රාජපක්ෂ පවුල

විකිපීඩියා වෙතින්
රාජපක්ෂ පවුල
වාර්ගිකත්වයසිංහල
වර්තමාන ප්‍රදේශයහම්බන්තොට දිස්ත්‍රික්කය
සංගණ්‍ය සාමාජිකයෝඩී. ඒ. රාජපක්ෂ
මහින්ද රාජපක්ෂ
ගෝඨාභය රාජපක්ෂ
බැසිල් රාජපක්ෂ


රාජපක්ෂ පවුල යනු, ශ්‍රී ලංකාවේ දේශපාලනික පවුල්වාදී පවුල් අතරින් එකකි. [1][2]ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නායකත්වය සැපයෙන මෙම පවුලෙහි, බොහෝ සාමාජිකයෝ ශ්‍රී ලාංකික රජයෙහි ජ්‍යෙෂ්ඨ තනතුරු හොබවති.[3][4]2009 වසරෙහිදී දෙමළ විමුක්ති කොටි හෙවත් කොටි ත්‍රස්තවාදීන් පරදා අත්පත් කර ගත් ජයග්‍රහණය හා රටේ ඇති වූ සංවර්ධනය නිසා හිටපු ජනාධිපති , හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි විශාල ජන ප්‍රසාදයක් ඇති වී ඇත.

ඉතිහාසය[සංස්කරණය]

රාජපක්ෂවරුන් වනාහී දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිරුවාපත්තුව ගමෙහි විසූ ඉඩම්-හිමි ග්‍රාමීය පවුලකි.[5] මෙම පවුල දේශපාලන කරළියට පිවිසියේ, දොන් ඩේවිඩ් රාජපක්ෂගේ පුතු දොන් මැතිව් රාජපක්ෂ, හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා රාජ්‍ය මන්ත්‍රණ සභාවට 1936දී තේරී පත් වීම හා සමගිනි. [6]1945දී දොන් මැතිව් මිය ගිය අතර, මේ නිසා පැවැත්වුණු අතුරු-මැතිවරණයේදී ඔහුගේ සොහොයුරු දොන් ඇල්වින් රාජපක්ෂ නිතරගයෙන් තේරී පත් විය. [7]

පවුල් ගස[සංස්කරණය]

රාජපක්ෂ පවුලේ ජනප්‍රියතමයා වන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා

1. දොන් ඩේවිඩ් රාජපක්ෂ, විදානෙ ආරච්චි (යටත්විජිත තනතුරු) + දෝන ගිමාරා මුණසිංහ

1.1 දොන් චාර්ල්ස් කොරොනේලිස් රාජපක්ෂ
1.2 දෝන කැරොලිනා (කැර්ලිනා) බණ්ඩාර වීරමන්
1.3. දොන් මැතිව් රාජපක්ෂ (1896-1945), රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හම්බන්තොට සඳහා මන්ත්‍රීවරයා (1936-45), + එමලින් වීරතුංග
1.3.1. ලක්ෂ්මන් රාජපක්ෂ, හම්බන්තොට සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී (1947-52, 1956-60), තිස්සමහාරාමය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී (1960-65), මුල්කිරිගල සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී (1976-77)
1.3.2. ජෝර්ජ් රාජපක්ෂ (මරණය 1976), සෞඛ්‍ය ඇමති, මුල්කිරිගල පාර්ලිමේන්තු මන්ත්‍රී (1960-76) + ලලිතා සමරසේකර
1.3.2.1. නිරුපමා රාජපක්ෂ (උපත 1962), ජල සම්පාදන සහ ජලාපවාහන නියෝජ්‍ය අමාත්‍ය (2010-), හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී (1994-2000, 2005-) + තිරුකුමාරන් නඩේසන්
1.3.2.2. ශ්‍යාම්ලාල් රාජපක්ෂ (1966-2009),[8] දකුණු පළාත් සභාවේ මන්ත්‍රී (1999-2004)[9] + ප්‍රශාන්ති
1.3.3. එස්තර් ගර්ලි රූපසිංහ
1.3.4. පර්ල් (පර්ලි) ජයන්ති ගුණරත්න
1.3.5. කමලා වික්‍රමසූරිය
1.3.5.1 අනෝමා ලෆීර්, ජනාධිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්[10]
1.3.5.2 ජාලිය වික්‍රමසූරිය (උපත 1960), ඇමරිකා එක්සත් ජනපදය සඳහා ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්
1.3.5.3 ප්‍රසන්න වික්‍රමසූරිය, සීමාසහිත ගුවන්තොටුපොල හා ගුවන් සේවා සමාගමෙහි සභාපති
1.3.6. නීල් කුමාරදාස රාජපක්ෂ
1.3.7. රූබි ලලිතා රාජපක්ෂ + නන්දසිරි රාජපක්ෂ
1.3.7.1 චිත්‍රා
1.3.7.2 කපිල
1.3.7.3 සුයාමා
1.3.7.4 මනීසා
1.4. දොන් ඇල්වින් රාජපක්ෂ (1905-67), පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක, රජයේ අමාත්‍ය, බෙලිඅත්ත සඳහා මන්ත්‍රී (1947-60, 1960-65) + ඩැන්ඩිනා සමරසිංහ දිසානායක* (පහළ ආශ්‍රිත පවුල් බලන්න)
1.4.1. චමල් රාජපක්ෂ (උපත 1942), පාර්ලිමේන්තුවේ කථානායක (2010-), වාරිමාර්ග සහ ජල කළමනාකරණ අමාත්‍ය (2007-2010), වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය (2004-07), වරාය සංවර්ධන සහ දක්ෂිණ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය (2000-01), හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී (1989-) + චන්ද්‍රා මාලිනී විජේවර්ධන
1.4.1.1. ශෂින්ද්‍ර රාජපක්ෂ, ඌව පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා (2009-), මොණරාගල දිස්ත්‍රික්කය සඳහා ඌව පළාත් සභා මන්ත්‍රී (2009-), රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ, ජනාධිපතිවරයාගේ පුද්ගලික ලේකම්
1.4.1.2. ශමීන්ද්‍ර රාජපක්ෂ, ශ්‍රීලංකන් එයාර්ලයින්ස්හී අධ්‍යක්ෂක, ශ්‍රී ලංකා ටෙලිකොම්හී අධ්‍යක්ෂක, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂක, වරාය සහ ගුවන්සේවා අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම, මුදල් හා සැලසුම් අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් [11]
1.4.2. ජයන්ති රාජපක්ෂ
1.4.2.1. හිමාල් ලලීන්ද්‍ර හෙට්ටිආරච්චි, ස්කයි නෙට්වර්ක්ස්හී ප්‍රවිනි [12]
1.4.2.2. රංගනී හෙට්ටිආරච්චි
1.4.3. මහින්ද රාජපක්ෂ (උපත 1945), ජනාධිපති (2005-), ආරක්ෂක අමාත්‍යවරයා (2005-), මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍යවරයා (2005-), මහාමාර්ග අමාත්‍ය (2010), වරාය සහ ගුවන්සේවා අමාත්‍ය (2010), වරාය සහ මහාමාර්ග අමාත්‍ය (2010-), නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය (2013-), අග්‍රාමාත්‍යවරයා (2004-05), විපක්ෂ නායක (2002-04), විපක්ෂයේ ප්‍රධාන සංවිධායක (2001-02), වරාය අමාත්‍ය (2000-01), ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය (1997-01), කම්කරු සහ වෘත්තිමය පුහුණු අමාත්‍ය (1994-97), හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී (1989-2005), බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාශය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී (1970-77) + ශිරන්ති රාජපක්ෂ (විවාහයට පෙර වික්‍රමසිංහ)** (බන්ධුතාවයක් දක්වන පහත පවුල් බලන්න)
1.4.3.1. නාමල් රාජපක්ෂ (උපත 1986), හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී (2010-), තාරුණ්‍යයට හෙටක් සභාපති, කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් අයිතිකරු[13]
1.4.3.2. යෝෂිත රාජපක්ෂ, කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් අයිතිකරු[13]
1.4.3.3. රෝහිත රාජපක්ෂ
1.4.5. ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ (උපත 1949), ජනාධිපතිවරයා (2019-මේ වන තුරු), හිටපු ආරක්ෂක ලේකම්, ලංකා හොස්පිටල්ස් සභාපතිවරයා, ලංකා ලොජිස්ටික්ස් සභාපතිවරයා
1.4.5.1. මනෝජ් රාජපක්ෂ
1.4.6. බැසිල් රාජපක්ෂ (උපත 1951), ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා (2010-15), පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (2007-15), ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශකවරයා (2005-), උතුරු වසන්තය සභාපතිවරයා (2009-13) + පුෂ්පා රාජපක්ෂ
1.4.6.1. තේජනී රාජපක්ෂ
1.4.6.2. බිමල්කා රාජපක්ෂ
1.4.6.3. අසන්ත රාජපක්ෂ
1.4.7. ඩඩ්ලි රාජපක්ෂ (උපත 1957)
1.4.7.1. මිහිරි රාජපක්ෂ
1.4.8. ප්‍රීති රාජපක්ෂ (උපත 1959) + ලලිත් ප්‍රියලාල් චන්ද්‍රදාස, සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවෙහි සාමාජික, ශ්‍රී ලංකා වරාය අධිකාරියෙහි සභාපතිවරයා, රක්ෂණ මණ්ඩලයෙහි සාමාජික, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙහි මහා ලේකම්, පීජේ ෆාර්මා කෙයා (ලංකා) සමාගමෙහි සභාපතිවරයා, මෙඩ් 1 (පුද්ගලික) සමාගමෙහි සභාපතිවරයා, එම්ප්ලෝයීස් හෝල්ඩිංස් සමාගමෙහි සභාපතිවරයා, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියෙහි සභාපතිවරයා, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවෙහි සභාපතිවරයා [14]
1.4.8.1. මාලක චන්ද්‍රදාසa
1.4.8.2. මාධව චන්ද්‍රදාස
1.4.8.3. මාධිනි චන්ද්‍රදාස
1.4.8.4. මාලික චන්ද්‍රදාස
1.4.9. චාන්දනී (ගාන්දනී) රාජපක්ෂ (උපත 1961) + තුසිත රණවක
1.4.9.1. එෂානා රණවක
1.4.9.2. නිපුණ රණවක
1.4.9.3. රන්දුල රණවක

ආශ්‍රිත[සංස්කරණය]

  1. පෙරේරා, ආමන්ත (28 අප්‍රේල් 2010). "ද ලෝං රීච් ඔෆ් ශ්‍රී ලංකාස් රාජපක්ෂ ඩිනස්ටි". ටයිම් (සඟරාව). http://www.time.com/time/world/article/0,8599,1984484,00.html. 
  2. "පුටිං ද රාජ් ඉන් රාජපක්ෂ". දි ඉකොනමිස්ට්. 20 මැයි 2010. http://www.economist.com/node/16167748. 
  3. හාවිලන්ඩ්, චාල්ස් (18 නොවැම්බර් 2010). "ශ්‍රී ලංකා ටු ඉනෝගරේට් ද ලීඩර් විත් බිගස්ට් රයිස් කේක්". බිබීසි නිවුස්. http://www.bbc.co.uk/news/world-south-asia-11783302. 
  4. කැලුම් බණ්ඩාර; යොෂාන් පෙරේරා (22 ඔක්තොම්බර් 2013). "ඇප්‍රොප්‍රියේෂන් බිල් ප්‍රසන්ටඩ්". ද ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). http://www.dailymirror.lk/news/37456-appropriation-bill-presented.html. 
  5. ප්‍රනාන්දු, රෙජී. "ඩීඒ- ඇන් එක්සෙම්ප්ලරි ෆිගර් ඉන් පොලිටික්ස්". සන්ඩේ ඔබ්සර්වර් (ශ්‍රී ලංකාව). සම්ප්‍රවේශය 4 මැයි 2008.
  6. විජේසිංහ, සෑම් (25 දෙසැම්බර් 2005). "පීපල් ඇන්ඩ් ස්ටේට් පවර්". සන්ඩේ ඔබ්සර්වර් (ශ්‍රී ලංකාව). http://www.sundayobserver.lk/2005/12/25/fea104.html. 
  7. ගුණසේකර, ඩී. ඊ. ඩබ්. (6 නොවැම්බර් 2011). "ඩී.ඒ. රාජපක්ෂ- ද පල්ස් ඔෆ් රුහුණ". සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව). http://sundaytimes.lk/111106/News/nws_23.html. 
  8. විජේසිංහ, සෑම් (11 සැප්තැම්බර් 2011). "ඇන් එන්ඩියරිං පර්සනෑලිටි". සන්ඩේ ඔබ්ස්ර්වර් (ශ්‍රී ලංකාව). http://www.sundayobserver.lk/2011/09/11/fea40.asp. 
  9. "ශ්‍යාම්ලාල් රාජපක්ෂස් ෆියුනරල් ටුමොරෝ". සන්ඩේ ඔබ්සර්වර් (ශ්‍රී ලංකාව). 16 අගෝස්තු 2009. http://www.sundayobserver.lk/2009/08/16/new23.asp. 
  10. සිං, ආර්. බග්වාන් (29 ජනවාරි 2012). "ලව් ලොස්ට් ටු ලංකන් වෝ". සන්ඩේ ක්‍රොනිකල් (ඉන්දියාව). http://www.deccanchronicle.com/tabloid/sunday-chronicle/heartitude/love-lost-lankan-war-817. 
  11. "ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී (එස්එල්ටීඑල්:කලම්බු) - ශමීන්ද්‍ර රාජපක්ෂ". බ්ලූම්බර්ග් බිස්නස්වීක්.
  12. ගුණසේකර, තිසරණී (12 ජූලි 2009). "ෆ්‍රොම් ද සන් ගෝඩ් ටු ද හයි කිං?". ද සන්ඩේ ලීඩර්. http://www.thesundayleader.lk/20090712/spotlight.htm. 
  13. 13.0 13.1 පතිරණ, සරෝජ් (15 ජූනි 2012). "ශ්‍රී පංකා ක්‍රිකට් ඩිෆෙන්ඩ්ස් ටීවී ඩීල්". බීබීසී ස්පෝට්. http://www.bbc.co.uk/sport/0/cricket/18456920. 
  14. "ඩීඑෆ්සීසී බෑන්ක් (ඩීඑෆ්සීසී:කලම්බු) - ලලිත් ප්‍රියලාල් චන්ද්‍රසේන". බ්ලූම්ස්බර්ග් බිස්නස්වීක්.
"https://si.wikipedia.org/w/index.php?title=රාජපක්ෂ_පවුල&oldid=582799" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි