ප්‍රජාපතී ගෝතමී
Wikipedia වෙතින්
| මෙම ලිපිය බුදු දහම හා සබැඳි ලිපි පෙළකට අයත් වේ |
|
මූලික සංකල්ප |
|
|
ප්‍රජාපතී ගෝතමී (මහ ප්‍රජාපතී ගෝතමී) දේවිය යනු සිද්ධාර්ථ කුමාරයාගේ සුලු මව විය. ඇයගේ මව කච්චානා දේවිය වූ අතර පියා සිංහහනු රජු විය. ඇයට මහාමායා (මයා) නම් එක් සහෝදරියක් විය.
සිද්ධාර්ථ කුමාරයා ඉපිද දින කීපයකින් මව වූ මහාමායා දේවිය කලුරිය කල අතර ඉන් පසු මහා ප්‍රජාපතී ගෝතමී දේවිය සුද්ධෝදන රජුතුමාගේ අග මෙහෙසිය බවට පත්විය. ඇයට නන්ද නම් පතෙකු හා සුන්දරී නන්දා නම් දියණියක වූවාය.
බුදුන් වහන්සේ බුදුවී පළමු වරට කිඹුල්වත් පුරයට පැමිණ සුද්ධෝදන රජුට කල දේශනා අසා මහ ප්‍රජාපතී ගෝතමී දේවිය සෝවාන් වූවාය. බුදු සසුනේ මෙහෙණි සසුන ආරම්භ කිරිම සඳහා ඇය මූලික වී ක්‍රියා කල අතර පසුව ආනන්ද හිමියන්ගේ සහයෙන් භික්ෂුණි සාසනය ආරම්භ කරන ලදී. ඒ සමගම ඇයද පැවිදි වී රහත් බව ලැබුවාය. බුදුන් වහන්සේ පසුව මහ ප්‍රජාපතී ගෝතමී රහත් මෙහෙණින් වහන්සේ හට අත්දැකීම් බහුල භික්ෂුණියන් අතර අග්‍රස්ථානය පිරිනමන ලදී.
බුදු හිමියන්ට ප්‍රථම මහ ප්‍රජාපතී ගෝතමී රහත් මෙහෙණින් වහන්සේ පිරිනිවන් පෑ අතර බුදු හිමියන් තම සුලුමව දක්වන්නා වූ ගෞරවයක් ලෙස එතුමියගේ අවමංගල්‍ය පෙරහැරේ පිටු පසින් ගමන් ගත්හ.