Jump to content

ඉන්ෆ්ලුවෙන්සා

විකිපීඩියා වෙතින්
Influenza
වෙනත් නම්Flu, the flu
Influenza virus, magnified approximately 100,000 times
විශේෂඥතාවInfectious disease
රෝග ලක්ෂණඋණ, නාසය ගැලීම, වේදනාකාරි උගුර, වේදනාකාරී පේශි, හිසරදය, කැස්ස, කිවිසුම් යාම, වෙහෙස[1]
සාමාන්‍ය ආරම්භයTwo days after exposure[1]
කාලයසතියක් පමණ[1]
හේතූන්ඉන්ෆ්ලුවෙන්සා වෛරසය[2]
වැළක්වීමඅත සේදීම, වෛද්‍ය මුඛ ආවරණ, ඉන්ෆ්ලුවෙන්සා වැක්සීන්[1][3]
ඖෂධAntiviral drugs such as oseltamivir[1]
සංඛ්‍යාතයවසරකට මිලියන 3–5 දක්වා[1]
මරණවසරකට 375,000 ක් පමණ [1]
ඉන්ෆ්ලුවෙන්සා
විශේෂඥතාවFamily medicine, pulmonology, infectious diseases, හදිසි ප්‍රතිකාර වෛද්‍යවේදය Edit on Wikidata

ඉන්ෆුලුවෙන්සා යනු ඉන්ෆ්ලුවෙන්සා වෛරස් මගින් මිනිසාට ඇතිකරන බෝවන රෝගයයි.

රෝග ලක්‍ෂණ

[සංස්කරණය]

මෙම රෝගය ඉතාලි බසින් ඇදී ආ ඉන්ෆුලුවෙන්ස් හෙවත් " බලපෑම" යන අරුත් ඇති වදනකි. මනුෂ්‍යයින් තුල මෙමගින් උණ ඇඟ සිසිල් කර වෙව්ලීම, උගුරේ කැක්කුම, ඇඟපත වේදනාව , තදබල හිසරදය , කැස්ස , ඇඟපත වේදනාව සහ අප්‍රානික වීම යන රෝග ලක්ෂණ ඇති කරයි. රෝගය බැරෑරුම් අවස්ථාවලදී ...... කුඩා ළමුන්ට හා වැඩිහිටියන්ට මාරාන්තික වන නියටෝනියාව ඇතිවේ. ඇතැම් අවස්ථා වලදී මෙය සාමාන්‍ය කැස්ස හෙම්බිරිස්සාව ලෙස වරදවා වටහා ගතද ඉන්ෆ්ලුවෙන්සාව යනු ඊට වඩා බරපතල, වෙනස් වූ වෛරස කාණ්ඩයක් නිසා ඇති කරන රෝගී තත්ත්වයකි. මෙමගින් විශේෂයෙන්ම කුඩාළමුන්ට වමනය හා ඔක්කාරය ඇති කරයි. නමුත් මෙම රෝග ලක්ෂණ සාමාන්‍ය බඩේ අජීරණයක් හෝ පාචන තත්ත්වයක ලක්ෂණ වුවද ඇතැම් අවස්ථා වලදී ආන්ත්‍රික උණ, පැය විසිහතරේ උණ, ලෙසද හැදින්වේ.

වෛරසය

[සංස්කරණය]

ඉන්ෆුලුවෙන්සා උණ ලෙස හැඳිනවෙන කුරුල්ලන්ට හා ක්ෂීරපායින්ට වැළ‍ඳෙන ඕතොමික්සොවිරිඩේ. නම් වෛරස් වර්ගයට අයත් ආර්.එන්.ඒ. වෛරසයක් මගින් ඇති කරන

රෝගය බෝවන්නේ ආසාදිත ක්ෂිරපායින්ගේ කැස්ස, කිවිසුම, මගින් පිටවන වෛරස රැගත් බිඳිති මගින් හා පක්ෂීන්ගේ වසුරු මගිනි. තවද ඛෙටය, සොටු, මලපහ, හා රුධිරය මගින්ද රෝගය බෝවිය හැකිය. ඉන්ෆ්ලුවෙන්සා වෛරසය මිනිස් සිරුරේ උෂ්ණත්වය සතියක් පමණද, සෙල්සියස් අංශක බිංදුවේ (320 F) දින තිහක් පමණ ඊටත් වඩා අඩු උෂ්ණත්වයක වඩා වැඩි කාලසීමාවක්ද පැවතිය හැකිය. බොෆ් ඉන්ෆිලුවෙන්සා වෛරස ඉතා පහසුවෙන් විෂබීජහරණය හා පවිත්‍රකාරකයක් මගින් විනාශ කළ හැකිය.

රෝගය ලොවපුරා ව්‍යාප්තවන්නේ සෘතුමය වෙනස්කම් අනුවයි. මෙමගින් ලොව පුරා වසංගත අවස්ථාවන් හිදී රෝගීන් මිලියන ගණනින්ද වසංගත නොවන අවස්ථාවන්හිදී දහස් ගණනින්ද මරණයට පත්වේ. විසිවන ශතවර්ෂයේදී ඉන්ෆ්ලුවෙන්සා වසංගත අවස්ථාවන් තුනක් ඇතිවු අතර එමගින් මිලියන දහයක් ජනතාව මරණයට පත්වුණි. මෙම අවස්ථා තුනේදීම වෙන්වු වෛරස කාණ්ඩ තුනක් මගින් රෝගය ඇතිවුනි. බොහෝවිට මෙම අළුත් වෛරස වර්‍ග මිනිසාටඇතුලුවුයේ වෙනත් සත්ව කොට්ඨාශ වලිනි. 1990 දී H5N1 නම්වු මාරාන්තික කුරුළු වෛරසය ප්‍රභේදයක් මගින් ආසියාව පුරා ඉන්ෆුලුවෙන්සා වසංගත රෝගී තත්ත්වයක් ඇති කළ අතර එම ගින් මිනිස් ජීවිත ගණනාවක් බිලිගනී. නමුත් වාසනාවකට මෙන් මෙම වෛරසය මිනිසුන් අතර පහසුවෙන් ව්‍යාප්ත වන අන්දමට ජාන විකෘත්ති වීමක් සිදුවී නොමැත.

සංවර්ධිත රටවල් වල ජනතාවට රෝගය ඇතිවීම වැළැක්වීම සඳහා එන්නතක් හදුන්වා දී ඇත. මෙම එන්නත රෝගය ඇති වීමට වැඩි අවධානමක් ඇති අයට හා කුරුළු ගොවි පොළෙහි කාර්යයන්හි නියුතු වූවන්ට ලබාදේ. වඩාත් බහුලවම භාවිතා වන ඉන්ෆ්ලුවෙන්සා එන්නත් වන්නේ අක්‍රිය කර පිරිසිදු කරන ලද ත්‍රිසංයුජ වෛරසයන්ගෙන් සාදන ලද්දකි. මෙම එන්නත අන්තර්ගත වන්නේ ඉන්ෆ්ලුවෙන්සා A වෛරස ප්‍රභේදB වෛරස ප්රභේද එකකින්වේ. එක් වසරක් සඳහා නිෂ්පාදනය කරන ලද එන්නතක් ඊළග වසර සඳහා බලනොපවත්නේ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සීඝ්‍රලෙස කාලයක් සමගින් අළුත් ප්‍රභේදයන් ඇතිකරගන්නා බැවිනි. වෛරසය තුල පවත්නා නියුරැ මිනිඩේස් නම් එන්සයිම අක්‍රිය කරන ඖෂධ වර්‍ග රෝගය සඳහා ප්‍රතිකාර ලෙසට භාවිතාවේ.

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. 1 2 3 4 5 6 7 "Influenza (Seasonal) Fact sheet N°211". who.int. March 2014. 30 November 2014 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 25 November 2014.
  2. Longo, Dan L. (2012). "Chapter 187: Influenza". Harrison's principles of internal medicine (18th ed.). New York: McGraw-Hill. ISBN 978-0-07-174889-6. {{cite book}}: Unknown parameter |name-list-format= ignored (help)
  3. Lua දෝෂය in Module:Citation/CS1/Utilities at line 206: Called with an undefined error condition: maint_page_art_num.
"https://si.wikipedia.org/w/index.php?title=ඉන්ෆ්ලුවෙන්සා&oldid=796749" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි