Jump to content

මානව කායිකවේදය

විකිපීඩියා වෙතින්
මිනිස් සිරුරේ ලක්ෂණ

මානව කායික විද්‍යාව යනු නීරෝගී සෞඛ්‍යය තත්ත්වයෙන් පසුවන මානවයන්ගේ යාන්ත්‍රික, භෞතික, සහ ජෛවරසායනික ක්‍රියාවලීන්, ඔවුන්ගේ අවයව, හා ඒවා සෑදී ඇති සෛලයන් පිලිබඳ විද්‍යාවයි. කායික විද්‍යාවෙහි ප්‍රධාන අවධානය යොමුවන්නේ අවයවයන් හා පද්ධතින් පිලිබඳ තලයටයි. මානව කායික විද්‍යාවෙහි බොහෝ අංශයන් සත්ත්ව කායික විද්‍යා‍වෙහි අනුරූප අංශයන් කෙරෙහි කිට්ටු සමප්‍රභවතාවයක් දක්වන අතර, සතුන් යොදා පරීක්ෂන කිරීම තුලින් කායික විද්‍යාත්මක දැනුමෙහි පදනම සකසා ගැනීමට ඉඩකඩ සැලසී ඇත. ව්‍යුහ විද්‍යාව සහ කායික විද්‍යාව, කිට්ටු සම්බන්ධතාවයන් දක්වන අධ්‍යයන ක්ෂේත්‍රයන් වේ: ස්වරූපය පිලිබඳ විද්‍යාව වන ව්‍යුහ විද්‍යාව හා, ක්‍රියාකාරිත්වය පිලිබඳ විද්‍යාව වන කායික විද්‍යාව, නිසගයෙන් එකිනෙකට බැඳී පවතින අතර වෛද්‍ය විද්‍යාත්මක විෂය මාලාවෙහි සහබද්ධ අයුරින් අධ්‍යයනය කෙරේ .

ඉතිහාසය

[සංස්කරණය]

ග්‍රීසියේ සහ ඉන්දියාවෙහි වෛද්‍ය විද්‍යාත්මක ඉතිහාසය ඉතා පැරණිය. ග්‍රිසියේ කායික විද්‍යාත්මක ඉතිහාසයෙ පිළිබද අවධාරණය කිරිම ඇරිස්ටෝටල් විසින් ආරම්භ කරන ලද අතර ඔහු කාර්යෙහි ව්‍යුහයේ සහ කෘත්‍යය අර ඇති සම්බන්ධතාවය පිලිබද පරිච්චනාත්මක චින්තන ඉදිරිපත් කරන ලදි. ඉන්පසු ක්ලෝසියස් ගැලනසි ක්‍රි.පු. 126-199 දක්වා කාලය කුලදි ශරිරියේ කාර්යයන් පිලිබදව පරියේෂණ පවත්වන ලදි. ශරීරයෙහි කාර්යයන් පිලිබදව පරියේෂණ පැවැත්වු පළමු විද්‍යාඥය ඔහුය. ඉන්දියාවේ ආයුර්වේදයට සම්බන්ධ පැරණි ග්‍රන්ථවල මනුෂ්‍ය ව්‍යුහය විද්‍යාව සහ කායික විදයාව පිලිබද තොරතුරු සටහන්ව පවති.

මධ්‍යකාලින යුගයේදි ඉන්දියානු සහ ග්‍රීක වෛද්‍ය විද්‍යව මුස්ලිම් වෛද්‍යවරැන්ගේ බලපෑමෙන් තවදුරටත් වර්ධනය විය. ඇවිලේනා 980-1037 දක්වා කාලවකවානුව තුළදි වෛද්‍ය විද්‍යාව අදාල පරික්ෂණ පැවැත්විම සහ ප්‍රමාණකරණය සිදු කර, ඉන්පසු ඉබින් අලි - නාෆස් විසින් 213-1288 කාල වකවනු තුළදි කායික විද්‍යා ක්ෂේත්‍රයෙහි බොහෝ තොරතුරැ අනාවරණය කර ගන්නා ලදි. ඒ අනුව ඔහු හැදවතෙහි ව්‍යුහය ප්‍රථම වතාවකට නිවැරදි විස්තර කනර ලද අතර කිරිටයේ ක්‍රියාකාරිත්වය පෙණහල්ලේ ව්‍යුහය සහ සංසරණ කායකාර්මය පිලිබදව ද නිවැරදි ද විස්තර කරන ලදි.

පුනරැදය කාල සමයේදි බටහිර ලොව කුප කාය විද්‍යාව සහ ව්‍යුහය විද්‍යාව පිලිබද පර්යේෂළු පැවැත්විම අරඹන ලදි. මෙම සමයේදි වවච්ඡේකයා පිලියම් හාවි විසින් සිදුකළ පර්යේෂණ වලදි සංසරණ පද්ධතිය පිළිබද තොරතුරැ සොයා ගන්නා ලදි.

19 වන සියවසේදි කායික විද්‍යාත්මක දැනුම ඉතා සීඝ්‍රයෙන් වර්ධනය විය. මැතියාස් ශිල්ඩන් සහ තියොඩොර් ශ්වෑන් විසින් සොයාගන්නා ලද සෛලීය න්‍යාය තුළින් අවයවයන් සෛල තුළින් නිර්මාණය වි ඇති බව ප්‍රථම වරට සොයා ගන්නා ලදි ක්ලෝඕ බර්නාඩ් 1813-1879 සහ වෝල්ටර් කැනෝන 1871-1945 මෙම සමයේ සිටි තවත් ඉතා ප්‍රසිද්ධ කාය වෛද්‍යවරයන් දෙනෙක් වේ.

සංකලනය, සන්නිවේදනය, සහ සමස්ථිතිය

[සංස්කරණය]

කායික විද්‍යාව අධ්‍යයනයෙහි ජීව විද්‍යාත්මක පදනම වන්නාවූ, සංකලනය යන්නෙන් අදහස් වන්නේ, මිනිස් සිරුරෙහි බොහෝ කෘත්‍යයන් මෙන්ම අනුබද්ධිත ආකාරද එකිනෙක සමපාත වන බවය. මෙය ඉෂ්ටසිද්ධ කරගනුයේ, විද්යුත් මෙන්ම රසායනික අයුරින්ද, විවිධාකාරයෙන් සිදු වන්නාවූ සන්නිවේදන මාර්ගයෙනි.

මිනිස් සිරුර සැලකූ කල, එහි කෘත්‍යයන් සංකලනයෙහිදි උපයෝගී වන්නාවූ සංඥා පරිග්‍රහණය හා සම්ප්‍රේෂණය සිදුකිරීමේ සුවිශේෂ කාර්යභාරයක් අන්තරාසර්ග සහ ස්නායු පද්ධතියන් මගින් සිදු වේ. ස්ථායි අභ්‍යන්තර පරිස්ථිතියක් හෝ වෝල්ටර් බ්‍රැඩ්ෆර්ඩ් කැනන් විස්තර කල පරිදි “සජාතීය තත්ත්වයන්” අතුරින් එකක් පවත්වාගෙනයෑමට සිරුර භාවිතා කරන ක්‍රියාවලිය සමස්ථිතිය ලෙස හැඳින්වේ. pH අගය, උෂ්නත්වය, තරල පරිමාව, පීඩනය හා ආස්‍රැතිය නියාමනය කිරීමට සිරුරෙහි ඇති හැකියාව, කැනන්ගේ උපග්‍රහණයෙහිදී අන්තර්ග්‍රහණය කෙරෙනුයේ අතිශයින් විකාශයට පත්වූ හා, විවිධ රසායනික සහ විද්‍යුත් ප්‍රතිචාරයන් සියුම්ව සකස්කිරීමට ඉවහල් වන්නාවූ ප්‍රතිපෝෂණ පද්ධතීන් ලෙසිනි.

  • එකිනෙකට සාපේක්ෂව අයනයන්හි සාන්ද්‍රණය (නිද. Na+, K+, H+), ශ්වසන හා මූත්‍ර පද්ධතීන් මගින් දැඩිව නියාමනය කෙරෙන සිරුරෙහි pH අගය තීරණය කරයි.
  • සිරුරෙහි උෂ්නත්වය තීරණය කෙරෙනුයේ, ජීවයාගේ බාහිර පරිසරය මගින් හා, ශ්වසන හා හෘද්වාහිනි පද්ධතීන් මගින් නියාමනය කෙරෙන, සිරුර අභ්‍යන්තරයෙහි සිදුවන අපවෘත්තික ක්‍රියාවලීන්ගෙන් නිපැයෙන තාප ප්‍රමාණය විසිනි.
  • තරල පරිමාව හා පීඩනය, සහ ආස්‍රැතිය නියාමනය කෙරෙනුයේ මූත්‍ර, හෘද්වාහිනී, සහ ශ්වසන පද්ධතීන් මගිනි.

කායික විද්‍යාව යනු මෙම පද්ධතීන්ගේ සංකලන කෘතයන් සහ ක්‍රියාවලීන් තුලින් පවත්වා ගෙන යන්නාවූ අභ්‍යන්තර පරිසරය හා මිනිස් සිරුරු පිලිබඳ අධ්‍යයනයයි.

පද්ධතීන්

[සංස්කරණය]

සාම්ප්‍රදායිකව, කායික විද්‍යාවෙහි ශාස්ත්‍රීය ශික්ෂාව විසින් සිරුර දකින්නේ, අන්තර්ක්‍රියාවෙහි යෙදෙන පද්ධතින් සමූහයක සංකලනයක් ලෙසින් වන අතර, මේ එක් එක් පද්ධතිය ස්වීය කෘත්‍යයන් හා අරමුණු සංයුක්තයක් සහිත වේ.

පද්ධතිය සායනික විශය කායිකවිද්‍යාව
ස්නායු පද්ධතිය සමන්විත වනුයේ මධ්‍යම ස්නායු පද්ධතිය ( මොළය සහ කණ්ටකීය රජ්ජුව යන ද්වයය) සහ පර්යන්ත ස්නායු පද්ධතිය යන්නෙනි. මොළය යනු සිතීම, උද්වේගය, සහ සංවේදන සැකැසුම පිලිබඳ අවයවය වන අතර, වෙනත් විවිධ පද්ධතීන් හා කෘත්‍යයන් අතර සන්නිවේදනය හා පාලනය සඳහා දායක වෙයි. විශේෂ සංවේදයන් සමන්විත වනුයේ of දෘෂ්ඨිය, ඇසීම, රසය, හා ගඳ යන්නෙනි. ඇස්, කණ්, දිව, සහ නාසය විසින් සිරුරෙහි පරිසරය පිලිබඳ තොරතුරු රැස්කරයි. ස්නායු විද්‍යාව, ස්නායුවේදය (රෝගය), මනෝ විද්‍යාව (චර්යාත්මක), අක්ෂි විද්‍යාව (දෘෂ්ඨිය), කර්යන විද්‍යාව (ශ්‍රවණය, රස, ගඳ) ස්නායුකායික විද්‍යාව
‍පේශිකංකාල පද්ධතිය සමන්විත වනුයේ මිනිස් ඇටසැකිල්ල ( අස්ථීන්, බන්ධනියන්, කණ්ඩරාවන්, සහ ‍කෝමලාස්ථි අන්තර්ගතවූ) සහ සම්බන්ධිත මාංශපේශීන් ගෙනි. එය විසින් සිරුරෙහි සාමාන්‍ය ව්‍යුහය හා චලන හැකියාව ලබා දෙයි. ව්‍යුහය ලබාදීමේ ඒවායේ භූමිකාවට අමතරව, සිරුරෙහි විශාල අස්ථීන් තුල අන්තර්ගත වන ඇට මිදුලු විසින්, රුධිර සෛල නිෂ්පාදනය සිදු කෙරේ. මෙලෙසම, සියළු අස්ථීන් කැල්සියම් සහ පොස්ෆේට් ගබඩා කර තැබෙන ප්‍රධාන අඩවි වෙති. අස්ථි විද්‍යාව (ඇටසැකිල්ල), විකලාංග චිකිත්සාව (අස්ථි අක්‍රමයන්) සෛල කායික විද්‍යාව, පේශිකංකාල කායික විද්‍යාව
සංසරණ පද්ධතිය සමන්විත වනුයේ හෘදය සහ රුධිර නාලිකා (ධමනි, ශිරා, කේශනාලිකා) වලිනි. ඔක්සිජන්, ඉන්ධන, පෝෂක, අප ද්‍රව්‍ය, ප්‍රතිශක්ත සෛලයන්, සහ සංඥාකරන අංශූන් (එනම්., හෝර්මෝනයන්), සිරුරේ එක් තැනක සිට තවත් තැනකට සමර්පණය කිරීමේ "පරිවහන පද්ධතියක්" ලෙසින් ක්‍රියාකරන රුධිරය සංසරණය වීම, හෘදය විසින් ප්‍රවාලනය කරවයි. එවායින් සමහරක්, පටක වලින් රුධිර වාහිනියන්ට පිවිස ආපසු පැමිණෙන හා එලෙසම ප්ලීහාව සහ ඇට මිදුලු වලට පිවිස නැවත පැමිණෙන සෛලයන් සංසරණයෙහි රැගෙන යන තරලයකින් රුධිරය සමන්විත වෙයි. හෘද රෝග චිකිත්සාව (හෘදය), රුධිර විද්‍යාව (රුධිරය) හෘද්වාහිනි කායික විද්‍යාව
ශ්වසන පද්ධතිය සමන්විත වන්නේ නාසය, නාසා-ග්‍රසනිකාව, ශ්වාසනාලය, සහ පෙනහළු යන්නෙනි. එය වාතයෙන් ඔක්සිජන් උකහා ගෙන කාබන් ඩයොක්සයිඩ් සහ ජලය නැවත වාතයට පහ කරයි. පුප්ඵුසීය විද්‍යාව. ශ්වසන කායික විද්‍යාව
ජඨර-ආන්ත්‍රික පද්ධතිය සමන්විත වන්නේ මුඛය, අන්නස්‍රෝතය, ආමාශය, අන්ත්‍රය (කුඩා සහ මහා බඩවැල්), සහ ගුදය යන්නෙන් මෙන්ම, අක්මාව, අග්න්‍යාශය, පිත්තාශය, සහ ඛේඨ ග්‍රන්ථියන් ගෙනි. සංසරණය මගින් සිරුරෙහි සියළු පටකයන් කරා රැගෙන යනු වස්, කුඩා, පෝෂ්‍යදායක, විෂ-රහිත අණු වලට ආහාර පරිවර්තනය කිරීමද භාවිත නොවූ අවශේෂය බැහැර කිරීමද එය විසින් සිදු කෙරෙයි. ජඨර-ආන්ත්‍රික විද්‍යාව ජඨර-ආන්ත්‍රික කායික විද්‍යාව
මෞත්‍ර පද්ධතිය සමන්විත වන්නේ වෘක්ක, මුත්‍රවාහිනි, මුත්‍රාශය, සහ මුත්‍රමාර්ගය යන්නෙනි. විවිධාකාර අපද්‍රව්‍ය අණු සහ අතිරේඛ අයන සහ ජලය සිරුරෙන් ඉවත් කරන මුත්‍රා නිපදවීම සඳහා රුධිරයෙන් ජලය ඉවත් කිරීම එය මගින් සිදුකෙරේ. වක්කවිද්‍යාව (ක්‍රියාවලිය), මෞත්‍රික රෝග චිකිත්සාව (ව්‍යුහාත්මක රෝගය) වෘක්කිය කායිකවිද්‍යාව



මුත්‍රා පද්ධතිය - වකුගඩු, මුත්‍රා වාහිනී මුත්‍රාශය, මුත්‍රා මාර්ගය වලින් සමන්විතය. රුධිරයෙන් ‍ජලය වෙන්කර (අපද්‍රව්‍ය හා වැඩිපුර ඇති අයනවලින් සමන්විත ජලය මුත්‍රා නිපදවයි. nephrology (function), urology (structural disease) renal physiology ප්‍රතිශක්තිකර පද්ධතිය - සුදු රුධිරාණු තයිමස්, වසා ගැටිති, වසා නාලිකාවලින් සමන්විතය. (වසා පද්ධතියට අයත් වූ) මෙම පද්ධතිය මඟින් සිරුරට අයත්, තමන්ගේම සෛල හා පටක, සිරුරට පිටින් පැමිණෙන සංඝටක හා සෛල හඳුනාගැනීමට හැකියාවක් ලබා දෙන අතර ඒවා ක්‍රියාකාරී නොවන අවස්ථාවකට පත් කිරීම හෝ විනාශ කිරීම සිදු කරයි. එම ක්‍රියාව දේහ, සෛටොතෛයින ග්‍රාහික අණු (receptors) සහ වෙනත් නොයෙක් දේ මඟින් සිදු කරයි. immunology immunology හෝමෝන පද්ධතිය - හෝමෝන නිපදවන ප්‍රධාන ග්‍රන්ථි (පිටියුටරිය, තයිරොයිඩ් ඇඩ්රීනල්, අග්‍යනාශයික, පැරාතයිරොයිඩ හා ලිංගික (ඩිම්බ කෝෂය, වෘෂණ) වලින් සමන්විතය. නමුත් බොහෝ දුරට සියලු අවයව හා පටක විශේෂිත හෝමෝනයක් ස්‍රාවය කරයි. සංඥා නිකුත් කිරීම මඟින් එක් පද්ධතියක් තවත් පද්ධතියක් සමඟ යම් කිසි අනුපිළිවෙලකට අන්තර් ක්‍රියා කිරීමට සලස්වා ඒවායේ කායික ක්‍රියාකාරකම්වල නොයෙක් වෙනස්කම් සිදු කරයි. endocrinology endocrinology ප්‍රජනන පද්ධතිය - ප්‍රජනන ඉන්ද්‍රියින්වලින් සමන්විත අතර අභ්‍යන්තර, බාහිර ලිංගික අවයව, ජන්මාණු ස්ත්‍රී/ පුරුෂ නිපදවයි. ඒවා සංයෝජනය වන අතර පෝෂ්‍යදායී පරිසරයක් ද පළමුමාස 9 තුළ සපයා දුහාතෘ ජීවිත වර්ධනය මඟ සලසයි. gynecology (women), andrology (men), sexology (behavioral aspects) embryology (developmental aspects) reproductive physiology integumentary system - සිරුර ආවරණය කරන සමෙන් ද (රෝම, නියපොතු හා අනෙකුත් කෘත්‍යාත්මක වැදගත් ‍ස්වේද ග්‍රන්ථි, ස්නේහ ස්‍රාවී ග්‍රන්ථි ඇතුළත ද්‍රව්‍ය රඳවා තබා ගන්නා අතර, ව්‍යුහයක් හා ආරක්ෂාවක් සපයයි. බාහිර පරිසරය සමඟ ක්‍රියා කරන වැදගත් සංවේදන පද්ධතියකි. dermatology cell physiology

පද්ධති වශයෙන් ඇති බෙදීම් සමහර විට නියමයක් වේ. බොහෝ ශරීරාංග එක් පද්ධතියකට වඩා අයත් වේ. මෙම පද්ධති කෘත්‍ය අනුව කළල උපත හා අනෙකුත් ක්‍රම අනුව වර්ග කළ යුතුය. විශේෂයෙන් ස්නායු අන්ත්‍යසාවී පද්ධතිය, ස්නායු හා අග්න්‍යස්‍රාවී පද්ධතිය අතර සංකීර්ණ අන්තර් ක්‍රියා (ශාරීරික කායික විද්‍යාව පවත්වාගන්නා) ඇත.

තවදුරටත් කායික විද්‍යාවේ බොහෝ පැතිකඩ ඉන්ද්‍රී පද්ධති වර්ගීකරණය මෙන් ලෙහෙසි නැත. රෝගවලදි කායික විද්‍යාව වෙනස වන්නේ කෙසේ ද යන්න පිළිබඳ අධ්‍යයනය ව්‍යාධි කායික විද්‍යාවයි.

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=මානව_කායිකවේදය&oldid=602735" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි