අධිකරණ මනෝ විද්‍යාව

විකිපීඩියා වෙතින්
(Forensic psychology වෙතින් යළි-යොමු කරන ලදි)

අධිකරණ මනෝ විද්‍යාව සහ නීති පද්ධතිය අතර ඇති අන්තර් සම්බන්ධතාවයයි. එය එකතු කිරීම, පරීක්ෂා කිරීම, අධිකරණ කටයුතු සඳහා මානසික විද්‍යා සාක්ෂි ඉදිරිපත් කිරීම යන අංග ඇතුළත් ව්‍යවහාරික මනෝ විද්‍යාවේ එන එක් අංගයකි.

යොදා ගැනීම සඳහා නීතිමය කටයුතු විශ්ලේෂණය සඳහා අධිකරණ කටයුතු සඳහා අදාල නීති පිළිබඳ අවබෝධය, විනිශ්චකාරතුමා හෝ විනිසුරු, නොතාරිස්වරුන් සහ අනෙකුත් නීති කටයුතු සඳහා අදාල වෘත්තිකයින් සමඟ උචිතව කටයුතු කිරීම අයත් වේ. මෙහි වැදගත්ම අංගය අධිකරණය තුළ තහවුරු කිරීමට ඇති හැකියාවයි. එනම් මනෝ විද්‍යාත්මක සොයාගැනීම් නීතිමය වෘත්තිකයින්ට අවබෝධ කරගත හැකි වන ආකාරයට නැවත හැඩ ගැස්වීමයි. විශ්වාසදායී සාක්ෂිකරුවන් වීම සඳහා උදාහරණයක් ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ , අධිකරණ මනෝ විද්‍යාඥයින් දර්ශනවාදය අවබෝධය , ඇමරිකානු අධිකරණ තුළ නීති සහ රෙගුලාසි අවබෝධ කර ගැනීම, මෙන්ම මනෝ විද්‍යා වෘත්තියේ හොඳ පුහුණුවක් තිබීම අවශ‍්‍ය වේ. මූලිකවම එම පද්ධතිය ක්‍රියා කරන උපදේශක ආකෘතිය පිළිබඳ අව‍බෝධයක් ලබා ගැනීමයි. තවද දෘෂ්‍යමාන සාක්ෂි සඳහා නීති ද විශේෂයෙන්ම exclusionary නීති ද ඇත. මෙම ක්‍රියා පිළිවෙළ පිළිබඳ මනා අවබෝධයක් නොමැති වීම අධිකරණය තුළ මනෝ විද්‍යාඥයකුගේ විශ්වාසදායී බව නොමැති වීමට හේතුවයි.

අධිකරණ මනෝ විද්‍යාඥයකු සායනික, සමාජීය, සංවිධානාත්මක හෝ වෙනත් මනෝ විද්‍යාත්මක අංශ යටතේ පුහුණුව ලද්දෙකු විය හැක. ඇමරිකාවේ අධිකරණය තුළ විශේෂඥ සාක්ෂිකරුවකු ලෙස තනතුරු ලැබී‍මට පුහුණුව, අත්දැකීම් හෝ දෙඅංශය තිබීම අවශ්‍ය අධිකරණයක් තුළ විශේෂඥ සාක්ෂිකරුවෙකු ලෙස‍ තෝරා පත්වන වාර ගණන ඔහුගේ අත්දැකීම් සහ ප්‍රසිද්ධිය මත වැඩිවේ.

අධිකරණය තුළ දී අධිකරණ මනෝ විද්‍යාඥයකුගෙන් අසන ප්‍රශ්න සාමාන්‍යයෙන් මනෝ විද්‍යාත්මක ඒවා නොව නීතිමය ඒවා වෙයි. එමනිසා අධිකරණයට තේරුම් ගත හැකි ආකාරයට පිළිතුරු දීම ඔහුගේ වගකීමකි. උදාහරණයක් ලෙස අධිකරණය බොහෝ විට විත්තිකරුවකු ලෙස පෙනී සිටීමට යෝග්‍ය බව පරීක්ෂා කිරීමට අධිකරණ මනෝ විද්‍යාඥයකු පත් කරයි. තවද වරද සිදු වූ අවස්ථාවේ විත්තිකරුගේ මානසික ස්වභාවය ඇගයීම සඳහා ද බොහෝ විට පත් කරනු ලබයි. වරද සිදුවන අවස්ථාවේ දී මෙය විත්තිකරු ප්‍රකෘති සිහියෙන් සිටීද යන්න ඇගයීම ලෙස හැඳින්විය හැක. මේවා මූලිකව මනෝ විද්‍යාත්මක ප්‍රශ්න නොව නීතිමය ගැටළු වන නිසා අධිකරණ මනෝ විද්‍යාඥයකු ලෙස මනෝ විද්‍යාත්මක තොරතුරු නීතිමය ‍රාමුවකට හැඩගැස්වීමට හැකියාවක් තිබිය යුතුය.

මීට අමතරව අධිකරණ මනෝ විද්‍යාඥයා නඩු තීන්දුවට සුදුසු බව ප්‍රතිකාරයන්ට සුදුසු බව සහ වෙනත් විනිශ්චයකාරවරයාට අවශ්‍ය තොරතුරු ලබාදේ. එනම් අනාගතයේ අවදානම සාක්ෂිකරුගේ විශ්වාසදායී ඇගයීම යන්න කරනු ලැබේ. අධිකරණ මනෝ විද්‍යාව පොලීසිය සහ අනෙකුත් නීතියට බලපෑම් කළ හැකි පුද්ගලයින්ට පුහුණුව සහ ඇගයීම සඳහා කටයුතු කරයි. අධිකරණ මනෝ විද්‍යාඥයා , මහජන ආරක්ෂකයින් වන (රාජ්‍ය නොතාරිස්) සහ පුද්ගලික නොතාරිස්වරු යන දෙපාර්ශවයම සමඟ කටයුතු කරයි. මීට අමතරව ජූරි සභිකයින් තෝරා පත් කර ගැනීමට ද උපකාරී වේ.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අධිකරණ_මනෝ_විද්‍යාව&oldid=628248" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි