හන් රාජවංශය

විකිපීඩියා වෙතින්
(හැන්ඩ් රාජවංශය වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
හන් ‍රාජවංශය

漢朝
ක්‍රි.පූ. 202 – ක්‍රි.ව. 9
ක්‍රි.ව. 25 – 220
ක්‍රි.ව. 2වන සියවසේ බටහිර හන් රාජවංශයේ සිතියමක්[1] *      කුමාරධානි සහ මධ්‍යම-පරිපාලිත ආඥාභූමි *      බටහිර ප්‍රදේශවල ආරක්ෂිත ‍රාජ්‍යය (තාරීම් ද්‍රෝණිය)
ක්‍රි.ව. 2වන සියවසේ බටහිර හන් රාජවංශයේ සිතියමක්[1]
තත්ත්වයඅධිරාජ්‍යය
අගනුවරචංආන්
(ක්‍රි.පූ. 206 – ක්‍රි.ව. 9, ක්‍රි.ව. 190–195)

ලුඕයං
(ක්‍රි.ව. 25–190, ක්‍රි.ව. 196)

ෂුචාං
(ක්‍රි.ව. 196–220)
පොදු භාෂාවන්චීන්
ආගම
තාඕ ආගම, කොන්ෆියුසියස් ධර්මය, චීන ජන ආගම
රජයරාජාණ්ඩුව
අධිරාජ 
• ක්‍රි.පූ. 202–195
හන් හි ගඔෂු අධිරාජයා
චාන්සලර් 
• ක්‍රි.පූ. 206–193
ෂියාඕ හේ
• –
චාඕ චැන්
• ක්‍රි.ව. 189–192
දොං චුඕ
• ක්‍රි.ව. 208–220
චාඕ චාඕ
• ක්‍රි.ව. 220
චාඕ පි
ඓතිහාසික යුගයඅධිරාජකීය යුගය
• ස්ථාපනය
ක්‍රි.පූ. 206
• ගායිෂියා හි සටන; චීනයේ හන් පාලනය ඇරඹීම
ක්‍රි.පූ. 202
9–23
• චාඕ වෙයි රාජ්‍යය උදෙසා පාලනය අත්හැරීම
ක්‍රි.ව. 220
ව්‍යවහාර මුදලබන් ලියාං කාසි සහ වූ චු කාසි
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
චින් ‍රාජවංශය
චාඕ වෙයි
ෂූ හන්
නැගෙනහිර වු
මෙම ලිපියේ චීන පෙළ ඇතුළත් වෙයි. නිසි ප්‍රදර්ශන සහාය නොමැති වූ විට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු හෝ වෙනත් සලකුණු චීන අක්ෂර වෙනුවට ඔබට පෙනෙනු ඇත.
හන් රාජවංශය
Han (Chinese characters).svg
"හන්" ‍යන්න පුරාතන මුද්‍රා අක්ෂර (ඉහළ වමේ), හන්-යුගයේ clerical script (ඉහළ දකුණේ), නූතන සම්ප්‍රදායික (පහළ වමේ), සහ සරලීකෘත (පහළ දකුණේ) චීන අක්ෂරවලින්
සම්ප්‍රදායික චීන
සරලීකෘත චීන අක්ෂර
චීන ඉතිහාසය
චීන ඉතිහාසය
පුරාතන
නියෝලිතික ක්‍රි.පූ. 8500 – 2070 පමණ
ෂියා රාජවංශය කි.පූ. 2100–1600
ෂෑං රාජවංශය ක්‍රි.පූ. 1600–1046
චෞ රාජවංශය ක්‍රි.පූ. 1045–256
 බටහිර චෞ
 නැගෙනහිර චෞ
   වසන්ත සහ සරත් සමය
   යුද්ධ රාජ්‍ය සමය
අධිරාජකීය
චින් රාජවංශය ක්‍රි.පූ. 221–206
හන් රාජවංශය ක්‍රි.පූ.206– ක්‍රි.ව.220
  බටහිර හන්
  ෂින්
  නැගෙනහිර හන්
තුන් රාජධානි 220–280
  වෙයි, ෂු සහ වු
ජින් රාජවංශය 265–420
  බටහිර ජින් රාජධානි 16
304–439
  නැගෙනහිර ජින්
දකුණු සහ උතුරු රාජවංශ
420–589
සුයි රාජවංශය 581–618
තාං රාජවංශය 618–907
  ( දෙවන චෞ 690–705 )
රාජවංශ 5 සහ
රාජධානි 10

907–960
ලියාඕ රාජවංශය
907–1125
සොං රාජවංශය
960–1279
  උතුරු සොං බටහිර ශියා
  දකුණු සොං ජින්
යුවාන් රාජවංශය 1271–1368
මිං රාජවංශය 1368–1644
චිං රාජවංශය 1644–1911
නූතන
චීන සමූහාණ්ඩුව 1912–1949
මහජන චීන
සමූහාණ්ඩුව

1949–වර්තමානය
චීන
සමූහාණ්ඩුව

(තායිවානය)
1945–වර්තමානය

හන් ‍රාජවංශය (චීන: 漢朝; පින්යින්: Hàncháo) යනුවෙන් හැඳින්වෙන්නේ දෙවන චීන අධිරාජවංශයයි (ක්‍රි.පූ. 202 – ක්‍රි.ව. 220). කැරැලි නායක ලියු බං විසින් ස්ථාපිත මෙය පාලනය වූයේ ලියු වංශිකයන් අතිනි. කෙටි කාලීන චින් රාජවංශය (ක්‍රි.පූ. 221–206) සහ චු-හන් කලහය (ක්‍රි.පූ. 206-202) යනුවෙන් හඳුන්වන යුධමය අරාජික සමයකින් පසුව එළැඹි මෙම රාජවංශයේ මධ්‍යයෙහි දී වං මං නම් අයකු විසින් රාජ්‍යය පැහැරගෙන ෂින් රාජවංශය (ක්‍රි.ව. 9–23) ආරම්භ කරන ලදී. පසුව නැවතත් හන් පාලනය ප්‍රතිෂ්ඨාපනය කෙරුණු අතර, මෙම සිදුවීම මඟින් හන් පාලන සමය බටහිර හන් (ක්‍රි.පූ. 202 – ක්‍රි.ව. 9) සහ නැගෙනහිර හන් (ක්‍රි.ව. 25–220 ) ලෙස යුග දෙකකර වෙන් කෙරෙයි. අනතුරුව, තුන් ‍රාජධානි යුගය (ක්‍රි.ව. 220–280) එළැඹිණි. මෙසේ සියවස් සතරකට අධික කාලයක් පැවති හන් රාජවංශය චීන ඉතිහාසයේ ස්වර්ණමය ‍යුගයක් ලෙස සැලකේ. මෙය චීන ශිෂ්ටාචාරයේ අනන්‍යතාවය හැඩගැස්වීමෙහි ලා වැදගත් කාර්යභාරයක් ඉටුකළේ ය.[2] වර්තමාන චීනයේ බහුතර ජන වර්ගය තමන් "හන් චීන"වරුන් ලෙසත්, චීනයේ භාෂාව "හන් භාෂාව" ලෙසත්, සහ ලිඛිත චීන අක්ෂර "හන් අක්ෂර" ලෙසත් හඳුන්වන්නට මෙය හේතු වන්නට ඇත.[3]

ඉතිහාසය[සංස්කරණය]

බටහිර හන්[සංස්කරණය]

වමේ රුව: බටහිර-හන් වර්ණාලේපිත සෙරමික් බුජමක්; මෙහි මකර, ෆීනික්ස්, සහ තාඕතියේ රූ සහිත කැටයම් දක්නට ලැබේ.
දකුණේ රුව: බටහිර-හන් ලෝකඩ දර්පණයක පසුපස මල් මෝස්තරවලින් අලංකාර ලොට ඇති අයුරු

චීනයේ ප්‍රථම අධිරාජකීය රාජවංශය වූයේ චින් රාජවංශය (ක්‍රි.පූ. 221–207) යි. චින් රාජ්‍යය විසින් චීන යුද්ධ රාජ්‍ය යටත් කරගත් නමුත්, පළමු අධිරාජ චින් ෂි හුවාංගේ මරණින් පසු එහි පාලනය අස්ථාවර විය. වසර සතරක් තුළ රාජවංශයේ අධිකාරිය බිඳවැටුණු අතර, කැරැලි ඇතිවන්නට විය.[4] මේ වන විට රාජධානි 18කට කැඩීගොස් තිබූ චීනයේ නායකත්වය උදෙසා පැරණි කැරැලි නායක දෙපළක් වූ චූ හි ෂියාං යු (මරණය. ක්‍රි.පූ. 202) සහ හන් හි ලියු බං (මරණය. ක්‍රි.පූ. 195) යුද්ධයක නිරත වූහ. මෙම රාජ්‍යවලින් ඇතැම් රාජ්‍ය ෂියාං යු ට ද, සෙස්සෝ ලියු බං ට ද සහාය පලකළහ.[5] ෂියාං යු දක්ෂ සෙන්පතියකු වුවද, වර්තමාන අන්හුයි ප්‍රදේශයෙහි එකල පැවති ගයිෂියා සටනේ දී (ක්‍රි.පූ. 202) ඔහු ලියු බං අතින් පරාජයට පත් විය. සිය අනුගාමිකයන්ගේ ඉල්ලීම අනුව, ලියු බං "අධිරාජ" (හුවාංඩි) යන පදවිය ආරූඪ කරගත් අතර, මරණාපරව ඔහු ගඔෂු අධිරාජයා (රාජ්‍ය. ක්‍රි.පූ. 202–195) ලෙස හැඳින්විණි.[6] හන්වරුන් යටතේ එක්සත් කළ නව අධිරාජ්‍යයේ අගනගරය ලෙස චංආන් (වර්තමාන ෂිආන්) තෝරාගැනිණි.[7]

ක්‍රි.පූ. 195 පමණ පැවති අගනගරය (කහ) ඇතුළු දහතුනක් වූ ඍජු-පාලිත ආඥාභූමි සහ අර්ධ-ස්වාධීන රාජධානි දහය
  1. Barnes 2007, පි. 63.
  2. Zhou 2003, පි. 34.
  3. Schaefer 2008, පි. 279.
  4. Ebrey 1999, පිටු. 60–61.
  5. Loewe 1986, පිටු. 116–122.
  6. Davis 2001, පිටු. 44–46.
  7. Loewe 1986, පි. 122.
"https://si.wikipedia.org/w/index.php?title=හන්_රාජවංශය&oldid=473908" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි