ක්‍රි.ව. 17 වැනි සියවසේ දර්ශනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

නවතම විද්‍යාවේත්, උසස් ගණිතයේත්, නිදහස් හෘද සාක්ෂියේත්, සංකලනය වීමෙන් පැන නැගුණ නූතන දර්ශනයේ ආරම්භය ඩෙකාට් ගේ සංශය (Doubt) නම් විධික්‍රමය මගින් ආරම්භ විය. "තේරුම් ගැනීමට නම් සංශය (අවිශ්වාස) කරන්න" යයි ඔහු නිර්භීතව පැවසීය.[1]ඔහුගේ මෙම විප්ලවීය සැකකිරීම (radical doubt) හුදු සැකකිරීමකින් පමණකින් නොනැවතී විධිමත් සන්දේහයක් (The Method of Doubt) ගොඩනගයි.

සංශය[සංස්කරණය]

අවිශ්වාස කරන්නේ කුමක්ද?[සංස්කරණය]

  • තමා ගේ සිට දෙවියන් දක්වා සෑම මතයක්ම.
  • ප්‍රත්‍යක්ෂයෙන් (ඉන්ද්‍රියන් මගින්) ලැබෙන සෑම ඥානයක්ම.
  • සෑම තර්කයක්ම.
  • නින්දේදී සහ අවදියේදී ලැබෙන අනුභූතීන්.
  • විද්‍යාඥයන්‍ ගේ සහ දර්ශනවාදීන් ගේ අදහස්.

එසේ අවිශ්වාස කරන්නේ මන්ද?[සංස්කරණය]

ශීත සෘතුවෙහි එක් දිනෙක තම ගිනි උදුන අසල වූ සිද්ධියකින් ලැබුණු අත්දැකීමක්, "අවිශ්වාසයෙහි" හෙවත් "සංශයෙහි" උපත විය.

එය නම්, උදුන සමීපයෙහි තිබි ඉටිකැබැල්ලක් වේගයෙන් උණුවී යාමයි. ප්‍රථමයෙන් ම ඉටි කැබෙල්ල හා සම්බන්ධව තිබි ප්‍රත්‍යක්ෂයන් වන වර්ණය, සුවද හා හැඩය වේගයෙන් වෙනස්ව ගියේය.

ඉටිකැබැල්ලක් යනු කුමක්ද? ඉටි කැබැල්ලක් පවතීද? පවතීනම් දියවූ පසු එයට කුමක් වීද? දියවූ ඉටි ඝනවීමේදී සෑදෙන්නේ පෙරවූ ඉටි කැබැල්ලමද? ඉටි කැබැල්ලක් සත්‍ය වශයෙන් නොපවතීද? එසේනම් ඉන්ද්‍රියයන් මඟින් ප්‍රත්‍යක්ෂකළේ කුමක්ද? (සමාන විස්තරයක් සඳහා බලන්න -පෙනීම හා තථ්‍යතාව)

මින් ඩෙකාට් නිගමනය කළේ, ක්ෂණයකින් වෙනස්වන ප්‍රත්‍යක්ෂමය අත්දැකීම් මත දර්ශනයක් ගොඩ නො නැගිය හැකි බවයි.

මේ ප්‍රත්‍යක්ෂයන් පිළිබදව ඩෙකාට් මෙසේ පවසයි. එනම් "මා දන්නා අන්දමට මේවා සමහරවිට අප රවටති."[2] යනුයි. එමනිසා ප්‍රත්‍යක්ෂමය ඥානය පරම නියත ස්වරූපයෙන් යුතු යැයි අවිශ්වාසයෙන් තොරව පිළිගත නොහැක. මේ හේතු කොට ගෙන ප්‍රත්‍යක්ෂමය ඥානය, දර්ශනයේ නියත පදනම විය නොහැක.[3]එබැවින් ඩෙකාට් කිසිසේත් සැකකළ නොහැකි මූලික ප්‍රස්තූතයක් සොයාගනී. එයනම් "මා සිතමි, එබැවින් මම වෙමි" යන්නයි.

බුද්ධිවාදීන්[සංස්කරණය]

රෙනෙ ඩෙකාට් (දෙකාර්ත්)[සංස්කරණය]

නූතන බටහිර දර්ශනයේ ආරම්භකයා ලෙස ප්‍රංශජාතික දාර්ශනික රෙනෙ ඩෙකාට් (1596-1650) - René Descartes සලකනු ලැබේ.

ඔහුගේ දර්ශනය තුළ ප්‍රධාන පිළිගැනීම් දෙකකි.

පළමුව හේ ශරීරය සෑදීඇත්තේ නාම හා රූප යන්ගෙන් ය යන්න බැහැරකරයි.

දෙවනුව හේ මරණයෙන් -ස්වහාවික හෝ දිව්‍යමය - සියල්ල අවසන් වේ යැයි පිළිනොගනී.[4]

ඔහුගේ සුප්‍රසිද්ධ දාර්ශනික ප්‍රකාශය වන්නේ "මා සිතමි, එබැවින් මම වෙමි" යන්නය.[5]

ලයිබ්නිට්ස්[සංස්කරණය]

"පූර්වවිහිත ආනුරූප්‍යය" - ලෝකය සකස්වීමේදී කිසියම් නියත ක්‍රමයක් ඇතිබව.

ස්පිනෝසා[සංස්කරණය]

බුද්ධිවාදීහු හුදු තර්කමය බුද්ධිය ඇසුරෙන් සත්‍යය දැනගත හැකියයි විශ්වාස කළහ.

අනුභූතිවාදීන් තිදෙනෙක්:[සංස්කරණය]

ජෝන් ලොක්[සංස්කරණය]

බාහිර ලෝකය ඇසුරින් ලැබෙන අනුභූතින් ඇසුරින් අපි ඥානය ලබා ගනිමු.

උදා: රෝස මල: වර්ණය, ස්පර්ශය හා සුවද යන කරුණු එක්වීමෙන් රොසමල යන අදහස ඇතිවේ. මෙහි මූලික සංකල්ප (සරල සංකල්ප) කීපයක් එකතුවීමෙන් "සංකීර්ණ" සංකල්පයක් වේ. සරල සංකල්ප සංජානනය මගින් ලබාගනී.

සරල සංකල්ප දක්වා විශ්ලේෂණය කළ නොහැකි යම් සංකල්පයක් වේ නම්, එය අර්ථ ශුන්‍ය වූවකැයි ලෝක් නිගමනය කළේය.

ජෝර්ජ් බර්ක්ලේ[සංස්කරණය]

ද්‍රව්‍යයන් වැනි දේ අපේ අනුභූතියට ලක් නොවේ. අපට ප්‍රත්‍යක්ෂ වන්නේ ලක්ෂණ සමූහයක් පමණි. මලක සුවද වැන්නක් අනුභූතියෙන් තොරව පැවැතිය නොහැක. ඒවා පවතින්නේ ප්‍රත්‍යක්ෂ කරන විට පමණි. අපේ අනුභූතියෙන් පිටස්තර වූ ලෝකයක් මේ නිසා තිබිය නොහැක. "ද්‍රව්‍ය යනු සැබැවින්ම අදහස් රාශියක එකතුවක් පමණකි".[6]

ඒ අනුව බාහිර ලෝකයක් කියා දෙයක් පවතින්නේ කෙනෙකුගේ මනසෙහි පමණක් යැයි නිගමනය වේ.

ඩේවිඩ් හියුම්[සංස්කරණය]

හේතුව හා ඵලය අතර අවශ්‍ය සම්බන්ධයක් නොපෙනේ. හෙවත් එක් සිද්ධියක් මුලින් ඇතිවේ, ඊට පසුව තවත් සිද්ධියක් ඇතිවේ. අපේ අනුභූතියට ප්‍රත්‍යක්ෂ වන්නේ එපමණකි. එම සිද්ධි දෙක අතර අවශ්‍ය සම්බන්ධයක් ඇත්තේ යැයි අපි සිතන්නේ නම් එය හුදු මනඃකල්පිතයක් පමණි.

ආත්මයක් තිබේදැයි බැලීමට 'අන්තර් අවලෝකනය' හෙවත් අපේ සිත තුළටම නැඹුරු වී බැලිය යුතුය. එසේ බැලූවිට අදහස් සිතුවිලි හා විවිධ චිත්තරූප ආදියට අමතරව යමක් නොපෙනේ. එහෙයින් ආත්මයක් නැත.

ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. The first was never to accept anything for true which I did not clearly know to be such; that is to say, carefully to avoid precipitancy and prejudice, and to comprise nothing more in my judgment than what was presented to my mind so clearly and distinctly as to exclude all ground of doubt."
  2. The Method. Meditations and Selections. (op. cit.) p.98
  3. ඒ.ඩී.පී. කලන්සූරිය. නූතන බටහිර දර්ශනය. පිටුව 20
  4. two major points: First, he rejects the splitting of corporeal substance into matter and form; second, he rejects any appeal to final ends—divine or natural—in explaining natural phenomena. -Carlson, Neil R. (2001). Physiology of Behavior. Needham Heights, Massachusetts: Pearson: Allyn & Bacon. p. 8. ISBN 0-205-30840-6.
  5. His best known philosophical statement is "Cogito ergo sum" (French: Je pense, donc je suis; I think, therefore I am), found in part IV of Discourse on the Method (1637 – written in French but with inclusion of "Cogito ergo sum") and §7 of part I of Principles of Philosophy (1644 – written in Latin).
  6. බ්‍රර්ට්‍රන් රසල්, දර්ශනවාදයේ ගැටලු, පරි. රාණි සේනාරත්න රාජපක්ෂ,