ගම්පොල රාජධානිය
Appearance
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "ගම්පොල රාජධානිය" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2024 දෙසැම්බර්) |
ගම්පොල රාජධානිය | |||||||
---|---|---|---|---|---|---|---|
ක්‍රි.ව. 1345–ක්‍රි.ව. 1406 | |||||||
කොඩිය | |||||||
අගනුවර | ගම්පොල | ||||||
පොදු භාෂාවන් | සිංහල | ||||||
රජය | රාජධානිය | ||||||
ගම්පොල රජ | |||||||
• ක්‍රි.ව. 1345-1359 | පස්වන පරාක්‍රමබාහු | ||||||
• ක්‍රි.ව. 1357-1373 | III වන වික්‍රමබාහු | ||||||
• ක්‍රි.ව. 1373-1406 | පස්වන බුවනෙකබාහු | ||||||
ඉතිහාසය | |||||||
• ස්ථාපිත කළේ | ක්‍රි.ව. 1345 | ||||||
• අහෝසි කළේ | ක්‍රි.ව. 1406 | ||||||
|
ගම්පොල රාජධානිය යනු මධ්‍යතනයේ දී කෙටිකාල පරිච්ඡේදයකට ලක්දිව බහිව තිබූ රාජධානියකි. ගංගා ශ්‍රි පුර, ගග සිරි පුර ලෙස ද හදුන්වයි. එය ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මහනුවර අසල පිහිටි නගරයකි. දහහතරවන සියවසේ මැද භාගයේ වසර හතරක් පාලනය කළ හතරවන බුවනෙකබාහු රජු විසින් එය දිවයිනේ අගනුවර බවට පත් කරන ලදී. හතරවන බුවනේකාබාහු රජු (සිව්වන විජයබාහු රජුගේ පුත්‍රයා) සිය පියාගෙන් පසු සිංහාසනයට නැඟී අගනුවර කුරුණෑගල සිට ගම්පොළ දක්වා මාරු කළේය.
ගම්පොල යුගයේ මෙරට කැපී පෙනෙන දේශපාලනික හා ආර්ථික ප්‍රගමනයක් ඇති විය. එමෙන්ම සාහිත්‍යට සිදුවූ සේවාව ද අමතක කල නොහැක. මෙරට ප්‍රථම සංදේශ කාව්‍ය ලියවී ඇත්තේද ගම්පොල යුගයේය. ඉබන් බතූතා නම් සංචාරකයා පැමින තැබූ දේශාටන වාර්තා ඉතිහාසය හැදැරීමට වැදගත් වේ.
ගම්පොල රාජධානිය උප කලාප 5 කට බෙදී තිබූ අතර ඒවා පස් රට ලෙස හැඳින්විනි.