චිත්‍ර කලාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සෞන්දර්යය සහ චිත්‍ර කලාවේ න්‍යායයන්[සංස්කරණය කරන්න]

ගියෝටෝ හි ඝන්ඨාර කුලූනේ කැටයමක්. ෆ්ලෝරන්ස්, ඉතාලිය. 1334-1336.

සෞන්දර්ය විද්යාඝව ‘සුන්දරත්වයේ විද්යා්ව’ වීමට උත්සාහ දරන අතර එය කාන්ට් හේගල් වැනි 18 සහ 19 වැනි සියවස්වල දාර්ශනිකයිනගේ වැදගත් දාර්ශනික ගැටළුවක් විය. ප්ලේටෝ හා ඇරිස්ටෝටල් වැනි සම්භාව්ය දාර්ශනිකයින්ද කලාව පිලිබඳව විශේෂයෙන්ම චිතරවිය කලාව පිලිබඳව න්යාලයයන් ඉදිරිපත් කළහ. ප්ලේටෝ සිය දාර්ශනික කරදග මය තුල සිත්තරුන්ව (සහ පරක් තිමා ශිල්පීන්ව) නොතකා හරින ලදී. ඔහුගේ අදහසවූයේ සිතුවකට සත්යශය පරලි තිනිර්මාණය කළ නොහැකි බවයි. ඔහු කියා සිටියේ එය යථාර්ථයේ (ලෝකයේ අදහස්වල පිලිබිඹුවක්) අනුරුවක් වන බවත් එබැවින් එය සපත්තු සෑදීම, යකඩ වාත්තු කිරීම වැනිම වූ තවත් ශිල්පයක් පවණක් වන බවයි. ලියනාඩෝ සිතුවම් කරන කාළ වකවානුව වනවිට චිතරකිර කලාව පුරාතන ගීර්අනසියේ පැවතියාට වඩා සත්ය ය පරනම තිනිර්මාණය කිරීමට වඩාත් ආසන්න විය. ලියානාඩෝ ඩා වින්සි කියා සිටියේ ‘චිතර්වණ කලාව ශරාැ ස්තරාු ලීය කටයුත්තක්’ බවය. කාන්ට් සුන්දරත්වය සහ උත්කාෂ්ඨත්වය අතර වෙනසක් දක්වා සිටින ලදී. කෙසේවෙතත් මෙහිදී ඔහු චිතර‍හු කලාව පිලිබඳව ඍජුව දක්වා නොසිටින ලද අතර ඔහුගේ සංකල්පය ටර්නර් සහ ඬේවිඞ් ෆෙඞ්රික් වැනි සිත්තරුන් විසින් ගරුව හණය කරගන්නා ලදී.

සුන්දරත්වය පිලිබඳ විශ්වීය සංකල්පය කරා ළගාවීමේ නොහැකියාව පිලිබඳ හේගල් දක්වා සිටි අතර ඔහු සිය සෞන්දර්යාත්මක රචනාවක චිතර ය, කවිය හා සංගීතය යන තුන රෝමාන්තික’ කලාවන් ලෙසින් දක්වා සිටින ලදී. චිතර‍රා කර්මය පිලිබඳ න්යාතයික කෘතීන් සම්පාදනය කළවුන් අතර කැන්ඩින්ස්කි සහ පෝල් ක්ලී වැදගත් වෙයි. කැන්ඩින්ස්කි සිය කෘතියේ දක්වා සිටින්නේ චිතරන්න කර්මය තුල අධ්යාජත්මික වටිනාකමක් පවතින බවය. ඔහු මූලික වර්ණ අනිවාර්ය හැගීම්වලට සම්බන්ධ කොට දක්වන අතර එය ඊට පෙර ගොයතේ ඇතුළු සමහර ලේඛකයින්ද උත්සාහ කරන ලද්දකි.

විසිවන සියවසේ චිතරඇතු කලාවේ සිදුවූ ඝනිකවාදය වැනි වර්ධනයන් විසින් ඊට පෙර පර්ම ධානතම විෂය වූ ස්වභාවිකත්වය නෙඑසේනම් බාහිර ලෝකයෙන් ඔබ්බට චිතරාහි කලාව ගෙන යන ලදී. චිතරපෙර කලාවේ වඩාත් මෑතකාලීන න්යා යාත්මක දායකත්වය සපයනු ලැබුවේ සිත්තරකු හා ලේඛකයකු වන ජූලියන් බෙල් විසිනි. ඔහුගේ නම් In Mirror of The World කෘතියෙන් ඔහු චිතරහාෝය මගින් හැගීම් සහ අදහස් පරල් කාශ කළහැකිද යන ඵෙතිහාසික මතවාදයේ විකාශනය සාකච්ඡුා කරයි. ඔහු මෙසේ ලියයි, “කලා කෘතියක් ඔබේ අවධානය අඛණ්ඩව රඳවා තබා ගැනීමට අත්සාහ කරයි. කලාවේ ඉතිහාසය එය ඉදිරියට ගෙන යමින් පරිකල්පනයේ නිවහන් බිමට සමතලා කරමින් අධිවේගී මාර්ගයක් නිර්මාණය කරයි”.

මාධ්‍යය[සංස්කරණය කරන්න]

19 වන සියවසේදී ප‍්‍රංශ සැලෝනය ඉටි තෙල් හා සායම් වලින් තනනු ලැබු ක‍්‍රයෝන් වර්ගයක් සහ විශේෂිතව තැනනු නිෂ්පාදනය කළ කඩදාසි වර්ගයක් යොදාගත යුතු බවට නිර්දේශ කරන ලදී. මකනයක් යොදගැනීමට අවසර නොදුන් අතර ඒ වෙනුවට මෙහිදී සිතුවමට නඟන රූපය තද පැහැයෙන් ඇඳීමට පෙර ලා පැහැයෙන් සිතුවමට නැඟීම කරනු ඇති බව අපේක්‍ෂා කරන ලදී.

රළු මතුපිටක් සහිත කඩදාසිවල ඇඳීම සඳහා නූතනයේ වඩා ජනපි‍්‍රය තාක්‍ෂණයක් වන ගල් අඟුරු කූරු භාවිතා කෙරින. ගල්අඟුරු කුඩු කඩදාසියට තදින් නොබැඳෙන බැවින් ඒවා මකා ඉවත්කිරීම ඉතා පහසුවිය. අවසානාත්මක කරන ලද ඇඳීම මැකීම වැලැක්විම සඳහා ස්ථාවරකරන ඉසිනයක් යොදා ගැනින. වඩා තදින් පීඩනයට ලක්කොට නිර්මාණය කළ ඟල්අඟුරු කූරු මඟින් වඩාත් තද පෙනුමක් ලබාදෙනු ලැබූ අතර අනුක‍්‍රමණයෙන් ළා වර්ණයන් නිපදවීම සඳහා ඇඟිල්ලෙන් ඇදීම හෝ ඒ සඳහාම නිර්මාණය කරනු ලැබූ සිලින්ඩරාකාර උපකරණයක් යොදාගැනීම කරන ලදී. රූප ඇඳීම සඳහා මිනිරන් පැන්සලද බෙහෙවින් භාවිතා වේ. මේ සඳහා 9B (ඉතා මෘදු) සිට 1B (මධ්‍යස්ථ මෘදු) දක්වාද, 1H (මධ්‍යස්ථ දෘඩ) සිට 9H (ඉතා ද්‍රෘඩ) දක්වාද වන පරාසයක පැන්සල් නිෂ්පාදනය කෙරෙයි. ගල්අඟරු මෙන්ම එයද මැකීම සිදුකළ හැකි අතර ස්ථාවර කිරීමද කළහැක.

තවත් ජනපි‍්‍රය මාධ්‍යයකි තීන්ත. බොහෝවිට සිත්තරා සිතුවමේ බාහිර රේඛාවන් මිනිරන් පැන්සලෙන් ඇඳ අවසානාත්මක රේඛාවන් පෑනක් හෝ පින්සලක් යොදාගෙන තීන්තෙන් අඳිනු ලබයි. විවිධ අනුක‍්‍රමික තීව‍්‍රතාවයන් ලබාගැනීම සඳහා තීන්ත ජලයේ දිය කරනු ලැබේ. තීන්ත ආලේප කිරීමෙන් පසු පැන්සල් ඉරි මකා දැමිය හැක.

සමහර චිත‍්‍ර ශිල්පීහු පැන්සල් කටු සටහනක් යොදා නොගෙන කෙලින්ම තීන්ත යොදාගෙන අඳිති. ඔවුහු ඊට පි‍්‍රයතාවයක් දක්වන්නේ තීන්ත මැකීම කළනොහැකි බැවින් එමඟන් ඔහුගේ ප‍්‍රවේශයේ ස්වංසිද්ධතාවය ආරක්‍ෂා කරගැනීමට හැකිවීම නිසාවෙනි.

17 සහ 18 වන සියවස්වල බැරක සහ රොකෝ යුගයන්හි වඩාත් ප‍්‍රකට වූ ක‍්‍රමවේදයක් වූයේ කලූ සහ සුදු අතර වූ වර්ණයක පසුබිමක් මත කලූවෙන් ඇඳීම සිදුකොට අඳුරු කළ යුතු ස්ථාන තීන්ත හෝ ක්‍රෙයෝන් මගින් සුදු වර්ණයෙන් යෙදීමයි.

පැස්ටල් මාධ්‍යය[සංස්කරණය කරන්න]

පැස්ටල් කූරු හෝ ක්‍රෙයෝන් නිෂ්පාදනය කරනු ලබන්නේ කුඩු කරන ලද පිරිසිදු වර්ණක, උදාසීන බැඳුම්කාරක ද්‍රව්‍යයක් සමග සංයෝජනය කිරීමෙනි. පැස්ටල් කූරක නිවැරදිම සංයුතිය සහ ගතිලක්‍ෂණය එහි අඩංගු වර්ණකය හා ඊට යොදාගෙන ඇති බැඳුම් කාරක ද්‍රව්‍යයේ ස්වභාවය අනුව තීරණය වේ. එමෙන්ම එය එක් එක් නිෂ්පාදකයා අනුවද වෙනස් වෙයි.

වියලි පැස්ටල් සඳහාසාම්ප‍්‍රදායිකව ඇරබික් ගම්, ට‍්‍රැගකැන්ත් ගම් වැනි බැඳුම්කාරකයන් උපයෝගී කරගනු ලබයි. 20 වන සියවසේදී බැඳුම්කාරකයක් ලෙස මෙතිල් සෙලියුලෝස් හඳුන්වාදෙනු ලැබිණ. බොහෝ අවස්ථාවන්හිදී රටහුණු සහ ජිප්සම් සංඝටකයන්ද එහි අන්තර්ගත වෙයි. විවිධ දෘඩ හා මෘදු ආකාරයන්ගෙන් යුත් පැස්ටල් නිර්මාණය කරනු ලැබේ.

වියළි පැස්ටල් මාධ්‍ය පහත ආකාරයට අනු කොටස්වලට බෙදනු ලැබේ.

  • මෘදු පැස්ටල් - මෙය බහුල ලෙස යොදාගන්නා පැස්ටල් වර්ගය වෙයි. මේවායේ වැඩි වර්ණක ප‍්‍රමාණයක් හා බැඳුම්කාරක අඩු ප‍්‍රමාණයක් අන්තර්ගත වේ. එහි ප‍්‍රතිඵලය වන්නේ දීප්තිමත් වර්ණ ඇතිවීමයි. සිතුවම ඉතා පහසුවෙන් කිළුටුවීමට හා වර්ණ කලවම්වීමට ඉඩ ඇත. එමෙන්ම එය ඉවතලිය යුතු කුඩු විශාල ප‍්‍රමාණයක් ප‍්‍රතිඵල කරයි. මෘදු පැස්ටල් යොදාගෙන අඳිනු ලබන චිත‍්‍ර කිළුටුවිම වැලැක්වීමට තිරකාරකයක් අවශ්‍ය වේ.
  • දෘඩ පැස්ටල් - මේවායේ බැඳුම්කාරක වැඩි ප‍්‍රමාණයක් සහ වර්ණක අඩු ප‍්‍රමාණයක් අන්තර්ගත වේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඉතා සියුම් විස්තර දැක්වීමට යොදාගත හැකි තියුණු ඇඳිම් ද්‍රව්‍යයක් ලැබේ. මේවා මායිම් රේඛා ඇඳිමට සහ රේඛාවන් අවධාරනය කිරීමට යොදාගත හැක. කෙසේ වෙතත් මේවායේ වර්ණයන් මෘදු පැස්ටල් හා සැසඳීමේදී දීප්තිමත් බවින් අඩුය.
  • පැස්ටල් පැන්සල් - මේවා පැස්ටල් තුඩ සහිත පැන්සල් වෙයි. ඉතා සියුම් විස්තර දැක්වීම සඳහා ඒවා උපකාරී වෙයි.

මීට අමතරව විවිධ නිෂ්පාදන ක‍්‍රමවේදයන් යටතේ පැස්ටල් නිෂ්පාදනය කරනු ලබයි.

  • තෙල් පැස්ටල් - මේවා මෘදු, බටර් වැනි උකුබවක් සහ දීප්තිමත් වර්ණයන්ගෙන් යුක්ත වෙයි. මෘදු පැස්ටල් මෙන් නොව මේවා කලවම් කිරීම තරමක් අපහසුය. නමුත් තිරකාරකයක් අවශ්‍ය නෙවේ.
  • වතුරේ දියකළහැකි පැස්ටල් - මේවා මෘදු පැස්ටල් වලට සමාන වේ. නමුත් ඒවායේ ග්ලයිසෝල් වැනි ජලයේ දියවන සංයෝගයක් අඩංගුය. එබැවින් ජලය යෙදීම මගින් වර්ණ ලා පැහැ ගන්වා ගත හැක.
  • ඇත්තෙන්ම පැස්ටල් ලෙස සැලකිය හැක්කේ කුමක්ද යන්න පිලිබඳව කලා සංගම් අතර විවාදයක් පවතී. එක්සත් රාජධානියේ පැස්ටල් සංගමය (පැරණිතම පැස්ටල් සංගමය මෙය වෙයි) පැස්ටල් ප‍්‍රදර්ශන සඳහා පිලිගනු ලබන නිර්ණායකය ලෙස පහත නිර්ණායකය ඉදිරිපත්කර සිටියි. ‘තෙල් පැස්ටල්, ගල්අඟුරු පැන්සල්, කොංටේ රටහුණු හෝ වෙනත් ඕනෑම වියළි මාධ්‍යයක්ද ඇතූලත්ව පැස්ටල්’. මෙහිදී අවධාරනය කරනු ලැබ ඇත්තේ වියළි මාධ්‍ය යන්න වුවද සංවාදය අඛණ්ඩවම පවතී.

    කැන්වස් මාධ්‍යය[සංස්කරණය කරන්න]

    අතීතයේ යොදාගත් ලී පුවරු වෙනුවට ආදේශ වූ කැන්වස් තෙල් සායම් සඳහා වඩාත්ම ප‍්‍රචලිත වූ ආධාරකය විය. මරිය මව්තුමිය දේවදූතයින් සමඟින් සිටිනු දැක්වෙන 1410 දී පමණ අඳිනු ලැබූ ප‍්‍රංශ සිතුවමක් කැන්වසය මත තෙල් සායමින් අඳින ලද සිතුවම් අතරින් ඉතිරිව ඇති පැරණිතම කෘතියක් ලෙස සැලකේ. කෙසේ වෙතත් ඉතාලියේ 16 වන සියවස දක්වා මෙන්ම උතුරු යුරෝපයේ 17 වන සියවස දක්වාත් ලී පුවරු යොදාගැනීම පැවතුනි. කැන්වසය මුලින්ම යොදාගත් අය අතර වෙනීසියේ සිත්තරු ප‍්‍රමුඛ වෙති.

    කැන්වසය ලී රාමුවක් යොදාගනිමින් තදින් ඇද සකස් කරගනු ලබයි. අනතුරුව සකස් කරගත් ආලේපයක් ආලේපකොට ඇඳීමට සුදුසු තත්වයට පත්කරගනු ලැබේ. මෙම ආලේපය හේතුවෙන් තෙල් සායම් කැන්වසයේ කෙඳි සමග ඍජුව ගැටීම වලකී. සාම්ප‍්‍රදායික ක‍්‍රමයට මෙම ආලේපය සකස්කරගන්නේ ලෙඞ් කාබනේට් සහ හණ ඇට තෙල් සංයෝග කිරීමෙනි. ටයිටේනියම් සුදු වර්ණක සහ කැල්සියම් කාබනේට් එක්කිරීමෙන්ද මෙම ආලේපය සකසාගත හැකි නමුත් එය පතුරු ගැලවීයාමට හෝ ඉරිතැලීමට ලක්විය හැක. වර්තමානයේ විවිධාකාර නෙකැඩෙන සුළු කැන්වස් ආලේපයන් වානිජ වශයෙන් නිෂ්පාදනය කෙරෙන අතර වෙළඳපොළේ මිළදී ගැනීමට ඇත. මෙයින් වඩාත් ජනපි‍්‍රය නිෂ්පාදනය වන්නේ ටයිටේනියම් ඩයොක්සයිඞ් සහ කැල්සියම් කාබනේට් යොදාගෙන නිෂ්පාදනය කරනු ලබන සින්තටික් ලේටෙක්ස් ආලේපයන්ය. අමුද්‍රව්‍යයේ විනාශ වී යන ස්වභාවය පැවතියදීත් එය නොසලකා ජැක්සන් පොලොක්, කෙනත් නොලන්ඞ්, ෆැන්සිස් බේකන්, හෙලන් ෆ‍්‍රැන්ක්න්ටැලර්, ඩෑන් කි‍්‍රස්ටෙන්සන්, ලැරී සොක්ස්, රොනී ලෑන්ඞ්ෆීල්ඞ් වැනි සිත්තරු ‘අමු කැන්වසය’ මත ඇඳීම කරති.

    අතීතයේ කැන්වස් නිෂ්පාදනය කරනු ලැබූයේ ඉතා ශක්තිමත් දුඹුරු පැහැයක් සහිත ලිනන් රෙදි වලිනි. එය තෙල් සායම් සඳහා වඩාත් යෝග්‍ය විය. 20 වන සියවසේ මුල්භාගයේදී කපු කැන්වස් භාවිතය ආරම්භවිය. තවමත් බෙහොමයක් තෙල් සායම් සිත්තරුන් අතර ලිනන් ජනපි‍්‍රයව පවතී. යාන්ති‍්‍රකව වියනු ලබන කපු කැන්වස් ආර්ථික වශයෙන් ලාභදායී වෙයි. ඇක‍්‍රලික් තීන්ත පැමිණීමත් සමඟ කපු කැන්වස් භාවිතය වඩාත් ප‍්‍රචලිත විය. ලිනන් සහ කපු ලබාගන්නේ එකිනෙකට වෙනස් ගස් දෙකකිනි. එනම් හණ ගස සහ කපු ගසයි.

    කාඞ්බෝඞ් යොදාගෙන කර්මාන්තශාලාවන්හි නිපදවනු ලබන ‘කැන්වස් බෝඞ්’ ලෙස හඳුන්වන කැන්වස් විශේෂයක්ද වර්තමානයේ වෙළඳපොළට පැමිණ ඇත. මේවා ප‍්‍රමාණයන් කිහිපයකින් පමණක් නිපදවනු ලබන අතර ඒවායේ ආයුකාළය ඉතාම සීමිත වෙයි. ඒවා බොහෝවිට යොදාගනු ලබන්නේ ඉක්මන් අධ්‍යනයන් සඳහාය. ලිනන් මත නියමිත ලෙස ආලේප කිරීම් සිදුකරනු ලැබූ කැන්වස්ද වෙළඳපොළේ පවතී. ඒවා බොහෝවිට වෘත්තීය වශයෙන් සිතුවම් අඳින්නන් විසින් භාවිතා කරනු ලබයි. ඒවා විවිධ බරවලින් නිපදවනු ලැබේ. ඒවා ආලේපනයන් තට්ටු කිහිපයක් ගල්වා සකස් කරනු ලබන අතර කෙලින්ම ඇඳීමට ගැනීමට සුදුසු වෙයි. සිය ඇඳීම තමන්ට පාලනය කළහැකිවීම අගය කරන සමහර චිත‍්‍ර ශිල්පීහු තමන්ට අවශ්‍ය පරිදි සකස් කරගත් ආලේප තට්ටුවක් හෝ දෙකක් ඒ මත ආලේපකොට සිය ඇඳීම සිදුකරති. නමුත් වෘත්තීමය වශයෙන් ඇඳීම සිදුකරන බොහොමයක් දෙනා තවමත් සාම්ප‍්‍රදායික ආකාරයට සිය කැන්වස් තමන් විසින්ම නිෂ්පාදනය කරගනිති.

    නූතන සිතුවම් කිරීමේ ශිල්පක‍්‍රමයන් සහ පැරණි මහා කෘතීන් අතර එක් ප‍්‍රධාන වෙනසක් වන්නේ කැන්වසය සකස් කරන ආකාරයයි. නූතන ශිල්පක‍්‍රමයන් කැන්වසයේ මතුපිට ස්වභාවය සහ සායම්වල ස්වභාවය යන දෙකෙහිම වාසිය ලබාගනිති. ආධුනිකයක සිත්තරකුට සායම් තැවරීමේ පරිචය හැරුනුවිට සාම්ප‍්‍රදායික සිතුවම්වල ස්වභාවය කරා ළගාවීම කළ නොහැක්කකි. පුනරුද යුගයේ චිත‍්‍රශිල්පීහු පවා කැන්වසයේ මතුපිට ස්වභාවයට හානිවීම වැලැක්විම සඳහා බොහොමයක් පියවරයන් අනුගමනය කළහ. මේ සඳහා අමු කැන්වසය මාස ගණනාවක් තිස්සේ සුදු ලෙඞ් සායම් වල ගිල්වා තැබීම, මතුපිට ඔපදැමීම සහ නැවතත් සුදු ලෙඞ් සායම්වල ගිල්වා තැබීම සිදුවිය. අවසන් නිෂ්පාදනය රෙද්දකට වඩා බෙහෙවින් වෙනස්වූවක් විය. එහිවූයේ දීප්තිමත් ලිස්සන සුලූ මතුපිටකි. නූතන සිත්තරකුට මෙය අනවශ්‍ය තරම් වෙහෙසවන ක‍්‍රමවේදයක් ලෙස පෙනී යා හැකි වුවද එහි අවසන් අපේක්‍ෂාව වූයේ ඡායාරූපයක් මෙන් යතාර්ථවාදී සිතුවමක් නිර්මාණය කිරීමයි.

    නිසි ලෙස සකසන ලද කැන්වසයක ඇඳීමේදී පින්සල ඉතා පහසුවෙන් කැන්වසය මතුපිට ලිස්සායන බව අත්දැකිය හැක. මෙහිදී තමන්ට අවශ්‍ය ඕනෑම ආකාරයකට පින්සල් පහරවල් යෙදීමේ නිදහස සිත්තරාට හිමිවේ.

    කැන්වසයක රැලි ඉවත්කිරීම සඳහා කැන්වසය මත තෙත කපු රෙද්දක් අතුරා ඒ මත තරමක් උණුසුම ඇති ඉස්ති‍්‍රක්කයකින් මැදිම කළහැක.

    කැන්වසය මත ඩිජිටල් මුද්‍රණයන්ද සිදුකළ හැක.

    කටු සටහන් (ඇඳිම)[සංස්කරණය කරන්න]

    කටුසටහනක් යනු අවසානාත්මක කෘතියක් නොව වේගවත්ව සිදුකළ නිදහස් අතින් කළ ඇඳීමකි. බොහෝවිට එහි එකිනෙක මත අතිපිහිත වූ රේඛාවන් විශාල ගණනාවක් පැවතිය හැක. තෙල් සායම්වලදී එය තෙල් සායම් කටුසටහනක් ලෙසින් හැඳින්වේ. කටුසටහන් මඟින් බොහෝවිට පසු අවස්ථාවක ප‍්‍රයෝජනයට ගැනීම සඳහා අදහස් වාර්තාගත කිරීමක් සිදුවේ. කටුසටහන් සඳහා එතරම් මුදලක් වැය නොවන බැවින් කාළය සහ මුදල් වැයවන චිත‍්‍රය හෝ බිතුසිතුවමක් ඇඳීමට පෙර එහි රූප සංයෝජනය සහ අන්තර්ගත කරන විවිධ අදහස් සංකලනය කරමින් විවිධ කටුසටහන් ගණනාවක් ඇඳබැලීමේ අවස්ථාව සිත්තරාට හිමිවෙයි. චිත‍්‍ර ඉගෙන ගන්නා ශිෂ්‍යන්ගේ සෞන්දර්යාත්මක හැකියාවන් වැඩිදියුණු කිරීමේ අංගයක් ලෙස කටුසටහන් ඇඳීමේ අභ්‍යාසයන් කරවනු ලබයි. අඩු කාළයකදී ඇඳිම කළහැකිවීම හේතුවෙන් පැන්සල් හෝ පැස්ටල් වැනි වියළ මාධ්‍යයක් කටුසටහන් ඇඳීමේදී යොදාගනු ලැබේ. මිනිරන් පැන්සල් සාපේක්‍ෂව නව සොයාගැනීමක් වන අතර පුනරුද යුගයේ චිත‍්‍ර ශිල්පීන් කටු සටහන් ඇඳීම සඳහා යොදාගනු ලැබුවේ මිළ අධික රිදී කූරු විශේෂයකි. ඒවායින් ඇඳීම සඳහා ඒ සඳහාම සුවිශේෂී ලෙස සකස්කළ කඩදාසි විශේෂයක් භාවිතා කෙරුනු අතර පැන්සල් කටුසටහනකට සමාන කටුසටහනක් එමඟින් ලබාගත හැකිවිය. වඩා වියදුම් අඩු ක‍්‍රමවේදයන් ලෙස ගල් අඟුරු, රටහුණු හෝ තීන්ත සහ පෑන් එකල යොදාගනු ලැබිණ.

    ජනපි‍්‍රය පිලිගැනීම්වලට ප‍්‍රතිවිරුද්ධව යමින් බොහෝවිට චිත‍්‍ර ශිල්පීහු කටුසටහන් ඇඳීමේදී මකනයන් යොදාගනු ලැබේ. රළු රේඛාවන් මකා දැමීමට හෝ අඳින ලද රේඛාවන්හි පැහැය අඩු කිරීමට මෙසේ මකන යොදාගනු ලබයි.

    ලියනාඩෝ ඩා වින්චි සහ එඞ්ගාර් ඬේගාස් වැනි සිත්තරුන්ගේ කටුසටහන් පොත් පවා කලාකෘති ලෙසින් සැලකෙයි. කෙසේ වෙතත් ඒවායේ වැඩි වශයෙන් අන්තර්ගත වන්නේ සැබෑ කටුසටහන් වලට වඩා ඔවුන්ගේ පරිකල්පනීය අධ්‍යනයන්ය.

    කටුසටහනක් සතු හැඟීම් වේගවත්ව සටහන් කරගැනීමේ හැකියාව වර්තමාන සංස්කෘතිය තුල විවිධාකාර කාර්යයන් සඳහා යොදාගනු ලබයි. කාටූන් චිත‍්‍ර ශිල්පීහු මූලික වශයෙන් කටු සටහන් අඳින්නෝ වෙති. සැකකටයුතු පුද්ගලයින් හඳුනාගැනීම සඳහා පොලීසිය වැනි ආයතනයන්ද කටුසටහන් භාවිතා කරති. ජනපි‍්‍රය සංචාරක ආකර්ෂණයන් සහිත ස්ථානයන්හි සිටින වීදි සිත්තරුන් අතර විනාඩි කිහිපයකදී ආලේඛ චිත‍්‍රයන්ගේ කටු සටහන් නිර්මාණයකර දෙන්නෝද අනිවාර්යක් ලෙසින්ම සිටිති. ඡයාරූප ශිල්පයේදී කටුසටහන් ඇඳීමේ කි‍්‍රයාවලිය සිදුවන්නේ කළුවර කාමරයේ ඡයාරූප විවර්ධකය යොදාගනිමිනි. මෙහිදී ඍණ රූපය කටු සටහන ලබාගත යුතු කඩදාසිය මතට ප‍්‍රක්ෂේපනය කරනු ලැබේ. මුළු කඩදාසියම එකම ආලෝක තත්වයකට එනතුරු සියලූ ආලෝක සෙවණැලි ඉවත් කරනු ලැබේ.

    ‍කටු සටහන් පොත් වර්ග[සංස්කරණය කරන්න]

    කටු සටහන් පොත විවිධ හැඩ සහ ප්රවමාණයෙන්ද වවිධ ප්රටමානයේ කවර වලින් ද සහ පිටු සංක්ර‍ම වලින් වනස් වේ. කටු සටහන් පාත් මගින් ඇදීමේ කඩදාසි සපයන අතර එය පොතක පහසුකම ආකාරය වේ. කටුසටහන්පොත අවසන් වැඩ කලකරැවාලෙන් කලාකරැවාට වෙනස්වන අතකර, සමහර ඒවායේ සරල චිත්රස හා විශානල සටහන් සහ සමහර ඒවායේ වැඩකරන ලද ප්රසතිබිස්බ අඩංගු කාලයට අමතරව කලාකරැවන් ප්රහගතිය අංග ඔහු / ඇයගේ රටාව සහ කුසලතා සංවර්ධනය වැදගත් ව්. බෝහේ කලාකරැවන් කවර අලංකාර කිරිනේ ඔවුන්මගේ කටු සටහන් පොත පුද්ගලරෝපණය කරයි.

    බරවලින් වෙනස්වු (තහඩුවල ඝනත්වට අනුව) සහ දත්ත (මතුපිට ගෝරෝසු බව) භාවිතා කර වෙනස් ක්රෙමශිල්ප සදහා ඉඩ දෙන අතර එය පැන්සල් සිට දියසායම් පාට පැන්සල් පැන සහ තින්ත යනදි වශයෙන් වෙනස්වේ. සමහර කොළ විශේෂ එළතරා මුද්රාාව සදහා වඩාත් සුදුවේ. කටු සටහන් කොළ වවිධ වු වර්ණ සංයෝග කාර වලින් නිකුත් වන අතර ඒවා නියම සුදු පාට සිට කහ සහ අඩුවෙන් ඇති අළු පාටින් ද යුක්ත වේ. කටුසටහන් පොත බොහෝ විට නුතන කලාවන් නිරීපනය කිරිමට මෙන්ම ඓතිහාසික පුකෝක්ෂණ සදහා භාවිතා කරයි. දැනට ඉගි කරන සහ තාවවකාලික වාර්තා සැලසුම්කල අවසන් කල ඇති චිත්ර සිතුවම් හෝ ඇඹිම් වලට වඩා විධිමත් ලෙස දැකිය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=චිත්‍ර_කලාව&oldid=378784" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි