මානසික සෞඛ්‍යය

විකිපීඩියා වෙතින්

මානසික සෞඛ්‍යය මගින් චිත්ත හැඟීම් හෝ ගුණාත්මක යහ පැවැත්ම හෝ මානසික රෝග හෝ නොමැති බව විස්තර කරයි. ධනාත්මක මනෝවිද්‍යාව හා ස්ථිර මානසික සෞඛ්‍යය අන්‍යෝන්‍යව සිතා බලන කල පුද්ගලයෙකුගේ ජීවිතය විඳීමට ඇති හැකියාව, ජීවිතයේ ක්‍රියාකාරකම් අතර සමබලතාවයක් පවත්වා ගැනීම සහ මනෝ විද්‍යාත්මක මත ප්‍රකෘති භාවයක් ලබා ගැනීම ලෙස හැඳින්විය හැකිය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මානසික සෞඛ්‍යය යන්නට ගැලපෙන එක් පොදු අර්ථ දැක්වීමක් නොමැත. එහි අර්ථ දැක්වීමට සංස්කෘතික වෙනස්කම් , පුද්ගල ඇගයීම් , වෘත්තිකයින්ගේ සිද්ධාන්ත යන සියල්ල බලපායි.


ඉතිහාසය[සංස්කරණය]

මානසික රෝග සඳහා ප්‍රතිකාරයන්හි ඉතිහාසය 8 වැනි සියවසේ සිට 15 වැනි සියවස දක්වා වූ මුස්ලිම් ජාතික වෛද්‍යවරුන් දක්වා දිවෙයි. මුස්ලිම් ජාතික වෛද්‍යවරයෙක් වන අබු සයිඩ් අල් බකී විසින් මානසික සෞඛ්‍යයේ ආධ්‍යාත්මික නිරෝගීතාවයට සම්බන්ධ කරමින් ආරම්භක සංකල්පයක් ඉදිරිපත් කොට ඇත.

19 වැනි සියවස මැද භාගයේ දී මානසික සෞඛ්‍යය පැහැදිලිව නිර්වචනය කිරීමට විලියම් ස්වීට්සර් සමත් විය. ඇමරිකානු මනෝවිද්‍යාඥ සංගමයේ ආරම්භකයෙක් වන අයිසැක් රේ විසින් තවදුරටත් සිතේ ශක්තිය ගුණාත්මකභාවය , වර්ධනය විනාශ කරන බලපෑම් සහ ක්‍රියාකාරකම්වලින් සිත ආරක්ෂා කරන කලාවක් ලෙස හඳුන්වා දුනි.

20 වැනි සියවසේ මුල් භාගයේ දී මානසික සෞඛ්‍ය සඳහා වන ජාතික සංගමයට ආරම්භයට උරදුන් ක්ලිෆඩ් විටින්හම් බියර්ස් විසින් ප්‍රථම බාහිර මානසික රෝගී සායනය ආරම්භ කරන ලදී.

අමතර අවධානයට[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

භාහිර සබැඳි[සංස්කරණය]

  • Quotations related to මානසික සෞඛ්‍යය at Wikiquote
  • Mental health හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
  • Mental Health by WHO
  • The Public Health Agency of Canada
  • "Mental health and substance abuse". WHO Regional Office for the Eastern Mediterranean.
  • National Institute of Mental Health (United States)
  • Health-EU Portal Mental Health in the EU
  • Mental Health Department of Health (United Kingdom)
"https://si.wikipedia.org/w/index.php?title=මානසික_සෞඛ්‍යය&oldid=648362" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි