බෞද්ධ ධර්ම සංගායනා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
මෙම ලිපිය බුදු දහම
හා සබැඳි ලිපි පෙළකට අයත් වේ

බුදු දහම
ධර්ම චක්‍රය

බුදුරජාණන් වහන්සේ
අටවිසි බුදුවරු
ශ්‍රී සද්ධර්මය
ආර්ය සංඝයා වහන්සේ

මූලික සංකල්ප
තිසරණය
චතුරාර්ය සත්‍යය
පටිච්ච සමුප්පාදය
නිර්වාණය
ආර්ය අෂ්ටාංගික මාර්ගය
වෙනත්

බුදු දහමේ ඉතිහාසය
(කාල රේඛාව)

ප්‍රකට බෞද්ධයින්

බුදු දහම, කලාපය අනුව

ත්‍රිපිටකය
ධර්ම සංගායනා
බෞද්ධ සංස්කෘතිය

නිකාය
මහායානය
වජ්‍රයානය


‍බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු බෞද්ධ දේශනා සහ සිද්ධාන්තයන් ඒ අයුරින්ම පවත්වාගෙන යාම සඳහාත්, බුද්ධ සාසනය තුල විනය නියමයන් ඒ ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහාත් වරින් වර ධර්ම සංගායනා පවත්වා තිබේ.

පටුන

‍ප්‍රථම සංගායනාව [සංස්කරණය]

ධර්මය හා විනය දැනට තිබෙන පරිදි ත්‍රිපිටකයට බෙදා කට පාඩමින් පවත්වාගෙන ඒමට හැකි ලෙස සකස් කරන ලද්දේ මෙම ප්‍රථම සංගායනාවේදී ය. මෙහිදී ප්‍රථමයෙන් විනය සංගායනා කරන ලදී. දෙවනුව සූත්‍ර පිටකය සංගායනා කරන ලද අතර තෙවණුව අභිධර්ම පිටකය සියලු ම රහතන් වහන්සේ විසින් සංගායනා කරන ලදී. තවද ප්‍රථම සංගායනාවේදී ත්‍රිපිටකයේ අඩංගු ඒ ඒ කොටස් එක් එක් අයට හැදෑරීම සඳහා පවරන ලදී.

  • විනය පිටකය <t> - උපාලි හිමියන් ඇතුලු උන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසට
  • සූත පිටකය - ආනන්ද හිමියන් ඇතුලු උන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසට
  • මජ්ඣිම නිකාය - ශාරිපුත්‍ර හිමියන් ඇතුලු උන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසට
  • සංයුක්ත නිකාය - මහ කාශ්‍යප හිමියන් ඇතුලු උන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසට

නිදානය [සංස්කරණය]

‍බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් සත් දින කට පසු පෘථග්ජන භික්ෂූන් ශෝක වන විට, එය දුටු සුභද්‍ර නම් මහලු කල පැවිදි වූ භික්ෂුවක විසින් කල අභද්‍ර ප්‍රකාශය (නොමනා ප්‍රකාශය)

"ඇවැත්නි-‍ශෝක නොකරනු. නො වැළැපෙනු. ඒ මහ මහණහු ගෙන් අප මිදුණෝ වම්හ. ‘මෙය තොපට කැපය. මෙය නො කැපය’ යී කියනු ලැබ අපි වෙහෙසුණෝ වම්හ. දැන් අපි කැමැත්තක් කරම් හ, නො කැමැත්තක් නොකරම් හ"

කාලය [සංස්කරණය]

‍ආරම්භය : බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් තුන් මසකට පසුව, අජාසත් රජුගේ රාජාභිෂේකයෙන් 8වන වසර දී සංගායනාව පැවති කාලය : මාස තුනකි

ස්ථානය [සංස්කරණය]

රජගහ නුවර ‍‍විහාර පර්වත ප්‍රාන්තයේ පිහිටි සප්තපර්ණී ගල්ගුහා ද්වාරයෙහි.

ප්‍රධානත්වය [සංස්කරණය]

තෘතිය ශ්‍රාවක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දායකත්වය අජාසත් රජතුමා

සබැදි පිටු [සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=බෞද්ධ_ධර්ම_සංගායනා&oldid=248093" වෙතින් නැවත ලබාගන්නා ලදි