මහාකාලි – අන්ත් හි ආරම්භ් හේ

විකිපීඩියා වෙතින්
(මහාකාලි (රූපවාහිනී කතාමාලාව) වෙතින් යළි-යොමු කරන ලදි)
මහාකාලි — අන්ත් හි ආරම්භ් හේ
මහාකාලි සඳහා ප්‍රවර්ධන පෝස්ටරයක්
මෙලෙසද හැඳින්වේමහාකාලි
ප්‍රභේදයපුරාණෝක්තිවේදය
තැනුවේසිද්ධාර්ත් කුමාර් තේවාරි
මත පදනම්වආදි ශක්තිගේ අවතාරවල කථා පුවත
රඟපෑමපූජා ෂර්මා
සෞරභ් රාජ් ජයින්
කනාන් මල්හෝත්‍රා
නිකීතා ෂර්මා
ෆලාක් නාස්
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)හින්දි
කථාවාර සංඛ්‍යාව1
කථාංග ගණන6 (2017 අගෝස්තු 6 වන විට)[1]
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)සිද්ධාර්ත් කුමාර් තේවාරි
ස්ථානය(න්)මුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව
කැමරා සැලැස්මබහු-කැමරා
ධාවන කාලයආසන්න. මිනිත්තු 45
නිෂ්පාදන සමාගමස්වස්තික් ප්‍රොඩක්ෂන්ස්
බෙදාහරින්නාවයාකොම් 18
ප්‍රචාරණය
මුල් නාලිකාවකලර්ස් ටීවී
රූප ආකෘතිය576i (SDTV)
1080i (HDTV)
මුල් ධාවනය22 ජූලි 2017 (2017-07-22) – වර්තමානය
බාහිර සබැඳි
වෙබ් අඩවිය

මහාකාලි — අන්ත් හි ආරම්භ් හේ (සිංහල: මහා කාලි දෙවඟන - මරණය ආරම්භයක් පමණි) යනු 2017 ඉන්දියානු මිත්‍යාමය රූපවාහිනී කතාමාලාවකි. මෙය කලර්ස් නාළිකාවෙන් සෑම සති අන්තයකම ප.ව. 7ට විකාශය වේ.‍ මෙම කතාමාලාව සඳහා පාදක වී ඇත්තේ ආදි ශක්ති දෙවඟනගේ විවිධ ජන්මයන් ය. නමුත් එය ප්‍රධාන වශයෙන්ම මහාකාලි දෙවඟන සහ පාර්වතී දේවිය වටා ගෙතී ඇත.

මහාභාරත් රූපවාහිනී කතාමාලාවේ ද්‍රෞපදීගේ චරිතය නිරූපණය හේතුවෙන් ප්‍රසිද්ධියට පත් පූජා ෂර්මා මෙහි කාලි දේවියගේ චරිතය නිරූපණය කරයි. මහාභාරත්හි ක්‍රිෂ්ණාගේ චරිතය නිරූපණය කළ සෞරාභ් රාජ් ජයින් මෙහි ශිව දෙවියන්ගේ චරිතය නිරූපණය කරයි. මෙම කතාමාලාව නිර්මාණය කරන ලද්දේ ස්වස්තික් ප්‍රොඩක්ෂන්ස්හි සිද්ධාර්ත් කුමාර් තේවාරි විසිනි. ඔහු විසින් මින් පෙර මහාභාරත්, සූර්යපුත්‍ර කර්ණ සහ ශනි වැනි සාර්ථක වැඩසටහන් නිෂ්පාදනය කොට තිබේ.

මුළුමණින්ම කාලි දෙවඟන පිළිබඳ නිර්මාණය වූ ප්‍රථම වැඩසටහන වන මෙහි පාර්වතී දේවිය රෞද්‍ර රණකාමී දෙවඟනක බවට පත්වූ අයුරු නිරූපණය වේ. එසේම කාන්තා බලය ලොවට කියාපාන මෙම නිර්මාණය තුළින් පුරුෂයන් මත නොයැපී සිය අභ්‍යන්තර ශක්තියෙන් නැගී සිටින අයුරු පිළිබඳ කාන්තාවන්ට උපදේශ ලබා දේ.

කථාපුවත[සංස්කරණය]

කාන්තාව පුරුෂයාට වඩා පහත් යැයි වැරදි ලෙස වටහාගැනුණු යුගයක සෙසු කාන්තාවන් සේම පාර්වතී ද ප්‍රියමනාප සහ කීකරු තැනැත්තියක ලෙස සැලකේ. නමුත් ඇගේ සැමියා වන ශිව මෙම මතය විශ්වාස නොකරයි. ඔහු සහ විෂ්ණු දෙවියන් එක්වී ඇයට බිහිසුණු රණකාමී දේවතාවියක වන මහාකාලි අසුරයන් රංචුවක් සමග සටන් කරනු පෙනෙන්නට සලස්වයි.

හින්දු පුරාණෝක්තිවේදයේ බොහෝ කථාපුවත් සේම මෙය ද ආරම්භ වන්නේ දෙවියන් සහ අසුරයන් අතර යුද්ධයකිනි. කෙසේනමුත්, මේ කාලයේ දෙවියන් පරාජය වී ඇති අතර ඔවුනව දෙව්ලොවෙන් පලවා හැරේ. ඔවුහු කෛලාශ කූටයේ පාර්වතී සහ ශිවගේ පිළිසරණ පතා යති. අසුර රජු සහ කථාවේ ප්‍රධාන එදිරිවාදියා වන ශුම්භ කෛලාශ කූටය වෙත සිය දූතයකු යවමින් යුධ ප්‍රකාශ කරන්නේ ශිව සහ පාර්වතී දෙවියන්ට රැකවරණ සැලසීම නිසාවෙනි. නමුත් පාර්වතීගේ රූ සපුව දැක පසුබසින අසුරයින් ඇය පිළිබඳ ශුම්භ සහ ඔහුගේ නිවට සොයුරු නිශුම්භහට පවසයි.

මේ අතර, ශිව පාර්වතීට දැනුම් දෙන්නේ දිව්‍යමය වරයක් අනුව මෙම අසුරයන් දෙදෙනාව මරාදැමිය හැකි වන්නේ ස්ත්‍රියකට පමණක් බවයි. ඔහු මේ පිළිබඳ පාර්වතීට සරදම් කරන්නේ පිරිමින් සහ යුද්ධ කිරීමට ස්ත්‍රිය සුකොමළ වැඩි බැවින් අසුරයන්ගේ මෙම වරය නුසුදුසු එකක් බව පවසමිනි. පාර්වතී නිහඬව හිස සැලුව ද, ශිව ඇගේ අදහස වෙනස් කිරීමට ඉටාගනියි. අසුර රජුගේ දූතයන් ශුම්භගේ ‍යෝජනාවක් සමග යළි පැමිණේ. පාර්වතී ශුම්භ හා විවාහ වුවහොත් ඔහු දෙවියන් දඩයම් කිරීම නවතන බැව් ඉන් කියැවේ. මින් කෝපයට පත්වන දෙවිවරු ඔහුව මරාදැමීමට තර්ජනය කරයි. නමුත් ඔවුන්ව වළකන පාර්වතී ශුම්භගේ යෝජනාව ප්‍රතික්ෂේප කරමින් ස්ත්‍රියකට අගෞරව නොකොට වෙනත් සාධාරණ තීන්දුවක් ලබාදෙන ලෙස පවසා දූතයන්ව පිටත් කරවයි.

තමන්ට වූ මෙම අකටයුත්ත පිළිබඳ පාර්වතී ශිවට පැමිණිලි කරයි. එයිට ශිව පිළිතුරු දෙන්නේ ස්ත්‍රීන් හැමවිටම සිය ගැටලු විසඳීමට පුරුෂයන් වෙත පැමිණෙන බවත්, ස්ත්‍රීනටම සිය ගැටලු විසඳාගැනීමට සිදුවන බවත් ය. ඔහු පාර්වතීට උපමා කිහිපයක් දක්වන අතර එහි අරුත විමසා බැලීමට ඇය පිටව යන්නේ ශිව යළි ධ්‍යානගත වීම නිසායි. පාර්වතීගේ ගුණවත්භාවය හේතුවෙන් දෙවිවිරු ඇය රැකුමට ප්‍රතිඥා දෙති. මේ අතර ශුම්භ පාර්වතීව පාතාලයේ සිය අගනුවර වෙත රැගෙන හ්මට සිය විශ්වාසවන්තයා වූ ධූම්රලෝචන් පිටත් කර හරියි. ඔහු 60,000ක සේනාවක් සමග පැමිණ ස්ත්‍රීන්ගේ බුද්ධියට පරිභව කරන විට, පාර්වතීගේ ඉවසීම නැතිවේ. ඇය මහ හඬින් කෑ ගසයි. ඇගේ ඝෝෂාවෙන් උපන් විශ්වීය තරංග හේතුවෙන් ධූම්රලෝචන් සහ ඔහුගේ හමුදාව දූවිලි බවට පත්වේ. මෙය පාර්වතී, මහාකාලි රණකාමී දේවතාවිය බවට පත්වීමේ ආරම්භය සනිටුහන් කරයි. මේ අවස්ථාවේ ලක්ෂ්මී සහ සරස්වතී වැනි සෙසු දෙවඟනෝ පාර්වතී තුළ කිසියම් වෙනසක් සිදුව ඇති බව වටහා ගනිති. කෝපයට පත්වන ශුම්භ, සෙසු දෙවිවරුන් විනාශ කොට පාර්වතී රැගෙන ඒමට තවත් අසුර සේනාවක් පිටත් කරයි. මෙම යුද්ධයේ දී දෙවිවරුන් නරසිංහි ‍දේවතාවිය පෙරටුව යුධ වදින්නේ, ඇගේ රෞද්‍ර පෙනුම හේතුවෙන් පාර්වතීගේ රණකාමී දේවතාවිය ඇය විය හැකි යැයි වරදවා වටහා ගැනීමෙනි.

අසුරයන් විසින් දෙවිවරුන් එක බැගින් විනාශ කරන විට සෙන්පතීන් වන චන්ද් සහ මුන්ද් ලක්ෂ්මී දේවිය පැහැර ගැනීමට තීරණය කරති. භීතියෙන් යුතුව මේ දෙස බලාසිටින විට පාර්වතීට ධ්‍යානයට පෙර ශිව සිදුකළ ප්‍රකාශයක් සිහි වේ: "කාන්තාවක සිය ‘ශංකා’ (සංකා, බිය, සැක) අත්හැරි විට ඇය ‘ශංකර’ (දෙවි, උතුම් බලය) බවට පත්වේ. මෙය මහා ආරම්භයක් වනු ඇත." ලක්ෂ්මී දේවිය රැක ගැනීමට පාර්වතී ඉදිරියට දිව යයි. අසුරයන් දෙස දිව යන විට ඇගේ සියලු බිය සංකා දුරුවන අතර ඇය රණකාමී කාලි දේවතාවිය බවට පත්වේ. සුදු පැහැ සමැති (ගෞරි), නිර්ව්‍යාජ, අහිංසක සහ ශිවට අවනතවනසුලු පාර්වතී මෙලෙසින් නිල් පැහැයට හුරු කළු සමැති (කාලි), රෞද්‍ර, නිර්භීත සහ ශිවට අවනත නොවන තැනැත්තියක බවට පත්වේ. වක් වූ අසිපතක් දරා සිටින ඇගේ කේශකලාපය අවුල් සහගත අතර, ඇගේ ගෙලවටා අසුර හිස්වලින් සැදි මාලයක් ද, ඉණ වටා අසුර අත්වලින් සැලසූ බඳ පටියක් ද වේ. ඇය අසුර සේනාව වෙත කඩාවැදී චන්ද සහ මුන්ච දහස් ගණනක් අසුරයන්ව විනාශ කරයි. මේ නිසා ඇය "චාමුන්දා" යන විරුදයෙන් හැඳින්වෙයි. සෙසු දෙවඟනන්ට ද සිය බිය අත්හැර තමන් වෙනුවෙන් සටන් වදින ලෙස ඇය පවසයි. පුරුෂ වර්ගයා කාන්තාවනට අයහපත් අයුරින් සලකයි නම් ඇයට කාලි බවට පත්වීමේ සියලු අයිතිය ඇති බව ද පවසයි.

සටනේ දී අසුරයින් විනාශ කිරීමට ලක්ෂ්මී, සරස්වතී, නරසිංහි, අරණ්‍යානි සහ ඓන්ද්‍රී දේවතාවියෝ ද ඇයට එක්වෙති. අනතුරුව අසුර රජු රක්තබීජ නම් අසුරයාව පිටත් කරයි. සිය සිරුරෙන් ඇදවැටෙන සෑම රුධිර බිඳුවකින් තමන්ගේම පිටපතක් නිමවීමේ හැකියාව ඔහුට හිමි ය. දේවතාවිය ඔහුට පහර දෙන හැමවිටම නව රක්තබීජයකු උපදී. අනතුරුව රක්තබීජගේ සිරුරෙන් වැගිරෙන සියලු රුධිරය උරාබොන ඇය ඔහුව මරාදමයි. පළමු රක්තබී‍ජගේ හිස ක‍ඳෙන් වෙන්කරන ඇය වියරුවෙන් මෙන් ඇගේ මාර්ගයේ හමුවන සියල්ලන්වම වනසා දමයි.

ඇගේ වියරුව සංසිඳුවීමට සිය ධ්‍යානයෙන් අවදි වන ශිව කාලිගේ පාමුළ වැතිරෙයි. ඇය ඔහු මත පාදය තබන විටම තමන් මේ පාදය තබා ඇත්තේ සිය සැමියා මත (හින්දු ආගමේ මෙය පාපයකැයි දක්වා ඇත) යැයි ඇය වටහාගනියි. ලැජ්ජාවෙන් යුතුව ඇය සිය දිව ඇතුළට ගනියි. ශෝකයට පත් කාලි නැවත පාර්වතී බවට පත්වේ. ඇය කිසිදු වරදක් සිදුනොකළ බව ශිව ඇයට පවසයි. නමුත් සෙසු කාන්තාවන්ට අවැසි වි පෙනී නොසිටින කාලි ඇගේ සිරුරෙහිම වැඩ සිටින්නේ ඇයි දැයි ඇය මැසිවිලි නගයි. ඇයට මෙර වටහාගැනීම පිණිස ඇය කෛලාශයෙන් ඈත චාරිකාවක් පිටත්ව යයි. ඇගේ මාර්ගෝපදේශක ශිව විසින් ඇයට ඇගේ පෙර උපතක් වන සතී හඳුන්වා දෙයි.

සතී පිළිබඳ ශිව පාර්වතීට පවසයි. නිර්භීත යුවතියක වූ සතී හට වනාන්තරයේ දී මහාදේව මුණගැසිණි. සතී සිය පියා වූ දක්ෂ අත්හැර මහාදේව සමග විවාහ විය. මඳ කලකට පසු දක්ෂ යාඥාවක් සංවිධානය කළ අතර, එයට සතී සහ මහාදේවට ආරාධනා නොකළේ ය. සතී ඔහු හමුවීමට ගිය ද ශිව ඇය වැළකී ය. නමුත් ඇය යාඥා ශාලාවට පිටත්ව යන්නී ය. දක්ෂ සතී හට පරුෂ වචනයෙන් බැණ වැදුණේ ය. කෝපයට පත්වන සතී යාඥා ශාලාවේ දී සිරුරට ගිනි තබාගත්තා ය. කෝපයට පත්වන ශිව ගෝරනාඩු කරන අතර, මහාකාලි දෘශ්‍යමාන විය. සිය ජටාව කපා දමන ශිව වීරභද්‍රට යාඥා කරමින් දක්ෂව විනාශ කරන ලෙස පැවසී ය. විෂ්ණු සහ බ්‍රහ්ම, දක්ෂට ශිවගෙන් සමාව ගන්නා ලෙස පැවසූහ. නමුත් ඔහු එයට එකඟ නොවිණි. වීරභද්‍ර දක්ෂගේ සෙබලුන් සමග සටන් කළේ ය. දක්ෂ විෂ්ණුගේ සහාය ඉල්ලා සිටියේ ය. විෂ්ණු වීරභද්‍රව නැවැත්වීමට උත්සාහ දැරුව ද, මහාකාලි විෂ්ණුව වැළකුවා ය. වීරභද්‍ර යාඥා ශාලාවට පැමිණියේ ය. මහාකාලී වීරභද්‍රට පැවෂූයේ දක්ෂගේ මනස දූෂිත බැවින් ඔහුගේ ගෙල කපාදමන ලෙස ය. වීරභද්‍ර යාඥාවේ දී දක්ෂගේ හිස වෙන්කළේ ය. වීරභද්‍ර සහ කාලි අතුරුදන් විය. ශෝකයට පත් මහාදේව සතී වෙනුවෙන් වැළපිණි. ඔහු සතීගේ සිරුර රැගෙන ගියේ ය. නමුත් මහාකාලි විෂ්ණුහට ඇගේ සිරුර කපාදමන මෙන් පැවසූයේ ශක්ති දේවතාවියගේ උපත සඳහායි. විෂ්ණු ඇගේ දේහය කොටස් 52කට කපාදමන අතර, ඒ සෑම කොටසක්ම ශක්ති පීඨයක් බවට පත්වේ.

සිය වරද වටහාගන්නා ගෞරි ශිව සමග පැමිණෙයි. සියලුදෙනාම පාර්වතී පිළිගනිති. ශුම්භ සහ නිශුම්භ වනාන්තරයේ දී පාර්වතීව හසු කරගැනීමට සැලසුමක් සදති. ඔවුහු දාරුක නම් අසුරයකු හමුවෙති. ශුම්භ පැවසූයේ ඔහුගේ භාර්යාව වන දාරුකා ශක්ති දේවතාවියගේ බැතිමතියක බවයි. නව ශක්තියක් මෙලොවට පැමිණ ඇති බව දාරුක දරුකාට පවසයි. දාරුකා පාර්වතීව අමතයි. සිය බැතිමතිය මුණගැසෙන මෙන් ශිව පාර්වතීට පවසයි. කථාව මගින් ඇය ප්‍රමුඛ බලවේගයක් (දේවතාවියක) වටහාගෙන අයහපත (ශුම්භ සහ නිශුම්භ ද ඇතුළුව) විනාශ කරන අයුරු තවදුරටත් මෙමගින් නිරූපණය වනු ඇතැයි විශ්වාස කෙරේ...

චරිත නිරූපණය[සංස්කරණය]

TRP[සංස්කරණය]

මෙම වැඩසටහන විකාශය අරඹා සති දෙකක් පමණක් ඇතුළත දැවැන්ත ප්‍රතිචාර හිමි කරගත්තේ නොසිතූ විරූ අයුරිනි. මහාකාලි - අන්ත් හී ආරම්භ් හේ කතාමාලාව හින්දි GECහි BARC ඇගයුම් අනුව 2.7ක TVR අගයයක් හිමිකර ගනිමින් ඉහළම ප්‍රබන්ධ කථා 10 අතරේ පළමු ස්ථානය හිමි කරගෙන ඇත.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Mahakaali episodes". Mahakaali. 14 November 2014. සම්ප්‍රවේශය 15 November 2014.