Spanish flu
Jump to navigation
Jump to search
ඉන්ෆ්ලුවෙන්සා (උණ) |
---|
![]() |
Types |
Vaccines |
Treatment |
Pandemics |
Outbreaks |
ආශ්‍රිත |
1918 ඉන්ෆ්ලුවෙන්සා මහා වසංගතය (ජනවාරි 1918 - 1920 දෙසැම්බර්; පොදුවහරේ දී Spanish flu ලෙස හැඳින්වේ) අසාමාන්‍ය ලෙස මාරාන්තික ඉන්ෆ්ලුවෙන්සා මහා වසංගතයක් වන අතර එය H1N1 ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සම්බන්ධ මහා වසංගත (pandemic) දෙකෙන් පළමුවැන්නයි. දුරස්ථ පැසිෆික් දූපත් වල සහ ආක්ටික් ප්‍රදේශයේ මිනිසුන් ද ඇතුළුව ලොව පුරා මිලියන 500 ක ජනතාවකට එය ආසාදනය විය. මිලියන 50 ක් හා සමහර විට මිලියන 100 ක් තරම් ඉහළ අගයක් (එකල පෘථිවියේ ජනගහනයෙන් සියයට තුනක් හෝ පහක්) මිය ගිය අතර එය මිනිස් ඉතිහාසයේ මාරාන්තික වසංගතයක් බවට පත්විය. වසංගතයේ භූගෝලීය සම්භවය නිශ්චිතවම හඳුනා ගැනීමට ඓතිහාසික හා වසංගත දත්ත ප්‍රමාණවත් නොවේ.