Jump to content

මැතිවරණමය පර්ෂදය (එක්සත් ජනපදය)

විකිපීඩියා වෙතින්
2024 වසරෙහිදී පැවැත්වුණු සහ 2028 වසරෙහි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන්, 2020 සංගණනය පදනම් කර ගෙන අනුයුක්ත සම්පූර්ණ ඡන්ද සංඛ්‍යාව වන 538 අතුරින්, එක් එක් ජනපදය සහ වොෂිංටන්, ඩී.සී. සඳහා අනුයුක්ත කෙරී ඇති පර්ෂද ඡන්ද සංඛ්‍යාව මෙම සිතියමෙහි දැක්වෙයි. එක් එක් බලප්‍රදේශය සඳහා අවම වශයෙන් ඡන්ද 3 ක් අනුයුක්ත කෙරෙයි.
2008 එ.ජ. ජනාධිපතිවරණයෙහි ප්‍රතිඵල දක්වන මැතිවරණමය පර්ෂද සිතියම. සෙනෙට් මන්ත්‍රී බැරක් ඔබාමා (D-IL) විසින් ජනපද 28 ක සහ ඩිස්ට්‍රික්ට් ඔෆ් කොලොම්බියා හී (නිල් පැහැයෙන් දැක්වෙන) ජනවරම දිනාගත්තේ මැතිවරණමය පර්ෂද ඡන්ද 365 ලබා ගැනුමටය. සෙනෙට් මන්ත්‍රී ජෝන් මැක්කේන් (R-AZ) විසින් ජනපද 22 (රතු පැහැයෙන් දැක්වෙන) ජන වරම දිනාගත්තේ මැතිවරණමය පර්ෂද ඡන්ද 173 ලබා ගැනුමටය. නෙබ්රාස්කා මැතිවරණමය පර්ෂද ඡන්දය බෙදුන අතර නෙබ්රාස්කාහී දෙවන කොංග්‍රස් දිස්ත්‍රික්කයෙන් සෙනෙට් මන්ත්‍රී ඔබාමාහට මැතිවරණමය පර්ෂද ඡන්දය හිමිවිය; ජනපදයෙහි අනෙකුත් මැතිවරණමය පර්ෂද ඡන්ද හතර සෙනෙට් මන්ත්‍රී මැක්කේන් සතු විය.

සෑම වසර සතරකට වරක් එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා නිල වශයෙන් තෝරා පත් කර ගන්නා ආයතනය මැතිවරණමය පර්ෂදය වෙයි. එක්සත් ජනපදයෙහි එක් එක් ජනපද වෙතින් සහ ඩිස්ට්‍රික්ට් ඔෆ් කොලොම්බියා වෙතින් වරකයන් තෝරා ගන්නා මුත්, එක්සත් ජනපදයෙහි අනෙකුත් භෞමික සන්තක ( පුවටෝ රිකෝ වැනි) වෙතින් කිසිවකු තෝරා නොගැනෙති. එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයෙහි (නියෝජිතයන් 435 සහ සෙනෙට් මන්ත්‍රීවරුන් 100) සම්පූර්ණ ඡන්දලාභී සාමාජිකත්වය සහ ඩිස්ට්‍රික්ට් ඔෆ් කොලොම්බියා වෙතින් වරකයන් තිදෙනෙක් යන වශයෙන් වරකයන්ගේ මුළු සංඛ්‍යාව 538 ක් වෙයි.[1] එක් එක් ජනපදයට හිමි වරකයන් ගණන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි වගන්තිය II, ඡේදය 1, වාක්‍යාංශය 2 වෙතින් නියම කෙරෙන අතර ඔහුන් තෝරා ගන්නේ කෙසේද යන්න ජනපද ව්‍යවස්ථාදායක තීරණය කරනු ඇත.

සටහන්

[සංස්කරණය]
  1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි වගන්තිය II, ඡේදය 1, වාක්‍යාංශය 2 සහ විසි-තුන්වන සංශෝධනය පරිදී