හම්බන්තොට සුළං විදුලි බල උද්‍යානය

විකිපීඩියා වෙතින්
(හම්බන්තොට සුළං බලාගාරය වෙතින් යළි-යොමු කරන ලදි)
හම්බන්තොට සුළං විදුලි බල උද්‍යානය
Hambantota Wind Farm
සුළං බලාගාරයට අයත් ටර්බයින කුළුණු දෙකක්
රටශ්‍රී ලංකාව
පිහිටුමහම්බන්තොට
ඛණ්ඩාංක06°08′46″N 81°06′47″E / 6.14611°N 81.11306°E / 6.14611; 81.11306ඛණ්ඩාංක: 06°08′46″N 81°06′47″E / 6.14611°N 81.11306°E / 6.14611; 81.11306
තත්ත්වයසක්‍රීය
අධිකාරී දිනය1999 මාර්තු
ගොඩනැගුම් පිරිවැයශ්‍රී ලංකා රුපියල් මිලියන 280 (1999 වර්ෂයේදී)
අයිතිකරු(වන්)ලංකා විදුලිබල මණ්ඩලය
Turbine information
Turbines5
Manufacturer(s)NEG Micon (වර්ථමානයේ Vestas)
Model(s)M1500-600
Hub height46 m (151 අඩි)
Rotor diameter43 m (141 අඩි)
Wind farm information
Typeමුහුදු වෙරළාශ්‍රිත
Avg. site elevationමුහුදු මට්ටම
Land useShrub lands
Power generation information
Installed capacity3 මෙගාවොට්
Capacity factor14%
Annual generation4,500 මෙගාවොට් පැය
As of November 1, 2010

හම්බන්තොට සුළං විදුලි බල උද්‍යානය, ශ්‍රී ලංකාව තුල ස්ථාපනය කෙරූ පළමු සුළං විදුලි බල උද්‍යානය වේ. එය හම්බන්තොට නගරයේ ගිණිකොන දෙසට වන්නට පිහිටුවා තිබෙන අතර, බලාගාරය සතුව NEG Micon, M1500-600 වර්ගයේ වා රෝද (ටර්බයින) 5 ක් ක්‍රියාත්මකව පවතී. එක් වා රෝදයකින් කිලෝවොට් 600 බැගින්, බලාගාරයේ වා රෝද පහෙන්ම මෙගාවොට් 3 ක විදුලි ධාරිතාවයක් නිෂ්පාදනය කරනු ලැබේ. වාර්ෂිකව දළ වශයෙන් මෙගාවොට් පැය 4,500 ක ශක්ති ප්‍රමාණයක් මින් ජනනය කරයි.[1][2]

බලාගාරය සහ එයට අයත් කොටස්, වර්ග කිලෝමීටර 1500 ක පමණ භූමි ප්‍රමාණයක පැතිර පවතී. බලාගාරය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 280 ක් පමණ වැයවී තිබෙන (1999 වර්ෂයේදී) අතර, එම මුදලින් 34% ක ප්‍රමාණයක් දේශීය අරමුදල් වලින්ද, 66% ක ප්‍රමාණයක් විදෙස් අරමුදල් වලින්ද සපයා ගත් බව සඳහන් වෙයි.[1][2]

බලාගාරය ඉදිකිරීම සම්බන්ධ අධ්‍යයන කටයුතු 1988 වර්ෂයේ සිදුකොට තිබෙන අතර, ඉන් වසර එකොළහකට පමණ පසුව, එනම් 1999 වර්ෂයේදී බලාගාරය ඉදිකොට ඇත. වර්ථමානයේ බලාගාරයේ හිමිකාරීත්වය ලංකා විදුලිබල මණ්ඩලය සතුවේ.

සුළං ටර්බයින පිළිබඳ කරුණු
කරුණ විස්තරය
ටර්බයින නිෂ්පාදකයා NEG Micon
ආකෘතිය M1500-600
ජනන ධාරිතාවය (එකකින්) කිලෝවොට් 600
භ්‍රමකයේ විශ්කම්භය 43 m (141 අඩි)
භ්‍රමක ආවරණ වර්ගඵලය වර්ග මීටර 1452
භ්‍රමකයේ මිනිත්තුවට සිදුවන වට සංඛ්‍යාව 18 - 27
භ්‍රමකයක බර කිලෝ ග්රෑම් 13000
කුළුණක බර කිලෝ ග්රෑම් 40000
කුළුණු පාදමේ විශ්කම්භය 11 m (36 අඩි)


මේවාද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 හම්බන්තොට වින්ඩ් ෆාර්ම් සංරක්ෂණය කළ පිටපත 2011-03-25 at archive.today සිලෝන් ඉලෙක්ට්‍රිසිටි බෝර්ඩ්
  2. 2.0 2.1 හම්බන්තොට වින්ඩ් ෆාර්ම් සංරක්ෂණය කළ පිටපත 2011-08-31 at the Wayback Machine සීඊබී ප්‍රි-ඉලෙක්ට්‍රිෆිකේෂන් යුනිට්