තෝමස් ජෙෆර්සන්
තෝමස් ජෙෆර්සන් | |
---|---|
![]() | |
3 වැනි ඇමෙරිකන් ජනාධිපති ඇමෙරිකන් ජනාධිපතිවරු | |
පදවිය දැරීම 1801 මාර්තු 4 – 1809 මාර්තු 4 | |
උප ජනාධිපති | ඒරන් බ ජෝර්ජ් ක්ලින්ටන් |
පූර්වප්‍රාප්තිකයා | ජෝන් ඇඩම්ස් |
අනුප්‍රාප්තිකයා | ජේම්ස් මැඩිසන් |
2 වැනි ඇමෙරිකන් උප ජනාධිපති ඇමෙරිකන් උප ජනාධිපතිවරු | |
පදවිය දැරීම 1797 මාර්තු 4 – 1801 මාර්තු 4 | |
President | ජෝන් ඇඩම්ස් |
පූර්වප්‍රාප්තිකයා | ජෝන් ඇඩම්ස් |
අනුප්‍රාප්තිකයා | ඒරන් බ |
1 වැනි ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරු | |
පදවිය දැරීම 1790 මාර්තු 22 – 1793 දෙසැම්බර් 31 | |
President | ජෝර්ජ් වොෂිංටන් |
පූර්වප්‍රාප්තිකයා | ජෝන් ජේ (වැඩ බලන) |
අනුප්‍රාප්තිකයා | එඩ්මන්ඩ් රැන්ඩොල්ෆ් |
[[එක්සත් ජනපදය Ambassador to සැකිල්ල:CountryPrefixThe|එක්සත් ජනපදය Minister to සැකිල්ල:CountryPrefixThe]] | |
පදවිය දැරීම May 17, 1785 – September 26, 1789 | |
Appointed by | ෆෙඩරලීකෘත කොංග්‍රසය |
පූර්වප්‍රාප්තිකයා | බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් |
අනුප්‍රාප්තිකයා | ඇමෙරිකන් තානාපති විලියම් ෂෝර්ට් |
ෆෙඩරලීකෘත කොංග්‍රසය වර්ජීනියා ප්‍රාන්තය නියෝජනය | |
පදවිය දැරීම 1783 නොවැම්බර් 3 – 1784 මැයි 7 | |
පූර්වප්‍රාප්තිකයා | ජේම්ස් මැඩිසන් |
අනුප්‍රාප්තිකයා | රිචඩ් හෙන්රි ලී |
2 වැනි | |
පදවිය දැරීම 1779 ජූනි 1 – 1781 ජූනි 3 | |
පූර්වප්‍රාප්තිකයා | පැට්රික් හෙන්රි |
අනුප්‍රාප්තිකයා | විලියම් ෆ්ලෙමින්ග් |
දෙවැනි මහාද්වීප කොංග්‍රසය වර්ජීනියා ප්‍රාන්ත නියෝජනය | |
පදවිය දැරීම 1775 ජූනි 20 – 1776 සැප්තැම්බර් 26 | |
පූර්වප්‍රාප්තිකයා | ජෝර්ජ් වොෂිංටන් |
අනුප්‍රාප්තිකයා | ජෝන් හාර්වි |
පුද්ගලික තොරතුරු | |
උපත | අප්‍රේල් 13, 1743 Shadwell, Colony of Virginia |
මරණය | July 4, 1826 චාලට්ස්විල්, වර්ජීනියා | (වයස 83)
තැන්පත් කල ස්ථානය | මොන්ටිචෙලෝ චාලට්ස්විල්, වර්ජීනියා |
දේශපාලන පක්ෂය | ඩෙමොක්‍රැටික් රිපබ්ලිකන් පක්ෂය |
කලත්‍රයා(යන්) | මාර්තා ජෙෆර්සන් |
දරුවන් | මාර්තා ජේන් මේරි ලූසි ලූසි එලිසබෙත් |
නිවහන | මොන්ටිචෙලෝ පොප්ලර් ෆොරස්ට් |
උගත් ශාස්ත්‍රාලය | College of William and Mary |
වෘත්තිය | වතු වැවිලිකරු නීතීඥ විශ්ව විද්‍යාල පරිපාලක |
අත්සන | ![]() |
තෝමස් ජෙෆර්සන් ඇමෙරිකාවේ තුන්වැනි ජනාධිපතිවරයා ය. ඔහු ඇමෙරිකාවේ ආදීපීතෘවරයෙක් ද වෙයි. ඇමෙරිකන් නිදහස් ප්‍රකාශනයේ ප්‍රධාන කතුවරයා ද වෙයි. ඇමෙරිකන් විප්ලවීය යුද්ධය මුල දී ඔහු මහාද්වීප කොංග්‍රසයේ සේවය කළේ වර්ජීනියාවේ නියෝජිතවරයෙක් ලෙසිනි. අනතුරුව ඔහු යුද්ධ පැවති සමයේ වර්ජීනියාවේ ආණ්ඩුකාරයා ලෙසින් ද සේවය කළේය. යුද්ධයේ අවසානයත් සමඟ ප්‍රංශයේ පැරිස් නුවර රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙසින් සේවයට ගියේය. 1785 දී හේ ප්‍රංශයට පත්වීම් ලද එක්සත් ජනපද ඇමතිවරයා වෙයි. ජෙෆර්සන් එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්වරයා වශයෙන් සේවය කරන්නේ 1790 සිට 1793 දක්වා ප්‍රථම ජනාධිපති ජෝර්ජ් වොෂිංටන් යටතේ ය. සිය කුළුපග මිතුරා වූ ජේම්ස් මැඩිසන් සමඟින් ඔහු ඩෙමොක්‍රැටික්-රිපබ්ලිකන් පක්ෂය සංවිධානය කරන ලද්දේ ය. අනතුරුව හේ වොෂිංටන්ගේ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්විය. 1796 දී උප ජනාධිපතිවරයා ලෙසින් තේරී පත් වූයේය. ඔහු 1801 මාර්තු 4 වැනි දා ඇමෙරිකාවේ තුන්වැනි ජනාධිපතිවරයා ලෙසින් පත්විය.
පුද්ගලික තොරතුරු[සංස්කරණය]
තෝමස් ජෙෆර්සන් උපන්නේ 1743 අප්‍රේල් 13 වැනි දින වර්ජීනියාවේ ෂැඩ්වෙල් නම් වතු වැවිලිකරයේය. ඔහු උපන් ස්ථානය 1770 ගින්නක දී දැවී යන ලදි. වයස අවුරුදු 9 සිට 14 දක්වා ඔහු නොර්තම් හි සෙන්ට් ජේම්ස් දේවස්ථානයේ පූජ්‍ය විලියම් ඩග්ලස් නම් වූ දේව ධර්ම ආචාර්යවරයෙකු වෙතිනි. වයස 14 සිට 16 දක්වා ඔහු ෆ්‍රෙඩරික්ස්විල් හි පූජ්‍ය ජේම්ස් මෝරි පාසැලේ අධ්‍යාපනය හදාරයි. ඉන්ග්ලිස් නම් මහත්මයෙක් යටතේ ඔහු නර්තනය හදාරයි. 1760 දී ඔහු විලියම් ඇන්ඩ් මේරි විශ්ව විද්‍යාලයේ විද්‍යාව, ගණිතය, වාග් කෞශල්‍ය, දර්ශනය, සාහිත්‍යය යනාදී විෂයයන් වසර දෙකක කාලයක් අධ්‍යයනය කළේය. ඔහු දිනකට පැය 15 ක් පමණ අධ්‍යාපන කටයුතු සඳහා වෙන් කරන ලද සිසුවෙක් සේ සඳහන් වෙයි. විශ්ව විද්‍යාලයේ සිටි සමයේ ඔහු "පැතලි තොප්පි" නමින් වූ සමාජයීය සබඳතා සඳහා වූ සමාජයක සාමාජිකයෙක් විය. 1762 සිට 1767 දක්වා කාලයේ දී ජෙෆර්සන් නීති ශාස්ත්‍රය හැදෑරුවේ ජෝර්ජ් වයත් යටතේ ය. පස් අවුරුදු නීතීඥ පුහුණුවක් ලැබීම එකළ සාමාන්‍ය සිරිත විය. 1767 දී ඔහු වර්ජීනියාවේ නීතීඥවරයෙක් වශයෙන් රැකියාව ආරම්භ කරන ලදි. අඩි 6 ක් සහ අඟල් 2 1/2 ක උසින් යුතු වූ තෝමස් ජෙෆර්සන් සිහින් සිරුරකින් යුතු වූයෙකි.
මූලාශ්‍ර[සංස්කරණය]
- http://en.wikipedia.org/wiki/Thomas_Jefferson
- The Complete Book of U. S. Presidents, 5th Edition, William A. DeGregorio, Gramacy Books, New York, 2002