බුදුන් වහන්සේගේ ශාරීරික ලක්ෂණ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
බුදුන්වහන්සේගේ පළමුතම නිරූපණයන්ගෙන් එකක්, ක්‍රිව 1වන-2වන සියවස, ග්‍රීක-බෞද්ධ කලාව, ගන්ධාරය.

බුද්ධ ධර්මය සහ බුද්ධාගම
පිළිබඳ  ලිපි මාලාවක කොටසකි 

Dhamma chakra.jpg
බුද්ධාගම පිළිබඳ ද්වාරය

බුදු දහමෙහි ඉතිහාසය

බෞද්ධ සංගායනා - බුදු දහමට සබැඳි සිදුවීම්

ප්‍රමුඛ චරිත

ගෞතම බුදුරජාණන් වහන්සේ
ශ්‍රාවකයෝ · පසුකාලීන බෞද්ධයෝ

ධර්මය සහ බෞද්ධ යෙදුම්

චතුරාර්ය සත්‍යය
ආර්ය අෂ්ටාංගික මාර්ගය
ත්‍රි ලක්ෂණ
පටිච්ච සමුප්පාදය
සසර · නිවන
පංච ස්කන්ධ · ලෝකය
කර්මය · පුනර්භවය

පිළිවෙත් සහ මාර්ගඵල සතර

බුද්ධත්වය · බෝධිසත්ව
මාර්ගඵල සතර
ප්‍රඥාව · භාවනා · සිල්පද
පාරමිතාවන් · තෙරුවන්
බෞද්ධ ශ්‍රමණ · ගිහියා

රටවල් සහප්‍රදේශ

බුදු දහමෙහි සම්ප්‍රදායන්

ථේරවාද · මහායාන
වජ්‍රායාන
විවිධ සම්ප්‍රදායන්ට පෙර

ග්‍රන්ථයන්

පාලි ත්‍රිපිටකය · ටිබෙට් ත්‍රිපිටකය
චීන ත්‍රිපිටකය

ආශ්‍රිත ලැයිස්තුව

සංසන්දනාත්මක අධ්‍යයනයන්
බෞද්ධ සංස්කෘතියේ මූලික අංග

බුදුන්වහන්සේගේ ශරීර ලක්ෂණ යන්නෙන් අදහස් වන්නේ, ගෞතම බුදුරජාණන්වහන්සේගේ භෞතික දේහයෙහි සාමාන්‍ය පෙනුම සහ ලක්ෂණ වෙති.

සිත් ඇද ගන්නා භෞතික ලක්ෂණයන්ට හිමිකම් කියූ බවට සඳහන්ව ඇති මුණිවරයන් කිහිපදෙනා අතුරින් බුදුරජාණන් වහන්සේ එක් අයෙකි. උපතින් ක්ෂත්‍රීයෙකු වූ ඔහු ළමා කාලයේ දී අවි පුහුණුව ලබා ගත්තේය. එමෙන්ම ‍ශාක්‍ය සම්ප්‍රදායට අනුව විවාහ වීම සඳහා, යුධ භටයකු ලෙස ඔහුගේ යෝග්‍යතාව ප්‍රදර්ශනය කිරීමට පරීක්ෂණයන්ගෙන් සමත් වීම අවශ්‍ය විය. ඔහුට ඉතා ශක්තිමත් සිරුරක් තිබූ අතර එය දුටු එක් රජ කෙනෙක් සිය හමුදාවේ සේනාධිපතිවරයකු ලෙස එකතු වීමට ඔහුට ආරාධනා කළේය. එමෙන්ම ඔහුට “දෙතිස් මහා පුරුෂ ලක්ෂණ” ඇති බව බෞද්ධයන්ගේ විශ්වාසයයි..

විවිධ විස්තර[සංස්කරණය]

ත්‍රිපිටකයේ ඇති විස්තර[සංස්කරණය]

සෝනාදන්ද නම් බමුණා විසින් ඔහු “කඩවසම්, ආකර්ශනීය, ඇසට ප්‍රිය මනාප, ඉතා අලංකාර පැහැයෙන් යුක්තය. ඔහුට දෙවි කෙනෙකුගේ වැනි වූ රූපයක් සහ මුහුණක් පිහිටා ඇති අතර ඔහු සැබැවින්ම ආකර්ෂණීය වන්නේය” යයි විස්තර කර ඇත. (D,I:115)

වක්කාලි නැමැති පසුව අර්හත් භාවයට පැමිණි ශ්‍රාවකයෙකු බුදුන් වහන්සේගේ භෞතික රූපකාය පිළිබඳ කෙ‍තරම් සිත කලබලයට පත් කර ගත්තේ ද යත්, බුදුන් වහන්සේ ඔහුට නවතින්න යැයි පවසා බුදුන් වහන්සේ දෙස භෞතික රූපකාය තුළින් ධර්මය තුළින් බලන ලෙස මතක් කර දීමට සිදු විය.

ක්‍රි.ව. 1වන සියවස පමණ වන තෙක් බුදුන් වහන්සේ මනුෂ්‍ය ස්වරූපයෙන් නිරූපණය කර නොමැති, නමුත්, සම්පූර්ණ වශයෙන් නිර්වාණය අවබෝධය ලැබූ බුදුවරයෙකු‍ගේ භෞතික ලක්ෂණ බුදුන් වහන්සේ විසින් දීඝ නිකායේ ලක්ඛ සූත්‍රයේ (D,I:142) දේශනා කර ඇත. මීට අමතරව බුදුන් වහන්සේ විසින් බුද්ධත්වයට පැමි‍ණීමෙන් අනතුරුව ප්‍රථම වරට උන්වහන්සේගේ රජ කළ විසූ මාළිගායට පැමිණි අවස්ථාවේ දී යශෝධරාව විසින් සිය පුතු රාහුල කුමරුට විස්තර කර ඇති බුදුන් වහන්සේගේ භෞතික ලක්ෂණ, ත්‍රිපිටක නොවන පාලි ගීතිකාවක් වන නරසීහ ගාථා (“පුරුෂයන් අතර සිංහයා”) හි සඳහන් වේ

හේමවත සූත්‍රයේ විස්තරය[සංස්කරණය]

හේමවත විසින් සාරතාගිරිට මෙසේ කියයි.

මුවකුගේ මෙන් සිහින් ගාත්‍රා ඇති, දිරිය ඇති, කෘශ සිරුරැති, අල්පව ආහාරගන්නා... (එණි ජංඝකිසං ධීරං අප්පාහාරං අලොලුපං...)
මුනිවරයෙක් ආශාවිරහිතව වනවාසීව සිටී... (මුනිං වනස්මිං ඣායතනං..)
එන්න ගෞතමව බලන්න.. (එහි පස්සාම ගොතම...)

දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ[සංස්කරණය]

හිඳසිටින බුදුන්වහන්සේ, ගාන්ධාරය, ක්‍රිව 1වන-2වන සියවස. ටෝකියෝ ජාතික කෞතුකාගාරය

බුදුන්වහන්සේ මහා පුරුෂ ලක්ෂණ දෙතිසකින් හෙබි යැයි සාම්ප්‍රදායික ලෙසින් සැලකෙයි.[1] චක්‍රවර්තී රජුන් වෙතද මෙම මහා පුරුෂ ලක්ෂණ දෙතිස වෙතැයි සැලකෙයි.[2]

ගූඨ බුද්ධාගමෙහි සම්ප්‍රදායන්ද ඇතුළු, මහායාන බුද්ධාගමෙහිදී වටහාගෙන තිබුණේ , මහා ලක්ෂණ 32 සහ උප ලක්ෂණ 80, බුදුන්වහන්සේගේ සම්භෝගකාය, හෝ පාරිතෝෂ -දේහය තුල පවතින බවයි. [3] මෙයට ප්‍රතිවිරුද්ධ වශයෙන්, බුදුන්වහන්සේගේ භෞතික ආකාරය වටහාගෙන ඇත්තේ නිර්මාණකාය, හෙවත් රූපාන්තරණ-දේහය ලෙසිනි.[3]


වෙනත් විස්තර[සංස්කරණය]

“එය ආශ්චර්යයකි, සැබැවින්ම අසිරිමත්ය, ගෞතම බුදුන් වහන්සේගේ පෙනුම කෙතරම් ශාන්ත ද, ඔහුගේ පැහැය කෙතරම් පැහැදිලි සහ කාන්තිමත් ද, එය ශරත් සෘතුවේ රන්වන් මසන්වල පැහැදිලි සහ කාන්තිමත් බව වැනිය, නටුවෙන් ගිලිහී ගිය තල් ගෙඩියක පැහැදිලි සහ කාන්තිමත් බව වැනිය, දක්ෂ රන්කරුවකු විසින් කෝවක දමා තනන ලද, දක්ෂ ලෙස තලන ලද රක්තමය ස්වරණාභරණයක් කහ පැහැති රෙදි කැබැල්ලක් මත තැබූ විට දිලිසෙන, මහත් සේ දීප්තියෙන් බබළන සහ කාන්තිය ගෙන දෙන වැනිය, එසේ ද වුවත් ගෝතම බුදුන් වහන්සේගේ ඉන්ද්‍රියයන් සන්සුන්ය, ඔහුගේ පැහැය පැහැදිලි සහ කාන්තිමත්ය.” (A,I:181)

බුද්ධ ප්‍රතිමා[සංස්කරණය]

දළ වශයෙන් ක්‍රිව දෙවන සියවස වන තුරු, බුදුන්වහන්සේ කලාත්මක ආකාරයෙන් නිරූපණය කෙරුණු විද්‍යාමාන නිරූපණ දක්නට නොලැබෙන්නේ, පාර්ශවික වශයෙන්, ආදිතම විද්‍යාමාන යුගයෙහිදී, බෞද්ධ ඇදහිලිත්මක මූර්තිකරණය හා අර්ධොන්තක රූප පිළිබඳව ප්‍රමුඛත්වය ගත් නිර්මූර්තිවාදය නිසා වන්නට පුළුවන. [4] ආදිතම දේශනාවන් කිහිපයක් විසින් බුදුන්වහන්සේගේ පෙනුම විස්තර කර ඇති අතර, ආදිතම නිරූපණ සඳහා ආකෘති ලෙසින් ඒවා සේවා සපයන්නට ඇතැයි විශ්වාස කෙරෙයි. [5] විශේෂිත වශයෙන්, "මහා පුරුෂ ලක්ෂණ 32", පාලි ත්‍රිපිටකය පුරාවටම විස්තර කෙරෙන අතර, බුදුන්වහන්සේගේ ආදිතම නිරූපණයන් සඳහා පදනම මෙය විසින් සැපැයුණු බව විශ්වාස කෙරෙයි. [5] මෙම මහා ලක්ෂණ 32 ට අතිරේක වශයෙන් තවත් උප ලක්ෂණ 80 ක් පවතියි (පාලි:අනුබ්‍යඤ්ජන).

ආශ්‍රිත[සංස්කරණය]

  1. ක්‍රිෂ්නන්, යුවරාජ්. ද බුද්ධා ඉමේජ්: ඉට්ස් ඔරිජින් ඇන්ඩ් ඩිවලප්මන්ට්. 2009. පි. 125
  2. ක්‍රිෂ්නන්, යුවරාජ්. ද බුද්ධා ඉමේජ්: ඉට්ස් ඔරිජින් ඇන්ඩ් ඩිවලප්මන්ට්. 2009. පි. 125
  3. 3.0 3.1 සංඝරක්ෂිත. අ සර්වේ ඔෆ් බුඩිසම්: ඉට්ස් ඩොක්ට්‍රයින්ස් ඇන්ඩ් මෙතඩ්ස් තෲ දි ඒජර්ස්. 2004. පි. 295
  4. ක්‍රිෂ්නන්, යුවරාජ්. ද බුද්ධා ඉමේජ්: ඉට්ස් ඔරිජින් ඇන්ඩ් ඩිවලප්මන්ට්. 2009. පි. 51
  5. 5.0 5.1 ෂෝ, සාරා. බුඩිස්ට් මෙඩිටේෂන්: ඇන් ඇන්තොලොජි ඔෆ් ටෙක්ස්ට්ස් ෆ්‍රොම් ද පාලි කැනන්. 2006. පි. 114