ඉන්දු-යුරෝපීය භාෂා පවුල

විකිපීඩියා වෙතින්
ඉන්දු යුරෝපීය භාෂා කුලය
භූගෝලීය
පැතිරීම:
16වන සියවසට පෙර: යුරෝපය, බටහිර, මධ්‍යම හා දකුණු ආසියාව; වර්තමානය: ලොවපුරා බිලියන 3.2කගේ මවු භාෂාව යි.
භාෂාමය වර්ගීකරණය:ලොව ප්‍රධානතම භාෂා කුලවලින් වලින් එකකි.
මූල-භාෂාව:මුල්-ඉන්දු-යුරෝපීය
අතුරු බෙදීම්:
ඇනටෝලියානු (අභාවයට ගිය)
ටොකරියානු (අභාවයට ගිය)
ISO 639-2 සහ 639-5:ine

යුරේසියාවේ පිහිටි ඒවායේ වාසභූමි ද සමග, වර්තමානයේ ඉන්දු-යුරෝපීය භාෂාවල පැතිරීම:
  ඉන්දු-යුරෝපීය නොවන භාෂා
තිත් ලකුණු සහිත හෝ ඉරි වැටුණු ප්‍රදේශවල බහුභාෂා භාවිතය සුලබ ය.

ඉන්දු යුරෝපා භාෂා යනු භාෂා හා උපභාෂා සිය ගණනකින් සමන්විත වූ භාෂා කුලයකි.

එත්නොලොග් සඟරාවට අනුව, දැනට භාවිතයේ පවතින ඉන්දු යුරෝපා භාෂා 445ක් පමණ තිබෙන අතර, ඒවායෙන් තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක් (313) ඉන්දු ඉරානීය ශාඛාවට අයත් වේ. වැඩිම දෙනෙක් තම මවුබස ලෙස භාවිත කරන භාෂා ස්පාඤ්ඤ, හින්දුස්තානි (හින්දි-උර්දු), ඉංග්‍රීසි, ප්‍රංශ, බෙංගාලි, පන්ජාබ්, සහ රුසියානු භාෂා වන අතර ඒවා මිලියන 100කට වැඩි පිරිසක් භාවිතා කරති. ඒ අතර ම ඉතාලි, ජර්මානු, මාරති, පර්සියානු භාෂා භාවිත කරන විශාල පිරිසක් ද වෙති. අද වන විට, සම්පූර්ණ මිනිස් ජනගහනයෙන් 42% (බිලියන 3.2) ඉන්දු යුරෝපා භාෂාවක් තම මවු බස ලෙස භාවිතා කරන අතර එය වැඩිම භාවිතයක් ඇති භාෂා කුලය ද වෙයි.

යුරෝපයේ නූතන භාෂාවන්ගෙන් බොහොමයක් ඉන්දු යුරෝපා භාෂා වන අතර ඊට අමතරව හංගේරියානු, තුර්කි, ෆින්ලන්ත, එස්ටෝනියානු, බාස්ක්, හා මෝල්ටා භාෂා භාවිතා වේ. ඉන්දු යුරෝපා භාෂා නැගෙනහිර හා අග්නිදිග ආසියාවේ හැරුණු විට ආසියාවේ බොහෝ කොටස්වල භාවිතා වේ. මෙම ඉන්දු යුරෝපා භාෂා මධ්‍යතන තුර්කි හා මොන්ගෝලියානු ආක්‍රමණවලට පෙර අතීත අන්ටෝලියාවේ (වර්තමාන තුර්කිය), හා තරීම් ද්‍රෝණියේ (වර්තමාන ඊසානදිග චීනයේ) වැඩි වශයෙන් භාවිතා විය. සුමේරියානු, එලමිතීය, හරියානීය, හත්තියානීය, කසයිතීන, වැනි හුදකලා භාෂාවන්ගේ වඩා ඉපැරණි ලේඛන හමු වුව ද, අප්‍රිකා-ආසියානු භාෂා කුලයට පසුව දීර්ඝතම වාර්තාගත වී ඇති ඉතිහාසයක් ඇති භාෂා කුලය ලෙස ඉන්දු යුරෝපා භාෂාවලට සැලකිය හැකි බව ලෝකඩ යුගයේ සිට  අන්ටෝලියානු භාෂා හා මයිසීනියානු ග්‍රීක ලේඛන හමු වීමෙන් සනාථ වේ.

සෑම ඉන්දු යුරෝපා භාෂාවක් ම නියෝතිලික යුගයේ දී භාවිත වූ, වර්තමානයේ දී ප්‍රතිනිර්මාණය කර තිබෙන මූලික ඉන්දු යුරෝපා භාෂාවෙන් කැඩී ඇති ඒවා ය. එම බසින් ලියවුනු ලේඛන දැනට ඉතිරි වී නොතිබුන ද, ඉන්දු යුරෝපා භාෂා භාවිතා කරන්නන්ගේ අතීත හා වර්තමාන සංස්කෘතිකාංග හා ආගමිකාංග මඟින් එක් නිජබිමකින් සංක්‍රමණය වූ මූලික ඉන්දු යුරෝපා මිනිස් කොට්ඨාශයේ සංස්කෘතිකාංග හා ආගමිකාංග ද ප්‍රතිනිර්මාණය කළ හැක. යම් යම් කල්පිත ඉන්දු යුරෝපා භාෂා කුලය අනෙක් ප්‍රධාන භාෂා කුල හා සමඟද සම්බන්ද කරයි. පුරාන මැදපෙරදිග ඇසිරියානු බසින් ලියා තිබුන ද, කුල්ටෙපේ ලේඛනවල ලියවී තිබෙන හිත්තීය නාම සහ තත්සම වචන ඉන්දු යුරෝපා භාෂාවල පුරාණතම සටහන් වේ.

ඉන්දු යුරෝපා වාග් මාලාව අධ්‍යනයේ ඉතිහාසය[සංස්කරණය]

ග්‍රීක හා රෝම වාග් විද්‍යාඥයිනුත්, කෙල්ටික් හා ජර්මානු භාෂා භාවිත කරන්නනුත් ඔවුන්ගේ භාෂාවල සමානතා අත්දුටුව ද, ඉන්දු යුරෝපා භාෂාවන්ගේ තිබූ ඍජු සමානතාවයන් නිසා සෑම මිනිස් භාෂාවක්ම එකකට එකක් සම්බන්ද බව ඔවුහු සිතූහ. මෙය 19වන සියවසේ ඉන්දු යුරෝපා වාග්මාලා හා අනෙකුත් භාෂා කුල අධ්‍යනය කරන තුරු ම එය බයිබලයේ එන බාබෙල් කොතේ කතාව ලෙස සිදු වූ බව පිළිගැනීම විය.

16වන සියවසේ දී, ඉන්දියානු උපමහද්වීපයට පැමිණි යුරෝපා වෙළඳුන් ඉන්දු-ආර්ය, ඉරානීය, හා යුරෝපා භාෂා අතර තිබූ සම්බන්දතාවය දුටුවෝය. 1583 දී, ගෝවේ සිටි ඉංග්‍රීසි ජේසු නිකායික පියතුමෙකු හා කොන්කානි උගතෙකු වූ තෝමස් ස්තෙපන් පියතුමා තම සොහොයුරාට යැවූ ලිපියක එතුමා ඉන්දීය භාෂා, ග්‍රීක, හා ලතින් භාෂාවල සමානතා දුටු බව සඳහන් කර ඇත. (මෙම ලිපිය 20වන සියවස තෙක් ප්‍රසිද්ධ නොවීය)

ඉන්දියාවට පැමිණි ෆ්ලොරන්ස් හී 1540 දී උපත ලද පිලිප්පෝ සසෙට්ටි නම් වූ වෙළෙන්දෙකු, 1585 දී ඔහු සංස්කෘත හා ඉතාලි භාෂාවන්ගේ සමානතා අත්දුටු බව ලිපියක සඳහන් කර ඇත (දෙවියන් ට සංස්කෘත බසින් "දේවඃ", හා ඉතාලි බසින් "දියෝ" කීම / සර්පයා ට සංස්කෘත බසින් "සර්පඃ", හා ඉතාලි බසින් "සෙර්පෙ" කීම / හත, අට, නවය යන සංඛ්‍යාවලට පිලිවෙලින් සංස්කෘත බසින් "සප්ත, අෂ්ඨ, නව" හා ඉතාලි බසින් "සෙත්තෙ, ඔත්තෝ, නෝවේ" කීම ඒ අතර විය). කෙසේ වෙතත් මේ එකක්වත් අධ්‍යනයට භාජනය නොවී ය.

1647 දී, ලන්දේසි වාග් විද්‍යාඥ හා උගතෙකු වූ මාකස් සුවෙරියස් වෑන් බොක්ස්හෝන් මෙම ආසියානු හා යුරෝපීය භාෂාවන්ගේ ඇති සමානතාවය සලකා බලා ඒ සියලුම භාෂා සයිතියානු නම් වූ භාෂාවකින් බෙදුණු බවට කල්පිතයක් ඉදිරිපත් කලේ ය. ඔහු ඔහුගේ කල්පිතයට ලන්දේසි, ඇල්බේනියානු, ග්‍රීක, ලතින්, පර්සියානු, ජර්මානු, හා කලකට පසු ව ස්ලැවික්, කෙල්ටික්, හා බෝල්ටික් භාෂාවන් ද එක් කලේ ය. කෙසේ වෙතත්, ඔහුගේ කල්පිතයන් ජනප්‍රිය වූයේවත් තවදුර අධ්‍යනයටවත් ලක් වුයේ නැත.

ෆ්‍රාන්ස් බොප්, සංසන්දනාත්මක වාග්විද්‍යාත්මක අධ්‍යනයන්ගේ පුරෝගාමියෙකි.

ඔටෝමන් තුර්කි ගවේශකයෙකු වූ එවිල්‍යා සෙලෙබි (මෙහ්මෙඩ් සිලී) 1655ත් 1666ත් අතර දූත කාර්යයක්

සඳහා වියානා නුවරට ගිය අතරතුර ජර්මානු හා පර්සියානු භාෂා අතර තිබූ සමානතාවයන් දැක ඇත. ගැස්ටන් ලොරෙන්ට්, හා තවත් කිහිපදෙනෙක් ද මෙම නිගමනයට ම පැමිණ ඇත. ගැස්ටන් සංස්කෘත, ලතින්, ග්‍රීක වරනැඟුම්වල සමානතා සලකා බලා ඒවා එකකට එකක් සම්බන්ද බව 1760 දී පළ කර ඇත. ඒ අතර මිඛායිල් ලොමොනොසොවූ ස්ලැවික්, බෝල්ටික් (කුර්ලෑන්ඩික්), ඉරානියානු (මෙඩික්), ෆින්ලන්ත, චීන, "හෝටෙන්ටොට්", සහ අනෙකුත් භාෂා සසඳමින්, එක හා සමාන භාෂා (ලතින්, ග්‍රීක, ජර්මානු, රුසියානු ඇතුළුව) එක් භාෂාවකින් බෙදී ඇති බව පළ කර ඇත.

මෙම කල්පිතය නැවත සැලකිල්ලට භාජනය වූයේ 1786 දී ශ්‍රීමත් විලියම් ජෝන්ස් පළමු වතාවට ඒ වන විට දැන තිබූ ආකාරයට තිබූ පුරාණතම භාෂාවන් වූ ලතින්, ග්‍රීක, සංස්කෘත, හා ඔහු තාවකාලික වශයෙන් ගොතික්, කෙල්ටික්, පර්සියානු යන භාෂාවල තිබූ සමානකම් පිලිබඳ දේශන පැවැත්වීම සමඟ යි. එහෙත් මෙම කල්පිතයේ යම් යම් අඩුපාඩු තිබුණි.

තෝමස් යං පළමු වතාවට 1813 දී මෙම භාෂා කුලය භාවිතා වූ භූගෝලීය ප්‍රදේශ හෙවත්: බටහිර යුරෝපයේ සිට උතුරු ඉන්දියාව දක්වා ප්‍රදේශ සැලකිල්ලට ගෙන ඉන්දු යුරෝපා යන පදය භාවිත කලේ ය. ඊට අමතරව ඉන්දු ජර්මානු (Idg. හෝ IdG.) යන පදය අග්නිදිගතම හා වයඹතම ශාඛා සලකා බලා යොදා ඇත. මෙම පදය පළමු වරට භාවිත වුයේ 1810 දී කොනාර්ඩ් මොල්තේ බ්‍රන් විසින් ප්‍රංශ භාෂාවෙන් ලියූ පොතක ය (indo-germanique). බොහොමයක් භාෂාවල මෙය භාවිතයෙන් ඉවත් කර හෝ අඩුවෙන් භාවිතා වෙයි. නමුත් ජර්මානු බසින් ඉන්ඩොජර්මැනිෂ් (indogermanishch) යන නම තවමත් භාවිත වන විද්‍යාත්මක නාමය වේ. තවත් පද බොහොමයක් මෙය හැඳින්වීමට යොදා ඇත.

ෆ්‍රාන්ස් බොප්, 1816 දී "සංස්කෘත භාෂාවේ වරනැඟුම් රීතිය ග්‍රීක, ලතින්, පර්සියානු හා ජර්මානු රීතීන් හා සැසඳුම" (Sanskrit language compared with that of Greek, Latin, Persian and Germanic), හා 1833ත් 1852ත් අතර "සංසන්දනාත්මක ව්‍යාකරණය" (Comparative Grammar) යන ප්‍රකාශනවල මේ පිළිබඳව සඳහන් කර ඇත. ඒ සමඟ ම ඉන්දු යුරෝපා අධ්‍යන ශාස්ත්‍රාලීය පාඨමාලාවක් බවට පත් විය. ඉන්දු යුරෝපා සංසන්දනාත්මක වාග්විද්‍යාවේ ශාස්ත්‍රීය අවධිය මින් ආරම්භ වී, 1861 දී ඕගස්ට් ශ්ලීචර් ලියූ "සංක්ෂේපය" (Compendium) හරහා 1880 දශකයේ දී පළ වූ කාල් බෘග්මන්ගේ "ගෘන්ඩ්‍රිස්" (Grundriss) දක්වා පැවත ගියේ ය. බෘග්මන්ගේ මේ පිලිබඳ නවක වාග්විද්‍යාඥ ඇගයීම සහ ෆර්ඩිනන්ඩ් ඩි සෞස්සුරේගේ ස්වරාල න්‍යායේ වැඩිදියුණු කිරීම නූතන ඉන්දු යුරෝපා අධ්‍යනයේ ආරම්භය ලෙස සැලකිය හැක. ඉන්දු-යුරෝපාඥයන්ගේ 20වන සියවසේ අවසාන තෘතීයේ සක්‍රීය පරපුර (කැල්වර්ට් වොට්කින්ස්, ජෝකෙම් ශින්ඩ්ලර්, සහ හෙල්මුට් රික්ස් වැන්නවුන්) නිසා පද විචාරය හා 1927 දී හිත්තීය ḫ ගතකුරේ පැවැත්ම පෙන්වා දුන් කුරිලොවිච්ස්ගේ 1956 "ඉන්දු යුරෝපා වාචකනිශ්චවාදය" (Apophony in Indo-European) නම් වූ පොතේ ස්වර අනම්‍යය පිලිබඳ අවදි කිරීම ගැන මනාවබෝධයක් ඇති විය.

කුර්ලොවිච්ස්ගේ සොයාගැනීම ෆර්ඩිනන්ඩ් ඩි සෞස්සුරේගේ 1879 දී coefficients sonantiques හි පැවැත්ම පිලිබඳ ඉදිරිපත් කිරීමට හා ඩි සෞස්සුරේ ඉන්දු යුරෝපා භාෂාවන්ගේ ප්‍රාණාක්ෂරවල ආයාමයේ වෙනස ගණනය කිරීමට ප්‍රතිනිර්මාණය කළ ධාතූන් සනාත කිරීමට ද උපකාරී වේ. මෙය ඉන්දු යුරෝපා වාග්විද්‍යාවේ ප්‍රධාන පියවරක් හා ඩි සෞස්සුරේගේ න්‍යාය සනාත කිරීමට උපකාරී වූ ස්වරාල න්‍යායට මඟ පෑදීය.

වර්ගීකරණය[සංස්කරණය]

ඉන්දු යුරෝපා භාෂා කුලයේ විවිධ ඛාණ්ඩවල ශාඛා දහයක් තිබේ. ඒවා පහත අකාරාදී පිළිවෙලට පෙළගස්වා ඇත:

  • ආර්මේනියානු භාෂා : ක්‍රි.ව. 5වන සියවසේ සිට තිබූ බවට සාක්ෂි හමු වන භාෂා ඛාණ්ඩයකි.
  • ඇනටෝලියානු භාෂා : පසුකාලීන පුරාතන යුගයේ දී ව්‍යවහාරය නැති වී ගිය, සුළු ආසියාවේ භාවිත වූ, ලුවියානු/හිත්තීය භාෂාවලින් ලියවුනු ක්‍රි.පූ. 19වන හා 20වන සියවස්වල සෙමිටික් පුරාණ ඇසිරියානු ලේඛනවල හා ක්‍රි.පූ. 1650 දී පමණ ලියවුනු හිත්තීය ලේඛනවල ඇති තනි වූ පදවලින් සාක්ෂි හමු වන භාෂා ඛාණ්ඩයකි.
  • ඇල්බේනියානු භාෂා : ක්‍රි.ව. 13වන සියවසේ සිට පවතී බවට සාක්ෂි හමු වන භාෂා ඛාණ්ඩයකි. මූලික ඇල්බේනියානු පුරාණ පැලියෝ-බෝල්කනික භාෂාවෙන් විකාශනය වූ භාෂාවකි (සාම්ප්‍රදායිකව ඉලිරියානු භාෂාවෙන් ලෙස සිතා ඇත). කෙසේ වෙතත් මෙය තහවුරු කිරීමට හමු වී ඇති සාක්ෂි ප්‍රමාණවත් නොවේ.
  • ඉතාලීය භාෂා (මූලික ඉතාලීය භාෂාවෙන් විකාශනය වී ඇත): ක්‍රි.පූ. 7වන සියවසේ පටන් තිබූ බවට සාක්ෂි ඇති භාෂා ඛාන්ඩයකි. එයට ඔස්කෝ-අම්බ්රියානු, ෆැලිසියානු භාෂා, මෙන්ම ලතින් හා ඉන් විකාශනය වූ භාෂා ද (රෝමානුක භාෂා) ඇතුලත් වේ.
  • ඉන්දු-ඉරානීය භාෂා : ක්‍රි.පූ. 1400 පමණ සිට තිබූ බවට සාක්ෂි හමු වේ. මූලික ඉන්දු ඉරානීය භාෂාවෙන් විකාශනය වූ ඛාන්ඩයකි (ක්‍රි.පූ. 3වන සහශ්‍රයේ අග භාගයේ දී පමණ භාවිත වී ඇත)
    • ඉන්දු-ආර්ය භාෂා (දාර්දික භාෂා ද ඇතුලත් ව) : ක්‍රි. පූ. 1400 පමණ සිට තිබූ බවට සාක්ෂි සුළු ආසියාවේ හිත්තීය ලේඛනවල තිබී හමු වූ ඉන්දු ආර්ය වචනවල ඛණ්ඩවලින් හමු වේ. ක්‍රි.පූ. 3වන සියවසේ සිට පමණ ශිලා ලේඛනවල ප්‍රාකෘත භාෂාවෙන් ලියූ ලේඛන හමු වේ (අශෝක අධිරාජයාගේ ආඥා). ඍග්වේදයේ ක්‍රි.පූ. 2වන සහශ්‍රයේ මැද භාගයේ පටන් වේදීය සංස්කෘත බසින් තිබූ නොඉඳුල් සටහන් මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන විත් ඇත. මෙම ඛාණ්ඩයට උතුරු ඉන්දියාවේ, පකිස්තානයේ, බංගලාදේශයේ, නූතන භාෂා විශාල ප්‍රමාණයක් ඇතුලත් වේ. ඒ අතර හින්දුස්තානි (හින්දි-උර්දු), බෙංගාලි, අසාම්, පන්ජාබ්, කාශ්මීර, ගුජරාට්, මරාති, ඔඩියා, නේපාල භාෂා මෙන්ම ශ්‍රී ලංකාවේ සිංහල භාෂාව ද අයත් වේ.
    • ඉරානීය භාෂා : ක්‍රි.පූ. 1000 සිට පමණ අවෙස්තාන භාෂාව ලෙස තිබූ බවට සාක්ශී හමු වී ඇත. ක්‍රි.පූ. 520 පමණ පුරාණ පර්සියානු බසින් ලියවුනු ශිලා ලේඛන හමු වී ඇත (බෙහිස්තුන් සෙල්ලිපිය). මෙයට පර්සියානු, ඔසෙටියානු, හා කුර්දි භාෂාව අයත් වේ.
    • නූරිස්තාන භාෂා
  • කෙල්ටික භාෂා (මූලික කෙල්ටික භාෂාවෙන් විකාශනය වී ඇත) :  ක්‍රි.පූ. 6වන සියවසේ පටන් තිබුණු බවට සාක්ෂි හමු වේ. ලේපොන්ටීක ශිලා ලිපි ක්‍රි.පූ. 6වන සියවසේ දී ලියා ඇති අතර කෙල්ටිබේරියානු ශිලා ලිපි ක්‍රි.පූ. 2වන සියවසේ ද, ප්‍රාථමික අයර්ලන්ත ඕගම් ශිලා ලිපි ක්‍රි.ව. 5වන හෝ 6වන සියවසේ ද, පුරාණ වේල්ස බසින් ලියූ ශිලා ලිපි අතර පැරණිම ඒවා ක්‍රි.ව. 7වන සියවසේ ද ලියා ඇත. නූතන කෙල්ටික භාෂාවන්ට වේල්ස, කෝර්නිෂ්, බ්‍රේටෝන්, ස්කොට්ලන්ත ගේල්, අයර්ලන්ත ගේල්, මැන්ක්ස් භාෂා අයත් වේ.
  • ජර්මානුක භාෂා (මූලික ජර්මානු භාෂාවෙන් විකාශනය වී ඇත) : පැරණිම සාක්ෂි ක්‍රි.ව. 2වන සියවසේ රූනික් ශිලා ලිපිවලින් හමු වන අතර, පැරණිම පැහැදිලි ලේඛන ක්‍රි.ව. 4වන සියවසේ ගොතික් ලේඛනවලින් හමු වේ. පුරාණ ඉංග්‍රීසි අත්පිටපත් ක්‍රි.ව. 8වන සියවසෙන් හමු වේ. මෙයට ඉංග්‍රීසි, ෆ්‍රිසියානු, ජර්මානු, ලන්දේසි, ඩෙන්මාර්ක, ස්වීඩන්, නොර්වේ, අප්‍රිකානු, යිඩිෂ්, පහල ජර්මානු, අයිස්ලන්ත, සහ ෆාරෝ යන භාෂා අයත් වේ.
  • ටොකරියානු භාෂා : මෙය දකුණු සයිබීරියාවේ අෆනසේවෝ සංස්කෘතිය හා සම්බන්ද යැයි මත පළ වී ඇත. මෙය උපභාෂා දෙකක් ලෙස ඇති අතර  (ටර්ෆආනියානු හා කුචීයානු, හෝ ටොකරියානු (අ) සහ (ආ) ), ක්‍රි.ව. 6වන සියවසේ සිට 9වන සියවස දක්වා තිබූ බවට සාක්ෂි හමු වේ. පුරාණ තුර්කික උයිගූර් ඛානීය අධිරාජ්‍ය විසින් නොසලකා හැරීමත් සමඟ ක්‍රි.ව. 10වන සියවස වන විට මළ භාෂාවක් බවට පත් විය.
  • බෝල්ටික්-ස්ලැවික් භාෂා : බොහෝ ඉන්දු-යුරෝපාඥයින් මෙම භාෂා ඛාණ්ඩ දෙක එක් භාෂාවකින් විකාශනය වූ බව විශ්වාස කළ ද, සුළුතරයක් මෙම භාෂා ඛාණ්ඩ දෙක අතර තිබූ දිගුකාලීන සමීප සබඳතාවය නිසා භාෂා ඛාණ්ඩ දෙකේම සමානකම් දක්නට ලැබෙන බව විශ්වාස කරති.
    • ස්ලැවික් භාෂා (මූලික ස්ලැවික් භාෂාවෙන් විකාශනය වී ඇත) : මෙය ක්‍රි.ව. 9වන සියවසේ සිට (බොහෝවිට ඊට පෙර වීමට හැකි යි) තිබුණු බවට පැරණිම සාක්ෂි හමු වන්නේ 'පුරාණ දේවස්ථාන ස්ලැවෝනික' ලේඛනවලිනි. මෙයට බල්ගේරියානු, රුසියානු, පෝලන්ත, චෙක්, ස්ලෝවැක්, මොන්ටෙනේග්‍රීන, මැසිඩෝනියානු, බොස්නියානු, ක්‍රෝඒෂියානු, සර්බියානු, ස්ලෝවිනියානු, යුක්රේනියානු, බෙලාරුසියානු, හා රුසින් අයත් වේ.
    • බෝල්ටික් භාෂා : ක්‍රි.ව. 14වන සියවසේ සිට තිබූ බවට සාක්ෂි හමු වේ. පළමුව මෑතකාලීන භාෂා ලෙස සාක්ෂි හමු වූ භාෂාවල අසාමාන්‍ය ලෙස මූලික ඉන්දු යුරෝපා භාෂාවට (PIE) ආරෝපණය කළ බොහෝ පුරාතන ලක්ෂණ දක්නට ලැබේ. දැනට ජීවමාන භාෂා ලෙස ලිතුවේනියානු හා ලැට්වියානු දැක්විය හැක.

ඉහත දක්වා තිබූ ඛාණ්ඩ දහයට අමතරව, මළ හා ඉතා අඩුවෙන් දැනුවත් භාෂා හා භාෂා ඛාණ්ඩ තිබී ඇත:

  • ඉලිරියානු : බොහෝ විට අල්බේනියානු හෝ මෙසපියානු හෝ දෙකටම හෝ සම්බන්ද ය.
  • ත්‍රැසියානු : බොහෝවිට දැසියානු මීට අයත් ය.
  • දැසියානු : බොහෝවිට ත්‍රැසියානුවලට ඉතා සමීප ය.
  • පයෝනියානු : මැසිඩෝනියාවෙන් උතුරට වන්නට භාවිතා කළ මළ භාෂාවකි.
  • පිරිජියානු : අතීත පිරිජියානුවන්ගේ භාෂාව.
  • පුරාන මැසිඩෝනියානු : ග්‍රීක බසට සම්බන්ද බවට මත පළ වී ඇත.
  • මෙසපියානු : නිශ්චිත ලෙස කියවා තේරුම් ගෙන නැත.
  • ලිගුරියානු : බොහෝවිට කෙල්ටික් බසට සමීප හෝ එහිම කොටස වීමට හැක.
  • ලිබර්නියානු : අනෙක් භාෂා හා සම්බන්දය පැහැදිලි නැත. වෙනේටික, ඉලිරියානු හා ඉන්දු-හිත්තීය භාෂාවන්ගේ ලක්ෂණ දැකිය හැක. පූර්ව ඉන්දු යුරෝපා භාෂාවන්ගේ ලක්ෂණවල සැලකිය යුතු සංක්‍රමණයක් ඇත.
  • ලුසිතානියානු : බොහෝවිට කෙල්ටික්, ලිගුරියානු, හෝ ඉතාලීය භාෂා හා සම්බන්ද ය (හෝ ඒවායේ කොටසක් ය).
  • වෙනේටික : ලතින් හා ඉතාලීය භාෂා සමඟ සමානතා තිබුන ද, අනෙකුත් ඉන්දු යුරෝපා භාෂා, විශේෂයෙන් ම ජර්මානුක හා කෙල්ටික් භාෂා සමඟ ද සමානකම් ඇත.
  • සිමෙරියානු : බොහෝවිට ඉරානික, ත්‍රැසියානුක, හෝ කෙල්ටික භාෂාවකි.
  • සිසේලියානු : සිසිලියේ ආදිවාසී ගෝත්‍ර තුනෙන් එකක් (ග්‍රීකවරුන්ට හා පූනික්වරුන්ට පෙර) වූ සිසේල්වරු (ග්‍රීක් බසින්: සිකෙලෝයි, ලතින් බසින්: සිකුලි) කතාකළ භාෂාව යි. ලතින් හෝ මූලික ඉලිරියානු (පූර්ව ඉන්දු යුරෝපා භාෂාවක්) සමඟ මුල්කාලීන සම්බන්දතාවයක් ඇති බවට මත පළ වී ඇත.

කාන්ඩකරණය[සංස්කරණය]

ඉන්දු යුරෝපා කුලයේ ගස ආකෘතිය, හමු වන සාක්ෂිවල පෞරාණිකභාවය සලකා බලා පෙළ ගස්වා ඇත

භාෂාවන්ගේ ඉන්දු යුරෝපා භාෂා කුලය තුල සාමාජිකත්වය පදනම් වන්නේ ඒවා අතර ඇති වාංශික සබඳතා, හෙවත් ඒ සියල්ලම එක් භාෂාවකින්, එනම් මූලික ඉන්දු යුරෝපා භාෂාවෙන් විකාශනය වූයේ ද යන්න මත යි. ඉන්දු යුරෝපා භාෂා කුලයේ විවිධ ශාඛා කුලවල, ඛාණ්ඩවල, හා උපඛාණ්ඩවල සාමාජිකත්වය පදනම් වන්නේ ද එවැනි වංශික සබඳතා මත වුව ද, මෙහි අර්ථකථනය කිරීමේ දී එම භාෂා අතර පොදු නව්‍යතා, හා එක් පොදු පූර්වජ භාෂාවකින් විකාශනය වූ ඒවා වීමත් සාධක ලෙස සලකා බැලේ. උදාහරණයක් වශයෙන්: ජර්මානුක භාෂා ඉන්දු යුරෝපා භාෂා කුලයේ ශාඛාවක් ලෙස සලකන්නේ එහි ව්‍යුහය, ශබ්දවිද්‍යාත්මක අංගවලින් බොහොමයක් ඒ සියල්ලටම අදාළ රීතින් ලෙස දැක්විය හැකි වීම නිසා ය. ඒවායේ පොදු ලක්ෂණවලින් බොහොමයක් සියලු ජර්මානුක භාෂාවන්ගේ ප්‍රභවය වූ ජර්මානුක භාෂාවේ ඇති වූවා යැයි අනුමාන කළ හැකි නව්‍යතා යි.

ගස ආකෘතිය හා තරංග ආකෘතිය[සංස්කරණය]

"ගස ආකෘතිය" ප්‍රජාවන් ඔවුන්ගේ භාෂාවන් විකාශනය වීමට පටන් ගත්තායින් පසු ඔවුන් සබඳතා පවත්වා නැති අවස්ථාවන්වල දී එම භාෂා කුලයේ වාංශික ඉතිහාසය පෙන්වීමට සුදුසු ආකෘතියකි. මෙහි දී නව්‍යතාවන්ගෙන් අර්ථකථනය වූ උපඛාණ්ඩ ගොනුවක් ලෙස දැක්වේ. මෙම ආකෘතිය භාෂාවන් විකාශනය වීම ඇරඹුනායින් පසු සබඳතා පවත්වා ඇති අවස්ථාවන්වල දී යොදාගැනීම අනුචිත ය. මන්දයත්, එවිට උපඛාණ්ඩ ගොනු අතිච්ඡාදනය වීමට හැකියාවක් ඇත. එවැනි අවස්තාවන්වලට වැඩ සුදුසු වන්නේ "තරංග ආකෘතිය" යි. අද වනතුරු ඉන්දු යුරෝපා වර්ගීකරණයට ගස ආකෘතිය මඟින් කළ ප්‍රවේශයන් සියලු දේ සලකා බැලීමේ දී මෙම ආකෘතිය ඉන්දු යුරෝපීය භාෂාවලට වලංගු බව උපකල්පනය කළ හැකි යි. කෙසේ වෙතත්, තරංග ආකෘතීමය ප්‍රවේශයන්ට ද දිගු සම්ප්‍රදායක් ඇත.

වාංශික වෙනස්කම් හැරුණු විට, ඉන්දු යුරෝපීය භාෂාවන්ගේ බොහෝ පූර්ව වෙනස්කම් භාෂා ඇසුර නිසා වූවා යැයි කිව හැකි ය. උදාහරණයක් ලෙස ගතහොත්: ඉතාලීය භාෂාවන් (ලතින්, ඔස්කානු, අම්බ්රියානු) අතර ඇති පොදු ලක්ෂණ ප්‍රාදේශීය ලක්ෂණ වීමේ හැකියාවක් ද ඇති බව තහවුරු වී ඇත. බොහෝවිට නිසැකයෙන් ම බටහිර ජර්මානුක භාෂාවන්ගේ ඇති දීර්ඝ ස්වර පද්ධතීන්ගේ බොහෝ දුරට සමාන වෙනස්කම් මූල භාෂාමය නව්‍යතාවයක වියහැකියි යන මතයන්වල දින බොහෝදුරට ඉක්මවයි (සහ පහසුවෙන් "ප්‍රාදේශීය" ලෙස සැලකිය නොහැකි අතර සමහරවිට ඒ ඉංග්‍රීසි හා මහද්වීපික බටහිර ජර්මානු භාෂා වාග්විද්‍යාත්මකව ප්‍රදේශයක් ලෙස නොසැලකීම නිසාත් විය හැකි යි). ඒ හා සමාන ලෙසින් ම, ජර්මානුක හා බෝල්ටික්-ස්ලැවික් භාෂාවල ද බොහෝවිට එක් පොදු මූල භාෂාවකට වඩා  ප්‍රාදේශීය ලක්ෂණ ලෙස දැකිය හැකි සමාන නව්‍යතා දක්නට ඇති අතර ඒ කෙසේ ද යත්: ඉන්දු යුරෝපා භාෂා අතර මෙම ඛාණ්ඩ දෙකට පොදු වන, තරංග ආකෘතියට එකඟ වන, මූලික ඉන්දු යුරෝපා අක්ෂර සම්බන්ද *ṛ,* ḷ, *ṃ, *ṇ, යන අනුනාදවලට පෙර ඉහල සවරයක ඒකාකාරී ප්‍රතිනිර්මාණය කිරීම වැනි ඒවා යි. බෝල්කන් භාෂා වෙනත් ඉතා වෙනස් ශාඛා හා සමඟ ද ප්‍රාදේශීය එකතුවීම් පවත්වයි.

රින්ජ්-වෝර්නව් භාෂා පරිණාමයේ ආකෘතියට දිගුවක් එක් කිරීමෙන් අතීත ඉන්දු යුරෝපා භාෂාවන් වෙනස් පරම්පරාවන් අතර සබඳතා පවත්වා ඇති බව තහවුරු වන නමුත්, ජර්මානුක භාෂා උපකුලය එහි පරිනාමයේ මුල් අවස්ථාවන්වල දී තම මුල් භාෂාවෙන් පමණක් වෙනුවට අසල්වැසි භාෂා ඛාණ්ඩවලින් ද සමහර ලක්ෂණ ලබා ගත් නිසා එය පමණක් අඩු ගස් ආකෘතියක් පෙන්වී ය. විශේෂයෙන් බටහිර ජර්මානුක භාෂාවන්වල ඇතුලාන්ත නානාවිධත්වය අත්‍යන්තයෙන් ගසක ආකෘතිය මෙන් නොවන බව පෙන්වා දී ඇත.

උපඛාණ්ඩ සඳහා ප්‍රස්තූත වර්ගීකරණ[සංස්කරණය]

ඉතාලීය-කෙල්ටික, ග්‍රීක-ආර්මේනියානු, ග්‍රීක-ආර්ය හෝ ග්‍රීක-ආර්මේනියානු-ආර්ය, බෝල්ටික-ස්ලැවික-ජර්මානු වැනි උසස් උපඛාණ්ඩවල පැවැත්ම පිළිගෙන ඇත. කෙසේ වෙතත් සාම්ප්‍රදායිකව පිළිගැනුණු ශාඛා දහය මෙන් නොව, මේ සියල්ල අඩු හෝ වැඩි වශයෙන් මතභේදවලට තුඩු දෙයි.

කලක දී ඉතාලීය-කෙල්ටික උපඛාණ්ඩය මතභේඅදයකින් තොරව පිළිගනු ලැබී ය. ඇන්ටෝනි මෙයිලෙට් මෙය බොල්ටික-ස්ලැවික ඛාණ්ඩයටත් වඩා පිළිගත හැකි යැයි සැලකුවේය. එසේ සැලකීමට ප්‍රධාන හේතූන් වූයේ වචන අගට එහි ලිංගය හැඟවීමට -ī උපසර්ගය එක් කිරීම, වචන අගට අතිශයාර්ථවාචකය හැඟවීමට -m̥mo උපසර්ගය එක් කිරීම, එකම වචනයේ /p/ වෙනත්  /kʷ/ ශබ්දයකට පෙර  /kʷ/ ලෙස වෙනස් වීම ('පහ' යන නාම පදයට penkʷe > *kʷenkʷe > ලතින් බසින් quīnque, පුරාණ අයර්ලන්ත භාෂාවෙන් cóic ලෙස), සහ අසම්භාව්‍ය ක්‍රියාවට -ā- පදාණුව යෙදීම, යන ඒවා යි. මේවා කැල්වර්ට් වොට්කින්ස් විසින් දිගින් දිගටම අභියෝගයට ලක් වූ අතර මයිකල් වයිස් මෙම උපඛාණ්ඩයට සහාය දක්වා ඇත.

ග්‍රීක හා ආර්මේනියානු භාෂා අතර සම්බන්දතාවය සඳහා වචන මුල දී දෙවන ස්වරය a ශබ්දයට ඒකාකාරී ලෙස වෙනස් වීම, හා "කාන්තාව" හා "බැටළුවා" යන වචනවල ඇති සමානතාවය ද සලකා බලා ඇත. ග්‍රීක හා ඉන්දු-ඉරානීය භාෂාවල බොහෝවිට ක්‍රියාපදවල විචාරයෙහි හා නාමපද නිරුක්තියෙහි නව්‍යතාවල සමානතා ඇත. පිරිජියානු ග්‍රීක භාෂා අතර ද ආර්මේනියානු හා ත්‍රැසියානු භාෂා අතර ද සම්බන්දතා පිලිබඳ මත පල වී ඇත. සමහර භූත කාල ක්‍රියාවන් (කාලයක් නැති ක්‍රියාවන්) අගට -s යන පරිසමාප්ත කර්තෘකාරක කෘදන්තය එක් කිරීම මෙම ඛාණ්ඩය ඇනටෝලියානු හා ටෝකරියානු ඛාණ්ඩවලට ළං කරයි. බොල්ටික-ස්ලැවික භාෂා හා පොදු ලක්ෂණ [විශේෂයෙන් ම වර්තමාන හා අතීත කාල (ප්‍රෙටෙරිට්) වචනවල දී] පසුකාලීන සබඳතා නිසා විය හැකියි.

ඉන්දු-හිත්තීය කල්පිතයට අනුව ඉන්දු යුරෝපා භාෂා කුලයේ ප්‍රධාන ශාඛා දෙකකි: එක් ශාඛාවක් ඇනටෝලියානු හා අනෙක් ශාඛාව අනෙක් සියලුම ඉන්දු යුරෝපා භාෂා ඇතුලත් ශාඛාවක් ලෙස යි. ඇනටෝලියානු අනෙක් භාෂාවලින් වෙන්කරන සාධක (ආඛ්‍යාතයන්ගේ ලිංගයන් වැනි) බොහෝ කාලයක් තිස්සේ හුදකලා ව පැවතීම නිසා ඇති වූ නව්‍යතා හෝ පුරාණ නෂ්ඨාවශේෂ නිසා වෙනම ම පරිවර්තනය වූ ඒවා යි. ඉන්දු-හිත්තීය කල්පිතයට සහයෝගය දක්වමින් ඉදිරිපත් වූ කරුණු නම්: ඇනටෝලියාවේ ඉන්දු යුරෝපීය කෘෂිකාර්මික ශබ්දමාලාව (අසර්වත්‍ර යි) හා ස්වරයන්ගේ සංරක්ෂණය යි. කෙසේ වෙතත්, සාමාන්‍යයෙන් මෙම කල්පිතය ඇනටෝලියානු සාධකවලට වැඩි නැඹුරුවක් ඇති බව පිළිගැනීම යි. තවත් එක් මතයකට අනුව ඇනටෝලියානු උපඛාණ්ඩය සංසන්දනාත්මකව බලන කල පසුකාලීන ව, එනම් ඉන්දු ඉරානීය උපඛාණ්ඩය වෙන් වූ කාලයේ ම, ග්‍රීක හෝ ආර්මේනියානු හෝ ඛාණ්ඩ වෙන් වූ කාලයෙන් පසු ව මූලික ඉන්දු යුරෝපා භාෂාවෙන් වෙන් වී ඇත. වෙන මතයකට අනුව, විශේෂයෙන් ම ඉන්දු යුරෝපා අධ්‍යනයේ ප්‍රංශ සම්ප්‍රදායට අනුව, එක් විශේෂ භාෂාමය සම්බන්දතාවයක් නොපෙන්වා සාමාන්‍යයෙන් සාතේමය නොවන භාෂා (ඇනටෝලියානු ද ඇතුලත් ව) අතර ඇති වර්තමාන සමානතා සමහරවිට ඒවා භාවිතා වන ප්‍රදේශවල ඇති පර්යන්තභාවය සහ පූර්ව විකාශන ආරම්භය නිසා විය හැකි යැයි පෙන්වා දෙයි. හාන්ස් ජේ. හෝම් වාග්මාලාමය ගණනය කිරීම් මත පදනම් වූ සාමාන්‍ය සම්ප්‍රදායික මත ප්‍රතිනිර්මාණය කරමින්, ඉන්දු හිත්තීය කල්පිතය ඛණ්ඩනය කරමින් දළ සටහනක් හඳුන්වා දුන්නේ ය.

සාතේමය හා සෙන්තමය භාෂා[සංස්කරණය]

ක්‍රි.පූ 500 දී පමණ ඉන්දු යුරෝපා දුහිතෘ භාෂාවන්ගේ සුවිශේෂී භාවිත ප්‍රදේශ.
  නිල්: සෙන්තමය භාෂා
  රතු: සාතේමය භාෂා
  තැඹිලි : ආගමයක් ඇති භාෂා
  කොළ: PIE *-tt- > -ss- වන භාෂා
  දුඹුරු: PIE *-tt- > -st- වන භාෂා
  රෝස : *-bh- ට වැඩියෙන් *-m- හි කරණ, සම්ප්‍රදාන හා අවධි විභක්ති (සහ තවත් කිහිපයක්) බහුවචන ප්‍රත්‍ය ඇති භාෂා

ඉන්දු යුරෝපීය භාෂා සාතේමය හා සෙන්තමය ලෙස බෙදීම 1890 දී පීටර් වොන් බ්‍රැඩ්ක් විසින් හඳුන්වා දුන්න ද, පළමුව ඒ හා සමාන බෙදීමක් හඳුන්වා දුන්නේ කාල් බෘග්මාන් විසින් 1886 දී ය. බෝ

ල්ටික-ස්ලැවික, ඉන්දු ඉරානීය, (බොහෝ ආකාරවලින් බැලූ කල) ඇල්බේනියානු හා ආර්මේනියානු උපඛාණ්ඩ වැනි ශාඛා ඇතුලත් සාතේමය භාෂාවල ප්‍රතිනිර්මාණය කළ මූලික ඉන්දු යුරෝපා කණ්ඨතාලුජ අක්ෂර පැහැදිලි ව හා ඌෂ්ම ව පැවති අතර කණ්ඨෝෂ්ඨජ අක්ෂර "තනි කණ්ඨජ" අක්ෂර සමඟ මිශ්‍ර ව පැවතී ය. සෙන්තමය භාෂාවල කණ්ඨතාලුජ අක්ෂර කණ්ඨජ අක්ෂර සමඟ මිශ්‍ර ව තිබූ අතර කණ්ඨෝෂ්ඨජ පැහැදිලි ව පැවතී ය. මෙම වෛකල්පික විකාශන 'සියය' යන පදය අවෙස්තාන භාෂාවෙන් (සාටෙම්) සහ ලතින් භාෂාවෙන් (සෙන්ටම්) කීමේ දී පළමු කණ්ඨතාලුජ අක්ෂරය පූර්වයේ දී ඌෂ්ම [ස්] අක්ෂරයකට විකාශනය වුව ද, පසුව සාමාන්‍ය කණ්ඨජ [ක්] අක්ෂරයකට පත් වීම යන්නෙන් උදාහරණිත ය.

වාංශික වෙන්වීමකට වඩා සෙන්තම-සාතේමය බෙදීම පොදුවේ ගත කල ප්‍රාදේශීය ව පූර්ව ඉන්දු යුරෝපා උපභාෂා ශාඛාවන්ගේ පැතිරුණු නව්‍ය වෙනස්කම් නිසා සිදු වූවක් ලෙස සලකන අතර සෙන්තම-සාතේමය භාෂා වහරන ප්‍රදේශ පැරණි ඉන්දු යුරෝපා ශාඛාවන්ගේ ලක්ෂණ අතර වෙනස්කම් පෙන්වන ව්‍යාකරණ ප්‍රදේශ කිහිපයක් හා අන්තර්ඡේදනය වෙයි. සමහරවිට සෙන්තමය භාෂා පූර්ව ඉන්දු යුරෝපා භාෂාවේ ප්‍රකෘති තත්වය පෙන්වනවාත්, පූර්ව ඉන්දු යුරෝපා පර්යන්ත ප්‍රදේශවල උපභාෂාවල අඛණ්ඩතාවයට හැර අනෙක් සියල්ලටම බල පාන ලෙස සාතේමය ශාඛාවලට පමණක් නව්‍යතා සමූහයක් පොදුවේ තිබුනාත් විය හැකි යි. පසුකාලීනව බටහිර ඉන්දු යුරෝපා අර්ධගෝලයට ආකර්ෂණය වීමට පෙර බෝල්ටික්වරුන්ගේ හා ස්ලැවික්වරුන්ගේ ආදිතමයන් සාතෙමීකරණය වූ බවට කොර්ට්ලන්ඩ්ට් විසින් මතයක් පළ කර ඇත.

ප්‍රස්තූත මහාකුල[සංස්කරණය]

සමහර වාග්විද්‍යාඥයින් ඉන්දු යුරෝපා භාෂා කුලය කල්පිත මහාකුල කිහිපයකගෙන් එකක කොටසක් බවට මත මත පළ කර ඇත. කෙසේ වෙතත්, මෙම කල්පිතයන් තවමත් බොහෝ වාග්විද්යාඥයන්ගේ පිළිගැනීමකින් තොර ව විවාදයට භාජනය වෙමින් පවතී. එසේ ප්‍රස්තූත කුඩා මහාකුලවලට පහත ඒවා අයත් වේ:

  • පොන්ටික : ජෝන් කොලරුසෝ විසින් ඉදිරිපත් කළ, ඉන්දු යුරෝපා කුලය වයඹදිග කොකේසියානු කුලය සමඟ එක් කළ මහාකුලයකි.
  • ඉන්දු යුරලීක : ඉන්දු යුරෝපා කුලය යුරලීක කුලය හා එක් කළ මහාකුලයකි.

වෙනත් ප්‍රස්තූත ඉන්දු යුරෝපා කුලය ඇතුලත් විශාල මහාකුල:

  • යුරාසිතික : ජෝශප් ග්‍රීන්බර්ග් විසින් ඉදිරිපත් කළ කල්පිතයකි.
  • නොස්ත්‍රාතික : සියලුම යුරාසිතික භාෂා, කාර්ට්වෙලියානු, උරලීක, හා ද්‍රවිඩ (හෝ එලමිතීය-ද්‍රවිඩ මහකුලය ද ඇතුලත්ව), අල්තායීක, හා අප්‍රිකාසියානුක භාෂා කුල ද ඇතුලත් වූ මහා කුලයකි.

එවැනි වර්ගීකරණයන්ට තිබෙන විරෝධතා ඒවායේ ඓතිහාසික පැවැත්ම හෝ නොපැවැත්ම පිලිබඳ  කිසිඳු සිද්ධාන්තමය කාරණයක් මත පදනම් නොවේ. එවන් මහාකුල පැවතියා යැයි සිතීම සම්පූර්ණයෙන් ම සාධාරණ ය. මෙම කුල අතර සබඳතා හඳුනාගැනීමේ ඇති ප්‍රධානතම අපහසුතා නම් අවස්තාමය සාදෘශ්‍යය ඉක්මවා ගිය හැකි ප්‍රබල සාක්ෂි හමු නොවීම හෝ එය භාෂා අතර තත්සම ලෙස වචන හුවමාරු වීමෙන් සිදු වූවා යැයි කියන තරම් පහසුවෙන් එය විස්තර කළ නොහැකි වීම යි. ඓතිහාසික වාග්මාලවන්ගේ සංඥාවට ශබ්දය අනුපාතය කාලය සමඟ ක්‍රමක්‍රමයෙන් ක්ෂය වීම නිසා  විශාල සෑහෙන කාල පරාසයක් ගත වීමෙන් පසු එය අයෙකුට සංඥාව ශබ්දයෙන් වෙන් කර හඳුනාගැනීමට හැකි වන තරමට සැක සහිත වෙයි.

පරිණාමය[සංස්කරණය]

මූලික ඉන්දු යුරෝපා භාෂාව[සංස්කරණය]

කුර්ගන් කල්පිතයට අනුව ක්‍රි.පූ. 4000 සිට 1000 වන තුරු ඇති වූ ඉන්දු යුරෝපා සංක්‍රමනයන්ගේ යෙදුම

ප්‍රස්තූත මූලික ඉන්දු යුරෝපා භාෂාව (PIE) යනු  ඉන්දු යුරෝපා භාෂාවන්ගේ කල්පිත පූර්වජය හෙවත් මූලික ඉන්දු යුරෝපීයන්ගේ භාෂාව යි. 1960 දශකයේ තිබූ ඇනටෝලියානු පිලිබඳ දැනුම මූලික ඉන්දු යුරෝපා භාෂාවට එහි තිබූ සබඳතාවය හෙළි කිරීමට ප්‍රමාණවත් විය. මෙම ක්‍රමය යොදාගෙන පූර්ව මූලික ඉන්දු යුරෝපා භාෂාව නම් වූ පූර්ව අවස්තාවක අභ්‍යන්තර ප්‍රතිනිර්මාණය යෝජනා වී ඇත.

PIE වචන අතර ව්‍යාකරණමය සම්බන්දතා නතිවර්තන පදාණු (සාමාන්‍යයෙන් ප්‍රත්‍යයන්) මඟින් සංඥා කෙරුණු නතිවර්තිත භාෂාවක් විය. PIE හි මූලයන් වාග්මාලාමය අර්ථයක් තිබූ පදාණු විය. උපසර්ග එකතු කිරීමෙන් මේවා ශබ්ද ප්‍රකෘති වන අතර ප්‍රත්‍යයන් එක් කිරීමෙන් මේවා ව්‍යාකරණමය වශයෙන් නතිවර්තිත වචන (නාමපද හෝ ක්‍රියාපද) කල්පිත PIE ක්‍රියාපද සංකීර්ණ මෙන්ම නාමපද මෙන් ස්වර අනම්‍යයක් පෙන්වයි.

විවිධාංගීකරණය[සංස්කරණය]

ඉන්දු යුරෝපා භාෂාවන්ගේ විකාශනය
ක්‍රි.පූ. 4000 දී ඉන්දු යුරෝපා භාෂා
ක්‍රි.පූ. 4000 දී පමණ ඉන්දු යුරෝපා භාෂා
ක්‍රි.පූ. 4000 දී පමණ ඉන්දු යුරෝපා භාෂා 
ක්‍රි.පූ. 3000 දී ඉන්දු යුරෝපා භාෂා
ක්‍රි.පූ. 3000 දී පමණ ඉන්දු යුරෝපා භාෂා
ක්‍රි.පූ. 3000 දී පමණ ඉන්දු යුරෝපා භාෂා 
ක්‍රි.පූ. 2000 දී ඉන්දු යුරෝපා භාෂා
ක්‍රි.පූ. 2000 දී පමණ ඉන්දු යුරෝපා භාෂා
ක්‍රි.පූ. 2000 දී පමණ ඉන්දු යුරෝපා භාෂා 
ක්‍රි.පූ. 500 දී ඉන්දු යුරෝපා භාෂා
ක්‍රි.පූ. 500 දී පමණ ඉන්දු යුරෝපා භාෂා
ක්‍රි.පූ. 500 දී පමණ ඉන්දු යුරෝපා භාෂා 
ඉන්දු යුරෝපා භාෂාවන්ගේ විකාශනය (වෙනත් මතයකට අනුව)
ක්‍රි.පූ. 3500 දී පමණ ඉන්දු යුරෝපා භාෂා
ක්‍රි.පූ. 3500 දී පමණ ඉන්දු යුරෝපා භාෂා
ක්‍රි.පූ. 3500 දී පමණ ඉන්දු යුරෝපා භාෂා 
ක්‍රි.පූ. 2500 දී පමණ ඉන්දු යුරෝපා භාෂා
ක්‍රි.පූ. 2500 දී පමණ ඉන්දු යුරෝපා භාෂා
ක්‍රි.පූ. 2500 දී පමණ ඉන්දු යුරෝපා භාෂා 
ක්‍රි.පූ. 1500 දී පමණ ඉන්දු යුරෝපා භාෂා
ක්‍රි.පූ. 1500 දී පමණ ඉන්දු යුරෝපා භාෂා
ක්‍රි.පූ. 1500 දී පමණ ඉන්දු යුරෝපා භාෂා 
ක්‍රි.පූ. 500 දී පමණ ඉන්දු යුරෝපා භාෂා
ක්‍රි.පූ. 500 දී පමණ ඉන්දු යුරෝපා භාෂා
ක්‍රි.පූ. 500 දී පමණ ඉන්දු යුරෝපා භාෂා 

මුල් භාෂාවේ තහවුරු වූ දුහිතෘ භාෂාවන්ගේ ශාඛාවන්ට විවිධාංගීකරණය වූ ආකාරය ඉතිහාසමය වශයෙන් තහවුරු වී නැත. විවිධ දුහිතෘ භාෂාවන්ට පරිණාමය වූ කාල පරාසය, අනෙක් අතින් බලන කල ඉන්දු යුරෝපා ජනයාගේ නිජබිම පිලිබඳ ප්‍රශ්නය නොසලකා ම බොහෝවිට විවාදයට ලක් නොවෙයි.

පරිණාමීය ජෛව විද්‍යාවෙන් ගත් ගණිතමය විග්‍රහයකින් දොන් රින්ජ් හා ටැන්ඩි වොර්නව් ඉන්දු  යුරෝපා ශාඛාවන්ගේ පරිණාමය පහත පරිදි යැයි ඉදිරිපත් කළහ:

  • පූර්ව ඇනටෝලියානු (ක්‍රි.පූ. 3500ට පෙර)
  • පූර්ව ටොකරියානු
  • පූර්ව ඉතාලීය සහ පූර්ව කෙල්ටික (ක්‍රි.පූ. 2500ට පෙර)
  • පූර්ව ආර්මේනියානු සහ පූව ග්‍රීක (ක්‍රි.පූ. 2500ට පසු)
  • මූලික ඉන්දු ඉරානීය (ක්‍රි.පූ. 2000)
  • පූර්ව ජර්මානුක හා පූර්ව බෝල්ටික-ස්ලැවික
  • මූලික ජර්මානුක (ක්‍රි.පූ. 500)

ඩේවිඩ් ඇන්තනි පහත පිළිවෙල ඉදිරිපත් කළේය:

  • පූර්ව ඇනටෝලියානු (ක්‍රි.පූ. 4200)
  • පූර්ව ටොකරියානු (ක්‍රි.පූ. 3700)
  • පූර්ව ජර්මානුක (ක්‍රි.පූ. 3300)
  • පූර්ව ඉතාලීය හා පූර්ව කෙල්ටික (ක්‍රි.පූ. 3000)
  • පූර්ව ආර්මේනියානු (ක්‍රි.පූ. 2800)
  • පූර්ව බෝල්ටික-ස්ලැවික (ක්‍රි.පූ. 2800)
  • පූර්ව ග්‍රීක (ක්‍රි.පූ 2500)
  • පූර්ව ඉන්දු ඉරානීය (ක්‍රි.පූ. 2200) : ක්‍රි.පූ. 1800 දී ඉරානීය හා පුරාණ ඉන්දීය ලෙස වෙන් වෙයි.

ක්‍රි.පූ. 1500 සිට පහත පිළිවෙලට විවිධාංගීකරණය විය:

  • ක්‍රි.පූ. 1500 - ක්‍රි.පූ. 1000 : නෝර්ඩීය ලෝකඩ යුගය සමඟ පූර්ව මූලික ජර්මානුක භාෂාව වර්ධනය වීම. යකඩ යුගයත් සමඟ පූර්ව මුල් කෙල්ටික අර්න්ෆීල්ඩ් හා හොල්ස්ටට් සංස්කෘතීන් මධ්‍යම යුරෝපයේ මතු වීම. මුල් ඉතාලීය භාෂා කතාකරන්නන්ගේ ඉතාලි අර්ධද්වීපයට ආගමනය. ඍග්වේදය සම්පාදනය වීම. පංජාබයේ වේදීය ශිෂ්ටාචාරය ඇති වීම. මයිසීනියානු ශිෂ්ටාචාරය හරිත අඳුරු යුගයට යාම. හිත්තීයන් නැති වී යාම.
  • ක්‍රි.පූ. 100 - ක්‍රි.පූ.500 : බටහිර හා මධ්‍යම යුරෝපයේ කෙල්ටික භාෂා පැතිරීම. වර්තමාන පෝලන්තයේ සිට යුර කඳුවැටිය දක්වා බෝල්ටික භාෂා භාවිත වීම. පූර්ව ජර්මානුක. හෝමර්ගේ උපත සමඟ සම්භාව්‍ය පුරාතනයේ ආරම්භය. වේදීය ශිෂ්ටාචාර මහාජනපදවලට පෙරලීම. බුදුදහමේ ඇරඹුම. සාරතෘස්තියාන දහමේ ආරම්භය. එලමිතීය හා බැබිලෝනියානු රාජ්‍ය වෙනුවට ආකේමනීය රාජධානියේ ආරම්භය. මූලික ඉතාලීය, ඔස්කෝ අම්බ්රියානු, ලතින් ෆැලිසියානු භාෂා වෙන් වීම. ග්‍රීක හා පුරාන ඉතාලීය අක්ෂර මාලා බිහි වීම. දකුණු යුරෝපයේ පැලියෝ බෝල්කන් භාෂා භාවිතය.
  • ක්‍රි.පූ. 500 - ක්‍රි.පූ./ක්‍රි.ව. 1 : සම්භාව්‍ය පුරාතනය: ග්‍රීක ලතින් භාෂා මධ්‍යධරනියේ පැතිරීම. හෙලනිස්තික යුගයේ දී (ඉන්දු- ග්‍රීක) මධ්‍යම ආසියාව, හුන්දුකුෂ්, කුෂාන් අධිරාජ්‍ය, මෞර්ය අධිරාජ්‍ය දක්වා පැතිරීම. මූලික ජර්මානුක.
  • ක්‍රි.ව 1 - ක්‍රි.ව 500 : පුරාතනයේ අග: ගුප්ත යුගය : ආර්මේනියානු භාෂා. මූලික ස්ලැවික. රෝම අධිරාජ්‍යයෙන් පසු සංක්‍රමණික යුගය කෙල්ටික භාෂා බ්‍රිටිෂ් අයිල් දූපත්වලට සීමා කිරීම. සොග්ඩියානු, නැගෙනහිර ඉරානීය භාෂාවක්, එම වෙළඳුන් නිසා මධ්‍යම ආසියාතික සේද මාවතේ සම්බන්ධීකරණ භාෂාව බවට පත් වීම.අවසාන ඇනටෝලියානු භාෂා ද නැති වී යයි.
  • ක්‍රි.ව. 500 - ක්‍රි.ව. 1000 : මුල් මධ්‍යතන යුගය. වයිකින් යුගයේ දී ස්කැන්ඩිනේවියාවේ, බ්‍රිතාන්‍ය දූපත්වල, අයිස්ලන්තයේ පුරාන නෝර්ස් හා කොයිනේ භාෂා පැතිරීම. තුර්කීය හා ඉස්ලාමීය යටත්විජිතකරණය නිසා සමහර ඉන්දු යුරෝපා භාෂාවන් කතා කළ ප්‍රදේශ තුර්කීකරණය හා අරාබිකරණය වීම. ඒ හේතුවෙන් ටොකරියානු භාෂා නැති වීම හා උතුරු ඉරානීය භාෂාව (සයිතීය-සමාරිතානු) කුඩා ප්‍රදේශයකට සීමා වීම. මධ්‍යම, නැගෙනහිර හා අග්නිදිග යුරෝපයේ බෝල්කානු ප්‍රදේශවල පැවති රෝමානුක භාෂා (රුමේනියානු හැර) හා ඉතිරිව තිබූ පැලියෝ-බෝල්කානු භාෂා (ඇල්බේනියානු හැර) වෙනුවට ස්ලැවික භාෂා භාවිතය.
  • ක්‍රි.ව. 1000 - ක්‍රි.ව. 1500 : මධ්‍යතන යුගයේ අග භාගය: ඇල්බේනියානු හා බෝල්ටික භාෂා තහවුරු වීම.
  • ක්‍රි.ව. 1500 - ක්‍රි.ව. 2000 : මුල් නව යුගයේ සිට වර්තමානය දක්වා : යටත්විජිතකරණය නිසා ඉන්දු යුරෝපා භාෂා මුළු ලෝකයේ ම පැතිරීම, විශේෂයෙන් ම රෝමානුක භාෂා (උතුරු, මධ්‍යම හා දකුණු ඇමරිකාව, උතුරු හා උප-සහරානු අප්‍රිකාව, හා බටහිර ආසියාව), බටහිර ජර්මානුක භාෂා (උතුරු ඇමෙරිකාවේ, උප-සහරානු අප්‍රිකාවේ, නැගෙනහිර ආසියාවේ, ඕස්ට්‍රේලියාවේ ඉංග්‍රීසි භාෂාව; සහ ඉතා අඩු වශයෙන් ජර්මානු හා ලන්දේසි) සහ රුසියානු (මධ්‍යම හා උතුරු ආසියාවේ) පැතිරීම.

ප්‍රතිනිර්මාණයේ දී වැදගත් භාෂා[සංස්කරණය]

ඉන්දු යුරෝපා හාශාවන්ගේ ඉතිහාසය හා පූර්ව මූලික ඉන්දු ච්යුරෝපා භාෂාවේ ආකෘතිය ප්‍රතිනිර්මාණයේ දී යම් යම් භාෂා වැදගත් වේ. මේවාට සාමාන්‍යයෙන් හොඳින් තහවුරු වූ හා ලේඛනගත වී ඇති පුරාන ඉන්දු යුරෝපා භාෂා ඇතුලත් වූ මුත්, සමහර නූතන භාෂා ඒවා වාග්විද්‍යාත්මක ව සංරක්ෂණය වී ඇති නම්  ඒවා ද ඇතුලත් වේ (ලිතුවේනියානු වැනි). නොලියවුණු හෝ වර්තමානය වන විට පවතින පුරාණතම ලිඛිත අත්ප්ටපත්වලට පෙරලීමේ දී වෙනස් වූ බොහෝ ලක්ෂණ (උදා.: ස්වරයේ දිග) ප්‍රතිනිර්මාණය කිරීමට උපකාරී වන දැඩි කාව්‍යමය මාත්‍රා සාමන්‍යයෙන් භාවිත වී තිබීම නිසා පුරාණ කවීත්වය විශේෂ වේ.

ඒ අතර පහත භාෂා විශේෂ වේ:

  • වේදීය සංස්කෘත (ක්‍රි.පූ. 1500 - 500 පමණ) : මෙහි ප්‍රභව ලේඛන ලේඛනගතවීමට වසර 2,000කට පමණ පෙර සිට වාචික ව රචනා වී මුඛ පරම්පරාවෙන්  (ශාඛා පාසල්) මඟින් පැවතගෙන ඒම නිසා අනෙක් ඒවායෙන් මෙය විශේෂ වේ. පුරාණතම ලේඛනයන් සියල්ලම පද්‍යමය යි. පුරාණතම හා විශේෂතම ලේඛනය ඍග් වේදය යි (ක්‍රි.පූ.1500 දී පමණ).
  • මයිසීනියානු ග්‍රීක (ක්‍රි.පූ. 1450 දී පමණ) සහ පුරාණ ග්‍රීක (ක්‍රි.පූ. 750 - 400 පමණ) : මයිසීනියානු ග්‍රීක පුරාණතම ලේඛනගත වී ඇති ස්වරූපය වුව ද, එහි අගය සීමිත කරුණු, සීමිත විෂයානුබද්ධ කරුණු, හා අතිශය බහුඅර්ථිත ලේඛන පද්ධතිය නිසා අඩු වේ. පුරාණ ග්‍රීක ඒ අතුරින් වැදගත් ම වන අතර එය හෝමර්ගේ පද්‍ය ද්විත්වයෙන් ඇරඹී ඉතා පුළුල් ලෙස ලේඛනගතව ඇත.
  • හිත්තීය (ක්‍රි.පූ 1700 - 1200 පමණ) : මෙය ඉන්දු යුරෝපා භාෂාවන අතර මුලින්ම ලේඛනගත වී ඇති භාෂාව වන අතර, ඇනටෝලියානු භාෂාවන්ගේ අනෙක් භාෂාවන්ට වඩා බොහෝ පෙර වෙන් වීම නිසා අනෙක් ඒවායෙන් බොහෝ වෙනස් වේ. එය අනෙක් භාෂාවන්ගේ නැති, හෝ තිබුණහොත් අසම්පූර්ණ ඉතා පෞරාණික ලක්ෂණ එහි තිබේ. කෙසේ වෙතත් එහි අක්ෂර මාලාවන්ගේ තිබෙන අපැහැදිලිකම් හා සම්බන්ධ, එහි ප්‍රයෝජනයන් යම්තාක් දුරට සඟවන ශබ්දවිද්‍යාත්මක හා ව්‍යාකරණමය වෙනස්කම් රාශියකට ලක් වී ඇති බව ද ඒ අතරම පෙනෙන්නට තිබේ.

අනෙක් ප්‍රාථමික මූලාශ්‍ර:

  • ලතින් : සම්භාව්‍ය යුගයේ (ක්‍රි.පූ. 200 - ක්‍රි.ව. 100 පමණ) පද්‍ය හා ගද්‍ය ලේඛන බොහොමයක් හා සීමිත ක්‍රි.පූ. 600 දී පමණ ලියවුනු පුරාණ ලේඛන ප්‍රමාණයක් ද හමු වේ.
  • ගොතික් (පුරාණතම පුළුල් ව ලේඛනගත ව ඇති ජර්මානුක භාෂාව, ක්‍රි.ව. 350 පමණ), අනෙක් පුරාණ ජර්මානුක භාෂාවන්ගේ කරුණු ද ඇතුලත් ව: විශේෂයෙන් ම පුරාණ ඉංග්‍රීසි (ක්‍රි.ව. 800 - 1000 පමණ), පුරාණ උසස් ජර්මානු (ක්‍රි.ව. 750 - 1000 පමණ) සහ පුරාණ නෝර්ස් (ක්‍රි.ව. 1100 - 1300 පමණ, ක්‍රි.ව. 200ට දිව යන සීමිත පුරාණ ලේඛන ද ඇතුලත්).
  • පුරාණ අවෙස්තානු (ක්‍රි.පූ. 1700 - 1200 පමණ) සහ නව අවෙස්තානු (ක්‍රි.පූ. 900 පමණ) : ලේඛන දුලභ වුව ද අතිශය පෞරාණික ස්වාභාවය නිසා වැදගත් වේ.
  • නූතන ලිතුවේනියානු, සීමිත ලේඛන සංඛ්‍යාවක් ඇති පුරාන ලිතුවේනියානු (ක්‍රි.ව. 1500 - 1700 පමණ) ද සමඟ.
  • පුරාණ දේවස්ථාන ස්ලැවොනික (ක්‍රි.ව. 900 - 1000 පමණ)

අනෙකුත් ද්විතීය මූලාශ්‍ර (සාක්ෂි අඩු වීම නිසා අගය අඩු):

  • ලුවියානු, ලයිසියානු, ලිඩියානු හා අනෙකුත් ඇනටෝලියානු භාෂා (ක්‍රි.පූ. 1400 - 400 පමණ)
  • ඔස්කානු, අම්බ්රියානු, සහ අනෙකුත් පුරාණ ඉතාලීය භාෂා (ක්‍රි.පූ. 600 - 200 පමණ)
  • පුරාණ පර්සියානු (ක්‍රි.පූ. 500 පමණ)
  • පුරාණ පෘසියානු (ක්‍රි.ව. 1350 - 1600 පමණ); ලිතුවෙනියානුවලටත් වඩා පුරාණ ය.

අනෙකුත් ද්විතීය භාෂා (පුළුල් ශබ්දවිද්‍යාත්මක වෙනස්කම් හා සංසන්දනාත්මක ව සාක්ෂි අඩු වීම නිසා අගය අඩු වූ):

  • පුරාණ අයර්ලන්ත (ක්‍රි.ව. 700 - 850 පමණ)
  • ටොකරියානු (ක්‍රි.ව. 500 - 800 පමණ): විශාල ශබ්දවිද්‍යාත්මක මාරු වීම් හා මුල් භාෂාව හා එක් වීම්වලට ලක් වූ අතර බොහෝදුරට සම්පූර්ණයෙන් ම වෙනස් කරන ලද වරනැඟුම් පද්ධතියකින් යුක්ත ය.
  • සම්භාව්‍ය ආර්මේනියානු (ක්‍රි.ව. 1100 - 400 පමණ)
  • ඇල්බේනියානු (ක්‍රි.ව. 1450 සිට වර්තමානය දක්වා)

ශබ්ද වෙනස්වීම්[සංස්කරණය]

මූලික ඉන්දු යුරෝපා භාෂාව (PIE) කැඩුනායින් පසු, එගි දුහිතෘ භාෂාවන්ගේ ශබ්ද රීතීන්ට අනුව එහි ශබ්ද පද්ධතිය ද වෙනස් විය.

PIE සාමාන්‍යයෙන් අඝෝෂ, ඝෝෂ, හා ඝෝෂ මහප්‍රාණ නැවතුම් අතර අසාමාන්‍ය තුන් ආකාර ස්වන වෙනස්කම්, සහ "තාලුජ" ḱ ǵ ǵh, "සරල කණ්ඨජ" k g gh සහ "කණ්ඨෝෂ්ඨජ" kʷ gʷ gʷh අතර කණ්ඨජ ව්‍යංජනවල තුන් ආකාර වෙනස්කම් සහිත නැවතුම් ව්‍යංජන 15ක සංකීර්ණ පද්ධතියකින් ප්‍රතිනිර්මාණය කර ඇත (තාලුජ හා සරල කණ්ඨජ යන පදයන්ගේ නිවරද්‍යතාවය විවාදයට බඳුන් වෙමින් පවතී; මූලික ඉන්දු යුරෝපා ශබ්දවිද්‍යාව කියවන්න). සෑම දුහිතෘ භාෂාවක්ම මෙම ශබ්ද අතර වෙනස්කම් බොහ්විට ප්‍රතිවිරුද්ධ ආකාරයන්ගෙන් අඩු වී ඇත.

උදාහරණයක් ලෙස, ජර්මානුක භාෂාවක් වන ඉංග්‍රීසි භාෂාවේ ඇති වූ ප්‍රධාන වෙනස්කම්වලින් සමහරක් පහත දැක් වේ:

  1. අනෙකුත් සෙන්තමය භාෂාවන්ගේ මෙන් ම, "සරල කණ්ඨජ" සහ "තාලුජ" නැවතුම් මිශ්‍ර වී නැවතුම් ගණන 15 සිට 12ට අඩු වී ඇත.
  2. අනෙක් ජර්මානුක භාෂාවල මෙන් ම, ජර්මානුක ශබ්ද වෙනස සෑම ව්‍යංජනයක් ම වෙන එකකට මාරු වීම සමඟ ම සියලුම නැවතුම් ව්‍යංජනයන්ගේ යථානිරූපණය වෙනස් කරලී ය:
    bpf
    dtθ
    gkx (පසුකාලීන ව පළමු xh)
    gʷʰ (පසුකාලීන ව පළමු )

    සෑම මුල් ව්‍යංජනයක් ම එක් අවස්තාවක් දකුණට මාරු විය. උදාහරණයක් ලෙස, මුල් dʰ, d වූ අතර මුල් d, t ද, මුල් t, θ (ඉංග්‍රීසියෙන් th ලෙස ලියා දැක් වේ) බවට පත් විය. f, th, h සහ wh යන ඉංග්‍රීසි ශබ්දයන්ගේ මූලාශ්‍රය මෙය යි. උදාහරණ ශබ්ද බොහෝ විට වෙනස් නොවුණු ලතින් බස හා ඉංග්‍රීසි බස සංසන්දනය කර පෙන්විය හැකි ය:

    PIE "p" සඳහා : මාළුවාට piscis සහ fish; පාදයට pēs/pēdis සහ foot; වැස්සට pluvium සහ flow; පියාට pater සහ father
    PIE "t" සඳහා : තුනට trēs සහ three; මවට māter සහ mother
    PIE "d" සඳහා : දහයට decem සහ ten; පාදයට pēdis සහ foot; මොනවද යන්නට quid සහ what
    PIE "k" සඳහා : සියයට centum සහ hund(red); තිබීමට capere සහ have
    PIE සඳහා : මොනවද යන්නට quid සහ what; කවදාද යන්නට quandō සහ when
  3. විවිධ තවදුර වෙනස්කම් වචනයක මැද හෝ අග තිබූ ව්‍යංජනවලට බල පෑවේ ය:
    • ශබ්ද මාරුව නිසා ඇති වන ඝෝෂ නැවතුම් ඝෝෂ ඌශ්මයන්ට සුමුදු කර ඇත (හෝ සමහරවිට ශබ්ද මාරුව ඍජුවම මෙම ස්ථානවලදී ඌෂ්මාක්ෂර ඇති කළා විය හැකි යි)
    • වර්නර්ගේ රීතිය ද ශබ්ද මාරුවෙන් ඇති වන අඝෝෂ ඌෂ්මාක්ෂර ඝෝෂ ඌෂ්මාක්ෂර හෝ නැවතුම් බවට හැරවුයේ ය. සියයට ලතින් බසින් වචනය වූ centum හි t අක්ෂරය, th ශබ්දයට නොයා hund(red) හි d අක්ෂරය බවට පත් වූයේ එබැවිනි.
    • ඉතිරි වී ඇති h ශබ්ද බොහොමයක් නැතිව ගිය අතර, ඉතිරිව තිබූ f ශබ්දය හා th ශබ්දය ඝෝෂ විය. උදාහරණයක් ලෙස, දහයට ලතින් බසින් ඇති වචනය වන decem ඉංග්‍රීසියෙන් මැද h ශබ්දය නැති වී ten බවට පත් වෙයි (එහෙත් පුරාණ ජර්මානුක භාෂාවක් වූ ගොතික් බසින් දහය "taíhun" වෙයි). එසේම, 'හත' සහ 'තිබෙනවා' යන වචනවලට ඉංග්‍රීසි වචන වූ seven හා have යන වචනවලට ඝෝෂ v ශබ්දයක් (ලතින් බසින් septem, capere හා සංසන්දනය කළ විට) ඇති අතර වෙනස් අක්ෂර වින්‍යාසයක් වුව ද 'පියා' හා 'මව' යන වචනවල ඉංග්‍රීසි වචන වූ father , mother යන වචනවල ඝෝෂ th ශබ්දයක් ද ඇත (ලතින් බසින් pater, mater හා සංසන්දනය කළ විට).

කිසිඳු දුහිතෘ භාෂා කුලයක් (බොහෝවිට ඇනටෝලියානු හා විශේෂයෙන් ම ලුවියානු) සරල කණ්ඨජ නැවතුම් අනෙක් දෙපෙළින් වෙනස් ව නොපෙන්වන අතර එම පෙළ PIE හි තිබුනේ ද යන්න පිළිබඳව ද යම්තාක් දුරකට මතභේද පවතී. සෙන්තමය හා සාතේමය භාෂා හා  අතර ඇති ප්‍රධානතම වෙනස PIE සරල කණ්ඨජවල ප්‍රතිඵලයට අනුරූපී වේ:

  • මධ්‍යම සාතේමය භාෂා (ඉන්දු-ඉරානීය, බොල්ටික-ස්ලැවික, අල්බේනියානු, ආර්මේනියානු) "සරල කණ්ඨජ" හා "කණ්ඨෝෂ්ඨජ" යන දෙකම සරල කණ්ඨජ ලෙස ඉදිරි ස්වරයකට පෙර ද්විතීය තාලුජකරණයක් පෙන්වයි (e i ē ī). තාලුජ නැවතුම් තාලුජකරණය වී ඇති අතර බොහ විට ඌෂ්මාක්ෂර මෙන් පෙනේ (සාමාන්‍යයෙන් එසේ වී ද, සෑම අවස්ථාවකදීම ද්විතීය තාලුජකරණයට ලක් වූ නවතුම්වලින් පැහැදිලි වෙනසක් නොපෙනේ).
  • පර්යන්ත සෙන්තමය භාෂා (ජර්මානුක, ඉතාලීය, කෙල්ටික, ග්‍රීක, ඇනටෝලියානු, සහ ටොකරියානු) "තාලුජ" හා "සරල කණ්ඨජ" නැවතුම් දෙකම "සරල කණ්ඨජ" ලෙස පෙන්වන අතර කණ්ඨෝෂ්ඨජ වෙනස් නොවී පසු ව සරල ඔෂ්ඨජ හෝ කණ්ඨජ ගාත්‍රාක්ෂර බවට පත් වී යයි.

PIE හි අඝෝෂ, ඝෝෂ, හා ඝෝෂ මහප්‍රාණ නැවතුම් අතර තුන් ආකාර වෙනස්කම වාග්විද්‍යාත්මක දර්ශවාදයේ ඇසින් බලන කල අතිශය අසාමාන්‍ය ලෙස සැලකේ: විශේෂයෙන් ම ඊට ගැලපෙන අඝෝෂ මහප්‍රාණ නැවතුම් මාලාවක් රහිත ඝෝෂ මහප්‍රාණ නැවතුම් තිබීම. එක් දුහිතෘ භාෂා කුලයක්වත් එය නොවෙනස් ව පවත්වාගෙන නොඑන අතර බැලූ බැල්මට අස්ථායී PIE අවස්ථාවට නොයෙක් විසඳුම් ප්‍රමාණයක් ඒවායේ ඇතුලත් ය.

  • ඉන්දු ආර්ය භාෂා මෙම මාලා තුන නොවෙනස් ව පවත්වාගෙන එන නමුදු අඝෝෂ මහාප්‍රාණ ලෙස හතරවන මාලාවක් ගොඩනඟාගෙන ඇත.
  • ඉරානීය භාෂා ද ඉහත අවස්ථාවට මුහුණ දී ඇති අතර පසුව මහප්‍රාණ ඌෂ්මාක්ෂර බවට පත් කරගෙන ඇත.
  • ග්‍රීක බසේ ඝෝෂ මහප්‍රාණ අඝෝෂ මහප්‍රාණ බවට හැරවී ඇත.
  • කෙල්ටික, බෝල්ටික-ස්ලැවික, ඇනටෝලියානු, ඇල්බේනියානු භාෂා ඝෝෂ මහප්‍රාණ සරල ඝෝෂ නැවතුම් බවට හරවා ඇත.
  • ජර්මානුක හා ආර්මේනියානු මෙම මාලා තුන ක්‍රම ක්‍රමයෙන් මාරු කර ඇත (උදා: bh b p යන අක්ෂර යෙදී ඇති විට b p f ලෙස මාරු වීම / ජර්මානු බසින් ග්‍රිම්ගේ රීතිය ලෙස හැඳින්වේ).

අනෙකුත් ගාත්‍රාක්ෂරවලට සිදුවන විශේෂ වෙනස්කම්:

  • සාතේමය භාෂාවන්ගේ රුකී ශබ්ද රීතිය (s ශබ්දය r, u, k, i  යන ශබ්දවලට පෙර /ʃ/ [ෂ] වීම)
  • මුල් කෙල්ටික් භාෂාවේ පූර්වස්වරීය p ශබ්දයේ නැති වීම.
  • මුල් ග්‍රීක බසේ ස්වර අතර h ශබ්දය නැති වීමත් සමඟ h වෙනුවට පූර්වස්වරීය s ආදේශ වීම.
  • මුල් ජර්මානුක බසේ වර්නර් රීතිය.
  • මුල් ග්‍රීක හා මුල් ඉන්දු ඉරානීය භාෂාවන්ගේ ග්‍රාස්මාන් රීතිය (මහප්‍රාණයන්ගේ අපවෘත්තිය).

පහත වගුව ප්‍රතිනිර්මාණය සඳහා වැදගත් ම වන දුහිතෘ භාෂාවන්ගේ PIE ගාත්‍රාක්ෂරයන්ගේ මූලික ප්‍රතිදාන පෙන්වයි. සම්පූර්ණ වගුවක් සඳහා ඉන්දු යුරෝපා භාෂා රීති පිටුවට යන්න:

තෝරාගත් ඉන්දු යුරෝපා දුහිතෘ භාෂාවන්ගේ පූර්ව ඉන්දු යුරෝපා ව්‍යංජන හා ඒවායේ ප්‍රතිරූප
PIE සංස්කෘත පුරාණ

දේවස්. සලැවෝ.

ලිතු. ග්‍රීක ලතින් පුරාණ

අයර්.

ගොතික් ඉංග්‍රීසි උදාහරණ තේරුම
PIE ඉංග්‍රීසි සංස්කෘත පුරාණ

ග්‍රීක

ලතින් ලිතු. පර්සි.
*p p; phH p Ø;

chT [x]

f;

`-b- [β]

f;

-v/f-

*pṓds ~ *ped- foot pád- poús (podós) pēs (pedis) pãdas Piáde පය
*t t; thH t t;

-th- [θ]

þ [θ];

`-d- [ð]; tT-

th;

`-d-; tT-

*tréyes three tráyas treĩs trēs trỹs thri (old Persian) තුන
*ḱ ś [ɕ] s š [ʃ] k c [k] c [k];

-ch- [x]

h;

`-g- [ɣ]

h;

-Ø-; `-y-

*ḱm̥tóm hund(red) śatám he-katón centum šimtas sad සියය
*k k; cE [tʃ];

khH

k;

čE [tʃ]; cE' [ts]

k *kreuh₂"raw meat" OE hrēaw

raw

kravíṣ- kréas cruor kraûjas xoreš අමු
*kʷ p;

tE; k(u)

qu [kʷ];

c(O) [k]

ƕ [ʍ];

`-gw/w-

wh;

`-w-

*kʷid, kʷod what kím quid, quod kas, kad ce, ci මොකද්ද
*kʷekʷlom wheel cakrá- kúklos kãklas carx රෝදය
*b b; bhH b b [b];

-[β]-

p
*d d; dhH d d [d];

-[ð]-

t *déḱm̥(t) ten,

Goth. taíhun

dáśa déka decem dẽšimt dah දහය
j [dʒ];

hH [ɦ]

z ž [ʒ] g g [ɡ];

-[ɣ]-

k c / k;

chE'

*ǵénu, *ǵnéu- OE cnēo

knee

jā́nu gónu genu zánu දනිස්ස
*g g;

jE [dʒ]; ghH;

hH,E [ɦ]

g;

žE [ʒ]; dzE'

g *yugóm yoke yugám zugón iugum jùngas yugh වියගහ
*gʷ b;

de; g(u)

u [w > v];

gun− [ɡʷ]

b [b];

-[β]-

q [kʷ] qu *gʷīw- quick"alive" jīvá- bíos,

bíotos

vīvus gývas ze- ජීවී
*bʰ bh;

b..Ch

b ph;

p..Ch

f-;

b

b [b];

-[β]-; -f

b;

-v/f-(rl)

*bʰerō bear "carry" bhar- phérō ferō OCS berǫ bar- දරනවා
*dʰ dh;

d..Ch

d th;

t..Ch

f-;

d; b(r),l,u-

d [d];

-[ð]-

d [d];

-[ð]-; -þ

d *dʰwer-, dʰur- door dhvā́raḥ thurā́ forēs dùrys dar දොර
*ǵʰ h [ɦ];

j..Ch

z ž [ʒ] kh;

k..Ch

h;

h/gR

g [ɡ];

-[ɣ]-

g;

-g- [ɣ]; -g [x]

g;

-y/w-(rl)

*ǵʰans- goose,

OHG gans

haṁsáḥ khḗn (h)ānser žąsìs gház පාත්තයා
*gʰ gh;

hE [ɦ]; g..Ch;

jE..Ch

g;

žE [ʒ]; dzE'

g
*gʷʰ ph;

thE; kh(u);

p..Ch; tE..Ch;

k(u)..Ch

f-;

g / -u- [w];

ngu [ɡʷ]

g;

b-; -w-;

ngw

g;

b-; -w-

*sneigʷʰ- snow sneha- nípha nivis sniẽgas barf හිම
*gʷʰerm- ??warm gharmáḥ thermós formus Latv. gar̂me garm උණුසුම
*s s h-;

-s; s(T);

-Ø-; [¯](R)

s;

-r-

s [s];

-[h]-

s;

`-z-

s;

`-r-

*septḿ̥ seven saptá heptá septem septynì haft හත
ruki- [ʂ] xruki- [x] šruki- [ʃ] *h₂eusōs"dawn" east uṣā́ḥ āṓs aurōra aušra báxtar නැගෙනහිර
*m m m [m];

-[w̃]-

m *mūs mouse mū́ṣ- mũs mūs OCS myšĭ muš මීයා
*-m -m -˛ [˜] -n -m -n -Ø *ḱm̥tóm hund(red) śatám (he)katón centum OPrus simtan sad සීය
*n n n;

-˛ [˜]

n *nokʷt- night nákt- núkt- noct- naktis náštá රෑ
*l r (dial. l) l *leuk- light rócate leukós lūx laũkas ruz එලිය
*r r *h₁reudʰ- red rudhirá- eruthrós ruber raũdas sorx රුධිරය
*i̯ y [j] j [j] z [dz > zd, z] /

h; -Ø-

i [j];

-Ø-

Ø j y *yugóm yoke yugám zugón iugum jùngas yugh වියගහ
*u̯ v [ʋ] v v [ʋ] w > h / Ø u [w > v] f;

-Ø-

w *h₂weh₁n̥to- wind vā́taḥ áenta ventus vėtra bád හුළඟ
PIE සංස්කෘත පුරාණ

දේවස්. සලැවෝ.

ලිතු. ග්‍රීක ලතින් පුරාණ

අයර්.

ගොතික් ඉංග්‍රීසි

සටහන්:

  • C- වචනයේ මුල දී
  • -C- ස්වර අතර
  • -C වචන අවසානයේදී
  • `-C- අනාතිතිත ස්වරයකට පසු (වර්නර් රීතිය)
  • -C-(rl) ස්වර අතර හෝ ස්වරයක් හා r, l අතර (පිළිවෙල මාරු විය හැක)
  • CT (PIE) නැවතුමකට පෙර (p, t, k)
  • CT− (PIE) ඌශ්මයකට පසු (p, t, k වැනි; s)
  • C(T) (PIE) ඌශ්මයකට පෙර හෝ පසු (p, t, k වැනි; s)
  • CH මුල් ස්වාරාලයකට පෙර
  • CE (PIE) ඉදිරි ස්වරයකට පෙර (i, e)
  • CE' ද්විතීය (පසුකාලීන PIE) ඉදිරි ස්වරයකට පෙර
  • Ce eට පෙර
  • C(u) (PIE) uට පෙර හෝ පසු (බොකෝලස් රීතිය)
  • C(O) (PIE) o, uට පෙර හෝ පසු (බොකෝලස් රීතිය)
  • Cn− nට පසු
  • CR අනුනාදයකට පෙර (r, l, m, n)
  • C(R) අනුනාදයකට පෙර හෝ පසු (r, l, m, n)
  • C(r),l,u− r, lට පෙර හෝ r, uට පසු
  • Cruki− r, u, k, iට පසු (රුකී ශබ්ද රීතිය)
  • C..Ch ඊළඟ පදයෙහි මහප්‍රාණයකට පෙර (ග්‍රාස්මාන්ගේ රීතිය, මහප්‍රාණයන්ගේ අපවෘත්තිය ලෙස හැඳින්වේ)
  • CE..Ch (PIE) ඉදිරි ස්වරයකට (i, e) පෙර මෙන්ම ඊළඟ පදයෙහි මහප්‍රාණයකට පෙර (ග්‍රාස්මාන්ගේ රීතිය, මහප්‍රාණයන්ගේ අපවෘත්තිය ලෙස හැඳින්වේ)
  • C(u)..Ch (PIE) uට පෙර හෝ පසු මෙන්ම ඊළඟ පදයෙහි මහප්‍රාණයකට පෙර (ග්‍රාස්මාන්ගේ රීතිය, මහප්‍රාණයන්ගේ අපවෘත්තිය ලෙස හැඳින්වේ)

වරනැඟීමේ සන්සන්දනය[සංස්කරණය]

පහත වගුව ඉංග්‍රීසියෙන් දැරීමට කියන "bear" යන ක්‍රියාපදයෙහි *bʰer- යන ක්‍රියා මූලයෙහි තේමාත්මක වර්තමාන කාල වරනැඟීමේ සන්සන්දනයක් සහ පුරාණයේ තිබුනායැයි සාක්ෂි හමු වන ඉන්දු යුරෝපා භාෂාවන්ගේ හා ඒවායේ නූතන භාෂාවන්ගේ ප්‍රත්‍යාවෘත්තයන් දක්වයි. ඉන් සෑම භාෂාවකටම මූලික අවස්තාවක වරනැඟුණු ක්‍රියා පද්ධතියක් තිබුණු බව පෙන්වා දෙයි.

පූර්ව ඉන්දු යුරෝපා

(*bʰer- 'දරා සිටීම, උස්සා සිටීම')

මම (උත්තම පු. ඒක) *bʰéroh₂
ඔබ (මධ්‍යම පු. ඒක ) *bʰéresi
ඔහු/ඇය/ඌ (ප්‍රථම පු. ඒක) *bʰéreti
අපි (උත්තම පු. ද්වි.)** *bʰérowos
ඔබලා (මධ්‍යම පු. ද්වි.)** *bʰéreth₁es
ඔවුන් (ප්‍රථම පු. ද්වි.)** *bʰéretes
අපි (උත්තම පු. බහු) *bʰéromos
ඔබලා (මධ්‍යම පු. බහු) *bʰérete
ඔවුන්(ප්‍රථම පු. බහු) *bʰéronti
ප්‍රධාන උපඛාණ්ඩය හෙලනික ඉන්දු ඉරානීය ඉතාලීය කෙල්ටික ආර්මේනියානු ජර්මානුක බෝල්ටික ස්ලැවික ඇල්බේනියානු
ඉන්දු

ආර්ය

ඉරානීය බෝල්ටික ස්ලැවික
අතීත උදාහරණය පුරාණ ග්‍රීක වේදීය සංස්කෘත අවෙස්තාන ලතින් පුරාණ අයර්ලන්ත සම්භාව්‍ය ආර්මේනියානු ගොතික් පුරාණ පෘසියානු පුරාණ දේවස්ථාන ස්ලැවොනික පුරාණ ඇල්බේනියානු
මම (උත්තම පු. ඒක) phérō bhárāmi barā ferō biru; berim berem baíra /bɛra/ berǫ *berja
ඔබ (මධ්‍යම පු. ඒක ) phéreis bhárasi barahi fers biri; berir beres baíris bereši
ඔහු/ඇය/ඌ (ප්‍රථම පු. ඒක) phérei bhárati baraiti fert berid berē baíriþ beretъ
අපි (උත්තම පු. ද්වි.)** bhárāvas barāvahi baíros berevě
ඔබලා (මධ්‍යම පු. ද්වි.)** phéreton bhárathas baírats bereta
ඔවුන් (ප්‍රථම පු. ද්වි.)** phéreton bháratas baratō berete
අපි (උත්තම පු. බහු) phéromen bhárāmas barāmahi ferimus bermai beremk` baíram beremъ
ඔබලා (මධ්‍යම පු. බහු) phérete bháratha baraϑa fertis beirthe berēk` baíriþ berete
ඔවුන්(ප්‍රථම පු. බහු) phérousi bháranti barəṇti ferunt berait beren baírand berǫtъ
වර්තමාන උදාහරණය නූතන ග්‍රීක හින්දුස්තානි පර්සියානු සාර්ඩීනියානු අයර්ලන්ත ආර්මේනියානු

(බටහිර;නැගෙනහිර)

ජර්මානු ලිතුවේනියානු චෙක් ඇල්බේනියානු
මම (උත්තම පු. ඒක) férno (maiṃ) bharūṃ (man) {mi}baram férjo beirim berum em; g'perem (ich) {ge}bäre beriu beru (unë) bie
ඔබ (මධ්‍යම පු. ඒක ) férnis (tū) bhare (tu) {mi}bari féris beirir berum es; g'peres (du) {ge}bierst beri bereš (ti) bie
ඔහු/ඇය/ඌ (ප්‍රථම පු. ඒක) férni (vah) bhare (ān) {mi}barad férit beireann; %beiridh berum ē; g'perē (er)(sie)(es) {ge}biert beria bere (ai/ajo) bie
අපි (උත්තම පු. ද්වි.)** beriava
ඔබලා (මධ්‍යම පු. ද්වි.)** beriata
ඔවුන් (ප්‍රථම පු. ද්වි.)** beria
අපි (උත්තම පු. බහු) férnume (ham) bhareṃ (mā) {mi}barim ferìmus beirimid; beiream berum enk`; g'perenk` (wir) {ge}bären beriame berem(e) (ne) biem
ඔබලා (මධ්‍යම පු. බහු) férnete (tum) bharo (šomā) {mi}barid ferí(t)es beireann sibh; %beirthaoi berum ek`; g'perek` (ihr) {ge}bärt beriate berete (ju) bini
ඔවුන්(ප්‍රථම පු. බහු) férnun (ve) bhareṃ (ānān) {mi}barand férin(t) beirid berum en; g'peren (sie) {ge}bären beria berou (ata/ato) bien

**සංස්කෘත, හෙබ්‍රෙව් වැනි භාෂාවන්ගේ දෙදෙනෙක් පිළිබඳ කියන විට එය ද්විත්ව වචන යයි හැඳින්වේ. බහු වචන වන්නේ දෙදෙනෙක්ට වඩා වැඩි පිරිසක් ගැන කියන විට යි. තවදුරටත් කියවන්න: ව්‍යාකරණමය ගණන්

පුරාණ භාෂා හා වර්තමාන භාෂා අතර සමානතා තවමත් දක්නට ලැබුන ද, කාලයත් සමඟ වෙනස්කම් වැඩි වී ඇත. සමහර ඉන්දු යුරෝපා භාෂා සංශ්ලේෂී ක්‍රියාපද පද්ධතියක සිට විශාල ව්‍යංග පද්ධතියකට පරිණාමය වී ඇත. ඊට අමතරව ව්‍යන්ගීය රූපවල සර්වනාම ඒවා මතු වන විට ධරයන්වල. මේවායේ සමහර ක්‍රියාපදවල තේරුම් ද වෙනස් වී ඇත.

  • නූතන අයර්ලන්ත භාෂාවේ beir සාමාන්‍යයෙන් දරුවෙක් දරා සිටීම යන අර්ථයෙන් "දරා සිටීමට" යන අරුත් පමණක් දෙයි. එහි පොදු අර්ථයන් නම් "ඇල්ලීමට", "ඩැහැගැනීම" යන ඒවා යි.
  • සංස්කෘත වචනයේ දිගටම පවත්වාගෙන යාම වූ bharnā යන හින්දි ක්‍රියා පදයේ තේරුම් බොහොමයක් තිබිය හැකි වුව ද, වැඩියෙන් ම භාවිත වන්නේ "පිරවීමට" යන තේරුමට යි. වගුවේ දී ඇති රූප නිරුක්තිමය වශයෙන් වර්තමාන කාල වචනයෙන් උපත ලද ද, දැන් අසම්භාව්‍ය ක්‍රියා තේරුමක් ඇත. වර්තමාන පදය කෘදන්තයක් (නිරුක්තිමය වශයෙන් සංස්කෘත bharant- මිශ්‍ර ක්‍රියාව) යොදා සහ උපකාරී පදයක් යොදා වරනඟා ඇත: maiṃ bhartā hūṃ, tū bhartā hai, vah bhartā hai, ham bharte haiṃ, tum bharte ho, ve bharte haiṃ (පුරුෂලිංග).
  • ජර්මානු ගොතික් බසින් කෙලින්ම උපත නොලැබුව ද, ගොතික් රූප ක්‍රි.ව. 400 පමණ පුරාණ බටහිර ජර්මානුක භාෂා රූප තිබූ ආකාරයට බොහෝ සෙයින් සමාන ය. ජර්මානුක beranan (ඉංග්‍රීසියෙන් bear) හි සම්බන්දතාවය ජර්මානුවල තිබෙන්නේ "(දරුවෙකු) දරා සිටීම" යන තේරුම ඇති gebären යන සමාසයේ පමණි.
  • ලතින් ferre යන ක්‍රියාපදය අවිධිමත් ක්‍රියාපදයක් වන අතර තේමාත්මක ක්‍රියාපදයක හොඳ උදාහරණයක් නොවේ. ප්‍රංශ වැනි බොහෝ රෝමානුක භාෂාවල "උස්සාගෙන යාම" යන්න වෙන පදවලින් (උදා: ප්‍ර. porter < ලති. portare) නිරූපණය කරන අතර ferre යන්න souffrir "විඳවීමට" (ලතින් බසින් sub- සහ ferre) සහ conferer "පැවරීමට" (ලතින් බසින් con- සහ ferre) යන සමාසවල පමණක් අඩංගු වේ.කෙසේ වෙතත්, සාර්ඩීනියානු බසේ ferrere යන ක්‍රියා පදය තුල ferre යන්නෙහි ප්‍රත්‍යාවෘත්තයන් ඇත.
  • නූතන ග්‍රීක් බසේ, phero φέρω (fero නූතන අක්ෂර පරිවර්තනය යි) "දරා සිටීමට" යන්න තවමත් භාවිත වූ නමුත් විශේෂ අන්වයන්ගේ පමණක් භාවිතා වන අතර αναφέρω, διαφέρω, εισφέρω, εκφέρω, καταφέρω, προφέρω, προαναφέρω, προσφέρω වැනි සමාසයන්ගේ වඩාත් පොදු යි. අද වන විට (වැඩියෙන්ම) පොදු රූපය නම් pherno φέρνω (ferno වර්තමාන අක්ෂර පරිවර්තනය යි) යන "ගෙන ඒමට" යන තේරුම ඇත්ත යි. ඊට අමතර ව pherno හි සම්පූර්ණ රූපය (මිශ්‍ර ක්‍රියාවට ද, අනාගත කාලයට ද යොදා ගැනේ) ද phero වේ.
  • නූතන රුසියානු බසේ брать (brat') යන්න "ගැනීමට" යන අරුත දෙයි. Бремя (br'em'a) "බර" හෙවත් දරා සිටීමට බර දෙයක් යන අරුත දෙන අතර ඉන් උපත ලද беременность (b'er'em'ennost') යන්න ගර්භණීභාවය හඟවයි.

සම්බන්දතාවල සංසන්දනය[සංස්කරණය]

වර්තමාන ව්‍යාප්තිය[සංස්කරණය]

  ඉන්දු යුරෝපා භාෂාවක් රාජ්‍ය හෝ ප්‍රාථමික භාෂාවක් වන රටවල්
  ඉන්දු යුරෝපා භාෂාවක් ද්විතීය රාජ්‍ය භාෂාවක් වන රටවල්
  ඉන්දු යුරෝපා භාෂාවක් රාජ්‍යමය වශයෙන් පිළිගන්නා රටවල්
  සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්දු යුරෝපා භාෂා කතා කරන රටවල්
  ඉන්දු යුරෝපා භාෂා භාවිතා නොකරන රටවල්
ඇමෙරිකාවේ රටවල් අනුව ප්‍රස්තූත වර්තමාන ඉන්දු යුරෝපා භාෂාවන්ගේ ව්‍යාප්තිය: රෝමානුක:ජර්මානුක:

අද වන විට ඉන්දු යුරෝපා භාෂා බිලියන 3ක සෑම ජනාවාස සහිත මහාද්වීපයක ම සිටින ජනතාවක් තම මවු බස ලෙස භාවිතා කරන අතර එය වැඩියෙන්ම ව්‍යාප්ත වී ඇති භාෂා කුලය යි. එත්නලොග් සඟරාවට අනුව මවු භාෂාවක් ලෙස වැඩියෙන් ම භාවිතා වෙන භාෂා 20න් 10ක් ඉන්දු යුරෝපා භාෂා යි: ස්පාඤ්ඤ, ඉංග්‍රීසි, හින්දුස්තානි, පෘතුගීසි, බෙංගාලි, රුසියානු, පන්ජාබ්, ජර්මානු, ප්‍රංශ සහ මරාති යන භාෂා වන අතර ඒ සියල්ලම බිලියන 1.7කට වඩා ජනගහනයක් විසින් මවු භාෂා ලෙස භාවිතා කෙරේ. ඊට අමතර ව සම්පූර්ණයෙන් ම වෙනස් භාෂා කුල භාවිතා කරන්නන් සහ වෙනස් අයිතිහාසික පසුබිම් ඇති සිය දහස් ගණනක් ඉන්දු යුරෝපා භාෂා ඔවුන්ගේ ද්විතීය හෝ ත්‍රිතීය භාෂා ලෙස හදාරති. 600,000,000 - 1,000,000,000 පමණ වූ ඉංග්‍රීසි ද්විතීය භාෂාව ලෙස ඉගෙනගන්නන් ප්‍රමාණයක් සිටිති.

මෙම භාෂා කුලය භාවිතා වන ජනගහනය හා ප්‍රදේශ වපසරිය අනුව මෙතරම් සාර්ථකත්වයක් ලබා ගැනීමට හේතු කිහිපයක් ඇත. අතීත ඉන්දු යුරෝපා සංක්‍රමණ සහ ඉන්දු යුරෝපා සංස්කෘතිය යුරේසියාව පුරා ම පැතිරීම, මුල් ඉන්දු යුරෝපානුවන් ද, එහි ඉන්දු ආර්යන්, ඉරානීයන්, කෙල්ට්වරුන්, ග්‍රීක්වරුන්, රෝමානුවන්, ජර්මානුකයන්, හා ස්ලැවිකයන් ද ඇතුළු ව දුහිතෘ සංස්කෘතීන්ගේ පැතිරීම ද, මෙම ජනතාවගේ භාෂා කුලයේ ශාඛා පූර්ව අයිතිහාසික යුගය අවසානය වන විට පෙර තිබුණු භාහ්සා යටපත් කර උතුරු හා නැගෙනහිර ආසියාව හැර මුළු යුරේසියාවේ ම මුල් බැසගැනීමට සමත් විය.

තම භාෂා ආරම්භ වූයේ එක තැනකින් යැයි නොදැන වුව ද, ඉන්දු යුරෝපා භාෂා බවතා කරන්නන් යුරේසියාවේ ඉතුරු බටහිර තුනෙන් දෙකේ කොටසේ භාෂා යටපත් කරමින් සංස්කෘතිමය වශයෙන් මුල් බැසගැනීමට කටයුතු කරගෙන ගියහ. පොදු යුගය ආරම්භය වන විට, මුළු ප්‍රදේශය ම ඉන්දු යුරෝපානුවන්ගේ යටතේ තිබුණි: මධ්‍යම හා බටහිර යුරෝපය කෙල්ට්වරු, දකුණු යුරෝපය රෝමන්වරු, උතුරු යුරෝපය ජර්මානිකයන්, නැගෙනහිර යුරෝපය ස්ලැවිකයන්, දකුණු ආසියාව ඉන්දු-ආර්යයන්, සහ චීනයෙන් බටහිර ටොකරියානුවන් වශයෙනි. මධ්‍යතන යුගය වන විට, වැස්කොනික, සෙමිටික, ද්‍රවිඩ, කොකේසියානු හා යුරලීය භාෂා පමණක් යුරෝපයේ හා බටහිර, දකුණු ආසියාවේ ආදී භාෂා ලෙස පැවතිනි.

මුල් ඉන්දු යුරෝපානුවන්ට අයත් වූ කණ්ඩායමක් වූ යුරේසියානු එඬේරුන්ගේ මධ්‍යතන ආක්‍රමණ මධ්‍යයේ වුව ද, මුල් නූතන යුගයේ දී ඉන්දියානු අර්ධද්වීපයේ ඇති වූ ජනගහන වර්ධනය හා ගවේෂණ යුගයේ දී යුරෝපා ව්‍යාප්තිවාදය, සහ රාජ්‍ය මධ්‍යගතවීමේ වර්ධනය වීමත් ජාතිකවාදයත් නිසා තවදුරටත් පැවතුනු ඉන්දු යුරෝපා නොවන භාෂා ස්වීකරණය හා යටපත් වීම නිසා ඉන්දු යුරෝපා ව්‍යාප්තිය ඉහළ ම තැනට පැමිණියේය. ඉන්දු යුරෝපා භාෂා කතාකරන්නන් එකවර වැඩි කරමින් හා ඔවුන්ට යටත් වූ භූමි ප්‍රමාණය වැඩි කරමින් ලෝක ජනගහන වැඩිවීම හා බටහිර අර්ධගෝලයේ හා ඔශීනියාවේ යුරෝපා යටත්විජිතකරණය නිසා මෙම නැඹුරුතා නූතන යුගය පුරාවට සංයෝග විය.

යටත්විජිතකරණයත් ජගත් විද්‍යා, තාක්ෂණික, අධ්‍යාපන, මූල්‍ය හා ක්‍රීඩා ක්ෂේත්‍රයන්ගේ ඉන්දු යුරෝපා භාෂාවන්ගේ නූතන මුල්බැසගනීමත් සමඟ ඉන්දු යුරෝපා නොවන භාෂා කතාකරන බහුතරයක් වෙසෙන රටවල්වල වුව ද ඉන්දු යුරෝපා භාෂා රාජ්‍ය භාෂා කර ඇති හා ලෝක ජනගහනයෙන් බහුතරය අවම වශයෙන් එක ඉන්දු යුරෝපා භාෂාවක් හෝ කතා කරන තත්වයකට පත් වී ඇත. අන්තර්ජාලය තුල භාවිතා වන භාෂා ද බහුතරය ඉන්දු යුරෝපා භාෂා වන අතර එයිනුත් වැඩියෙන්ම භාවිත වන්නේ ඉංග්‍රීසි භාෂාව යි. බොහෝ ආකාරවලින් බැලූ කල ඉංග්‍රීසි ජගත් සන්නිවේදනයේ දී පොදු භාෂාව බවට පත් වී ඇත.

මේවාත් බලන්න[සංස්කරණය]