ත්‍රිපිටකය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Dharma Wheel.svg ත්‍රිපිටකය/බුදු දහම වෙනස්කල නොහැක.

පහසුවෙන් වෙනස්කලහැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කල හැක.
ත්‍රිපිටකය ලබාදෙන විකිමූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවි වලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිලිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක්කරමු.
බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිතා නොකරමු.

ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු !

ත්‍රිපිටකය (තෙවලා දහම්)

    විනය පිටකය    
   
                                       
සුත්ත-
විභංග
ඛන්ධක පරි-
වාර
               
   
    සුත්ත පිටකය (සූත්‍ර පිටකය)    
   
                                                      
දීඝ
නිකාය
මජ්ඣිම
නිකාය
සංයුත්ත
නිකාය
                     
   
   
                                                                     
අංගුත්තර
නිකාය
ඛුද්දක
නිකාය
                           
   
    අභිධම්ම පිටකය    
   
                                                           
ධම්ම. විභං. ධාතුක.
පුග්ග.
කථාවත්. යමක පට්ථානප්පකරණ
                       
   
         
මෙම ලිපිය බුදු දහම
හා සබැඳි ලිපි පෙළකට අයත් වේ

බුදු දහම
ධර්ම චක්‍රය

බුදුරජාණන් වහන්සේ
අට විසි බුදුවරු
ශ්‍රී සද්ධර්මය
ආර්ය සංඝයා වහන්සේ

මූලික සංකල්ප
තිසරණය
චතුරාර්ය සත්‍යය
පටිච්ච සමුප්පාදය
නිර්වාණය
ආර්ය අෂ්ටාංගික මාර්ගය
වෙනත්

බුදු දහමේ ඉතිහාසය
(කාල රේඛාව)

ප්‍රකට බෞද්ධයින්

බුදු දහම, කලාපය අනුව

ත්‍රිපිටකය
ධර්ම සංගායනා
බෞද්ධ සංස්කෘතිය

නිකාය
මහායානය
වජ්‍රයානය

ථේරවාද බුදු දහමේ ඉගැන්වීම් එකතුව ත්‍රිපිටකය ලෙස හැඳින්වේ. බුදුන් වහන්සේ ජීවත්ව සිටියදී කල ධර්ම දේශනා පසු කලෙක සිදුකල ධර්ම සංගයනා වලදී පිටක තුනකට වෙන්කල බැවින් ත්‍රිපිටක නම ලැබී ඇත. පසුකාලීනව ත්‍රිපිටකයට අතිරේක කරුණු එක්කිරීම් සිදුකර ඇත.

  1. විනය පිටකය
  2. සූත්‍ර පිටකය (සුත්ත නොහොත් සුක්ත) පිටකය
  3. අභිධම්ම පිටකය (අභිධර්ම) පිටකය

කර්තෘත්වය[සංස්කරණය]

ත්‍රිපිටකයේ විවිධ කොටස්වල කර්තෘත්වය විවිධ වේ

  • බුද්ධ භාෂිත - ත්‍රිපිටකයේ බොහෝ අන්තර්ගත බුද්ධ භාෂිත වේ
  • ශ්‍රාවක භාෂිත
  • කර්තෘත්වය නොදන්නා

ග්‍රන්ථාරූඩ කිරීම[සංස්කරණය]

ත්‍රිපිටකය රහතන් වහන්සේගේ කට පාඩමින් පැමිණ ක්‍රිස්තු පූර්ව 80 දී පමණ රජරට රජකල වළගම්බා රජ ගේ රාජ්‍ය සමයේ දී මාතලේ අලුවිහාරයේ දී රහතන් වහන්සේගේ විසින් පළමු වරට ග්‍රන්ථාරූඪ කරන ලදී.

විනය පිටකය[සංස්කරණය]

භික්ෂු භික්ෂුණියන්ගේ පාලනය සඳහා බුදුරජාණන් වහන්සේ විසින් පැනවු ශික්ෂා පද, ප්‍රඥ්ප්ති, විනය කර්ම ආදිය විනය පිටකයේ අඩංගුය. මෙහි භික්ෂු භික්ෂුණියන්ගේ පාලනය සඳහා නියෝග පනවා ඇති හෙයින් විනය පිටකයට ආනා දෙසනා යැයිද කියනු ලැබේ.

විනය පිටකයේ ප්‍රධාන කොටස් තුනකි.

  • සුත්ත විභංග
  • බන්ධක
  • පරිවාර

සූත්‍ර පිටකය[සංස්කරණය]

සූත්‍ර පිටකයේ ප්‍රධාන ඉලක්කය වන්නේ ධර්මය පිළිබඳ ප්‍රතිපාදනයයි. බුදු රජාණන් වහන්සේ නොයෙක් විට කරන ලද දේශණා මෙහි ඇතුළත් වේ. පොදු ජනයාට අවබෝධ වන ලෙස සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් ඔබ්බට නොගොස් දෙසු අවවාදාන්විත සූත්‍ර, උපමා කතා ගාථා ආදී වූ උපදේශයන් අඩංගු වන්නේද සුත්‍ර පිටකයේය. සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් පවත්වන ලද හෙයින් මෙයට වෝහාර දේසනා යැයිද කියනු ලැබේ

සූත්‍ර පිටකය ප්‍රධාන වශයෙන් කොටස් පහකට බෙදේ.

දීඝ නිකාය[සංස්කරණය]

මෙහි සූත්‍ර 34ක් වේ. බුදු රජාණන් වහන්සේගේ සමකාලීන දාර්ශනිකයන්ගේ මත පිළිබඳ විස්තර අඩංගු වන්නේ ද ‍ දීඝ නිකායේය. මෙහි ඇතුලත් වනුයේ ඉතා දීඝ්‍ර සූත්‍රය. මෙහි කොටස් තුනකි . එනම්

  1. . සීලක්ඛන්ධ වග්ග
  2. . මහාවග්ග
  3. . පාටික වග්ග

මජ්ඣිම නිකාය[සංස්කරණය]

මෙහි මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර 152ක් ඇත. චතුරායර්ය සත්‍යය, කර්මය, ධ්‍යාන, සමාධි, ආත්මවාදයේ දෝෂ සහ නිර්වාණය ආදිය පිළිබඳ විස්තර මෙම සූත්‍ර වල අඩංගුය.

සංයුක්ත නිකාය[සංස්කරණය]

මෙහි කෙටි සූත්‍ර 56ක් අඩංගුය.

අංගුත්තර නිකාය[සංස්කරණය]

මෙය නිපාත 11 කට බෙදා ඇත.

ඛුද්දක නිකාය[සංස්කරණය]

මෙම නිකායට ‍ග්‍රන්ථ 15 ක් අයත් වේ.

අභිධම්ම පිටකය[සංස්කරණය]

එකම සිද්ධාන්තයක් හෝ විෂයයක් පිළිබඳව දිග්-දර්ශණ (Intelligence) ආදී බොහෝ ප්‍රභේද කර දැක්වීම සහ නිර්වාණය දෙසට යොමුවූ ධර්මය ප්‍රතිපාදනය කිරිම නිසා මෙම පිටකය අභිධම්ම ලෙස නම් කරයි.

සූත්‍ර පිටකයේ විස්තර කර ඇති සිද්ධාන්ත හා විෂයයන් පිළිබඳව පැහැදිලි කිරීම් සිදු කිරීම සහ සහ ඒවා පිළිබඳ ශාස්ත්‍රීය දෘෂ්ටියකින් යුතුව විවේචනයන් ඉදිරිපත් කිරීම ආදිය ප්‍රධාන වශයෙන් අභිධම්ම පිටකයෙන් සිදු කෙරේ. අභිධම්ම පිටකයට පරමත්ථ දේසනා‍ යැයි ද කියනු ලැබේ. මෙහි ග්‍රන්ථ 7ක් ඇතුලත් වේ.

  1. ධම්මසංගණිප්පකරණය
  2. විභංගප්පකරණය
  3. කථාවත්ථුප්පකරණය
  4. පුද්ගලපඤ්ඤත්තිප්පකරණය
  5. ධාතුකථාප්පකරණය
  6. යමකප්පකරණය
  7. පට්ඨානප්පකරණය

ආශ්‍රීත ග්‍රන්ථ[සංස්කරණය]

  • මහාචාර්ය බලදේව උපාධ්‍යායගේ බෞද්ධ දර්ශණය - ආචාර්ය හිරිපිටියේ පඤ්ඤාකිත්ති හිමි
  • ධර්ම සංග්‍රහය - නාරද හිමි

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=ත්‍රිපිටකය&oldid=286786" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි