සංවර්ධනාත්මක මනෝවිද්‍යාව
මිනිසාගේ ජීවිත කාලය තුළ ඇතිවන ක්‍රමානුකූල මනෝවිද්‍යාත්මක වෙනස්කම් පිළිබඳ කරන විද්‍යාත්මක අධ්‍යයනය ලෙස අපට සංවර්ධනාත්මක මනෝවිද්‍යාව හඳුන්වා දිය හැක. මුල් කාලයේ මෙම විෂය අලුත උපන් ළමුන්ට සහ ළමයින්ට වැඩි අවධානයක් යොමු කළද ක්‍රම ක්‍රමයෙන් එය තරුණ විය දක්වා ද මෑතක දී වැඩිහිටි වර්ධනය, වියපත්වීම සහ මුළු ජීවිත කාලයම දක්වා අධ්‍යයනයක් ලෙස පැතිරිණි. මෙමගින් චාලක හැකියාව, මනෝකායික ක්‍රියාවන්, ගැටළු විසඳීමේ හැකියාවන් , සංකල්පිත අවබෝධයන් , අන්‍යන්‍යතාවය ගොඩනැඟීම වැනි මාතෘකා යටතේ විශ්ලේෂණය කරයි.
සංවර්ධනාත්මක මනෝවිද්‍යාඥයෝ ළමුන් ගුණාත්මක වැඩිහිටියන්ගෙන් වෙනස් වන්නේ ද නැතහොත් වැඩිහිටියන් ලබා ඇති අත්දැකීම් නොමැති වීම ද වැනි මූලික ගැටළු ගවේෂණය කරති. ඔවුන් වඩා කැමැත්තක් දක්වන වර්ධනයේ ස්වභාවය සම්බන්ධ ගැටළු වනුයේ,
- වර්ධනය ඇති වනුයේ ක්‍රම ක්‍රමයෙන් ගොඩනගා ගන්නා දැනුම නිසා ද නැතහොත් එක් සිතීමේ අවස්ථාවක සිට අනෙකකට මාරු වීම නිසා ද යන්න?
- ළදරුවා උපතින්ම දැනුම සමග උපන්නේ ද? නැතහොත් අත්දැකීම් අනුව දැනුම උකහා ගත්තේ ද යන්න?
- පරිසරයේ අන්තර්ගත දෑ වර්ධනය සඳහා බලපාන්නේ කෙසේ ද?
සංවර්ධනාත්මක මනෝවිද්‍යාව අධ්‍යාපනික මනෝවිද්‍යාව ළමා මනෝ ව්‍යාධිවේදය, අධිකරණ මනෝවිද්‍යාව වැනි විවිධ ප්‍රායෝගික විෂය ක්ෂේත්‍ර හා බැඳී පවතී. එමෙන්ම එය මනෝවිද්‍යාවේ මූලික පර්යේෂණ ක්ෂේත්‍රවන අධ්‍යාපනික මනෝ විද්‍යාව,ළමා මනෝ ව්‍යාධිවේදය, සමාජ මනෝවිද්‍යාව,ඥානාත්මක මනෝවිද්‍යාව, ඥාණ වර්ධනය, පාරිසරික මනෝවිද්‍යාව , තුලනාත්මක මනෝවිද්‍යා වැනි ක්ෂේත්‍රවලට ආධාරකයක් ද වෙයි.