ශාක

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Plants
Temporal range:
Early Cambrian to recent, but see text, 520–0 Ma
Diversity of plants image version 5.png
Scientific classification
Domain: Eukaryota
(unranked): Archaeplastida
Kingdom: Plantae
Haeckel, 1866[1]
Divisions

Green algae

Land plants (embryophytes)

Nematophytes

ශාක යනු ජිවයෙහි විශේෂ ආකාරයක් වන අතර ඒ සඳහා පදුරු, තෘණ වර්ග, පර්නාංග, හරිත ඇල්ගි, පෙද වර්ග, වැල් වර්ග සහ ඖෂධ පැලෑටි අයත්වෙයි. 350000 ප්‍රමාණයක ශාක විශේෂ ප්‍රමාණයක් ඇතැයි මේ වන විට ගණන් බලා ඇත. ඒවා බීජ ශාක, bryophyte සහ පර්නාංග වේ. 2004 දී සොයා ගෙන ඇති ආකාරයට 287,655 ප්‍රමාණයක් විශේෂ හඳුනාගෙන ඇති අතර ඉන් 258,650 ප්‍රමාණයක් මල් හට ගන්නා ශාක වන අතර 15,000 ප්‍රමාණයක් bryophyte වේ. හරිත ශාක ඇතැම් අවස්ථාවලදී metaphytes ලෙස හැඳින්වෙන අතර ප්‍රභාසංස්ලේෂණය මගින් සුර්යය ශක්තිය තිර කරනු ලබති.

වර්ධනය[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

ශාකයක් සෑදී ඇති ඝණ ද්‍රව්‍යවලින් වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ වායුගෝලයෙනි. ඒ ප්‍රභාසංශ්ලේෂණය නම් වූ ක්‍රියාවලිය හරහාය. ශාක හිරු එළියෙන් ශක්තිය ලබාගෙන වායු ගෝලයෙන් ලබාගත් CO2 සරල සීනි බවට පත් කරයි. මෙම සීනි එහිදී ගොඩනැංවීමේ කොටස් සේ එකතු වී ශාකයේ ප්‍රධාන ව්‍යුහමය සංරචක ගොඩ නංවනු ලබයි. ශාක පස කෙරෙහි ප්‍රාථමික විශ්වාසය රඳවා ආධාරය සහ (ප්‍රමාණාත්මක වශයෙන්) ජලය ලබා ගනී. නයිට්‍රජන්, පොස්පරස් සහ අනෙකුත් තීරණාත්මක පෝෂක මූල ද්‍රව්‍ය පසේත් අඩංගුවේ.

බොහෝ ශාකවල සාර්ථක වර්ධනය සඳහා ඒවාට වායුගෝලීය ඔක්සිජන් ශ්වසනය සඳහාද මූල පද්ධතිය වටා ඇති ඔක්සිජන් ද අවශ්‍ය වේ. කෙසේ වෙතත් විශේෂිත සනාල පැලෑටි කිහිපයක් (කඩොලාන ශාක වැනි)මූල මණ්ඩලය අවට ඔක්සිජන් හීන වූ පරිසරවල වර්ධනය වේ.

අර්ථ දැක්වීම[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

ඇරිස්ටෝටල් විසින් සියළුම ජීවි ද්‍රව්‍ය ශාක (සංචරනය කල නොහැකි) සහ සත්ව (සංචරනය කල හැකි සහ ආහාර ද්‍රව්‍ය සොයා ගමන් කල හැකි) ලෙස කොටස් දෙකකට බෙදන ලදී. ලිනේයස්ගේ වර්ගි කරණයේදී ඔහු මේවා ශාක (Metaphyta හෝ Plantae) සහ සත්ව (Metazoa) රාජධානි ලෙසද වර්ගි කරණය කරන ලදී. එතැන් පටන් ශාක රාජධානිය විවිධ ඒහා අදාල නොවන කාණ්ඩ සමගද සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වුණි. ඒවා නම් දිලීර වර්ග සහ ඇතැම් ඇල්ගි විශේෂයි. මේවා පසුකාලීනව අලුත් රාජධානියකට වෙන්කර හරින ලදී. කෙසේ නමුත් මේවා බොහෝ අවස්ථා වලදී තව දුරටත් ශාක රාජධානියට අන්තර්ගත ලෙස සලකනු ලැබේ.

ශාක යන නාමකරණය යම්කිසි විශේෂ අවස්ථාවකදී යොදා ගත හොත් එය සාමාන්‍යයෙන් එකි වර්ග තුනෙන් එකකට අයත්වේ. කුඩාම සිට විශාලතම අවස්ථාව දක්වා මෙකි වර්ගිකරණයන් තුල පහත පරිදි වේ. • ගොඩබිමෙහි ඇති ශාක - මේවා Embryophyta හෝ Metaphyta ලෙසද හැදින්වේ. කුඩාම ශාක වර්ගීකරණ කුලකය පහතින් නිරූපණය කර ඇත. • හරිත ශාක - මේවා Viridiplantae, Viridiphyta හෝ Chlorobionta ලෙසද නම් කෙරෙන අතර ඉහතින් සදහන් කරන ලද Embryophyta, Charophyta සහ Chlorophyta (කොළ පැහැ ඇල්ගි වර්ග) වර්ගයට අයත්වෙයි. • Archaeplastida මේවා ශාක sensu lato ලෙසද හැදින්වේ. Plastida හෝ Primoplantae වලට ඉහති කී කොළ පැහැති ශාක අන්තර් ගත වන අතර Rhodophyta (රතු ඇල්ගි) සහ Glaucophyta වන්ද අයත්වෙයි. පුළුල්ම ශාක වර්ගි කරණයේදී මෙහි බොහෝමයක් වු සුනෂ්ටිකයෙන් අන්තර්ගත වන අතර ඒවා ඔවුන්ගේ chloroplast ලබාගෙන ඇත්තේ සයනෝ බැක්ටිරීයාවන් භක්ෂණය කිරීමෙනි.

වෙනත් ආකාරයකින් කිවහොත් ප්‍රභාසංස්ලේෂණය සිදු කරන වෙනත් ජිවීන්ද ශාක ලෙස හැදින්වෙන අතර ඒවා සම්ප්‍රදායික වර්ගිකරණයට අන්තර්ගත ‍නොවන අතර ඔවුන් සැබෑ ශාක වලට සමීප සම්බන්ධතාවයක් නොපවත්වයි. ශාක විශේෂ 375000 ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතර සෑම වසරකදීම අළුතින් ශාක විශේෂ කිහිපයක් සොයා ගන්නා අතර ඒ පිළිබඳව විග්‍රහ කරනු ලබයි.

ඇල්ගී[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

බොහෝ ඇල්ගි වර්ග ශාක රාජධානිය යටතට වර්ගිකරණය නොකෙරේ. ඇල්ගි වර්ග විවිධ කාණ්ඩ වලට අයත් ඇල්ගි වර්ග ප්‍රභාසංස්ලේශණය මගින් ශක්තිය නිපදවන ජීවින් විශේෂ වේ. මින් එක් එක් ඇල්ගි විශේෂ ප්‍රභාසංස්ලේශණය නොකරන වෙනස් පුර්වජයින්ගෙන් පැවත එයි. මෙම ඇල්ගි අතුරෙන් වඩාත් පැහැදිලි විශේෂය වනුයේ ශාක සමුද්‍ර විශේෂයි. මොවුන් බහු සෛලික ඇල්ගි විශේෂ වන අතර දළ වශයෙන් භෞමික ශාක වලට සමානකම් දක්වයි. නමුත් මේවා කොළ, රතු සහ දුඹුරු ඇල්ගි ලෙසට වර්ගිකරණයක් සිදු කරනු ලබයි. මෙකී එක් එක් ඇල්ගි වර්ගද විවිධ අන්වීක්ෂීය සහ එක් සෛලික විශේෂ ලෙසට වර්ගීකරණය කර ඇත.

ඇල්ගි වර්ග අතරින් වර්ග දෙකක් පමණක් භෞමික ශාක වලට (Emvriophytes) සමීප සම්බන්ධතාවයක් ඇතැයි සැලකේ. මින් මුල්ම කාණ්ඩය වනුයේ Charophyta වන් වන අතර එමගින් embryophyta වන් ඇති වු බවට සැලකේ. Emdryophyte සහ Charophyte යන කාණ්ඩ දෙකෙහි සංකලනයන් හරිත ඇල්ගි වල (Chlorophyta) දක්නට ඇති අතර මෙහි වඩාත් පැහැදිලි නොවු කාණ්ඩය එක්ව ගත් කල හරිත ශාක හෝ viridiplantae ලෙසට හැඳින්වේ. ශාක රාජධානිය මෙකි ඒකවංශික වර්ගි කරණයට අයත්වෙයි. හරිත ඇල්ගි වල ඇති යම්යම් වෙනස්කම් හැරුණු කොට ඉහත කී සියළුම වර්ග වල සෛල බිත්ති සෙලියුලෝස් වලින් සැදුම් ලත් අතර හරිත වර්ණක A සහ B අන්තර්ගත හරිතප්‍රද ඇති අතර ආහාර ද්‍රව්‍ය පිෂ්ඨය ලෙස ගබඩා කරනු ලැබේ. ඔවුන් තර්කුවක් නොමැතිව අනුනන විභාජනයට ලක්වන අතර පැතලි මියර සහිත මයිටකොන්ඩ්‍රියාවන් අන්තර්ගත වේ.

හරිත ශාක වල හරිත ලව පටල දෙකකින් ආස්තරණය වී ඇති අතර එමගින් ඔවුන් සයනෝ බැක්ටිරීයාවන්ගෙන් සම්භවය වී ඇති බවට සාක්ෂි ඇත. මෙය අනෙකුත් ඇල්ගි වර්ග දෙක වන Rhodophyta හෙවත් රතු ඇල්ගි සහ Glaucophyta සදහාද සත්‍යවේ. මෙම සියළුම කාණ්ඩ තුන සදහා පොදු සම්භවයක් අතැයි විශ්වාස කෙරෙන අතර ඔවුන් Archaeplastida නම් වර්ගිකරණයට යටත් වෙයි. මීට අමතරව බොහෝමයක් අනෙකුත් ඇල්ගි වර්ග (උදා - haterokonts, haptophytes, dinoflagellates සහ euglenids) සදහා ද ආස්තරණ පටල තුනකින් හෝ හතරකින් ආවරණය වු හරිත භක්ෂණය පවතී. ඔවුන් හරිත ශාක වල සමීප ඥ‍ාතීන් නොවන අතර එහි හරිත ලව ලබාගෙන ඇත්තේ රක්ෂණය කරන ල හෝ සහජීව චර්යා පෙන්වන ද හරිත හෝ රතු ඇල්ගි වලිනි.

දිලීර[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

දිලීර කලින් ශාක රාජධානියට ඇතුළත්කර තිබුණද, එය තව දුරටත් ශාක ලෙස නොසැලකේ. කළල ශාක සහ ඇල්ගී මෙන් නොව දිලීර ප්‍රභාසංශ්ලේෂක නොවන අතර මෘතෝපජීවී එනම් අවට පරිසරයේ ඇති ද්‍රව්‍ය බිඳ දමා දේහයට උරාගැනීමෙන් ආහාර ලබාගනී.දිලීර ශාක වර්ගයක් නොවන නමුත් අතීතයෙදී ශාක ලෙස සලකා තිබෙන අතර එය උද්භිද විද්‍යාඥයින්ගේ විෂය ධාරාවට ඇතුළත් යයි සළකා ඇත. දිගුකලක සිට දිලීර පරිණාමිකව ශාකවලට වඩා සතුන්ට සමීපයැයි හඳුනාගෙන තිබිණ.නමුත් ඒවා තවමත් මූලික උද්භිද විද්‍යා පාඨමාලාවල ගැඹුරින්ම ආවරණය කරන අතර සත්ව විද්‍යා මූලික පාඨමාලාවලදී එය අනිවාර්‍ය් නොවේ.බොහෝ දිලීර සෑදී ඇත්තේ දිලීර සූත්‍රකා ලෙස හඳුන්වන අන්වීක්ෂීය ව්‍යුහ වලින් වන අතර ඒවා සෛලවලට බෙදී හෝ නොබෙදී හෝ පැවතුනත් සූන්‍යෂ්ටික න්‍යෂ්ටිදරයි. දිලීරවල ප්‍රජනක ව්‍යුහ වන්නේ ඵලදේහ නොහොත් වඩාත් හුරුපුරුදු ලෙස බිම්මල්ය. මොවුන් කිසිම ප්‍රභාසංශ්ලේෂක කණ්ඩායමකට අයත් නොවන අතර සතුන්ගේ ළඟම නෑයන්වේ. මේ නිසා දිලීරවලට ඔවුන්ගේම රජධානියක් ඇත.

ව්‍යුහය, වර්ධනය හා විකසනය[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

ශාකයක් සෑදී ඇති ඝණ ද්‍රව්‍යය වලින් වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ වායුගෝලයෙනි. ඒ ප්‍රභාසංස්ලේශණය නම් වූ ක්‍රියාවලිය හරහාය. ශාක හිරු එළියෙන් ශක්තිය ලබාගෙන වායු ගෝලයෙන් ලබාගත් CO2 සරල සීනි බවට පත් කරයි. මෙම සීනි එහිදී ගොඩනැංවීමේ කොටස් සේ එකතු වී ශාකයේ ප්‍රධාන ව්‍යුහමය සංරචක ගොඩ නංවනු ලබයි. ශාක පස කෙරෙහි ප්‍රාථමික විශ්වාසය රඳවා ආධාරය සහ (ප්‍රමාණාත්මක වශයෙන්) ජලය ලබා ගනී. නයිට්‍රජන්, පොස්පරස් සහ අනෙකුත් තීරණාත්මක පෝෂණ මූල ද්‍රව්‍ය පසේත්අඩංගුවේ.

බොහෝ ශාකවල සාර්ථක වර්ධනය සඳහා ඒවාට වායුගෝලීය ඔක්සිජන් ශ්වසනය සඳහා මූල පද්ධතිය වටා ඔනක්සිජන් ද අවශ්‍ය වේ. කෙ‍ෙස් වෙතත් විශේෂිත සනාල පැලෑටි කිහිපයක් (කඩොලාන ශාක වැනි)මූල මණ්ඩලය අවට ඔක්සිජන් හීන වූ පරිසරවලද වර්ධනය වේ .

පාරිසරික විද්‍යාවට අනුව ශාකවල වැදගත්කම[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

අර්තාපල් ශාකය:-යුරෝපීය ජාතිකයන් 1400 අග සහ 1500යේ මුල භාගයේදී ඇමරිකානුවන් සමඟ සම්බන්ධවීමෙන් පසුව අර්තාපල් ලෝකයේ අනෙකුත් ප්‍රදේශ වෙත ද ව්‍යාප්තවූ අතර එතැන් පටන් එය වැදගත් ක්ෂේත්‍ර බෝගයක් බවට පත් වී ඇත.

මිනිසා විසින් ප්‍රයෝජනයට ගන්නා ශාක පිළිබඳව අධ්‍යයනය කිරීම ආර්ථික උද්භිද විද්‍යාව හෙවත් මානවවංශ උද්භිත විද්‍යාව ලෙස හැඳින්වේ.මේවා බොහෝවිට සමානාර්ථපද ලෙස භාවිත කළත්, ඇතැමුන් ආර්ථික උද්භිත විද්‍යාව ප්‍රධාන වශයෙන් නවීන වගාකල ශාක පිළිබඳ මානව වංශ උද්භිද විද්‍යා අධ‍්‍යයනයන් පාරම්පරික ශාක වර්ග දේශීය ජනයා විසින් භාවිත කිරීම පිළිබඳ යොමුවී ඇතිබව සලකනු ලබයි.මානවයා විසින් ශාක වගාකිරීම මිනිස් ශිෂ්ටාචාරයේ පදනම වූ කෘෂිකර්මයෙහි කොටසකි.ශාක කෘෂිකර්මය,සත්ත්ව විද්‍යාව, උද්‍යාන පාලනය හා වන විද්‍යාව ලෙස කොටස් වලට බෙදී ඇත.

ආහාර අර්ථයෙන් සියළු මානව පෝෂණය කෙළින්ම හෝ වක්‍රව ගොඩබිම් ශාක මත රඳාපවතී.බොහෝ මානව පෝෂණය ධාන්‍ය වර්ග විශේෂයෙන් බඩ ඉරිඟු ,තිරිඟු සහ සහල් මත හෝ වෙනත් ප්‍රධාන ආහාර බෝග වන අර්තාපල් මඤ්ඤොක්කා සහ රනිල මත රඳා පවතී.ශාකවල ආහාරයට ගන්නා වෙනත් කොටස් අතරට පළතුරු, එළවළු, කජු, ඖෂධ, කුළු බඩු සහ ආහාරයට ගතහැකි මල් වර්ග අයත් වේ.ශාක වලින් ලබාගන්නා බීම වර්ග වලට කෝපි,තේ, වයින්, බියර් සහ මධ්‍යසාර අයත්වේ. ප්‍රධාන වශයෙන්ම සීනි ලබාගන්නේ උක් සහ බීට් වළිනි. අහාර පිසින තෙල් සහ මාගරින් ලබාගන්නේ බඩඉරිඟු, සොයා බෝංචි, කැනෝලා, සැෆ් මල් , සූරියකාන්ත, ඔලිව් සහ වෙනත් ශාක වලින්ය.අහාර ආකලන වලට ගම් ඇරබික්, ගුවාගම්, ලොඅකස්ට් බෝංචි ගම්, පිෂ්ඨය සහ පෙක්ටීන් අයත් වේ.

ආහාර නොවන නිෂ්පාදන[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

දැව දඬු පසුව සැකසීම සඳහා ගබඩාකර ඇති අයුරු.

ගොඩනැගිලි තැනීමට දැව,ලී බඩු,කඩදාසි,කාඩ්බෝඩ්,සංගීත භාණ්ඩ සහ ක්‍රීඩාභාණ්ඩ සෑදීමට උපයෝගී කොට ගනී.බොහෝ විට රෙදි සෑදීමට කපු,තණ හෝ සෙලියුලෝස් වලින් වෙන්කරගත් රෙයෝන් සහ ඇසිටේට් වැනි කෘතිම කෙඳි යොදාගනී.ශාකවලින් ලබාගන්නා පුනර්ජනනය කළ හැකි ඉන්ධන වලට දර, පීට් සහ අනෙකුත් ජෛව ඉන්ධන අයත් වේ. ගල් අඟුරු සහ පෙට්‍රෝලියම් ශාක වලින් ව්‍යුත්පන්නවූ පොසිල ඉන්ධන වලට අයත් වේ. ශාක වලින් ලබාගන්නා ඖෂධ අතරට ඇස්ප්‍රීන්, ටැක්සොඅල්, මොර්ෆීන් ,ක්වීනීන්, රෙසර්පින්, කොල්චිසීන්, ඩිජිටාලිස් සහ වින්ක්‍රිස්ටීන් අයත්වේ. ගින්කෝ, එකිනසියා, ෆීවර්ෆිව් සහ සෙන්ට් ජෝන්ස්වර්ට් වැනි ඖෂධීය පරිපූරක සිය ගණනක් ඇත.ශාක වලින් ලබගන්නා කෘමිනාශක අතරට නිකොටීන්, රොටෙනොඅන්, ස්ට්‍රිච්නීන් සහ පයිරත්‍රීන් අයත්වේ. ශාක වලින් ලබගන්නා මත්ද්‍රව්‍ය වලට ඕපියම්,කොකේන් සහ මරිජුවනා ඇතුලත්වේ. ශාක වලින් ගන්නා විශ අතරට රිසීන්, හෙම්ලොක් ක්‍යුරෙයා අයත්ය.ශාක කෙඳි වර්ග ,සුගන්ධ තෙල්, ඩයි වර්ග, වර්ණක ,ඉටිවර්ග, ටැනින්, ගස් වලින් ගන්නා කිරි වර්ග,ගම්, රෙසින්, ඇල්කොලොයිඩ, ඇම්බර් සහ වල්ක වැනි බොහෝ ස්වාභාවික නිෂ්පාදන වල ප්‍රභවයන් ශාකවේ.ශාක වලින් නිපදවාගන්නා නිෂ්පාදන අතරට සබන්,ආලේප,ෂැම්පු,සුවඳ විළවුන්, රූපලාවන්‍ය ද්‍රව‍ය, ටර්පන්ටයින්,රබර් ,වාර්නිෂ්, ලිහිසි තෙල්,ලිනොලියම්, ප්ලාස්ටික්,තීන්ත,චුයින්ගම්, සහ හණ කඹ අයත් වේ.අපරිමිත ප්‍රමාණයක්වූ කාර්මිකව නිපදවන කාබනික රසායන ද්‍රව්‍ය වල,මූලික රසායනික ද්‍රව්‍යවල ප්‍රාථමික ප්‍රභවය වන්නේද ශාකය මෙම රසායනික ද්‍රව්‍ය විශාල විවිධත්වයකින් යුතු පර්යේෂණ හා අධ්‍යයනයන්ට උපයෝගීකොට ගනී.

ශාක කොටස්වල සෞන්දර්යාත්මක ප්‍රයෝජන[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

දහස් ගණන් ශාක විශේෂ මිනිසාගේ අවට පරිසරය අලංකාර කිරීමට වගාකරනු ලබන අතර ඒවා සෙවණ ලබාදීම, උෂ්ණත්වය අඩුකර ගැනීමට, සුළඟේ වේගය අඩුකර ගැනීමට, ඝෝෂාව අඩුකිරීමට, පෞද්ගලිකත්වය සලසා ගැනීමට සහ පාංශු ඛාදනය වලක්වා ගැනීම ආදියටද යොදාගනී.මිනිසුන් කැපූමල්, වේලන ලද මල් සහ ගෘහාශ්‍රිත ශාක වර්ග ගෘහස්ථව ප්‍රයෝජනයට ගනී.එළිමහනේදී ඔවුන් තණකොළ පිට්ටනි සැදීම සඳහා තණකොළ , සෙවණ ලබාදෙන ගස්, අලංකරණය සඳහා වූ ගස් වර්ග.පඳුරු , වැල් ,පළාවර්ගයට අයත් බහුවාර්ෂිකයෝ සහ පාත්තිවලට යොදාගන්නා ශාක ආදිය ප්‍රයෝජනයට ගනී.ශාකවල අනුරූ බොහෝ විට චිත්‍ර කලාව ,ගෘහ නිර්මාණ ශිල්පය , රසවින්ධනය,භාෂාව සහ ඡායාරූපකරණයට සහ රෙදිපිළිමත මුදල් ,මුද්දර, කොඩිමත හා වංශවතුන්ගේ ලාංඡන ලෙසද යොදාගනී.ජීවී ශාක කලාවට යොදාගන්නා ක්‍රම අතරට පඳුරු නොයෙක් හැඩ වලට කැපීම, බොන්සායි, ඉකෙබානා සහ විවිධ ආධාරක මත වැවීම අයත් වේ.අලංකාර ශාක ටියුලිප් මේනියාවේදී මෙන් ඇතැම් විට ඉතිහාසයේ ගමන් මඟ වෙනස්කර ඇත.සංචාරක ව්‍යාපාරයේදී ශාක වර්ෂයකට ඩොලර් බිලියන ගණනින් ලබාදෙන පදනම වී ඇත්තේ වෘක්ෂ උද්‍යාන, උද්භිද උද්‍යාන, ඓතිහාසික උද්‍යාන, වන උද්‍යාන, ටියුලිප් සැණකෙළි, වැසිවනාන්තර,වර්ණවත් ශරත් පත්‍ර ඇති වනාන්තර සහ සකුරා මල් පිපෙන කාලයට පවත්වන සැණකෙළි ආදියට සංචාරකයන් අකර්ශනය වන නිසාය.වීනස් ෆ්ලයිට්‍රැප් සංවේදී ශාකය සහ පුනර්ජීවන ශාකය ආදිය ඒවායේ අපූරුබව නිසා විකිණුන ශාකවලට උදාහරණයන්ය.

ශාකවල විද්‍යාත්මක සහ සංස්කෘතිකමය ප්‍රයෝජන[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

යෙව් ගසක අත්තක වාර්ෂික වර්ධක වළලු 27ක් ලා වර්ණයෙන්ද එළය හා තද වර්ණයෙන් යුතුවද අරටුව සහ මජ්ජාවද (මැද පිහිටි තද පැහැති තිත) දැක්වෙන හරස්කඩක්

වෘක්ෂවල වර්ධක වළලු පුරා විද්‍යාවේදී කාළ නිර්ණය සඳහා සහ අතීතයේ පැවැති දේශගුණය පිළිබඳව දැනගැනීම සඳහා වූ වැදගත් ක්‍රමයකි. මූලික ජීව විද්‍යාත්මක පර්යෙෂණ ශාක යොදාගෙන සිදුකර ඇත.උදාහරණයක් ලෙස ජාන විද්‍යාවේ ග්‍රෙගරි මෙන්ඩල්ගේ නීතිය සොයාගෙන ඇත්තේ පී ශාක උපයෝගී කොටගෙනය. අභ්‍යවකාශ නැවතුම් පොළවල්,අභ්‍යවකාශ ජනපද යම් දිනක ජීවිතය රැකගැනීමට ශාකමත විශ්වාසය තබනු ඇත.ශාක ජාතික හා ජනපද ලාංඡන ලෙස යොදාගන්නා අතර එයට ජනපද පුෂ්පය, ජනපද ගස ඇතුලත් වේ. ඓතිහාසිකව වෘක්ෂවලට ගරුකරනු ලබන අතර බොහෝ ඒවා ජනප්‍රියය.ශාක විසින් ලෝක වර්තා ගණනාවක්ම දරනු ලැබේ.සිහිවටන ත්‍යාග සහ උපත්, මරණ,විවාහ සහ නිවාඩු දින සැමරීමට ශාක සිටුවනු ලැබේ.ශාක පුරාණ ප්‍රවාද වල ,ආගම් වල සහ සාහිත්‍යයේ ප්‍රමුඛ ස්ථානයක් ගනී. මානව උද්භිද විද්‍යා ක්ෂේත්‍රයේ පාරම්පරික සංස්කෘතීන් ශාක භාවිතා කල ආකාරය අධ්‍යයනය කරන අතර එය තර්ජනයට ලක්වූ ශාක සංරක්ෂණයට සහ නව ඖෂදීය ශාක සොයා ගැනීමට උපකාරී වේ. උද්‍යාන කරණය එක්සත් ජනපදයේ වඩාත්ම ජනප්‍රියයි. එරට විවේක කාලයට කරන ක්‍රියකාරකම නම් ශාක සිටුවීමයි.ශාක සමඟ වැඩකිරීම හෙවත් උද්‍යාන විද්‍යා චිකිත්සාව දියවැඩියා රෝගීන් පුනරුප්ථාපනය කිරීමට උපකාරී වේ. දුම්කොළ ,මරිජුවානා සහ ඕපියම් වැනි ශාක මානසික තත්වයට බලපාන රසායන ද්‍රව්‍ය වනඅතර ඒවා නිස්සාරණය කරගනී.

ශාකවල සෘණාත්මක බලපෑම[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

වල් පැළෑටි යනු මිනිසාට අනවශ්‍ය ස්ථාන වල වැඩෙන ශාකයන්ය.මිනිසුන් විසින් ශාක ඔවුන්ගේ උපන් භූමියට වඩා බොහෝ ඈත ප්‍රදේශ වලට පතුරුවාහරිනු ලබන අතර මෙසේ හඳුන්වාදුන් ශාකවලින් සමහරක් ආක්‍රමණකාරී ශාක බවට පත්ව දේශීය විශේෂ ඉවත්කරමින් පවතින පරිසර පද්ධතියට හානි සිදුකරයි.ආක්‍රමණකාරී ශාක විසින් වගාකල බෝග වර්ග විස්ථාපනය කිරීම නිසා වාර්ෂිකව ඩොලර් මිලියන ගණනින් පාඩු සිදුවේ.ඒවා නිෂ්පාදන වියදම ඉහල දමන අතර විනාශ කිරීමට රසායන ද්‍රව්‍ය භාවිතාකිරීමෙන් පරිසරයට බලපෑම් එල්ලවේ.

පැළෑටි මිනිසාටද හානිදායක වේ. ශාක විසින් නිපදවන සුලඟේ පාවී යන පරාග නිසා පීනස් රෝගීන් හට ආසාත්මිකත ඇතිවේ. විෂ සහිත ශාක වර්ග පුළුළ් විවිධත්වයකින් පැතිර ඇත.විෂ සහිත අයිවි වැනි ශාක වර්ග සමෙහි ගැටුන විට කැසීම් ඇතිකරයි. දුම්කොළ, මරිජුවානා, කොකේන් සහ ඕපියම් වැනි ඇතැම් ශාක වල මානසිකත්වයට බලපාන රසායන ද්‍රව්‍ය උකහා ගැනීම හෝ දුම් පානයෙන් සෞඛ්‍යට හානි සිදුවේ. එමෙන්ම මරණය පවා සිදුවේ.ශාක වලින් උපදවාගන්නා නීත්‍යානුකූල හෝ නීත්‍යානුකූල නොවන මත්ද්‍රව්‍ය ආර්ථිකය කෙරෙහි සෘණාත්මකව බලපාන අතර එය වැඩකරන්නාගේ නිෂ්පාදිත ධාරිතාව හා බලාත්මක කිරීමේ වියදම් අඩුකිරීම කෙරෙහි බලපායි.ඇතැම් ශාක වර්ග ශරීරයට උකහාගත් විට මිනිසාට හා සතුන්ට ආසාත්මික ප්‍රතික්‍රියා ඇතිකරන අතර තවත් ශාක ආහාර අපත්‍ය වීමක් ඇතිකරයි.එය සෘණාත්මක සෞඛ්‍ය බලපෑමකි.

මූලාශ්‍ර[ප්‍රභව කේත සංස්කරණය කරන්න]

  1. Haeckel G (1866). Generale Morphologie der Organismen. Berlin: Verlag von Georg Reimer. පිටු vol.1: i–xxxii, 1–574, pls I–II; vol. 2: i–clx, 1–462, pls I–VIII. 
"https://si.wikipedia.org/w/index.php?title=ශාක&oldid=380015" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි