අයවැය

විකිපීඩියා වෙතින්

2022 අයවැය[සංස්කරණය]

පාර්ලිමේන්තුවේදී අයවැය තුන්වන වර කියවීම වැඩි ඡන්ද 93 කින් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 157 ක්ද විපක්ෂව ඡන්ද 64 ක්ද ලැබිණ.

2022 අයවැය යෝජනා කෙටියෙන්...(මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් 2021.11.12 සවස 2022 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි.)[සංස්කරණය]

🔺පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට විශ්‍රාම වැටුප ලබා දීමේ කාල සීමාව වසර 10 දක්වා දීර්ඝ කෙරේ

🔺දැනට ඉදිවෙමින් පවතින කාර්යාල ගොඩනැගිලි හැර නව කාර්යාල පහසුකම් ඉදි කිරීම වසර දෙකකට අත්හිටුවයි

🔺රාජ්‍ය ආයතනවල දුරකතන වියදම 25%කින් කපා හැරීමේ යෝජනාවක්

🔺රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා වයස, අවුරුදු 65 දක්වා දීර්ඝ කරනවා.

🔺විදුලිය අවශ්‍යතාව සූර්ය බලශක්තිය ලබා ගැනීමට දිරිගැන්වීම සඳහා

🔺විදුලිබල ප්‍රතිපාදන 10%කින් අඩු කෙරේ

🔺විනය ක්‍රියා මාර්ගයන්ට ලක්ව නොමැති රාජ්‍ය සේවකයින්ගේ වාර්ෂික වැටුප් වර්ධකය දැනට පවතින ඇගයීම් වාර්තාවෙන් තොරව නියමිත දිනට ලබා දීමට ක්‍රියා කරනවා

🔺ත්‍රීරෝද රථ නියාමනයට ආයතනයක්..

🔺2022 වසර සඳහා ව්‍යාපාර ලියාපදිංචි ගාස්තු අය නොකෙරේ

🔺ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන අලුතින් ඇති කිරීමට යෝජනා කරනවා

🔺මුළු රටම ආවරණය වන පරිදි පාසල්වලට ෆයිබර් ඔප්ටික් අධිවේග අන්තර්ජාල පහසුකම් ලබා දීමට කටයුතු කරනවා

🔺සෑම රාජ්‍ය ආයතනයක් සඳහාම පාරිභෝගික සේවා පොරොන්දු පත්‍රයක් සැකසිමට යොජනා කරනවා

🔺ලබන මුදල් වර්ෂයේ සිට රාජ්‍ය සේවයෙ වැටුප් විෂමතා ඉවත් කර නව වැටුප් ව්‍යුහයක් සැකසිම ආරම්භ කිරිමට යොජනා කරනවා

🔺සමෘද්ධි ව්‍යාපාරය නවීකරණය කර ග්‍රාම සංවර්ධන ව්‍යාපාරයක් බවට පත් කිරිමට යොජනා කරනවා

🔺වල් පැළ හරණය සඳහා විකල්ප දිරිගැන්වීමක් වෙනුවෙන් රුපියල් මිලියන 4,000 ක් වෙන් කෙරේ

🔺 වල් පැළ හරණය හා වල් පැළෑටි අවම වන පරිදි වගා බිම් සකස් කිරීම සඳහා හෙක්ටයාර 2 ක උපරිමයකට යටත්ව හෙක්ටයාරයකට රුපියල් 5000 බැගින් අධාර මුදලක්

🔺අපනයනකරුවන් ශ්‍රේණිගත කර උසස් මට්ටමේ අපනයනකරුවන් සඳහා නිදහස් රේගු පහසුකම් සැලසිමට යෝජනා කරනවා

🔺කිරි නිෂ්පාදනය ඉහළ නංවා, දියර කිරි පරිභෝජනය ඉහළ නැංවීම සඳහා විසර්ජන පනතින් වෙන් කොට ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට යෝජනා කරනවා

🔺බදු පරිපාලනය සඳහා තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කිරිමට අදාළ වන පරිදි නීති සංශෝධනය කරනවා

🔺 2021 අයවැය මගින් යෝජනා කෙරුණු දැනට කෙටුම්පත් කර ඇති විශේෂ භාණ්ඩ හා සේවා බද්ද 2022 ජනවාරි මස සිට එම පනතින් ආවරණය වන භාණ්ඩ හා සේවා සඳහා ක්‍රියාත්මක කිරීමට යොජනා කරනවා

🔺ගුවන් විදුලි සහ රූපවාහිනී සංඛ්‍යාත පැවරීම මින් ඉදිරියට විවෘත වෙන්දේසියක් යටතේ ක්‍රියාත්මක කිරීමට යොජනා කරනවා

🔺ත්‍රිරෝද රථ සහ ඒ ආශ්‍රිත ගැටලු විසඳීමට ත්‍රිරෝද රථ නියාමන අධිකාරියක් පිහිටුවිමට යෝජනා

🔺ගම සමග පිළිසඳර වැඩසටහන යටතේ සෑම ග්‍රාම සේවා වසමකටම රුපියල් මිලියන 3ක් වෙන් කරනවා

🔺දැනට විශ්‍රාම වැටුප් නොලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් යොජනා කරනවා

🔺පාසල් බස් හා වෑන් රථ හිමියන්ට සහන සැලසීමට රුපියල් මිලියන 400ක් වෙන් කෙරේ

🔺ආදායම අහිමි වූ ත්‍රිරෝද රථ හිමියන්ට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 700ක් වෙන් කරනවා

🔺ආදායම අහිමි වූ පෞද්ගලික බස් රථ හිමියන්ට සහන සැලසීම සඳහා මිලියන 1500ක්

🔺ඇළ වේලී ප්‍රතිසංස්කරණය හා වැව් බැමි ආරක්ෂා කිරීමට රුපියල් මිලියන 2000ක් වෙන් කෙරේ

🔺ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ල ලබා දීම මාස 24ක් දක්වා දීර්ඝ කෙරේ

🔺දැනට වෙන් කර ඇති මුදලට අමතරව රාජ්‍ය සේවය ඩිජිටල්කරණය සඳහා තවත් රුපියල් මිලියන 500ක් වෙන් කෙරේ

🔺රජයේ නිලධාරීන්ට යතුරු පැදි ලබා දීම සඳහා මූලික වියදමක් ලෙස රුපියල් මිලියන 500ක් වෙන් කෙරේ

🔺වන සංරක්ෂණය සඳහා දැනට වෙන් කර ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 2000ක් වෙන් කිරීමට යෝජනා කරනවා

🔺වන ජීවි ආරක්ෂණය සඳහා දැනට වෙන් කර ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට යෝජනා කරනවා

🔺 (ගුරු විදුහල්පති වැටුප් විශමතාව) රජය ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගත් 2021.08 . 31 අමාත්‍ය මණ්ඩල තීරණය කඩිනමින් එක්වර ක්‍රියාත්මක කිරීම සඳහා තවත් රුපියල් මිලියන 30,000ක්

🔺අභ්‍යාසලාභී පද්වීම් ලද සියලු උපාධිධාරීන් 2022 ජනවාරි සිට ස්ථීර කරනවා

🔺මෝටර් රථ වාහන අනතුරු අවම කිරීම දිරි ගැන්වීම සඳහා මෝටර් රථ වාහන අනතුරු සිදු කර ගන්නා පුද්ගලයාගෙන් ගාස්තුවක් අය කිරීමටත් එය රක්ෂණයෙන් ප්‍රතිපූර්ණය කර ගැනීමටත් අවස්ථාව

🔺සිගරට් මත අයකරන නිෂ්පාදන බද්ද රුපියල් 5.00කින් වැඩි කෙරේ

🔺පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවේ ආචරධර්ම පද්ධතිය කඩකරමින් උපයන ලද රුපියල් බිලියන 8.5 මුදල මහා භාණ්ඩාගාරය වෙත මාරු කිරීමට යෝජනා කරනවා

🔺2020 / 2021 තක්සේරු වර්ෂය සඳහා රුපියල් මිලියන 2,000 ට වඩා බදු අය කළ හැකි ආදායමක් උපයන ලද තැනැත්තන් හෝ සමාගම් මත එක් වරක් පමණක් අය කෙරෙන 25%ක අධිභාරය (tax surcharge) බද්දක් අය කිරිමට යෝජනා කරනවා. එම බද්ද මගින් රුපියල් බිලියන 100ක පමණ ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරනවා.


"https://si.wikipedia.org/w/index.php?title=අයවැය&oldid=493766" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි