මධ්‍යම ප්‍රතිපදාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Dharma Wheel.svg ත්‍රිපිටකය/බුදු දහම වෙනස්කල නොහැක.

පහසුවෙන් වෙනස්කලහැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කල හැක.
ත්‍රිපිටකය ලබාදෙන විකිමූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවි වලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිලිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක්කරමු.
බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිතා නොකරමු.

ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු !

බුද්ධ ධර්මය සහ බුද්ධාගම
පිළිබඳ  ලිපි මාලාවක කොටසකි 

Dharmachakra.png
බුද්ධාගම පිළිබඳ ද්වාරය

බුදු දහමෙහි ඉතිහාසය

බෞද්ධ සංගායනා - බුදු දහමට සබැඳි සිදුවීම්

ප්‍රමුඛ චරිත

ගෞතම බුදුරජාණන් වහන්සේ
ශ්‍රාවකයෝ · පසුකාලීන බෞද්ධයෝ

ධර්මය සහ බෞද්ධ යෙදුම්

චතුරාර්ය සත්‍යය
ආර්ය අෂ්ටාංගික මාර්ගය
ත්‍රි ලක්ෂණ
පටිච්ච සමුප්පාදය
සසර · නිවන
පංච ස්කන්ධ · ලෝකය
කර්මය · පුනර්භවය

පිළිවෙත් සහ මාර්ගඵල සතර

බුද්ධත්වය · බෝධිසත්ව
මාර්ගඵල සතර
ප්‍රඥාව · භාවනා · සිල්පද
පාරමිතාවන් · තෙරුවන්
බෞද්ධ ශ්‍රමණ · ගිහියා

රටවල් සහප්‍රදේශ

බුදු දහමෙහි සම්ප්‍රදායන්

ථේරවාද · මහායාන
වජ්‍රායාන
විවිධ සම්ප්‍රදායන්ට පෙර

ග්‍රන්ථයන්

පාලි ත්‍රිපිටකය · ටිබෙට් ත්‍රිපිටකය
චීන ත්‍රිපිටකය

ආශ්‍රිත ලැයිස්තුව

සංසන්දනාත්මක අධ්‍යයනයන්
බෞද්ධ සංස්කෘතියේ මූලික අංග

මධ්‍යම ප්‍රතිපදාව, මැදුම් පිළිවෙත හෙවත් ආර්ය අශ්ටාංගික මාර්ගය (පාලි: මජ්ඣිම පටිපදා; සංස්කෘත: මධ්‍යම ප්‍රතිපදා[1][lower-alpha 1]; චීන: 中道 zhōngdào; ජපන්: 中道 chūdō) යනු, උන්වහන්සේ විසින් අවබෝධ කරගත් විමුක්තිය කරා මෙහෙයවන මාර්ගයෙහි ස්වභාවය විස්තර කිරීමට සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ භාවිතා කළ පදයයි. මජ්ඣිම පටිපදා යන්න බුදුන් වහන්සේ විසින් පළමුව භාවිතා කර ඇත්තේ, උන්වහන්සේගේ පළමු දේශනාවෙහිදී (ධම්මචක්කප්පවත්තන සූත්‍රය) කාමසුකල්ලිකානුයෝගය සහ අත්තකිලමතානුයෝගය යන අන්ත අතහැර පිළිපාදිය යුතු ආර්ය මාර්ගය ලෙස ආර්ය අෂ්ටාංගික මාර්ගය විස්තර කිරීමටයි.

පසුව පාලි සාහිත්‍යය විසින්, ශාශ්වත දෘෂ්ටිය සහ උච්ඡේද සෘෂ්ටිය යන අන්ත අතර මැදි දැක්මක් වන ප්‍රතීත්‍යසමුත්පාදය පිළිබඳ බුදුන් වහන්සේගේ ධර්මය හැඳින්වීමටද මැදුම් පිළිවෙත යන පදය යොදා ගති.

සමාන පද[සංස්කරණය]

  • මධ්‍යම ප්‍රතිපදාව
  • මැදුම් පිළිවෙත
  • මාර්ග සත්‍ය
  • ආර්ය මාර්ගය
  • ආර්ය අශ්ටාංගික මාර්ග
  • දුක්ඛ ගාමිණී නිරෝධ පටිපදා

වදන්[සංස්කරණය]

  • මධ්‍යම ප්‍රතිපදාවෙහි “මධ්‍යම ” යන වචනයෙන් අදහස් කරන්නේ “මැද ඇති” යන්න නොව “ප්‍රධාන” යන්නයි. (උදා:- මධ්‍යම තැපැල් හුවමාරුව, මධ්‍යම බස් නැවතුම්පල)


  • "ආර්ය" යන වචනයහි තේරුම “උතුම්” යන්නයි. බුදු,පසේබුදු,මහරහත් උතුමන්ලා වහන්සේලා ද ආර්ය නම් වෙති. මධ්‍යම ප්‍රතිපදාව,උන්වහන්සේලා විසින් පිළිපදින ලද අංග අටකින් යුත් ප්රවතිපත්ති මාර්ගයක් නිසා ආර්ය අශ්ටාංගික මාර්ග යන නමින්ද හැදින්වේ.
  • සසර දුක් නැති කිරීම “දුක්ඛ නිරෝධ” නමින් හැදින්වේ. මධ්යලම ප්රයතිපදාව සසර දුක් නිවාලන ,නිවනට පමුණුවන ප්‍රතිපත්තිය වන හෙයින් දුක්ඛ නිරෝධගාමිණී පටිපදා නමින් ද හැදින්වේ.


මධ්‍යම ප්‍රතිපදාවේ අෂ්ඨාගය[සංස්කරණය]

A) සීල (හික්මවාගැනීම)[සංස්කරණය]

1) නිවැරදි වචන ( සම්මා වාචා )

2) නිවැරදි කර්මාන්ත (සම්මා කම්මන්ත)

3) නිවැරදි දිවි පැවැත්ම (සම්මා ආජීව )

B)සමාධි (කෙලෙස් යටපත් කරගැනීම)[සංස්කරණය]

4) නිවැරදි වෑයම ( සම්මා වායාම)

5) නිවැරදි සිහිය ( සම්මා සති)

6) නිවැරදි සිත් එකඟකම ( සම්මා සමාධි )

C) ප්‍රඥා(කෙලෙස් නැති කරගැනීම)[සංස්කරණය]

7) නිවැරදි දැකීම ( සම්මා දිට්ඨි )

8) නිවැරදි සංකල්පනාව (සම්මා සංකප්ප )

සටහන්[සංස්කරණය]

  1. Also see the Pali version of the Dhammacakkappavattana Sutta (available on-line at SLTP, n.d.-b, sutta 12.2.1) where the phrase majjhimā patipadā is repeatedly used.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

වැඩිදුර කියවීම්[සංස්කරණය]

  1. කෝන් (1991), පි. 143.

බාහිර යොමු[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=මධ්‍යම_ප්‍රතිපදාව&oldid=271083" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි