ඇතීනා

විකිපීඩියා වෙතින්
ඇතීනා
ප්‍රඥාවේ, ශිල්පයේ සහ යුද්ධයේ දෙවඟන
ලූවර්හි මැටෙයි ඇතීනා; ක්‍රි.පූ. 4වන සියවසේ ග්‍රීක මුල් කෘතියක ක්‍රි.පූ./ක්‍රි.ව. 1වන සියවසේ රෝම අනුරුවක්. මුල් ශිල්පියා සෙෆිසොඩෝටස් හෝ යු‍ෆ්‍රේනර් විය හැකි යැයි අනුමාන කෙරේ.
වාසභවනයඔලිම්පස් කන්ද
සංකේතයබකමූණෝ, ඔලිව් ගස්, සර්පයින්, ඊජිස්, සන්නාහය, ශීර්ෂකය, හෙලි, ගෝර්ගොනියන්
පෞද්ගලික තොරතුරු
දෙමාපියන්මෙටිස් සහ සියුස්[1]
සොයුරු/සොයුරියන්එයාකස්, ඇන්ජලෝස්, ඇෆ්‍රොඩයිටි, ඇපලෝ, ඒරිස්, ආර්ටිමිස්, ඩියෝනිසස්, එයිලෙයිතියා, එන්යෝ, ඉරිස්, එර්සා, හෙබේ, ට්‍රෝයිහි හෙලන්, හෙෆේස්ටස්, හෙරක්ලස්, හර්මිස්, මිනෝස්, පැන්ඩියා, පර්සිෆෝන්, පර්සියස්, රැඩමැන්තස්, ග්‍රේස්වරු, හොරේවරු, ලිටේ, මුසේවරු, මොයිරයි
රොම සමානයාමිනර්වා

ඇතීනා (/əˈθnə/; ඇටික ග්‍රීක: Ἀθηνᾶ, Athēnā, හෙවත් Ἀθηναία, Athēnaia; එපික: Ἀθηναίη, Athēnaiē; ඩොරික: Ἀθάνα, Athānā) හෙවත් ඇතීනි (/əˈθn/; අයොනික: Ἀθήνη, Athēnē), නැතහොත් බොහෝවිට පෑලස් (/ˈpæləs/; Παλλὰς) යන විරුද නාමයෙන් හැඳින්වෙන්නේ පුරාතන ග්‍රීක ආගමේ සහ පුරාණෝක්තිවේදයේ ප්‍රඥාව, ශිල්ප සහ යුද්ධයට අධිපති දේවතාවියයි.[2] ඇතීනා සමග අනුරූප යැයි හඳුනාගැනෙන රෝම දේවතාවිය වන්නේ මිනර්වා ය.[3] ඇතීනා ඇගේ සන්සුන් ස්වභාවය නිසා ප්‍රකට වී ඇත්තේ ඇය කෝප වී ඉක්මන් කටයුතු නොකරන නිසායි. ඇය සාධාරණ හේතුන් සඳහා පමණක් සටන් වැදුණු බවත්, අරමුණක් නොමැතිව සටන් නොවැදි බවත් පැවසේ.[4]

ඇතීනා වීරයන්ගේ නිපුණ සහායිකාව ලෙස මෙන්ම වීර ක්‍රියාවන් සඳහා වන අනුග්‍රාහක දෙවඟන ලෙස ද සැලකේ. ඇය ඇතැන්ස්හි අනුශාසක කන්‍යාවිය ද වේ. ඇයට ගෞරව වශයෙන් ඇගේ නාමය සහිත ඇතැන්ස් (ඇතීනා පාර්තිනොස්) නගරයේ ඇක්‍රො‍පොලිසය තුළ ඇතීනියානුවන් විසින් පාර්තිනන් දෙවොල ගොඩනංවන ලදී.[3]

ඇතීනා භක්තිය නිරන්තරව දක්නට ලැබුණු අතර, ඇය පිළිබඳ පෞරාණික පුරාණෝක්ති විවිධ සංස්කෘතීන් තුළ අනුවර්තනය කොට භාවිතයට ගෙන තිබේ. නගරයේ (පොලිස්) ආරක්ෂිකාව ලෙස ග්‍රීක ලෝකය පුරාම ඇයව ඇතීනා පොලියාස් (Ἀθηνᾶ Πολιάς "නගරයේ ඇතීනා") වන්දනාමානයට ලක් විය. ඇතැන්ස් නගරය ඇතීනා දෙවඟනගේ නාමයම දැරුව ද (ඇතීනා දෙවඟන, ඇතීනේ නගරය) මින් කුමක් කුමකින් සම්භවය වූයේ ද යන්න පැහැදිළි නැත.[5]

පෙළපත[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

පාදක සටහන්[සංස්කරණය]

  1. හෙසියඩ්ගේ තියෝගනි අනුව, ඇතීනාගේ මව මෙටිස් ය. නමුත් ‍හෝමර්ගේ ඉලියඩ් අනුව ඇතීනාව පිළිසිඳගත් පසු සියුස් විසින් මෙටිස්ව ගිලදැමීම නිසා (උපත වැළැක්වීමට) ඇතීනා සියුස්ගෙන් හිසෙන් බිහි විය. පසුව ඇයට "මවක නොමැති බව" පැවසිණි.
  2. Merriam-Webster's Encyclopedia of Literature, s.v. "Athena p. 81.
  3. 3.0 3.1 Deacy, Susan, and Alexandra Villing. Athena in the Classical World. Koninklijke Brill NV, Leiden, The Netherlands: Brill, 2001. Print.
  4. Loewen, Nancy (1998). Athena Greek and Roman Mythology. Mankato, Minnesota: Capstone Press. p. 15. ISBN 9780736800488.
  5. "දේවතාවියගේ නාමය නගරයේ නම ඇසුරෙන් ගොඩනැගුණේ ද, නැතහොත් දදේවතාවියගේ නම ඇසුරින් නගරයේ නම ගොඩනැගුණේ ද යන්න පුරාතන මතභේදයකි" (Burkert 1985:139)
  6. හෙසියඩ්ගේ තියෝගනි අනුව 886–890, සියුස්ට දාව ඔහුගේ භාර්යාවන් සත්දෙනාට උප්න දරුවන් අතුරින් මුලින්ම පිළිසිඳ ගත්තේ ඇතීනා වුවත්, අවසානයටම බිහිවූයේ ද ඇයයි; මෙටිස්ව නිශේචනය කළ සියුස් ඇයව ගිලදැමී ය, පසුව සියුස් ඇතීනාට උපත ලබාදුන්නේ "ඔහුගේ හිසෙනි", බලන්න ගාන්ට්ස්, පිටු. 51–52, 83–84.
  7. හෝමර් අනුව, ඉලියඩ් 1.570–579, 14.338, ඔඩිසි 8.312, හෙෆේස්ටස් හේරා සහ සියුස්ගේ පුත්‍රයකු බැව් පෙනේ, බලන්න ගාන්ට්ස්, පි. 74.
  8. හෙසියඩ් අනුව, තියෝගනි 927–929, හෙෆේස්ටස් නිමැවුණේ පියකු නොමැතිව හේරාගෙන් පමණකි; බලන්න ගාන්ට්ස්, පි. 74.
  9. හෙසියඩ් අනුව, තියෝගනි 183–200, ඇෆ්‍රොඩයිටි උපත ලැබූයේ හුරේන්සගේ සඤ්ඡින්න ජනනේන්ද්‍රියෙනි, බලන්න ගාන්ට්ස්, පිටු. 99–100.
  10. හෝමර් අනුව, ඇෆ්‍රොඩයිටි යනු සියුස් (ඉලියඩ් 3.374, [http://data.perseus.org/citations/urn:cts:greekLit:tlg0012.tlg001.perseus-eng1:20.105 20.105]; ඔඩිසි 8.308, 320) සහ ඩියෝන්ගේ (ඉලියඩ් 5.370–71) දියණියයි, බලන්න ගාන්ට්ස්, පිටු. 99–100.

ආශ්‍රේයයන්[සංස්කරණය]

පුරාතන ප්‍රභව[සංස්කරණය]

නූතන ප්‍රභව[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:

සැකිල්ල:Symbols of Greece

"https://si.wikipedia.org/w/index.php?title=ඇතීනා&oldid=447461" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි