ඒරිස්

විකිපීඩියා වෙතින්
ඒරීස්
යුධ දෙවියා
හෙඩ්‍රියන්ගේ විලාවෙන් හමුවූ ඒරීස් ප්‍රතිමාවක්
වාසභවනයඔලිම්පස් කන්ද, ත්‍රේස්, මැසිඩෝනියාව, තීබ්ස්, ස්පාර්ටා සහ මැනි
සංකේතඅසිපත, හෙල්ල, පලිහ, හිස්වැස්ම, යුධරථය, ගිනිසිළුව, සුනඛයා, වල් ඌරා, ගිජුලිහිණියා
පෞද්ගලික තොරතුරු
වල්ලභයාඇෆ්‍රොඩයිටි සහ වෙනත් තැනැත්තියන්
දෙමාපියන්සියුස් සහ හේරා
සොයුරු/සොයුරියන්ඉයාකස්, ඇන්ජලෝස්, ඇෆ්‍රොඩයිටි, ඇපලෝ, ආර්ටිමිස්, ඇතීනා, ඩියෝනිසස්, එයිලෙයිතියා, එන්යෝ, එරිස්, එර්සා, හෙබේ, ට්‍රෝයිහි හෙලන්, හෙෆේස්ටස්, හෙරක්ලස්, හර්මිස්, මිනෝස්, පැන්ඩියා, පර්සිෆෝන්, පර්සියස්, රැඩමැන්තස්, ග්‍රේස්වරු, හොරේ, ලිටේ, මුසේවරුන්, මොයිරයි
දරුවන්ඉරෝටිස් (ඊරෝස් සහ ඇන්ටරොස්), ෆෝබස්, ඩෙයිමොස්, ෆ්ලේජියාස්, හාර්මෝනියා, එන්යාලියෝස්, ත්‍රැක්ස්, ඊනොමෝස්, ඇමසන්වරු සහ ඇඩ්‍රේස්ටියා
රොම සමානයාමාර්ස්

ඒරීස් (/ˈɛərz/; ග්‍රීක: Ἄρης [árɛːs]) යනු යුද්ධයට අධිපති ග්‍රීක දෙවියායි. ද්වාදශ ඔලිම්පියානුවන්ගෙන් අයකු වන ඒරීස්, සියුස් සහ හේරාගේ පුත්‍රයායි.[1] ග්‍රීක සාහිත්‍යය තුළ නිතරම ඔහුව නිරූපණය කොට ඇත්තේ යුද්ධයේ මෙල්ල නොවූ ප්‍රචණ්ඩ භෞතික ස්වරූපයක් ලෙසයි. නමුත් ඇගේ සොයුරිය වන සන්නාහ පැළඳි ඇතීනා බුද්ධියේ දේවතාවිය වන අතර, ඇය යුධ මූලෝපාය සහ සෙන්පතීත්වයට අධිපතිනය ලෙස ද දක්වා ඇත.[2]

ග්‍රීකයන් ඒරීස් කෙරෙහි ද්විත්ව පිළිවෙත්ක අනුගමනය කොට ඇත. යුද්ධයේ සාර්ථකත්වයට අවශ්‍ය භෞතික ශූරතාව ඔහු වුව ද, භයානක බලවේගයක් වූ ඔහු "සටනේ දී ඉතා ගිජු, ප්‍රමාණය ඉක්මවා යන, විනාශකාරී ඝාතකයකු විය."[3] සටනේ දී ඔහුගේ පුත්‍රයින් වූ ෆෝබස් (භීතිය) හා ඩෙයිමොස් (ත්‍රාසය) සහ ඔහුගේ සොයුරිය හෙවත් පෙම්වතිය වූ එන්යෝ (අසමගිය) ඔහු සමග යුධරථයේ නැගී යති.[4] ඉලියඩ් තුළ ඔහුගේ පියා වන සියුස් ඔහුට පවසන්නේ තමන්ට වඩාත් වෛරකරන දෙවියා ඔහු බවයි.[5] ඒරීස් සමග සම්බන්ධතාව මගින් ස්ථාන සහ භාණ්ඩ භයානක, රෞද්‍ර හෝ හමුදාමය ගුණාංගවලින් යුක්ත වේ.[6] යුධ දෙවියා ලෙස ඔහුගේ අගය සැකසහිත ය. ට්‍රෝජන් යුද්ධයේ දී ඒරීස් පරාජය වූ පාර්ශ්වයේ විය. නමුත් නිතරම නයික් (විජයග්‍රහණය) සිය හස්තයෙහි දරාසිටින ඇතීනා ග්‍රීක කලාව තුළ විජයග්‍රාහී ග්‍රීකයන්ගේ ප්‍රියතාවයට ලක් විය.[3]

ග්‍රීක පුරාණෝක්තිවේදයේ සාහිත්‍යමය වෘත්තාන්ත තුළ ඒරිස්ට හිමිව ඇත්තේ සීමිත ස්ථානයකි. නමුත් ඔහුගේ නොයෙකුත් පෙම් සබඳතා සහ දරුවන් නිතරම ව්‍යාංගාර්ථයෙන් හඟවා ඇත.[7] පුරාණෝක්ති තුළ ඒරිස් දක්නට ඇති විට එය බොහෝදුරට අපකීර්තිය හා සම්බන්ධ එකකි..[8] ශිල්පයට අධිපති හෙෆේස්ටස් දෙවියන්ගේ භාර්යාව වූ ප්‍රේමයට අධිපති ඇෆ්‍රොඩයිටි දේවතාවියගේ සුප්‍රකට පෙම්වතකු ලෙස ද ඒරීස් සැලකේ.[9] ඒරිස් සහ ඇෆ්‍රොඩයිටිට සම්බන්ධ වඩාත් ප්‍රචලිත කථාවෙහි සැමියාගේ උපක්‍රමයක් මගින් ඔවුන් අවමානයට පත්වූ අයුරු දක්වා ඇත.[10]

‍රෝම දෙවිවරුන්අතර ඒරීස්ට අනුරූප දෙවියා වන්නේ මාර්ස් ය.[11] නමුත් පුරාතන රෝම ආගම තුළ රෝම ජනයාගේ පියා ලෙස ඔහුට ඉතා වැදගත් ස්ථානයක් හිමිව ඇත්තේ ආරක්ෂක දේවතාවකු ලෙසයි. ලතින් සාහිත්‍යය හෙලනීකරණයේ දී ඒරීස්ගේ පුරාණෝක්ති රෝම රචකයන් විසින් මාර්ස්ගේ නම යටතේ යළි අර්ථ දක්වා ඇත. රෝම පාලනය යටතේ ග්‍රීක රචකයන් ද මාර්ස්ට අදාළ වන්දනා ක්‍රම සහ චාරිත්‍ර ඒරිස්ගේ නාමය යටතේ සඳහන් කොට ඇත. මේ නිසා පසුකාලීන බටහිර කලාව සහ සාහිත්‍යය තුළ සම්භාව්‍ය සම්ප්‍රදායයෙහි මෙම චරිත ද්විත්වය වෙන්කොට හඳුනාගත නොහැකි වේ.

මේවාත් බලන්න[සංස්කරණය]

සම්බන්ධ ග්‍රීක දෙවිවරු
ඇෆ්‍රොඩයිටිට දාව උපන් දරුවන්
මිතුරන් සහ උපදේශකයන්
සහායකයින්
ග්‍රීක-නොවන සංස්කෘතිවල සමාන දෙවිවරුන්
මූලාකෘතික ලක්ෂණ

සටහන් සහ ආශ්‍රේයයන්[සංස්කරණය]

සටහන්
ආශ්‍රේයයන්
  1. හෙසියඩ්, තියෝගනි 921 (ලෝයෙබ් සම්භාව්‍ය පුස්තකාලය අංකනය); ඉලියඩ්, 5.890–896. ඕවිඩ් (ෆැස්ටි 5.229–260) අනුව මේ හා සැසඳීමේ දී ඒරීස්ට අනුරූප රෝම දේවතාවා වන මාර්ස් උපත ලැබූයේ ජූනෝගෙන් පමණකි.
  2. Walter Burkert, Greek Religion (Blackwell, 1985, 2004 reprint, originally published 1977 in German), pp. 141; William Hansen, Classical Mythology: A Guide to the Mythical World of the Greeks and Romans (Oxford University Press, 2005), p. 113.
  3. 3.0 3.1 Burkert, Greek Religion, p. 169.
  4. Burkert, Greek Religion, p.169.
  5. ඉලියඩ් 5.890–891.
  6. Hansen, Classical Mythology, pp. 114–115.
  7. Hansen, Classical Mythology, pp. 113–114; Burkert, Greek Religion, p. 169.
  8. Hansen, Classical Mythology, pp. 113–114.
  9. In the Iliad, however, the wife of Hephaestus is Charis, "Grace," as noted by Burkert, Greek Religion, p. 168.
  10. Odyssey 8.266–366; Hansen, Classical Mythology, pp. 113–114.
  11. Larousse Desk Reference Encyclopedia, The Book People, Haydock, 1995, p. 215.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඒරිස්&oldid=414375" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි