා වූයේ චාරමිඩීස් ය. ඇය ක්‍රිටියාස්ගේ ඥාතිදුවක් වූවාය. චාර්මිඩිස් සහ ක්‍රිටියාස් යන දෙදෙනාම ප්‍රජා පීඩකයන් තිස්දෙනා අතර කැපී පෙනුනු චරිත දෙකකි. ප්ලේටෝ හැරෙන්නට ඇරිස්ටන් හා පෙරික්ටියොනෙ යුවලට තවත් දරුවන් තිදෙනෙක් වූහ. පුතුන් දෙදෙනා ඇඩෙයිමැන්ටෙස් සහ ග්ලවුකොන් වෙති. දියණිය පොටොන් නම් වූවාය. පොටොන්ගේ පුතා වූ ස්පිව්සිප්පස් ප්ලේටෝට පසුව ඔහුගේ ඇකඩමියේ මූලිකයා වූයේය.

ප්ලේටෝගේ පියා ඇරිස්ටන් ප්ලේටෝ කුඩා අවදියේ මිය යන ලදැයි සැලකේ. පෙරික්ටියොනෙ එවිට විවාහ වී ඇත්තේ පිරලිම්පීස් නම් ඇයගේ මවගේ සහෝදරයා සමඟ ය. පිරලිම්පීස් පර්සියන් රාජ්‍යයට යවන ලද තනාපතිවරයෙක් ලෙසින් කිහිප වතාවක් සේවය කරන ලද්දෙක් වූ අතර ඔහු එවක දාර්ශනිකයෙක් වූ පෙරික්ලීස්ගේ මිත්‍රයෙක් ද විය. පෙරික්ලීස් ඇතැන්ස් හි ප්‍රජාතන්ත්‍රවාදී කල්ලියේ නායකයා විය. පිරලිම්පීස්ට ප්‍රථම විවාහයකින් අතිශය රූමත් යැයි සැලකුණු පුතෙක් සිටියේය. ඔහුගේ නම ඩේමුස් විය. පිරලිම්පීස් සහ පෙරික්ටියොනෙගේ විවාහයෙන් පසු උපදින පිරලිම්පීස්ගේ දෙවැනි පුතා ඇන්ටිෆොන් වෙයි.

තුරුණු විය

[සංස්කරණය]

තරුණ කාලයේ ප්ලෝටෝ ඉගෙන ගන්නට දක්ෂ හා කඩිසර වූ බව සඳහන් ය. ව්‍යාකරණ, සංගීතය හා ජිම්නාස්ටික් වැනි දෑ ඉගෙන ගන්නට ඇත්තේ එවක ගෞරවයට පාත්‍ර වූ ගුරුවරුන් වෙතින් යැයි සැලකේ. පූර්ව සොක්‍රටීස් දාර්ශනිකයෙකු ලෙසින් නම් දැරෑ හෙරක්ලයිටස්ගේ සිසුවෙක් වූ ක්‍රැටිලස් වෙතින් හෙරක්ලයිටස්ගේ දර්ශනය ප්ලේටෝ විසින් හැදෑරූ බව කියැවේ.

ඇතැන්ස් නගරය පරාජයට පත්වෙද්දී ප්ලේටෝ තුරුණු වියේ සිටියෙකි. ඔහු දුටුවේ පරාජයට හේතුව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ක්‍රමය කියායි. ඔහුගේ රදළ පසුබිමින් වූ ඉහළ සමාජ තත්වය ද පවුල් සබඳතා ද ප්‍රජාතන්ත්‍රවාදය හෙළා දකින්නට හේතු වූවා යැයි සැලකේ. එසේම ඔහු ඉතා අගය කළ ගුරුවරයා වූ සොක්‍රටීස් ද මරණයට පත් කළේ ප්‍රජාතන්ත්‍රවාදී රජයක් විසින් බැවින් ඔහු තුල ඒ ගැන ද අප්‍රසාදයක් තිබියා යැයි කිව හැකිය.

සොක්‍රටීස්ගේ දර්ශනය සටහන්ගත වී ඇත්තේ ප්ලේටෝ අතින් නිසා ඒ සොක්‍රටීස්ගේ අදහස් වෙන්කර ගැනීම දුෂ්කර වූ කාර්යයකි.

ප්ලේටෝගේ මනෝරාජ්‍යය

[සංස්කරණය]

ප්ලේටෝ අතින් ලියැවෙන සංවාද කෘති අතරින් වැදගත් වූවක් සේ සැලකෙන ජනරජය කොටස් තුනකින් සමන්විතය. එහි පළමුවැන්නේ පරමාදර්ශ පොදු රාජ්‍යයක් ගොඩ නැංවීම ගැන සංවාද වෙයි. ඉන්පසුව ලෝකයේ බිහිවෙන දාර්ශනික මනෝරාජ්‍යය සංකල්පයන් හි පටන් ගැන්ම මෙය සේ සැලකේ. ප්ලේටෝ එළඹෙන එක් නිගමනයක් නම් පාලකයා දාර්ශනිකයෙකු විය යුතුය යන්නයි. එහි කාණ්ඩ දෙකක් "දාර්ශනිකයා" විග්‍රහ කරනු පිණිස ඔහු උපකාරී කර ගනියි. ඊ ළඟට ජනරජයෙහි අවධානය යොමු වෙන්නේ විවිධ ආණ්ඩු ක්‍රම හා ඒවායේ හොඳ නරක පිළිබඳ සාකච්ඡා වලිනි.

යුක්තිය

[සංස්කරණය]

'යුක්තිය' යන වචනය අර්ථය විමසන ප්ලේටෝ යුක්ති සහගත මිනිසා යන්න විමර්ශනයට වඩා යුක්ති සහගත රාජ්‍යය විමසිල්ල වඩා සුදුසු යැයි සිතයි. ප්ලේටෝ සිය ජනරජය ආරම්භයේ දී ම එහි වැසියන් පංති තුනකට බෙදයි. පොදු ජනයා, යුද හේවායන් සහ ආරක්ෂකයන් යනු ඒ කොටස් තුන වෙති. ප්ලේටෝ දේශපාලන බලය දෙන්නේ අවසන් කොටසට පමණි. එසේම ඔහුට අනුව ඒ අවසන් කොටස සෙසු පංති දෙකට වඩා අඩුවෙන් සිටිය යුතු යැයි ද කියයි. ආරක්ෂකයන් සඳහා ඔහු යෝජනා කරන්නේ කුඩා ගෙවල් හා චාම් ආහාර, කණ්ඩායමක් ලෙසින් ජීවත්වීමයි. පෞද්ගලික දේපල හා රන් රිදී අහිමිය යනාදිය ඔවුන්ට ප්ලේටෝ නිර්දේශ කරයි. ඔවුන්ගේ කැමැත්ත තම පංතියේ සැපත නොව මුළු රාජ්‍යයේ ම යහපත බැවින් ඔවුනට ධනවත් නොවූව ද ප්‍රීතිමත් නොවීමට හේතුවක් නැතැයි ප්ලේටෝ කියයි. යුද භටයන්ට ස්පාර්ටාවේ වැනි හැදියාවක් ඔහු යෝජනා කරයි. ළාබාල දරුවන් යුද වල දී සටන් නොකළත් ඔවුන් සටන් නැරඹිය යුතු යැයි හේ කියයි. ආරක්ෂකයන් විසින් යුද හේවායන් පුහුණු කළ යුත්තේ පොදු සමාජයේ අනිසි ලෙස හැසිරෙන අයව පාලනයටයි. ඒ නිසා යුද හේවායන් ද යම් දුරකට මුදල් භාවිතයෙන් ඈත් වී, දේපල අයිතියෙන් ද අහක් වී කඳවුරක වාසයෙන් කණ්ඩායම් සැදී ආහාර ගනිමින් ජීවත් විය යුතුය. සෑම දරුවෙකුට ම අධ්‍යාපනය අනිවාර්ය කරන ප්ලේටෝ එක හා සමාන වූ අධ්‍යාපනයක් ගැහැණු පිරිමි දෙගොල්ලන්ට ම නිර්දේශ කරයි. සංගීතය, ශාරීරික අභ්‍යාසයන් හා යුද ශිල්පය ද සුදුසු යැයි කියයි. සෑම අතකින් ම ස්ත්‍රීන් හා පුරුෂයන් සම්පූර්න සමාන තත්වයක් ලැබීම හේ අනුමත කරයි. එසේම ජනරජයේ නීති සම්පාදකයා වැසියන් අතරින් ආරක්ෂකයන් හා යුද හේවායන් තෝරා ගැනීමෙන් පසුව ඔවුන් පොදු නිවාස, පොදු භෝජන හි නිරත වෙද්දී සංවාසය පිණිස ද කිසිවෙකුට තනි අයිතියක් නොලැබේ යැයි හේ කීය. සංවාසය සඳහා ඉඩ ලැබෙන්නේ පාලකයන් විසින් තීරණය කරන අන්දමට ය. අංගල විකල දරුවන්ව රහසිගතව කිසිවෙකු නොදන්නා තැනක දමන්නට ද හේ යෝජනා කළේය. මව්වරු වයස විස්ස හා හතළිහ අතරත් පියවරු වයස විසිපහ හා පනස් පහත් අතර විය යුතු බව කියූ ප්ලේටෝ ඒ වයස් වලින් බැහැරව සංවාසය තහනම් නැති නමුත් එයින් උපදින දරුවන්ට ගබ්සාව හා බාල ඝාතනය පවා නිර්දේශ කළේය. දාර්ශනික රජු හොඳ හා නරක අතර වෙනස දන්නා හෙයින් ඔහු යහපත් පාලකයෙක් වේ යැයි ප්ලේටෝ කීය.

පරම රාජ්‍යයක පොදු වැසියන්ට සරල සංගීත වාදනයට ඉඩ දුන්න ද, දේශප්‍රේමි ගීත ගයන්නට ඉඩ දුන්න ද, කලාකරුවන් වැඩි කොටස රටින් පිටුවහල් කළ යුතු යැයි හේ නිර්දේශ කළේය. ඒ හේතු හතරක් නිසාය. පළමුවැන්න, කලාව යනු අනුකරණයක අනුකරණයකි. දෙවැන්න, කලාකරුවා කිසිත් නොදැන තමන් දන්නා බව හඟවන්නෙකි. තුන්වැන්න, පවිත්‍ර වූ තථ්‍යාතවය නොදකින්නට සංවේදයන් හසුරුවන කලා කෘති මිනිසාව රැවටීමකි. හතරවැන්න, කලා නිර්මාණ යනු එක්කෝ අනුරාගී වූවකි නැත්නම් ප්‍රචණ්ඩත්වයෙන් යුතු වූවකි. ඒ නිසා එයින් අරාජකත්වයට පාර හැදේ. ප්ලේටෝට අනුව හෝමර් පවා වාරණයට ලක්විය යුතුයි.

=ප්ලේටෝ ගේ මනෝ රාජ්‍යය

ඌවතැන්නේ සුමන හිමි

ස්‌පාර්ටන් වරුන් දිගු කලක්‌ම තමන් ගේ මූලික පරමාර්තය අතින් එනම්, අනගිභවනීය යුද වීරයන් ගේ ජාතියක්‌ ගොඩ නැංවීම අතින්, ජය ගෙන සිටි බව පිළිගත යුතුය. තර්මොපිලේහි සටන (ක්‍රි(පූර්ව 480) යුද කටයුතු වශයෙන් පරාජයක්‌ වුවද, ඔවුන්ගේ අභීත වීරවය පිළිබ`ද හො`දම සාක්‍ෂියකි.

එම යුද්ධයෙන් පසු ස්‌පාර්ටන්වරු තර්මෝපිලේ යුද්ධ භූමියෙහි, "ආගන්තුකය, ලැයිඩේමෝර්නියන්වරුන් ගේ අණට කීකරුව අප මෙහි වැටී සිටින බව ඔවුනට කියව". යන්න පමණක්‌ කොටා සිහිවටනයක්‌ ඉදි කළහ.

දිගු කලක්‌ මු`ඵල්ලේ ස්‌පාර්ටන් වරුන් තමන් ගොඩ බිම අනගිභවනීය බව ඔප්පු කර දැක්‌ වූහ. ඔවුහු තමන් ගේ මේ ශ්‍රේෂ්ඨFවය ක්‍රි(පූර්ව 371 දී තීබන්වරුන් අතින් "ල්‍යක්‌ටා සටනේ" දී පරාජය වනතුරු රැක ගත්හ. ඔවුන්ගේ රණ ශ්‍රේෂ්ඨFවයේ අවසානය මෙය විය.

ප්ලේටෝ ගේ මනෝ රාජ්‍යය (UTOPIA)

[සංස්කරණය]

ප්ලේටෝ ගේ කෘති අතරින් ඉතාමත් වැදගත් සංවාද කෘතිය වූ (REPUBLIC) සමූහාණ්‌ඩුව කෘතිය පෘථුල වශයෙන් කොටස්‌ තුනකින් සමන්විත ය. එහි පළමු වැන්න පරමාදර්ශ පොදු රාජ්‍යයක්‌ ගොඩ නැංවීම ගැන වූයේ ය. මනෝරාජ්‍යයන් (UTOPIAS) අතර පැරණිතම වූයේ එය යි.

එළැඹ ඇති එක්‌ නිගමනයක්‌ නම් පාලකයන් දාර්ශනිකයන් විය යුතුය යන්නය. රිපබ්ලික්‌ හෙවත් සමූහාණ්‌ඩුව ග්‍රන්ථයෙන් මතු පිටින් පෙනී යන පරිදි අදහස්‌ කරනුයේ "යුක්‌තිය". යන්නෙහි අර්ථදීපනය කිරීම ය. එහෙත් මුල් අවස්‌ථාවක දී සියල්ලක්‌ම ක්‍ෂුද්‍ර තත්ත්වයෙන් දැකීමට වඩා විශාල තත්ත්වයෙන් දැකීම පහසු නිසා යුක්‌ති සහගත පුද්ගලයෙකු කුමකින් සෑහේ ද යන්නට වඩා යුක්‌ති සහගත රාජ්‍යයක්‌ සෑදෙන්නේ කුමකින් ද යන්න විමසීම වඩා වැදගත්ය. ප්‍රශස්‌ථතම පරිකල්පනික රාජ්‍යයෙහි ඇතුළත් විය යුතු බැවින්, ප්‍රථම කොට එබදු රාජ්‍යයක විස්‌තර ලක්‍ෂණ දක්‌වා එහි කවර පාරප්‍රාප්තියකට "යුක්‌තිය" යයි කිව යුත්තේ දැයි තීරණය කරනු ලැබේ.

ප්‍රථම කොට ප්ලේටෝ ගේ මනෝරාජ්‍යය එහි දළ සටහන අනුව දක්‌වා, ඒ අතර පැන නගින කරුණු සැලකිල්ලට භාජනය කිරීම වැදගත්ය.

රාජ්‍යයේ රටවැසියන් පන්ති තුනකට බෙදිය යුතුය යි නිශ්චය කරමින් ප්ලේටෝ ආරම්භ කරයි. පොදු ජනයා, යුද සොල්දාදුවන් හා දාර්ශනික පාලකයන් යනුවෙන් එසේ බෙදා දැක්‌වේ. දේශපාලන බලය තිබිය යුත්තේ අවසාන පන්තියට පමණි. ඔවුන් සිටිය යුත්තේ සෙසු පන්ති දෙකට වඩා බෙහෙවින් අඩු සංඛ්‍යාවකි. ප්‍රථම අවස්‌ථාවේ දී ඔවුන් නීති සම්පාදකයා විසින් තේරිය යුතු සේ පෙනේ ඉන් පසු සාමාන්‍යයෙන් ඔවුහු උරුමයෙන් පත් වෙති. එහෙත් අති විශේෂ අවස්‌ථාවල දී, අනාගත ශ්‍රේෂ්ඨFවය පෙන්වන ළමයෙකු පහත් පන්තියකින් ඉහළ නැංවීම ද සිදු වන අතර, ආරක්‍ෂකයන් ගේ දරුවන් අතුරින් අසතුටුදායක ළමයෙකු හෝ තරුණයකු පහත දමනු ලැබීම ද ඉඩ තිබේ.

ප්ලේටෝ තේරුම් ගන්නා අයුරු මූලික ගැටලුව නම්, ආරක්‍ෂකයන් නීති සම්පාදකයා ගේ අභිප්‍රායන් පරිදි ක්‍රියා කරත් ද යන්න නිශ්චය කිරීම ය. මේ ස`දහා ඔහු වෙත අධ්‍යාපනික, ආර්ථික, ජීව විද්‍යාත්මක හා ආගමානුකූල විවිධ යෝජනාවන් ඇත. ආරක්‍ෂක පක්‍ෂයට හැර අනෙක්‌ පංති වලය කෙතරම් දුරට මෙම යෝජනා, ගැලපේ දැයි හැම විට ම පැහැදිලි නැත. ඇතැම් ඒවා සේවා භටයන්ට යෙදෙන බව පැහැදිලිය.

එහෙත් මූලික වශයෙන් ප්ලේටෝ අවධානය යොමු කෙළේ ආරක්‍ෂකයන් ගැන ය. ඔවුහු පුරාණ පැරගුවේ හි ඡේසුයිට්‌වරුන් ද, 1870 දක්‌වා ඇමෙරිකා එක්‌සත් ජනපදයෙහි ක්‍රිස්‌තියානි සභාවේ ආගමික පූජක පක්‍ෂය ද, පසුකාලීනව සමාජවාදී සෝවියට්‌ සමූහාණ්‌ඩු සංගම (USSR) රාජ්‍යයෙහි කොමියුනිස්‌ට්‌ පක්‍ෂය ද මෙන් වෙන් වූ පන්තියක්‌ ද විය.

මුලින් ම සලකා බැලිය යුත්තේ අධ්‍යාපනයයි. මෙය කොටස්‌ දෙකකට බෙදා දැක්‌වේ. සංගීතය හා ශාරීරික අභ්‍යාසය යනුවෙනි. මේ දෙකින් එක එක ක මෙකලට වඩා පු`ඵල් අර්ථයක්‌ ඇත. "සංගීතය" යනු කලා දේවින් (MUSES) ගේ ක්‍ෂේත්‍රයට ඇතුළත් සියල්ලමය. ශාරීරික අභ්‍යාස යනු, ශාරීරික ප්‍රාගුණ්‍ය හා නිරෝගිතාව සම්බන්ධ වූ සියල්ලය. සංගීතය. යන්න අප සංස්‌කෘතිය යෑයි කියන දේ තරම් ම පළල්ය. ශාරීරික අභ්‍යාසය අප ක්‍රීඩාවන්ගෙන් ගණන් ගන්නා දේට වඩා පු`ඵල් ය.

ප්ලේටෝ නාට්‍යය පිළිබ`ද පුදුමාකාර තර්කයක්‌ ගොනු කරයි. යහපත් මිනිසා අයහපත් මිනිසා අනුකරණයට අකමැති විය යුතු යෑයි හෙතෙම කියා සිටී. බොහෝ නාට්‍යයන් හි දුෂ්ට චරිත ඇත. එබැවින් නාට්‍ය කර්තෘ ද දුෂ්ටයා ගේ චරිතය ර`ගපාන න`ඵවා ද, විවිධ අපරාධ ගැන වරද කරුවන් වූ පුද්ගලයන් ද අනුකරණය කළ යුතුය. අපරාධ කාරයන් පමණක්‌ නොව, ස්‌ත්‍රීන් ද, වහලුන් ද, සාමාන්‍යයෙන් පහත් අය ද උසස්‌ මිනිසුන් විසින් අනුකරණය නො කළ යුතුය. එබැවින් නාට්‍යවලට ඉඩ දීමට නම්, උසස්‌ උපතක්‌ ඇති නික්‌ලේශී, වීරයන් පමණක්‌ ඒවායේ ඇතුළත් විය යුතුය.

ඊළ`ගට සංගීතය පාලනය කිරීමේ දී, ලීඩියානු සංද්වනීය (harmony) ශෝකය ප්‍රකාශ කෙරෙන බැවිනුත්, අයෝනියානු සංද්වනිය ලිහිල් බැවිනුත්, තහනම් කරයි. ඩෝරියානු සංද්වනියට (ධෛර්යය නිසාත්) හා µ්‍රSජියානු සංද්වනියට (මිතාචාරය නිසාත්) පමණක්‌ ඉඩ දෙනු ලැබේ. රිද්ම වලට අවසර ලැබෙනුයේ ඉතා සරල නම් හා ධෛර්යය සම්පන්න එකමුතු වූත් ජීවිතයක්‌ ප්‍රකාශිත වේ නම් පමණි.

ශරීරය පුරුදු පුහුණු කරනුයේ ඉතා උග්‍ර ආකාරයෙනි. තමාගේ හැසිරවීම හැදෙන වැඩෙන පුද්ගලයන්ට වෛද්‍යවරුන් අවශ්‍ය නොවෙතැයි ඔහු කියා සිටී. එක්‌තරා වයසකට ළ`ගා වනතුරු බලා දරුවන් අන්තරායකර දේ හෝ පාපාක්‍රයා නො දැකිය යුතු යන්නත් ඔහුගේ තවත් සුවිශේෂ මතයකි. තරුණ වියට එළැඹීමට පෙර බාලයන් යුද්ධ වල දී සටන් නොකළ යුතු වුවත්, ඔවුන් යුද්ධ නැරඹිය යුතුය.

අර්ථ ශාස්‌ත්‍රය සම්බන්ධයෙන් ප්ලේටෝ ගේ මතය මෙසේ දැක්‌වීමට රසල් සාමිවරයා මෙසේ පෙළඹෙයි. ආරක්‍ෂක පන්තිය ස`දහා අංග සම්පූර්ණ කොමියුනිස්‌ට්‌ වාදයක්‌ ප්ලේටෝ යෝජනා කරයි. එතරම් පැහැදිලි නැතත්, සොල්දාදුවන් උදෙසා ද එවැන්නක්‌ හෙතෙම යෝජනා කර ඇත. ආරක්‍ෂකයන් ට තිබිය යුත්තේ කුඩා ගෙවල් හා චාම් ආහාරය. ක`දවුරක ඉන්නා කලක මෙන් කණ්‌ඩායම් සෑදී එක්‌ ව ආහාර ගනිමින් ඔවුන් ජීවත් විය යුතුය. ඒකාන්තයෙන්ම අවශ්‍ය ප්‍රමාණයට වඩා පෞද්ගලික දේපළක්‌ ඔවුනට තිබිය යුතු නොවේ. රන් හා රිදී තහනම් කරනු ලැබිය යුතුය. පෞර රාජ්‍යයේ අදහස එක පන්තියක සැපත, නොව මු`ඵ පුරයෙහි ම යහපත සැලසීම ය. ධනවත් බවත්, දිළි`දු බවත් දෙකම අනතුරුදායකය.

අනුන් ගේ වැඩට අයෝග්‍ය ලෙස ඇ`ගිලි ගසන්නෙකු නොවී, හැම ම ස්‌වකීය වැඩ කර ගැනීම, එහි අන්තර්ගතය. වෙළෙන්දා, සහායකයා හා ආරක්‍ෂකයා තම තමාට අයත් වැඩ කොටස, අනික්‌ පන්තිවල අයගේ වැඩට ඇ`ගිලි නො ගසා ඉටු කරන කල්හි පුරය යුක්‌ති සහගත ය.

එක්‌තරා අපෞද්ගලික අතිඔලිම්පියානු නීතියක්‌ අහංකාර පරවශ බව (HUBRIS) ගැන ද`ඩුවම් කොට ආක්‍රමණිකයා උල්ලංඝනය කිරීමට බලාපොරොත්තු වූ ශාශ්වත වූ යථා පිළිවෙත යළි පිහිටුවයි. මේ සම්පූර්ණ මුහුණුවර ම සමහර විට මුලදී නොදැනම දර්ශනයට ඇතු`ඵ විය. එය කලහය පිළිබ`ද හෙරෙක්‌ලීටස්‌ හා එම්පිඩෝක්‌ලීස්‌ ගේ බදු විශ්ව විද්‍යාවන් හි ද, පාමිනයිඩීස්‌ ගේ බදු අදෛවතවාදී සිද්ධාන්තයන් හි ද එක සේ විද්‍යමානය. ස්‌වභාව ධර්ම නීතිය හා මානව නීතියත් පිළිබ`දව විශ්වාසයෙහි ප්‍රභවය එය ය. ප්ලේටෝ ගේ යුක්‌තිය පිළිබ`ද විකල්පයට ද පැහැදිලි ව ම එය මුල් විය.

නීතියෙහි මේ දක්‌වාත් යුක්‌තිය. (JUSTICE) යන වචනය යොදා ඇති ආකාරයෙන්, එය දේශපාලන චින්තනයෙහි යොදා තිබෙනවාට වැඩියෙන් ප්ලේටෝ ගේ විකල්පනයට සමානයට සමානය. ප්‍රජාතන්ත්‍රවාදී සිද්ධාන්තයෙහි බලපෑම යටතේ අප යුක්‌තිය යන්න සමානවය හා සම්බන්ධ කිරීමෙහි යෙදෙතත්, ප්ලේටෝ එය යෙදුයේ එවැනි ගම්‍යාර්ථයකින් නොවන බව රසල් සාමි වරයා පෙන්වා දෙයි. "යුක්‌තිය" යුක්‌තිය පසි`දලන අධිකරණ ශාලා යෑයි අප පවසන කල්හි මෙන් "නීති". යන්න හා මු`ඵමනින් ම වාගේ සමානාර්ථවාචී අදහසින් ගත කල ප්‍රධාන කොටම අදාළ වනුයේ, සමානFවය හා කිසිත් සම්බන්ධයක්‌ නැති දේපළ අයිතිය ගැනය. ,"REPUBLI", හි ආරම්භයෙහි "යුක්‌තිය" යන්නෙහි ප්‍රථම යෝජිත නිර්වචනය නම්, එය වූ කලී ණය ආපසු ගෙවීම ය යන්නයි. මෙම නිර්වචනය අසම්පූර්ණ යයි විගස ම අත්හැර දමන ලද නමුත්, අවසානයේ දී එයින් යම් යම් දේ ශේaෂ විය.

ප්ලේටෝ ගේ නිර්වචනය ගැන කරුණු කීපයක්‌ ස`දහන් කළ යුතු බව පවසන බර්ට්‍රන්ඩ් රසල් සාමිවරයා ඒවා පෙළ ගස්‌වනුයේ මෙසේ ය.

01). අයුක්‌තියෙන් තොර ව බලතල හා වරප්‍රසාද පිළිබ`ද අසමානතා පැවතීමට ඉන් ඉඩ ලැබේ. ආරක්‍ෂකයාට සියලු බලතල ලැබේ. සමාජයේ සිටින ඉතාම ඥනවන්ත කොටස ඔවුන් බැවින් එය එසේ සිදු වේ. ප්ලේටෝ ගේ නිර්වචනය අනුව, අයුක්‌තිය ඇති වනුයේ ඇතැම් ආරක්‍ෂකයනට වැඩියෙන් ඥනවන්ත වූවන් සෙසු පන්තිවල සිටිය හොත් පමණි. උත්පත්තිය හා අධ්‍යාපනය යන ද්විත්ව ලාභය නිසා, බහුතර වශයෙන්, ආරක්‍ෂකයන් ගේ දූ දරුවන් අනෙකුත් අයගේ දූ දරුවන්ට වැඩියෙන් උසස්‌ වනු ඇතැයි සිතමින් ම, ප්ලේටෝ රට වාසීන් උසස්‌ කිරීමටත් පහතයට හෙලීමටත් ඉඩ සලසා ඇත්තේ එබැවිනි. තව ද, දේශපාලකයෙකු තමා ගේ සමාර්ථය තමා ගේ ම නැතහොත් තම පන්තියේ, පක්‍ෂයේ හෝ ඇදහීම් හෝ යහපතට වැඩියෙන්, පොදු යහපත පිණිස යොදතැයි යන්න කිසිසේත් නිශ්චය කළ නොහැක.

02). "යුක්‌තිය" පිළිබ`ද ප්ලේටෝ ගේ නිර්වචනය සම්ප්‍රදායික සැලැස්‌ම උඩ සංවිධානය කරන ලද්දා වූ, නැතහොත් තමා ගේ රාජ්‍යය පිළිබ`දව, සමස්‌ථ වශයෙන් කිසිsයම් ආචාර ධර්ම පරමාදර්ශයක්‌ සාක්‍ෂාත් කර ගැනීම පිණිස සංවිධානය කරන ලද්දා වූ රාජ්‍යයක පැවැත්ම කල්පනාවට නංවයි. යුක්‌තිය නම් සෑම කෙනෙකු ම තමාට අත් කාර්යය ඉටු කිරීම යෑයි ප්ලේටෝ පවසන ලදී. මිනිසා ගේ කාර්යය කුමක්‌ද යන්න නිර්ණය කිරීමේ දී, ආණ්‌ඩු වේ පරමාර්ථය අත්‍යාවශ්‍යය. පාලකයන් සැම ම දාර්ශනිකයන් විය යුතු නමුත්, නව නීති ආදියට ඉඩ නැත. දාර්ශනිකයකු වූ කලී සෑම කල්හි දී ම ප්ලේටෝ අවබෝධ කර ගෙන ඔහු හා එක`ග වන පුද්ගලයකු විය යුත්තේ ය.

නූතන මනෝ රාජ්‍යයන් (UTOPIAS) මෙන් නොව ප්ලේටෝ ගේ සමූහාණ්‌ඩුව ඇතැම් විට ඇත්ත වශයෙන් ම පිහිටු වීමට අදහස්‌ කරන ලද්දකි. ස්‌වභාවයෙන් අපට පෙනී යනු ඇති පරිදි, එය එතරම් අරුම පුදුම වූවක්‌ හෝ කළ නොහැක්‌කක්‌ හෝ නොවේ. කිසිසේත්ම ක්‍රියාත්මක කළ නොහැකි අප සිතනු ඇති ඒවා ද ඇතුළත් එහි විධි විධාන රාශියක්‌ ස්‌පාර්ටාවේ සැබැවින්ම සාධනය කර ගන්නා ලදී. පෛතගෝරස්‌ විසින් දාර්ශනිකයන් ගේ පාලනය පිහිටු වීමට යත්න දරණ ලදී. ප්ලේටෝ සිසිලියට හා දකුණු ඉතාලියට පැමිණෙන විට පෛතගෝරියානු "ආර්කයිටාස්‌" තාරාස්‌ හි (නූතන තරන්කෝ) දේශපාලන වශයෙන් බලසම්පන්නව සිටියේය. පෞර රාජ්‍යයන් තමන් ගේ නීති සම්පාදනය අරභයා විශාරද පණ්‌ඩිතයෙකු යොදා ගැනීම සාමාන්‍ය සිරිතක්‌ව පැවැත්තේ ය. "සෝලන්" විසින් ඇතැන්ස්‌ පෞර රාජ්‍යය වෙනුවෙන් ද, "ප්‍රොටගෝරස්‌" විසින් තුරී රාජ්‍යය වෙනුවෙන් ද, නීති සම්පාදනය කර ලදී . ඒ කාලයේ දී යටත් විජිත තම මව් රාජ්‍යයන් ගේ පාලනයෙන් මු`ඵමනින්ම මිදී තිබුණේය. එබැවින් ප්ලේටෝනිකයන් කණ්‌ඩායමකට ස්‌පාඤ්ඤ වෙරළේ හෝ (GULA) ගෝල් වෙරළේ ජනරජය පිහිටු වීම පහසුවෙන්ම කළ හැකිව තිබූ කාර්යයකි. අවාසනාවකට මෙන්, ප්ලේටෝ ට අහම්බෙන් "සයිරක්‍යqස්‌" කරා යැමට සිදු විය. එය කර්තේ සමග දරුණු යුද වල යෙදී සිටි ශ්‍රේෂ්ඨ වෙළෝද පුරයක්‌ විය. එබ`දු වාතාවරණයක කිසිම දාර්ශනිකයකු විසින් වැඩි යමක්‌ ඉටු කර ගත හැකි නොවේ. ඊළ`ග පරම්පරාවේ දී මැසිඩෝනියාවේ නැගීම නිසා කුඩා රාජ්‍යය සියල්ල ම යල් පැනපු තත්ත්වයට වැටුණේය. එසේම ක්‍ෂුද්‍ර වශයෙන් කරන සෑම දේශපාලන පර්යේෂණයක ම නිෂ්ඵලතාව ද ප්‍රත්‍යක්‍ෂ විය.

සංකල්පවාදය

[සංස්කරණය]

ප්ලේටෝ ගේ සමූහාණ්‌ඩුව (REPUBLIC) කෘතියේ පස්‌ වැනි කාණ්‌ඩයේ අග කොටසේ සිට හත් වැනි කාණ්‌ඩයේ අවසානය දක්‌වා වූ මධ්‍ය භාගය මූලික වශයෙන් කැප කොට ඇත්තේ දේශපාලන විද්‍යාවෙන් පරිභාහිර වූ හුදු දර්ශනය පිළිබ`ද ගැනය.

දාර්ශනිකයන් රජුන් වනතුරු නැතහොත් මේ ලෝකයේ රජුන් හා කුමාරවරුන් තුළ දර්ශනයේ ජීවය හා බලය ඇති වන තුරු ද, දේශපාලන විශිෂ්ටFවය හා ප්‍රඥව එක්‌ අයෙකු තුළ දක්‌නා ලැබෙන තුරුද මින් එක ස්‌වභාවයක්‌ පරිවර්ජනය කිරීමෙන් අනික අනුගමනය කරන වඩා පොදු ස්‌වභාවයේ වූවත් බලයෙන් ම පසෙකට තල්ලු කරනු ලබන තුරු ද, පුරයන්ට (පෞර රාජ්‍යයන්ට) මෙම විපත්තීන් ගෙන් විවේකයක්‌ අත් නොවනු ඇත. මා සිතන පරිදි මානව වර්ගයාට ද එබදු විවේකයක්‌ අත් නොවනු ඇත. එවිට පමණක්‌ මේ අපේ රාජ්‍යයට ජීවත් වීමේ හැකියාව ඇති වී දිවා සූර්යාලෝකය දැකීමට පිළිවන් වනු ඇත..

මෙය, සත්‍ය නම් දාර්ශනිකයකු නිර්මාණ කරන්නේ කුමකින් ද, යන්න හා "දර්ශනය" යන්නෙන් කුමක්‌ අදහස්‌ වේද යන්න තීරණය කිරීම වැදගත්ය. මින් පැන නගින සාකච්ඡාව REPUBLIC හි ප්‍රකට කොටසය. ඇතැම් විට ඉතා වැදගත් වූයේ ද එය යි. එහි කොටස්‌ වල අති විශේෂ සාහිත්‍යමය සෞන්දර්යයක්‌ ඇත්තේය.

ප්ලේටෝ ගේ දර්ශනය රඳා පවතින්නේ තථ්‍යතාව හා ප්‍රතිහාසය (APPEARANCE) අතර ඇති වෙනස මතය ය. මෙය ප්‍රථම කොට ඉදිරිපත් කෙළේ පාමිනයිඩීස්‌ ය.

ප්ලේටෝ ගේ සංකල්ප සිද්ධාන්තය සාරාංශ වශයෙන් පහත දැක්‌වෙන ඡේද වලින් පැහැදිලි වේ.

අපේ ප්‍රශ්නය නම්.... දාර්ශනිකයෙක්‌ යනු කවරේද? ප්‍රථම පිළිතුරු නිරුක්‌තිය අනුව වේ. දාර්ශනිකයෙක්‌ නම්, ප්‍රඥවට ඇල්ම කරන්නෙකි. එහෙත් මෙය විපරම්කාරී මිනිසෙකු ඥානයට ඇල්ම කරන්නෙකි යන්න හා අනන්‍ය නොවේ. අශෝභන කුතුහලය මගින් දාර්ශනිකයකු ඇති නොවේ. එබැවින් නිර්වචනය මෙසේ සංශෝධනය කර ඇත. දාර්ශනිකයා නම් "සත්‍යයේ දෘෂ්ටියට". ඇල්ම කරන්නෙකි යනුවෙනි.

ප්ලේටෝ ගේ සිද්ධාන්තයෙහි ඔහුගේ පූර්වගතයෙන් සම්බන්ධ නැති ඉතා වැදගත් කරුණක්‌ වේ. එනම් "සංකල්ප". නොහොත් ආකෘති (ප්‍රඥප්ති) වාදය යි. මෙම සිද්ධාන්තය අර්ධ වශයෙන් තර්කානුසාරී හා අඩ වශයෙන් අධ්‍යාත්මික ද වේ. තර්කානුසාරී පක්‍ෂය සාමාන්‍ය වචනයන් හි වචනවල අර්ථය සම්බන්ධයෙන් සළකා බලයි.

REPUBLIC, හි අවසාන කාණ්‌ඩයෙහි සිත්තරුන් හෙළා දැකීමක්‌ අරභයා ප්‍රස්‌තාවතාවක්‌ වශයෙන් සංකල්ප හෙවත් ආකෘතියෙහි පැහැදිලි විදහා දැක්‌වීමක්‌ විද්‍යාමානය. පුද්ගලයන් සංඛ්‍යාවකට එක පොදු නමක්‌ ඇති කල්හි පොදු -සංකල්පයක්‌. හෙවත් "ආකෘතියක්‌" ද ඔවුනට ඇතැයි ප්ලේටෝ මෙහි දී පැහැදිලි කර දක්‌වයි. නිදසුනක්‌ වශයෙන් බොහෝ ඇඳන් තිබෙන නමුත්, ඇඳන් පිළිබඳ සංකල්ප හෙවත් ආකෘති ඇත්තේ එකකි. කැඩපතකින් දිස්‌වෙන ඇඳක්‌ ප්‍රතිබිම්බය "තථ්‍ය" නොව හුදෙක්‌ සමාන වූවක්‌ වනුයේ යම්සේද, එසේ ම විවිධ විශේෂ ඇඳවල් අතථ්‍යය.

රිපබ්ලික්‌ (republic) හි හය වැනි හා හත් වැනි කාණ්‌ඩයන් හි ප්ලේටෝ ප්‍රශ්න දෙකක්‌ ගැන සිත යොමා ඇත. පළමුවැන්න, දර්ශනය නම් කුමක්‌ද යන්නයි. දෙවැන්න, සුදුසු ප්‍රකෘති මානසික ස්‌වභාව සහිත තරුණ පුරුෂයෙකු ට හෝ ස්‌ත්‍රියකට දාර්ශනිකයකු බවට පත් වන පරිදි උගැන්විය හැක්‌කේ කෙසේද යන්නයි.

ප්ලේටෝ දර්ශනය සැලකූයේ එක්‌ ආකාරයක දෘෂ්ටියක්‌ වශයෙනි. එනම් සත්‍යයේ දෘෂ්ටිය. වශයෙනි. එය වූ කලී ප්‍රඥවට ඇති ප්‍රේමය යි. ප්ලේටෝ REPUBLIC කෘතිය ලියන කල්හි තමා සම්පූර්ණයෙන් ම විශ්වාසය කළ දෘෂ්ටියේ ස්‌වභාව අන්‍යයනට වටහා දීම උදෙසා දෘෂ්ටාන්තයක්‌ එනම්, ගුහාවේ දෘෂ්ටාන්තයේ ආධාරය අවශ්‍ය විය. එහෙත්, ඔහු එයට බසිනුයේ, සංකල්ප ලෝකයේ අවශ්‍යතාව දැකීමට පාඨකයන් යොමු කරවීමේ පරමාර්ථයෙන් කරන ලද විවිධ ප්‍රාරම්භ සාකච්ඡා වලින් පසුව ය.

ප්‍රථම කොට බුද්ධිය පිළිබඳ වූ ලෝකය ඉන්ද්‍රීය ප්‍රතිබද්ධ ලෝකයෙන් වෙනස්‌ කෙරේ. ඉක්‌බිති බුද්ධිය හා ඉන්ද්‍රීය සංජානනය එක එකක්‌ දෙවදෑරුම් කොට බෙදනු ලැබේ.

ප්ලේටෝ ගේ දර්ශනයෙහි, යහපතට ඇත්තේ විශේෂ තත්ත්වයකි. විද්‍යාව හා සත්‍යය යහපත බඳුය. එහෙත්, වඩා උසස්‌ තැනක්‌ යහපතට අයත් යැයි ඔහු කියයි. යහපත සාරය නොවේ. ගුණය හා බලය අතින් එය අතිශයින්ම සාරය ඉක්‌මවා සිටී. අපෝහකය, පරම යහපතේ සංජානයෙන් බුද්ධි විෂයක ලෝකයේ කෙළවර කරා ම`ග පෙන්වයි. ගණිත විද්‍යාඥයාගේ උපන්‍යාසය බැහැර කිරීමට අපෝහකයට පිළිවන් වූයේ යහපත මගිනි.

ප්ලේටෝ ගේ සංකල්ප සිද්ධාන්තයෙහි පැහැදිලි ලෙසම දෝෂ කිහිපයක්‌ අන්තර්ගත ය. එහෙත් මේ කෙසේ වෙතත් දර්ශනයේ ඉතා වැදගත් ඉදිරි ගමනක්‌ ඉන් ප්‍රකාශ වේ. එය එසේ වනුයේ විවිධ ආකෘතිවලින් අද දක්‌වා ම නොනැසී පවත්නා සාමාන්‍යයන් පිළිබඳ ගැටලුව අවධාරණයෙන් පවසන ප්‍රථම සිද්ධාන්තය එය බැවිනි.

ප්ලේටෝ ගේ අමරණීයවාදය

[සංස්කරණය]

µSඩෝ (PHEADO) ගේ නමින් හ`දුන්වනු ලබන සංවාදය, කිහිප ආකාරයකින් සිත් ගන්නා සුළුය. එහි අභිප්‍රාය වශයෙන් ඇත්තේ සොක්‍රටීස්‌ ගේ ජීවිතයෙහි අවසාන මොහොත විස්‌තර කිරීමය. එ නම්, හෙම්ලොක්‌ විෂ බඳුන පානයට මොහොතකට පෙර හා පසුව ඔහු ගේ සිහිය නැති වී ගිය මොහොත දක්‌වා ඔහු කළ කථාව ය. උපරිම ප්‍රමාණයට යහපත් හා ප්‍රඥාවන්ත වූ ද, මරණ බිය බිඳකුදු නැත්තා වූ ද, මිනිසකු පිළිබ`ද ප්ලේටෝ ගේ පරමාදර්ශය මෙයින් ඉදිරිපත් කෙරෙයි. ප්ලේටෝ ඉදිරිපත් කරන පරිදි මරණාභිමුඛ වූ සොක්‍රටීස්‌, අතීත වර්තමාන කාලදේවයෙහි ම ආචාර ධර්මානුකූලව වැදගත් ය. ක්‍රිස්‌තුස්‌ වහන්සේ දුක්‌ඛ ප්‍රාප්තිය (පාස්‌කුව) හා කුරුසයේ තබා ඇණ ගැසීම පිළිබ`ද සුභාරංචි විස්‌තරය කිතුණුවන්ට යම් සේ වී ද, PHEADO කෘතිය මිථ්‍ය දේවතාවුන් අදහන්නන්ට හා නිදහස්‌ මතධාරී දාර්ශනිකයන්ට ද එබඳු විය යි බර්ට්‍රන්ඩ් රසල් සාමිවරයා සිය කෘතිය මගින් පෙන්වා දෙයි.

එහෙත් සොක්‍රටීස්‌ ගේ අවසාන මොහොතේ දී ඔහු තුළ වූ අකර්මන්‍ය භාවය, අමරණීය භාවය පිළිබ`ද ඔහු ගේ විශ්වාසය හා බැ`දී පවතී. ප්‍රතිපත්ති මත ජීවිතය පරිත්‍යාග කළ තැනැත්තෙකු ගේ මරණය පමණක්‌ නොව, පසු කාලයේ දී ක්‍රිස්‌තියානි ඉගැන්වීම් බවට පත් වූ බොහෝ මත ද විස්‌තර කිරීම නිසා ඡ්‍යAEDධ වැදගත් ය. සාන්ත පාවු`ඵ තුමාගේ හා පියවරුන් ගේ දේව ධර්මය වැඩි වශයෙන් කෙළින්ම හෝ වක්‍ර ලෙසින් ඉන් ව්‍යqත්පන්නය. ප්ලේටෝ ගැන නො සලකා දැමුවහොත් එය තේරුම් ගත නොහැකිය.

අවසන් කාලය

[සංස්කරණය]

ප්ලේටෝව වහල් සේවයට විකිණී බව ද කියැවේ. ඇතැන්ස් හා යුද වැදි නගරයක් වූ සෙරීන් හි දී මරණය හමුවේ සිටිය දී ප්ලේටෝ අගය කළ අයෙක් ඔහුව මිල දී නිදහස් කර හැරි බව ද කියැවේ. ප්ලේටෝගේ මරණය විවිධාකාරයෙන් සටහන් ගත වී ඇත. එක සටහනකට අනුව ඔහු සිය නිදි යහනේ මිය ගිය අතර ඔහු අසලින් තරුණ ත්‍රේසියන් කෙල්ලක් බටනලාවක් වැයූ බව කියැවේ. තවත් කතාවක කියැවෙන්නේ ඔහු විවාහ මංගල සාදයක දී මිය ගිය බවයි. එහෙත් ටර්ටූලියන්ට අනුව ප්ලේටෝ තම නිදි යහනේ මිය ගියේය.

අධෝසටහන්

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  • බටහිර දර්ශන ඉතිහාසය, බට්‍රන්ඩ් රසල්, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 1970
  • A History of Western Philosophy, Fredrick Copleston, New York: Doubleday, 1985
  • Great Dialogues of Plato, translated by W. H. D. Rouse and edited by E. H. Warmington and P. G. Rouse, New York: New American Library, 1956
  • The Republic of Plato, translated by Allen Bloom, New York: Basic Books, 1968
"https://si.wikipedia.org/w/index.php?title=ප්ලේටෝ&oldid=669451" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි