සැරියුත් රහතන්වහන්සේ
සැරියුත් හෙවත් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයින්ගෙන් කෙනෙක් වන අතර ප්‍රඥාවන්ත භික්ෂූන් අතරින් අග තනතුර ලැබී ඇත.
[සංස්කරණය] ජීවන චරිතය
සැරියුත් රහතන් වහන්සේ බ්‍රාහ්මණ කුලයකට අයත් වූ අතර බුදුරජාණන් වහන්සේගේ දේශනාවලට යොමු වන විටත් තවුස් ජීවිතයකට යොමුවී සිටි සේක. ගිහි කාලය තුලදී සැරියුත් තෙරණුවෝ තවත් සත්‍ය සොයන තවුසෙකු වන මුගලන් තෙරණුවන්ගේ සමීපතම මිතුරෙකු වන අතර දෙදෙනාම එකතු වී සත්‍ය සොයා යන ගමනේ දී සංජය බෙල්ලට්ඨිපුත්ත නම් මිත්‍යාදෘෂ්ඨික ගුරුවරයාගේ ශිෂ්‍යයන් බවට පත්විය.
පසුව අස්සජි තෙරුන්ගෙන් බුද්ධ ධර්මය ශ්‍රවණය කිරීමෙන් පසු බුද්ධ ශ්‍රාවකයෙකු බවට සැරියුත් තෙරණුවෝ පත්විය. මෙම දෙදෙනාම බුදුරජාණන් වහන්සේගේ සමීපයෙන් ම ප්‍රතිමා වල නිරූපණය කරන අතර සමහරක් චිත්‍ර සැරියුත් මුගලන් රහතන් වහන්සේලා දෙනම අතර ඇති වූ සංවාදයක ස්වරූපය ගනී.
බුදුරජාණන් වහන්සේගේ අනුදැනුම පිට සැරියුත් තෙරණුවෝ බොහෝවිට ධර්මය දේශනා කළ අතර අභිධර්මය දේශනාකිරීමේ දී දැක්වූ සමර්ථ භාවය නිසා ධර්මසේනාපති තනතුර උන්වහන්සේට ලැබුණි. නමුත් සැරියුත් තෙරණුවන් කුමාරයෙකුට ධර්මය හරිහැටි අවබෝධ කරවීමට අසමත් වීම හා සාමනේර භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් ඝෝෂා කාරී වීම නොවැළැක්විම යන අවස්ථා දෙකේ දී බුදුරජාණන්වහන්සේගේ අවවාද කිරීමට ලක්විය.
නමුත් සැරියුත් තෙරණුවෝ ඉතා ඉහළින්ම පැසසුම් ලැබූ ශ්‍රාවකයෙක් හා බුදුරජාණන්වහන්සේ එක් අවස්ථාවක දී තමාගේ ධර්මය පැතිරවීමේ අග්‍ර ශ්‍රාවකයා ලෙස උන්වහන්සේ නම් කරනු ලැබීය.
[සංස්කරණය] පරිනිර්වාණය
පාලි ධර්ම ග්‍රන්ථ වලට අනුව සැරියුත් මහරහතන් වහන්සේගේ අපවත් වීම බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයට මද කලකට පෙර සිදුවිය. සැරියුත් තෙරුන්ගේ උපස්ථායක කුණ්ඩ තෙරුන් උන්වහන්සේගේ අපවත්වීම ආනන්ද තෙරුන්ට දැන්වූ විට ඉතාමත් ශෝකයට පත් ආනන්ද තෙරුන් බුදුරජාණන්වහන්සේට එම ප්‍රවෘත්තිය දැන්වීය. ආනන්ද තෙරැණ්ගේ ශෝකය දුටු බුදුරජාණන් වහන්සේ මෙසේ අවවාද කළ සේක.
අපට ප්‍රිය සියළු දේ අපගෙන් වෙන්ව යාම හා ජරාවට පත්වන බව දන්නා අපි, වෙනත් දෙයක් බලාපොරොත්තු විය යුතුද? යම් කිසිවක උපත, මරණය, ජරාවට පත්වීම නැවැත්වීමට කිසිවෙකුත් සමත් නොවේ
[සංස්කරණය] මහායාන බුදුදහමේ දැක්වෙන සැරියුත් තෙරුන්
ථේරවාදී ධර්ම ග්‍රන්ථයන් හි සැරියුත් තෙරණුවෝ බුදුරජාණන් වහන්සේට පමණක් දෙවැනි වූ ප්‍රඥාවන්ත හා බලවත් රහතන් වහන්සේ නමක් ලෙස දැක්වුවද මහායානයේ එන විමලකීර්ති හා පියුම් සූත්‍ර වල උන්වහන්සේ හැඳින්වෙන්නේ එතරම් වැදගත් නොවන හීනනා සම්ප්‍රදාය දේශනා කරන්නෙකු ලෙසය. මහායාන සම්ප්‍රදාය එකවරම අවබෝධ කර ගැනීමට අපහසු වීම හා පිළිගැනීමට මැලි වීම හේතුවෙන් සංවාදයේ යෙදෙන්නන් බොහෝ ගණනක් හා දෙවඟනක් ද සමඟ පැවති වාද වලින් උන්වහන්සේ පරාජයට පත්විය. නමුත් පියම් සුත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ අනාවැකි පළ කරන්නේ සැරියුත් තෙරණුවෝ මතුදිනක බුද්ධත්වයට පැමිණෙන බවයි.