Jump to content

රෙනේ ඩෙස්කාටෙස් - බටහිර දර්ශනවාදය

විකිපීඩියා වෙතින්
රෙනේ ඩෙස්කාටෙස් - බටහිර දර්ශනවාදය (17 වැනි සියවසේ දර්ශනවාදය)
  • උපත - 1596 මාර්තු 31

ලා-හේයි එන් ට්‍රවරීන් , ඉන්ඩ්‍රේ - එට් - ලොයිර්, ප්‍රංශය (මෙම ප්‍රදේශය වර්තමානයේ ඩෙස්කාටෙස් ලෙස නම් කර ඇත)

  • මරණය - 1650 පෙබරවාරි 11 (වයස අවුරුදු 53)

ටොක්හෝම්, ස්වීඩනය

  • ගුරු පෙළපත් - කැටිසියානු වාදය, හේතුවාදය, ප්‍රතිෂ්ඨාපනවාදය
  • ප්‍රධාන අධ්‍යයන ක්ෂේත්‍ර - අධ්‍යාත්මවිද්‍යාව, ඥාන මීමාසෝව, විද්‍යාව, ගණිතය
  • වැදගත් අදහස් - සමිත්තක ශක්තිපථ ඓක්‍යය, අනුමාන ක්‍රමය, කැටීසිය වෛතය දෙවියන්ගේ පැවැත්ම ඔප්පු කිරීම සදහා භාරථවාදී කරුණු දැක්වීම නූතන දර්ශනවාදයේ පියා ලෙස ද සැලකේ.
  • මතවාදයේ

බලපෑ පුද්ගලයින් - ප්ලෝටෝ, ඇරිස්ටෝටල්, අල්ගසේක්, ඇවරෝස්, ඇවිසෙන්නා, අල් - ගසාලි , ඇන්සෙල්ම්, ශාන්ත-ඔගස්ටීන්, ඇක්වයිනාස්, ඔක්හාම්, සෝරේස්, මර්සේන්, සෙක්ස්ටස්, එම්පිරිකස්, මයිකල් ද මාන්ටේන් , ඩන්ස් ස්කෝටස්


මතවාදයන්ගේ බලපෑමට ලක්වූවන් - ස්පිනෝසා, හෝබ්ස්, ආර්නොල්ඩ් , මලේබ්රාන්ච්, පැස්කල්, ලොක්, ලිබිනිස් , මෝරේ, කාන්ට්, පැසර්ට්, බ්රන්ශ්විග්, සියෙක්, කොම්සකි, ස්ටැන්ලි

රේනේ ඩෙස්කාටේස් ප්‍රභල ප්‍රංශ ජාතික දර්ශනවාදියෙකු, ගණිතඥයෙකු, විද්‍යාඥයෙකු සහ ලේඛකයෙකු විය. ඔහුගේ නම ලතින් භාෂාවට අනුව රෙනාටස් කාටිසියස් ලෙස උච්චාරණය කරනු ලැබේ. ඔහු නූතන දර්ශනවාදයේ පියා සේ සැලකෙන අතර පසුකාලීන බටහිර දර්ශනවාදය ඔහුගේ අදහස්වලින් ප්‍රභල ලෙස පෝෂණය වී තිබේ. අද පවා ඔහුගේ ග්‍රන්ථ සුපරීක්ෂාකාරී අධ්‍යයනයන්ට භාජනය වේ. ඩෙස්කාටෙස් විද්‍යාත්මක පුනරුදය පුරෝගාමියෙකු වූ අතර ගණිතය කෙරෙහි ඔහු සිදුකල බලපෑම තල ජ්‍යාමිතියේ හා ගණිතයේදී යොදා ගන්නා කණ්ඩාංක තල ලෙස දැක්වීමෙන්ම පැහැදිලි වේ.

ඩෙස්කාටෙස් නිතරම සිය අදහස් සිය පූර්වගාමීන්ගේ අදහස්වලින් වෙන්කර දැක්වීමට උත්සාහ කළේය. ‘passions of the soul’ නම් හැගීම් පිලිබඳ ග්‍රන්ථ ආරම්භයේදී ඩෙස්කාටෙස් තමාගේ ග්‍රන්ථය පෙර නොවූ විරූ ආකාරයේ එකක් වූ බැවු ලියා තිබේ. කෙසේ නමුත් ඩෙස්කාටෙස්ගේ දර්ශනයේ ඔහුලේ කාලයට පෙර පැවති ඇරිස්ටෝටලියානුවාදය වැනි දර්ශනයන් ශාන්ත ඔගස්ටීන් වැනි දාර්ශනිකයින්ගේ මත සහ 16 වැනි සියවසේ පුනරුදය ලැබූ , නිහඬව දුක්වඳීමේ දර්ශනය ආදියේ පූර්වාදර්ශ නිරීක්ෂණය කළ හැක‍. ඩෙස්කාටෙස් මූලික කරුණු දෙකක් පදනම් කරගෙන ස්වභාව විද්‍යාත්මකව පිළිගත් සම්ප්‍රදායන්ගෙන් බැහැරව ක්‍රියා කළේය. පළමුවැන්න ලෙස ඔහු රූපීය හා ධාතුමය ලෙස කායික ද්‍රව්‍යය විශ්ලේෂණය ප්‍රතික්ෂේප කළ අතර දෙවැන්න ලෙස හෙතෙම ස්වභාවික හෝ දිව්‍යමය යන ඕනෑම ආක‍ාරයකට ස්වභාවික සංසිද්ධීන් විස්තර කිරීමේදී ආන්තිකවීම ප්‍රතික්ෂේප කළේය. දේව මැවුමෙහි නිදහස් පරිපූර්ණ බව ඔහුගේ ආගමික මතවාදය විය.

17 වැනි සියවසේදී මහාද්වීපික හේතුවාදයේ පතාක යෝධයෙකු සේ ඩෙස්කාටෙස් සැලකිය හැක. පසුකාලීනව ඔහුගේ මතවාද බැරක් සපිනෝසා සහ ගොට්ෆ්‍රෙඩ් ලිබිනිස් වැනි අය විසින් ද පිළිගන්නා ලදී. එහෙත් අනුභවෛකවාදී සම්ප්‍රදායට අයත් වූ හෝබ්ස්, ලෝක්, බර්ක්ලි හා හියුම් වැන්නවුන් විසින් ප්‍රතික්ෂේප කරන ලදී. සපිනෝසා, ලිබිනිස් හා ඩෙස්කාටෙස් යන තිදෙනාම ගණිතය සහ දර්ශනවාදය පිළිබඳ මත පුහුණුවක් ලද්දෝ වූහ. ලිබිමිස් හා ඩෙස්කාටෙස් විද්‍යාවේ ප්‍රගමනය කෙරෙහිද මහත් දායකත්වයක් දක්වන ලදී. කලනයේ හා විශ්ලේෂණයේ සොයාගැනීමට පසු කාලීනව අතිශයින් වැදගත් වූ ජ්‍යාමිතීය හඳුන්වාදීම ද ඩෙස්කාටෙස් විසින් කළ කාර්ය භාර්යට අයත්ය. මනස සහ එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ ඩෙස්කාටෙස්ගේ චින්තනය ඉලෙක්ට්‍රෝනික පරිගණකය , යාන්ත්‍රික බුද්ධිය පිළිබඳ චින්තන ප්‍රවාහයන්ට මූලාරම්භය සැපයීය. ඩෙස්කාටෙස්ගේ වඩාත් ප්‍රසිද්ධ කියමන සචින්තක ශක්තියේ ඓක්‍යය නම් වේ. “මම සිටින නිසා මම සිටිමි” යන්න ඔහු පල කළ අදහස වේ. ඔහුගේ මෙම අදහස ‘Discourse on the Method’ යන ග්‍රන්ථයේ සිව්වැනි කොටසේද සඳහන් වේ.


http://en.wikipedia.org/wiki/Ren%C3%A9_Descartes