ස්නායු වෛද්‍යවේදය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ස්නායු විද්‍යාව වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search

ස්නායු විද්‍යාව යනු ස්නායු පද්ධතියෙහි අක්‍රමිකතාවයන් පිළිබඳව අධ්‍යයනය කරන වෛද්‍ය විද්‍යාවේ විශේෂ අංගයකි. මෙමගින් මධ්‍යම, පර්යන්ත සහ ස්වයං සාධක යන ස්නායු පද්ධතියෙහි රෝග පිළිබඳ නිර්ණය කිරීම සහ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව හැදැරේ. තවද ඉහත කී පද්ධතීන්වල ආවරණ, රුධිර වාහිණී සහ මාංශපේශීන් වැනි අනෙකුත් සියලුම පටක වර්ග පිළිබඳවද එහිදී අධ්‍යයනය කරයි. කුඩා ළමුන්ට ඇති වන ස්නායු රෝග පිළිබඳව ප්‍රතිකාර කිරීම ළමා රෝග ස්නායුවේදීන් විසින් සිදු කරනු ලැබේ. ස්නායුවේදීයෝ සායනික පර්යේෂණ, සායනික අධ්‍යනයන් සහ මූලික පරිවර්තනාත්මක අධ්‍යයනයන් පිළිබඳව ද හදාරති. එක්සත් රාජධානියෙහි ස්නායු වෛද්‍ය විද්‍යාව නම් ක්ෂේත්‍රය කෙරෙහි විවිධ වෘත්තිකයන්ගේ දායකත්වය ලැබේ. ජෛව වෛද්‍ය පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින්ව ස්නායු වෛද්‍ය විද්‍යාවෙහිදී කාර්මික සහ රසායනාගාර යන උපක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුම පිළිබඳව සිසුන්ට අවබෝධය ලබාගැනීම සඳහා තෝරා ගනු ලැබේ.

ඉතිහාසය[සංස්කරණය]

ටෙපනේෂන් ලෙසින් හදුන්වන ශල්‍ය වෛද්‍ය ක්‍රමයේදි හිසරෑය. මානසික ආකෘතිය සහ හිස්කබලේ ඇතිවන තෙරපීම් සුවකිරිමේ අරමුණින් හිස්කබල විදීම හෝ ඇකිලිම සිදු කරයි. මෙම ක්‍රමය නවශිලා යුගයේදි පවා ලොව වටා විවිධ සංස්කෘතින් විසින් තම රෝගින් හට සිදු කර ඇත. ක්‍රි.පු. 500 වන සියවසේ දී ලියන ලද ඊජිප්තු ලිපි රේඛන වලට අනුව අතීත ඊජිප්තුවන් මොළයට වන හානිය පිළිබදව දැනුවත් තිබි ඇත.

හිස්කබල පුරවන ද්‍රවයක් ලෙස මුල් කානිව මොලය හදුන්වන ලදි. ඊජිප්තුවේ අතීතයේ සිටම නවිකරණයේ දි මොළය සිරැරෙන් අයින් කර ඇත.එම යුගයේදි බුද්ධිය හදවත මගින් පාලනය කරන බව විශ්වාස කෙරිණි. හෙරඩෝටස් මමිකරණය පිළිබද විස්තර කරමින් කියා සිටියේ මමිකරණය සිදු කිරිමේදි මුලින්ම යකට කොක්කක් ආධාරයෙන් මොළය හා සම්බන්ධ සියලු කොටස් ඉවත් කරනු ලබයි. ඉතිරිව වන අනෙක් කොටස් සදහා බෙහත් දමයි.

හිපොක්‍රටීස් සහ ඇරිස්ටෝටල් යුගය දක්වාම හදවත බුද්ධියෙහි මුලය බව විශ්වාස කෙරිණි. නමුත් මෙම තර්කය හිපොක්‍රටිස්ගේ ගෝලයෙකු වන ගැලන් විසින් ප්‍රකිශේප කරන ලදි. ඔහු රෝම ග්පැසියේටර් වෛද්‍යවරයෙකු වු අතර තම රෝගින් පරික්ෂා කරන විට ඔහුට නිරික්ෂණය වුයේ වුයේ එම රෝගින් හට මෝළයේ තුවාල සිදු වි විට මානසික ඉන්ද්‍රිය ශක්තිය නැති වන බවයි.

අබුල්කසිසි හි ඇල් ඇන්ඩලාස් වලදී ස්නායු ශල්‍ය සිකු කිරිමට අවශ්‍ය ද්‍රවය සහ තාක්ෂණය සොයා ගන්නා ලදි. ඉන්පසු ඇවරෝස් විසින් පාකින්සන් රෝගය මෙනින් ජසිටින් වැනි මොළය හා ආශ්‍රිත රෝග සොයා ගන්නා ලදි. මයිමෝනයිඩ් ස්නායු මානසික චිකිත්සාව හා සම්බන්ධ ආකෘතින් පිළිබදව ග්‍රන්ථයක් ලියමින් ජලභීතිකා රෝගය සහ බෙඩෝනා මත්ගතිය පිලිබදව විස්තර කරන ලදි.

වර්තමානයේදි මොළයෙහි ක්‍රියාකාරිත්වය හා මොළය හා සම්බන්ධ ලෙඩ රෝග පිළිබදව පරික්ෂණ බොහොමයක් විවිධ රටවල් තුළ පැවැත්වේ.

ස්නායු විද්‍යාවෙහි ප්‍රධාන අනු කොටස්[සංස්කරණය]

වර්තමානයේ ස්නායු විද්‍යාව සම්බන්ධයෙන් කරන අධ්‍යනයන් හා පරික්ෂණ ඇසුරින් ස්නායු විද්‍යාව ප්‍රධාන අනු කොටස් කිහිපයකට බොදා දැක්විය හැකිය. ඒ අනුව ස්නායු විද්‍යාව

1.අණුක සහ සෛලීය ස්නායු විද්‍යාව

2.හැසිරිම් හ සම්බන්ධ ස්නායු විද්‍යාව

3.පද්ධතී ස්නායු විද්‍යාව

4.සංවර්ධනාත්මක ස්නායු විද්‍යාව

5.ඡානාත්මක ස්නායු විද්‍යාව

6.න්‍යායික සහ සංඛ්‍යාත්මක ස්නායු විද්‍යාව

7.ලෙඩරෝග සහ වයස්ගත විම්

8.ස්නායු ඉංජිනේරැ විද්‍යාව

9.ස්නායු වාග් වේදය

10.ස්නායු වේදය

දළ විශ්ලේෂණය[සංස්කරණය]

20 වන සියවසේ දෙවන භගෙයේදී අණුක ජීව විද්‍යාව ස්නායු ජාලයන් සහ සංඛ්‍යාත්මක ස්නායු විද්‍යාව හා සිදුනවු විප්ලවයන් නිසා ස්නායු පද්ධතිය පිළිබදව සිදුකළ විද්‍යාත්මක පරියේෂණයෙන් බොහෝ සෙයින් දියුණු විය. මෙසේ සිදුකළ විද්‍යාත්මක පරයේෂණයන් බොහෝ සෙයින් දියුණු විය. මෙසේ සිදු කළ විද්‍යාත්මක පරයේෂණයන් තුළින් නියුරෝනයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය පිළිබද අනුමාන කළ හැකි විය. තවද ස්නායු ජාලයන් තුළින් ඥානය, චිත්තවේගයෙන්, කායික ප්‍රතික්‍රියා නිර්මාණ්‍ය කරන අයුරැදු දැන ගැනිමට හැකි විය.

ස්නායු පද්ධතිය නියුරෝන ජාලයක් සහ අනෙකුත් උදව්කාරක සෛල තුළින් නිර්මාණය වි ඇත. සෑම කර්තව්‍යයක් සදහාම ක්‍රියාකිරිමට අවක්‍ය කරන කෘත්‍යාත්මක පරිපථ නියුරෝන තුළින් නිර්මාණය වේ. එම නිසා ස්නායු විද්‍යාව විවිධ මට්ටම් ඔස්සේ අධ්‍යනය කළ හැකිය. ස්නායු විද්‍යාව අණුක මට්ටමින් සෛලි මට්ටමින් පද්ධතික මට්ටමින් අධ්‍යනය කළ හැකිය.

නිරෝන අණුක සංඥාවන්ට ප්‍රචිකාර දක්වන ආකාරය සහ ආවේග වහක සංකීර්ණ සම්බන්ධක සකස් කරගන්නා අන්දම අණුක මට්ටමින් ස්නායු විද්‍යව පිලිබදව පරික්ෂණ සිදු කිරිමේදි අධ්‍යනය කරනු ලබයි. මෙහිදි අණුක විද්‍යව සහ ජාන උපයෝගී කරගනිමින් ස්නායු වර්ධනය වන ආකාරය සහ විනාශ වන ආකාරය පිළිබදව ද ගවේෂණය සිදු කරයි. සෛලීයය මට්ටමින් ස්නායු විද්‍යාව පිළිබදව පරික්ෂණය සිදු කිරිමේදි නියුරෝන කායික විද්‍යාත්මකව සහ විද්‍යුත් රසායනික සංඥා ක්‍රියාකරවන ආකරය පිලිබද අධ්‍යනය කරයි.

ස්නායු විද්‍යාව පිළිබද පද්ධතින් මට්ටමින් පරික්ෂණ සිදු කිරිදේ ස්නායු පරිපථයන් ව්‍යවච්ඡේදකව සහ භෞතික වේදිව කායික විද්‍යාත්මක ක්‍රියා සිදු කරන ආකරයට අධ්‍යනය කෙර්. උදාහරණය වශයෙන් ප්‍රතික්‍රියාවන් සිදු කිරිම ධාරණ ශක්තිය පවත්වාගෙන යන ආකාරයට පිළිබදව පරික්ෂණ පවත්වයි.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Neurology

"https://si.wikipedia.org/w/index.php?title=ස්නායු_වෛද්‍යවේදය&oldid=354837" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි