සූත්‍ර පිටකය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Dharma Wheel.svg ත්‍රිපිටකය/බුදු දහම වෙනස්කල නොහැක.

පහසුවෙන් වෙනස්කලහැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කල හැක.
ත්‍රිපිටකය ලබාදෙන විකිමූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවි වලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිලිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක්කරමු.
බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිතා නොකරමු.

ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු !

සූත්‍ර පිටකය ත්‍රිපිටකයේ කොටසකි. සූත්‍ර පිටකයේ ප්‍රධාන ඉලක්කය වන්නේ ධර්මය පිළිබඳ ප්‍රතිපාදනයයි. බුදු රජාණන් වහන්සේ නොයෙක් විට කරන ලද දේශණා මෙහි ඇතුළත් වේ. පොදු ජනයාට අවබෝධ වන ලෙස සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් ඔබ්බට නොගොස් දෙසු අවවාදාන්විත සූත්‍ර, උපමා කතා ගාථා ආදී වූ උපදේශයන් අඩංගු වන්නේද සුත්‍ර පිටකයේය. සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් පවත්වන ලද හෙයින් මෙයට වෝහාර දේසනා යැයිද කියනු ලැබේ.

මුල් සූත්‍ර ග්‍රන්ථ[සංස්කරණය]

මූලික වශයෙන් බුද්ධ භාෂිත අඩංගුවන කොටස් මුල් සූත්‍ර ග්‍රන්ථ නමින් හැඳින්වේ. මෙම කොටස් ප්‍රථම ධර්ම සංගායනාවේදීම සම්පිණ්ඩනය කල බවට සැලකේ.

දීඝ නිකාය[සංස්කරණය]

කොටස් 3ක් යටතේ මෙහි සූත්‍ර 34ක් වේ. බුදු රජාණන් වහන්සේගේ සමකාලීන දාර්ශනිකයන්ගේ මත පිළිබඳ විස්තර අඩංගු වන්නේ ද ‍ දීඝ නිකායේය.

මජ්ඣිම නිකාය[සංස්කරණය]

මෙහි මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර 152ක් ඇත. චතුරායර්ය සත්‍යය, කර්මය, ධ්‍යාන, සමාධි, ආත්මවාදයේ දෝෂ සහ නිර්වාණය ආදිය පිළිබඳ විස්තර මෙම සූත්‍ර වල අඩංගුය.

සංයුක්ත නිකාය[සංස්කරණය]

මෙහි කෙටි සූත්‍ර 56ක් අඩංගුය.

අංගුත්තර නිකාය[සංස්කරණය]

මෙය නිපාත 11 කට බෙදා ඇත.

පශ්චාත් සූත්‍ර ග්‍රන්ථ[සංස්කරණය]

ඛුද්දක නිකාය[සංස්කරණය]

සමහර සම්ප්‍රදායන්ගේ පමණක් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අතුලත්කොට ඇති පශ්චාත් සූත්‍ර ග්‍රන්ථ කොටසකි. මෙම නිකායට ‍ග්‍රන්ථ 15 ක් අයත් වේ.

බාහිර යොමු[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=සූත්‍ර_පිටකය&oldid=275180" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි