Image 1සායනික මනෝවිද්‍යාවේදී විද්‍යාත්මක අධ්‍යයනයන් සහ මනෝවිද්‍යාවේ භාවිතයන් මනෝවිද්‍යාත්මක දොම්නස් සහ දුෂ්කෘතියන් හඳුනාගැනීම වැළකීම සහ පළවාහැරීමට යොදා ගැනීම අන්තර්ගතය එමගින් පුද්ගල නිරෝගීතාවය සහ අධාත්මික වර්ධනය වැඩි කිරීමට යොදා ගනී. සායනික මනෝවිද්‍යාව පර්යේෂණයන් , ඉගැන්වීම් , අධිකරණ වෛද්‍ය සාක්ෂීන් සහ වැඩසටහන් වර්ධනය සහ පාලනය සඳහා උපකාරී වුවද මෙහි මූලිකාංග ලෙස මනෝවිද්‍යාත්මක විශ්ලේෂණය සහ මනෝ රෝග චිකිත්සාව හැඳින්විය හැක. බොහෝ රටවල මෙය මානසික සෞඛ්‍ය වෘත්තිකයන් මගින් පාලනය කෙරේ.
පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ Lightner Witmer විසින් 1896 දී ප්‍රථම මනෝ විද්‍යා සායනය ඇරඹීමත් සමග මෙම විෂය පථය සලකා බැලීමට ඇරඹිණ. විසිවන සියවසේ මුල් භාගයේදී ශායනික මනෝවිද්‍යාව, මනෝවිද්‍යාත්මක ඇගයීම කෙරෙහි ප්‍රධාන වශයෙන් යොමු වූ අතර ප්‍රතිකාර සඳහා අවධානය අල්ප වශයෙන් යොමු විය. නමුත්, වසර 1940 දී දෙවන ලෝක යුද්ධයට පසු පුහුණු සායනිකයින් වැඩිවීමත් සමග එම රටාව වෙනස් විණි. මෙම කාලයේදී ප්‍රධාන අධ්‍යාපන ආකෘතීන් දෙකක් බිහි විය. එනම්, Ph.D (පර්යේෂණ කේන්ද්‍ර කරගත්)
Ph.D ( පුහුණුව කේන්ද්‍ර කරගත් ) (
තව දුරටත්...)