ඔඩිසි

විකිපීඩියා වෙතින්

වර්තමාන ඔඩිසි නර්තනය[සංස්කරණය]

tiny globe
කේරළයෙහි පැවති නර්ථන ප්‍රසංගයකදී ශර්මිලා බිස්වාස් ඔඩිසි නර්ථනයක යෙදෙමින්

වර්තමානයේ හමුවන නර්තන ගුරුවරුන් අතරින් බොහොමයක් ගොනිපුආ නර්තන ශිල්පීන් වේ. මෙම ශෛලියන් සාම්ප්‍රදායික නර්තන ශිල්පීන්ගෙන් හා ගුරුවරුන්ගෙන් පැවත එන්නකි. ගමේ පුජනිය ස්ථානයෙන් ආරම්භ වූ මෙය අද වන විට නගරයේ වේදිකාව දක්වා විහිදී ඇත. ඔඩිසි නර්තනය එම සාර්ථකත්වයට බලපා ඇත. මෙම සම්ප්‍රදායේ ගුරුන් වූ මහාරිස් හා ගොමිපුආස් අදටත් ගෞරවයෙන් සිහිපත් කෙරේ.අද වනවිට එම පෙළපතින් පැවත ‍එන ගුරුන් විසින් ඔඩිසි සම්ප්‍රදාය ඉදිරියට ගෙන යයි. ‍මොවුන් දක්ෂ නර්තන පරම්පරාවක් ඇති කර තිබෙන අතර එහි පැවැත්මද තහවුරු කර ඇත. මෙහි අන්තර්ගතය හා පැවැත්ම පවතින්නේ නර්තන ශිල්පීන්ගේ හා ගුරුවරුන්ගේ දක්ෂතාවය මතයි. 1950 වර්ෂය පමණ වන විට ලෝකයාද මෙම ඔඩිසි නර්තන කලාව පිළිබඳව උනන්දුවක් දක්වන්නට විය. ප්‍රියන්බඩා මොහන්ටි විසින් මෙම ඔරිසා සම්භාව්‍ය නර්තනය විශ්ව විද්‍යාලයක රග දක්වන ලදී. දොස්තර චාල්ස් ෆැබ්රි විසින් මෙම නර්තනය අගය කොට ඇති අතර, ඔහු ඉන්ද්‍රානි හෙමන්හට මෙම නර්තන ශෛලිය ඉගෙනිමටද උදව් කළේය.මෙම නර්තන සම්ප්‍රදාය කෙරෙහි විදේශ අවධානයෙ යොමු කිරීමේ ගෞරවය ඇය‍ට හිමි වේ. ගුරු ප්‍රභූන් වන පද්ම විභූෂන් නෙලුචරන් මොහපුත්‍ර, පන්නාජ් චරන් දාස්, ඩෙබි ප්‍රසාද් ‍ඩාස්, මායාදාර් රබුට් සහ නර්තන ශිල්පීන් වන සන්ජුකූට පනිග්‍රාහි, කුට් කුම් මොහන්ට් සොනාල් වංසින්, මාධවි මුද්ගල් හා‍ ග්‍රොරීමා ගෞරී මෙම නර්තනයේ පැවැත්මට දායක වී ඇත.

ඔඩිසි නර්තන සාම්ප්‍රදාය හා නර්තන ශිල්පීන්[සංස්කරණය]

ඔඩිස් නර්තන ශිල්පිනිය

ඕඩිසි නර්තන ශිල්පය පිළිබඳව වූ මත ගුහා වල හෝ ශාස්ත්‍රීය ග්‍රන්ථවල ස‍ටහන් වී තිබුණත්, මෙම නිර්මාණයේ ජීවමාන සම්ප්‍රදායයන් මහරිස් හා ගොටිපුආස්ගේ සංගණනයේ පැහැදිලිව සටහන් කර ඇත. මහරිස් යනු ඕරිසා සිට පැමිණි දේවදාසියෝය. මාරි දෙවියන්ගේ සේවය සඳහා ඔව්හු එතැන තෝරාගෙන ඇත.මෙම මෙම දේවදාසියන් මාරි දෙවියන් වෙනුවෙන් ගායනයේ හා නර්තනයේ යෙදෙත්.එලෙස මොවුන් නර්තනයේ යෙදෙන්නේ ගීත් ගෝවින්ද්ගේ ගී තනු වලට ය. ජයදේවියගේ තාලයට පෙර, මහාරිස්වරුන් නිරිට්ටා රඟදැක්වූ අතර, අභිනය මන්ත්‍ර හා ශ්ලෝක මතද රඟදැක්විය. මහරිස් සම්ප්‍රදාය ඇණහිටීමට විවිධ කාරණා බලපාන ලදී.ඉන්පසු ගොටිපුආස් සම්ප්‍රදාය ඉස්මතු විය. ගොටිපුආස් යනු තරුණ පිරිමි දරුවන් ගැහැණු මෙන් සැරසී නර්තනයේ යෙදීමයි. මෙය පිරිමි දරුවන්හට පුරුදු කර ඇත්තේ මහරිස් විසිනිමහ.මහරිස් නර්තනයේ යෙදී ඇත්තේ පන්සල් ඇතුළේය. මහරිස් කල්ලි දෙකක් වන බිමාරි හා ගවුනිට මහරිස් දේවස්ථානයේ පුජනීය කාමරයට යාමට අවසර ඇති අතර, බහාරි ගවුනිවරුන්ට එහි යාමට අවසර නොමැත. නමුත් මෙම කාලය අතරතුර වෛශ්නාවු කවියන් රාධා හා ක්‍රිෂ්ණා වෙනුවෙන් තනු නිර්මාණය කළහ. වර්තමානයේ ද ඔඩිසියේ මෙම ගී තනු අඩංගු වේ. අෂ්ඨපඩි රඟ දැක්වීමේ දී එය මනා රිද්මයකට චලනය කෙරෙන රංගනයකි.නමුත් ධරියා ගීත ගායනා අවස්ථාවේදී එය තරමක් ගොරහැඩි චලනයක් බවට පත් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ඔඩිසි&oldid=411130" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි