එක්සත් ජනපද ජනාධිපති ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
ධවල මන්දිරය, ජනාධිපතිවරයාගේ නිල නිවහන සහ පරිපාලන කේන්ද්‍රය

එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදී, එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා යනු එක්සත් ජනපදයෙහි රාජ්‍ය නායකයා සහ රජයේ ප්‍රධානියා වෙයි. විධායක ශාඛාවෙහි ප්‍රධානියා සහ සමස්තයක් ලෙසින් ෆෙඩරල් රජයේ ප්‍රධානියා ලෙසින්, ජනාධිපතිධූරය යනු බලපුළුවන්කම හා පිළිගැනුම අතින් එක්සත් ජනපදයෙහි උසස්තම දේශපාලන තනතුර වෙයි. සිව්-වසරක ධූර කාලසීමාවකට මැතිවරණමය පර්ෂදයක් මගින් (හෝ එක් පුද්ගලයෙකුට ඡන්ද අතුරින් පරම බහුතරයක් ලබා දීමට මැතිවරණ පර්ෂදය අසමත්වූ අවස්ථාවකදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින්) වක්‍රාකාර ලෙසින් ජනාධිපතිවරයා තෝරා පත් කර ගනු ලැබේ. 1951දී එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා විසි-දෙවන සංශෝධනය අපරානුමත කිරීමෙන් පසුව, කිසිම පුද්ගලයෙක් ජනාධිපති වශයෙන් දෙවතාවකට වැඩි වාර ගණනක් තේරී පත්විය නොහැකි අතර, වෙන යම් අයෙකු තේරී පත්වූ ධූර කාලයක වැඩ බැලීම වසර දෙකකට වඩා වැඩි කාලයක් සිදු කල පුද්ගලයෙක් එක් වතාවකට වඩා වැඩි වාර ගණනක් තේරී පත්විය නොහැක. .[1] ධූරන්ධර ජනාධිපතිවරයා මියයෑම, ඉල්ලා අස් වීම හෝ, තනතුරෙන් බැහැර කිරීම යන අවස්ථා වලදී, උප ජනාධිපතිවරයා තනතුරට පත් වෙයි. ජනාධිපතිවරයා අඩුම වශයෙන් වසර 35 ක වයසින් යුතු විය යුතු අතර එක්සත් ජනපදයෙහි "උපතින්ම රටවැසිභාවය" ලැබූවකු විය යුතුයි.

මෙම ලැයිස්තුවෙහි අඩංගු වන්නේ, 1789 මාර්තු 4 වන දින බලාත්මකවූ එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපරානුමත කිරීමෙන් පසුව, ජනාධිපති ධූරයේ දිවුරුම් දුන් පුද්ගලයන් පමණි . මෙම අපරානුමත කිරීමට පෙර සිටි ඇමරිකානු නායකයන් සඳහා කොන්ටිනෙන්ට්ල් කොංග්‍රසයේ ජනාධිපතිවරු බලන්න. [2] එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා විසි-පස් වන සංශෝධනය පරිදී පත් කෙරුණු වැඩබලන ජනාධිපතිවරුන් අතුරින් කිසිවකු මෙම ලැයිස්තුවෙහි අඩංගු නොවෙති.

ධූර ප්‍රාප්තව දිවුරුම් දුන් පුද්ගලයන් 43 දෙනෙකු සිටි අතර, ජනාධිපති ධූර 44 ක් තිබුණේ, ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ් විසින් අනුගාමී-නොවන ධූර වාර දෙකක් හෙබවූ බැවින් 22වන හා 24වන ජනාධිපති ලෙසින් කාලානුරූපව සැලකෙන බැවිනි. ජනාධිපති වශයෙන් තේරී පත්වූ පුද්ගලයන් අතුරින්, සතරදෙනෙකු ධුරය හොබවද්දී ස්වභාවික හේතු නිසාවෙන් මිය ගිය අතර (විලියම් හෙන්රි හැරිසන්,[3] සැකරි ටේලර්,[4] වොරන් ජී. හාඩිං,[5] සහ ෆ්‍රැන්ක්ලින් ඩී. රෝසවෙල්ට්), සතරදෙනෙක් ඝාතනය කෙරුණු අතර (ඒබ්‍රහැම් ලින්කන්,[6] ජේම්ස් ඒ. ගාෆීල්ඩ්,[6][7] විලියම් මැක්කින්ලි,[8] සහ ජෝන් එෆ්. කෙනඩි) එක් අයෙකු ඉල්ලා අස්විය (රිචඩ් නික්සන්).[9]

මැතිවරණමය පර්ෂදයෙහි ඒකඡන්ද අනුමැතිය අනුව, ප්‍රථම ජනාධිපති ජෝර්ජ් වොෂිංටන් 1789 දී ධූර සම්ප්‍රාප්තක විය. විලියම් හෙන්රි හැරිසන් 1841දී කෙටිම ධූර කාලයවූ දින 32 ක් හෙබවූ අතර, ෆ්‍රැන්ක්ලින් ඩී. රෝසවෙල්ට් වසර දොළොසකට වඩා වැඩිවූ දීර්ඝතම ධූර කාලය හෙබවූ මුත් 1945දී ඔහුගේ සතරවන ධූර කාලය ඇරඹී කෙටි කලකින් මිය ගියේය. ධූර වාර දෙකකට වඩා සේවය කල එකම ජනාධිපතිවරයා වූයේ ඔහු වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කර ගනු ලැබුවේ මෙය නැවත සිදු වීම වලක්වා ලීම සඳහාය. ඉඩම්-හිමි-නොවන්නන් ඡන්දය දීමෙන් වලකන බොහෝ නීති 1828 දී අවලංගු කිරීමෙන් පසුව සියළු පංති වල පුරුෂයන් විසින් තෝරා පත් කර ගන්නා ලද පළමුවැන්නා, සත්වන ජනාධිපති ඇන්ඩෲ ජැක්සන් විය. 1920දී කාන්තාවන් ඡන්ද ප්‍රකාශ කිරීමේ හිමිකම් ලැබීමෙන් පසු තේරී පත්වූ පළමු වැන්නා වොරන් හාඩිං විය. සිවිල් අයිතිවාසිකම් යුග ප්‍රතිසංසකරණ තුලින් සුළුතර ඡන්ද මර්දනය කල නීති ඉවත් කිරීමෙන් පසුව 1964දී තේරී පත්වූ පළමුවැන්නා ලින්ඩන් ජොන්සන් විය. ජනවරම නොලැබුනද මැතිවරණමය පර්ෂදය තුල ලද ජයග්‍රහණය නිසා පදවි ප්‍රාප්ත වූ ජනාධිපතිවරුන් සතරදෙනෙක් - ජෝන් කිවු. ඇඩම්ස්, රදර්ෆර්ඩ් බී. හේස්, බෙන්ජමින් හැරිසන් සහ ජෝර්ජ් එච්. ඩබ්. බුෂ් - පිළිබඳ ඉතිහාසයේ සඳහන් වෙයි. රෝමානු කතෝලික ලම්ධිකයෙක්වූ එකම ජනාධිපතිවරයා ජෝන් එෆ්. කෙනඩි වූ අතර, වර්තමාන ජනාධිපති, බැරක් ඔබාමා, අප්‍රිකානු ඇමරිකානුවකු වන පළමු ජනාධිපති වෙයි.[10]


ජනාධිපතිවරු[සංස්කරණය]

      අනුබද්ධ-විරහිත (2)            ෆෙඩරලිස්ට් (1)            ඩිමොක්‍රටික්-රිපබ්ලිකන් (4)           ඩිමොක්‍රටික්] (15)           විග් (4)           රිපබ්ලිකන් (19)           නැෂනල් යූනියන් (2)
ජනාධිපති ධුරය[lower-alpha 1] ජනාධිපතිවරයා පෙර නිලය [lower-alpha 2] පක්ෂය[lower-alpha 3] ධූර වතාව[lower-alpha 4] උප ජනාධිපතිවරයා
1 අප්‍රේල් 30, 1789
[lower-alpha 5]

මාර්තු 4, 1797
ජෝර්ජ් වොෂිංටන්
1732–1799
(දිවි ගෙවීම: 67 වසර)
[11][12][13]
කොන්ටිනෙන්ටල්
යුද්ධ හමුදාවෙහි
ආඥාපතිවරයා

(1775–1783)
  අනුබද්ධ-නොමැති
[14]
(1788–89)
1
(1789)
ජෝන් ඇඩම්ස්
[lower-alpha 6][lower-alpha 7]
(1792)
2
(1793)
2 මාර්තු 4, 1797

මාර්තු 4, 1801
ජෝන් ඇඩම්ස්
1735–1826
(දිවි ගෙවීම: වසර 90)
[15][16][17]
එක්සත් ජනපදයෙහි
පළමුවන උප ජනාධිපතිවරයා
ෆෙඩරලිස්ට් (1796)
3
(1797)
තෝමස් ජෙෆර්සන්
[lower-alpha 8]
3 මාර්තු 4, 1801

මාර්තු 4, 1809
තෝමස් ජෙෆර්සන්
1743–1826
(දිවි ගෙවීම: වසර 83)
[18][19][20]
එක්සත් ජනපදයෙහි
2වන උප ජනාධිපතිවරයා
ඩිමොක්‍රටික්-
රිපබ්ලිකන්
(1800)
4
(1801)
ඒරන් බර්
මාර්තු 4, 1801මාර්තු 4, 1805
(1804)
5
(1805)
ජෝර්ජ් ක්ලින්ටන්
මාර්තු 4, 1805මාර්තු 4, 1809
4 මාර්තු 4, 1809

මාර්තු 4, 1817
ජේම්ස් මැඩිසන්
1751–1836
(දිව ගෙවීම: වසර 85)
[21][22][23]
එක්සත් ජනපදයෙහි
පස්වන රාජ්‍ය ලේකම්

(1801–1809)
ඩිමොක්‍රටික්-
රිපබ්ලිකන්
(1808)
6
(1809)
ජෝර්ජ් ක්ලින්ටන්
මාර්තු 4, 1809අප්‍රේල් 20, 1812
(නිලයේදී මිය ගියේය)
නිලය හිස්ව පැවතිණි
(ක්ලින්ටන්ගේ ධූර කාලයෙහි ඉතිරිය)
(1812)
7
(1813)
එල්බ්‍රිජ් ජෙරී
මාර්තු 4, 1813නොවැම්බර් 23, 1814
(නිලයේදී මිය ගියේය)
නිලය හිස්ව පැවතිණි
(ජෙරීගේ ධූර කාලයෙහි ඉතිරිය)

සටහන්[සංස්කරණය]

  1. යම් පුද්ගලයෙකුගේ අඛණ්ඩ සේවා කාලසීමාවන් අනුව ජනාධිපතිවරුන් නම් කර ඇත. නිදසුනක් වශයෙන්, ජෝර්ජ් වොෂිංටන් විසින් අනුයාත ධූර වාර දෙකක් දරා ඇති අතර ඔහු ගණන් ගෙන ඇත්තේ පළමුවන ජනාධිපතිවරයා (පළමුවන සහ දෙවන ජනාධිපතිවරයා ලෙසින් නොව) වශයෙනි. 37වන ජනාධිපතිවරයා වූ රිචඩ් නික්සන්ගේ ඉල්ලා අස්වීම සිදුවූ විට, ජෙරල්ඩ් ෆෝඩ් විසින් නික්සන්ගේ දෙවන ධූර කාලයෙහි ඉතිරි කාලසීමාවෙහි ධූරය දැරුවා මිස ජනාධිපති ධූරය සඳහා කිසිවිටෙක තේරී පත් නොවූවත් 38වන ජනාධිපතිවරයා ලෙසින් සැලකෙයි. ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ් යනු, 22වන සහ 24වන ජනාධිපතිවරයා වූයේ ඔහුගේ ධූර කාලයන් දෙක අනුයාත නොවූ බැවිනි. විසිපස්වන සංශෝධනය යටතේ තාවකාලික වශයෙන් වැඩබලන ජනාධිපතිවරයා වන උප ජනාධිපතිවරයෙන් මෙම ලැයිස්තුව තුල ගණන් නොගැනෙන්නේ එවැනි කාලයක් තුල ජනාධිපතිවරයා විසින් ධූරය හොබවනු ලබන බැවිනි.
  2. මෙහි ලැයිස්තුගත කර ඇත්තේ, ජනාධිපති ධූරය හෙබවීමට පෙර කිසියම් පුද්ගලයෙකු විසින් දැරූ වඩාත්ම මෑත නිලය (එ.ජ. රජයෙහි, ෆෙඩරල් රජයෙහි, හෝ පෞද්ගලික සංස්ථාවක) වෙයි.
  3. ඉහතදී ගණන් ගෙන ඇති ජනාධිපතිවරුන් තිදෙනෙක් බහුවිධ දේශපාලන අනුබද්ධ සහිත වෙති: ජෝන් ටයිලර් (විග්, අනුබද්ධ විරහිත), ඒබ්‍රහම් ලින්කන් (රිපබ්ලිකන්, නැෂනල් යූනියන්), සහ ඇන්ඩ්‍රෑ ජොන්සන් (නැෂනල් යූනියන්, ඩිමොක්‍රටික්).
  4. මෙහි ලැයිස්තුගත කර ඇත්තේ සහ ගණන් ගෙන ඇත්තේ ජනාධිපතිධූරයක් දැරීම හා අදාළ වන්නාවූ මැතිවරණයන් සහ පදවි ප්‍රාප්තයන් වෙති.
  5. සංවිධානාත්මක ප්‍රමාදයන් නිසා, නව ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව ප්‍රකාර ෆෙඩරල් රජයෙහි කාර්යයන් ඇරඹීම සඳහා නියම කර තිබුණු දිනය වූ 1789, මාර්තු 4 වන දිනදී පදවිප්‍රාප්ත වෙනවා වෙනුවට, වොෂිංටන්ගේ පළමුවන පදවිප්‍රාප්තිය සිදු වූයේ එක් මසකුත් දින 26 කට පසු එළැඹි දිනයකදීය. මෙහි ප්‍රතිඵලයක් ලෙසින්, ඔහුගේ පළමු ධූර කාලය, දින 1,404 පමණක් දිගු වූ අතර (සාමන්‍ය දිගුව විය යුතු 1,461 හා සැසඳීමෙහිදී), එබැවින් සම්පූර්ණ ධූර කාලය දැරූ එ.ජ. ජනාධිපතිවරයෙකුගේ කෙටිම ධූර කාලය එය විය.
  6. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1787 වසරෙහිදී කෙටුම්පත් කරද්දී සහ 1788 වසරෙහිදී අපරානුමත කරද්දී දේශපාලන පක්ෂ ඇතිවෙයිද යන්න බලාපොරොත්තු නොවූ අතර, 1788–89 කාලයෙහිදී පළමුවන ජනාධිපතිවරණය පැවැත්වෙත්දී එවැනි පක්ෂ තිබුණේද නැත. වොෂිංටන්ගේ පළමුවන ධූර කාලය තුලදී එම පක්ෂ ගොඩනැගුණු විට, ඇඩම්ස් බැඳුනේ පසුව ෆෙඩරලිස්ට් පක්ෂය බවට පත්වූ පාර්ශවය වෙතය. 1792 වසරෙහිදී පැවැත්වුණු මැතිවරණය, එක්සත් ජනපදය තුල පක්ෂවාදී පදනමක ස්වරූපයක් ගත් බවට සැලකිය හැකි පළමුවන මැතිවරණය විය.
  7. සංවිධානාත්මක ප්‍රමාදයන් නිසා, ඇඩම්ස් විසින් නිල කාලය ඇරඹුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව ප්‍රකාර නව රජයෙහි කාර්යයන් ඇරඹීම සඳහා නියම කර තිබුණු දිනය වූ 1789, මාර්තු 4 වන දින සිට එක් මසකුත් දින 17 කට පසුව එළැඹි දිනයකදීය. මෙහි ප්‍රතිඵලයක් ලෙසින්, ඔහුගේ පළමු ධූර කාලය, දින 1,413 පමණක් දිගු වූ අතර එබැවින් සම්පූර්ණ ධූර කාලය දැරූ එ.ජ. උප ජනාධිපතිවරයෙකුගේ කෙටිම ධූර කාලය එය විය.
  8. තරග වැදීමෙන් ජනාධිපතිවරයා තෝරා ගත් පළමුවන ඇමරිකානු ජනාධිපතිවරණය වූයේ 1796 ජනාධිපතිවරණය වූ අතර ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා එකිනෙකට විරුද්ධ පක්ෂ වලින් තේරී පත්වූ එකම ජනාධිපතිවරණය විය. ෆෙඩරලිස්ට් පක්ෂයේ ජෝන් ඇඩම්ස් ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වූ අතර, ඩිමොක්‍රටික්-රිපබ්ලිකන් පක්ෂයේ ජෙෆර්සන් උප ජනාධිපතිවරයා ලෙසින් තේරී පත් විය.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ද කන්ස්ටිට්‍යුෂන්: ඇමෙන්මන්ඩ්ස් 11–27". එ.ජ. ජාතික ලේඛනාරක්ෂක හා ලේඛන පරිපාලනය. සම්ප්‍රවේශය ඔක්කොම්බර් 1, 2008. {{cite web}}: Check date values in: |accessdate= (help)
  2. "එක්සර්ප්ට්ස් ෆ්‍රොම් "ෆොර්ගොට්න් ප්‍රසිඩන්ට්ස් " - ද පේට්‍රියොට්ස් හෑන්ඩ්බුක්, රචනය ජෝර්ජ් ග්‍රාන්ට්". Harrold.org. සම්ප්‍රවේශය අගෝස්තු 8, 2011.
  3. Cleaves 1939, p. 152
  4. ඉන්ගර්සොල්, ජාරෙඩ්. "ඩෙත් ඔෆ් ද ප්‍රසිඩන්ට්". වර්ජිනියා විශ්වවිද්‍යාලයීය මහජන කටයුතු සඳහා වන මිලර් මධ්‍යස්ථානය. සම්ප්‍රවේශය නොවැම්බර් 2, 2010.
  5. රසල්, ෆ්‍රැන්සිස් (1962). ද ෂැඩෝ ඔෆ් බ්ලූමිං ග්‍රෝව්— වොරන් ජී. හාඩිං ඉන් හිස් ටයිම්ස්. ඊස්ටන් ප්‍රෙස්. p. 591. ISBN ISBN 0070543380. {{cite book}}: Check |isbn= value: invalid character (help)
  6. 6.0 6.1 මාටින්, පෝල් "ලින්කන්ස් මිසිං බොඩිගාඩ්" සංරක්ෂණය කළ පිටපත 2013-12-29 at the Wayback Machine, ස්මිත්සෝනියන් මැගසින්, අප්‍රේල් 8, 2010, සම්ප්‍රෙව්ශය නොවැම්බර් 15, 2010
  7. Donald (1996), p. 597.
  8. "බිග් බෙන් පාකර් ඇන්ඩ් ප්‍රසිඩන්ට් මැක්කින්ලිස් ඇසැසිනේෂන්". Math.buffalo.edu. සම්ප්‍රවේශය අගෝස්තු 8, 2011.
  9. "නික්සන් රිසයින්ස්". ද වොෂිංටන් පෝස්ට්. http://www.washingtonpost.com/wp-srv/politics/special/watergate/part3.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය දෙසැම්බර් 31, 2008. 
  10. "ඔබාමා වින්ස් හිස්ටොරික් යූඑස් ඉලෙක්ෂන්". බීබීසී. නොවැම්බර් 5, 2008. http://news.bbc.co.uk/1/hi/world/americas/us_elections_2008/7709978.stm. සම්ප්‍රවේශය කෙරුණු දිනය නොවැම්බර් 5, 2008. 
  11. "ජෝර්ජ් වොෂිංටන්". whitehouse.gov. මාර්තු 12, 2007. සම්ප්‍රවේශය ජනවාරි 22, 2017.
  12. "ජෝර්ජ් වොෂිංටන්". History.com. ඒඇන්ඩ්ඊ& නෙට්වර්ක්ස්. සම්ප්‍රවේශය ජනවාරි 18, 2017.
  13. "ලයිෆ් පෝට්‍රේට් ඔෆ් ජෝර්ජ් වොෂිංටන්". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්ස්. C-SPAN. සම්ප්‍රවේශය මාර්තු 6, 2016.
  14. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; GWpps නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  15. "ජෝන් ඇඩම්ස්". whitehouse.gov. මාර්තු 12, 2007. සම්ප්‍රවේශය ජනවාරි 22, 2017.
  16. "ජෝන් ඇඩම්ස්". හිස්ට්‍රි. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2016.
  17. "ලයිෆ් පෝට්‍රේට් ඔෆ් ජෝන් ඇඩම්ස්". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝ‍ට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය මාර්තු 6, 2016.
  18. "තෝමස් ජෙෆර්සන්". whitehouse.gov. මාර්තු 12, 2007. සම්ප්‍රවේශය ජනවාරි 22, 2017.
  19. "තෝමස් ජෙෆර්සන්". History.com. ඒඇන්ඩ්ඊ නෙට්වර්ක්ස්. සම්ප්‍රවේශය ජනවාරි 18, 2017.
  20. "ලයිෆ් පෝට්‍රෙට් ඔෆ් තෝමස් ජෙෆර්සන්". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේට්. C-SPAN. සම්ප්‍රවේශය මාර්තු 6, 2016.
  21. "ජේම්ස් මැඩිසන්". whitehouse.gov. මාර්තු 12, 2007. සම්ප්‍රවේශය ජනවාරි 22, 2017.
  22. "ජේම්ස් මැඩිසන්". History.com. ඒඇන්ඩ්ඊ නෙට්වර්ක්ස්. සම්ප්‍රවේශය ජනවාරි 18, 2017.
  23. "ලයිෆ් පෝට්‍රේට් ඔෆ ජේම්ස් මැඩිසන්". ඇමරිකන් ප්‍රසිඩන්ට්ස්: ලයිෆ් පෝට්‍රේය්. C-SPAN. සම්ප්‍රවේශය මාර්තු 6, 2016.


බාහිර සබැඳි[සංස්කරණය]