Jump to content

විෂුවල් බේසික්

විකිපීඩියා වෙතින්
Visual Basic
Image of the Visual Basic 6 IDE
පැරඩයිමObject-based and Event-driven
සංවර්ධකයාමයික්‍රොසොෆ්ට්
පළමුව ප්‍රකාශය1991 (1991)
ස්ථායි නිකුතුව
VB6 / 1998
ප්‍රරූප නීතියStatic, strong
OSමයික්‍රොසොෆ්ට් වින්ඩෝස්, MS-DOS
වෙබ් අඩවියmsdn.microsoft.com
ආභාෂය ලද්දේ
QuickBASIC
බලපෑම් කළේ
විෂුවල් බේසික් .නෙට්, Gambas, REALbasic, Basic4ppc

විෂුවල් බෙසික් යනු ‍තුන්වන පරම්පරාවේ පරිගණක භාෂා මෘදුකාංගයකි. ලොව සුපතල මයික්‍රොසොෆ්ට් ආයතනය (Microsoft Corporation) මෙහි නිර්මාතෘවරයා වෙයි. බොහෝ විට මෙය විෂුවල් ස්ටුඩියෝ නමි පැකේජය සමග දැකගත හැක (Version 6.0) මෙහි IDE (intergrated development Environment) මගින් පරිගණක භාෂා කිහිපයක් සමග වැඩකිරීමට අවශ්‍ය මෘදුකාංග කොටස් සකස් කර ගැනීමට උපකාරීවේ. විෂුවල් බේසික් භාවිතයට ඉතා පහසු පරිගණක භාෂාවක් වෙයි. මෙහි ආදිතමයා ලෙස BASIC (Beginner's All-purpose Symbolic Instruction Code) පරිගනක භා‍ෂාව හදුනාගත හැක. මෙය මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් COM උපාංග සාදාගැනීම සදහා උපයෝගී වනලෙස නිපදවා ඇත නිපදවා ඇත. මෙය ක්‍රියාකිරීමට ඉතා සරල ලෙස සාදා ඇති මෘදුකාංගයකි. මෙහි GUI (Graphical user Interface) නැමති අතුර මුහුණත යොදා ඇත. මෙ මගින් ෆෝර්ම උපාංගය මත වෙනත් උපාංග දමා ඉතා පහසුවෙන් මෘදුකාංග නිපදවීමෙ හැකියාව ලැබේ. තවද මෙය දත්ත පාදමයන් (Database ) සමග මුසුවී ක්‍රියා කිරීමට හැකිවී ඇත. එනමි Microsoft Access, Microsoft SQL Server, MySQL හා ORCLE වැනි විෂාල දත්ත පාදමයන් ගනනාවක් සමග සමිබන්ධ වෙමින් කටයුතුකිරීමට හැකියාව ලැබී ඇත.

ප්‍රයෝජන හා විකාසනය

[සංස්කරණය]

මෙ මගින් බොහෝවිට දත්ත පාදම හා සම්බන්ධ වෙමින් වැඩසටහන් කිරීමට නැඹුරුවක් දක්වයි. (Database Applications) මෙය ඉවෙන්ට් මගින් ධාවනය වන පරිගණක භාෂාවකි. එනම් යම්කිසි සිදුවීමක් ෆෝර්මයට හෝ එයමත පවතින කන්ට්‍රෝල මත සිදුවූවිට එහා ගතයුතුක්‍රියා මාර්ග එහි කේතනය කලයුතුවෙයි. මෙහි ආදිතමයා විෂුවල් බෙසික් 1.0 වූ අතර පිලිවෙලින් විෂුවල් බෙසික් 2.0/3.0/4.0/5.0 ලෙස ව්කසනය වි විෂුවල් බෙසික් 6.0 පැමිණ ඇත. විෂුවල් බෙසික් 6.0 පසු මෙම කාණ්ඩයේ මෘදුකාංග නිපදවීම නැවැත්වූ මයික්‍රොසොෆ්ට් (Microsoft) ආයතනය ඉන්පසු .Net (Dot Net) නමි අලුත්ම සැකිල්ලක් යටතේ නවතම පරිගණක වැඩසටහනක් නිර්මානය කරවිය එය විෂුවල් බෙසික් ඞොට්නෙට් (Visual Basic .Net) ලෙස හැදින්වෙයි. මෙය විෂුවල් ස්ටූඩියෝ ඞොට්නෙට් හි එක් උපාංගයක් ලෙස ලැබේ.

ඇක්ටිවු එක්ස් තාකෂනය මෙයට එකතුකර ඇති අතර මෙමගින් Standard EXE, ActiveX Controls, ActiveX DLL වැනි බොහෝ දැ නිපදවාගැනීමේ හැකියාව පවතියි. මෙමගින් නිපදවන මෘදුකාංගඅතර

  • Inventory Control Systems
  • Management Information Systems
  • Leave Systems
  • Human Resorce Management Systems

ප්‍රධාන වෙයි.


විෂුවල් බේසික් විවෘත කරගැනීම

[සංස්කරණය]

පරිගණකයේ ඇති විෂුවල් බේසික් විවෘත ගැනීම ස‍ඳහා Start->All Programs->Visual Studio 6.0->Visual Basic 6.0 තෝරා ගතයුතු වෙයි. ඒවිට Visual Basic 6.0 ඔබට ලබාගතහැක.

විෂුවල් බේසික් IDE හි ප්‍රධාන කොටස් පහත ලෙස දැක්විය හැක.

  • විෂුවල් ටූල් බාර්.
  • ටූල් බොක්ස්
  • ෆෝර්මය
  • ප්‍රොජෙක්ට් ජනේලය
  • ප්‍රොපටි ජනේලය

විෂුවල් ටූල් බාර්.

[සංස්කරණය]

මෙමගින් විෂුවල් බේසික්හි විවිධ ක්‍රියාකාරකම් සිදුකල හැක නව ෆෝර්මයක් ලබාගැනීම, මෙනූ ඒඩිටරය ලබාගැනීම, කොපිකිරීම, කට් කිරීම, ‍ පේස්ට් කිරිම හා විෂූවල් බේසික් පද්ධතිය ධාවනය කරගැනීම ඉන් සමහරක් වේ.

විෂූවල් බේසික් උපකරණ පෙට්ටිය (Tool Box)

[සංස්කරණය]

විෂූවල් බේසික් ටූල් බොක්ස් මත විවිධ උපාංග දක්නට ලැබේ. මේවා වින්ඩෝස් මෘදුකාංග සකස්කිරීමට උපකාරීවෙයි. මෙම උපාංග ෆෝර්මය මතට දමාගැනීම සඳහා ටූල් බොක්ස් හි උපාංගය මත දෙවරක් ක්ලික් කිරීම හෝ උපාංගය මත දකුණු මවුස් බොත්තම තදකර ඇදගෙන ගොස් ෆෝර්මය මතට දමාගැනීම මගින් ලබාගතහැක.


වින්ඩෝස් ෆෝර්ම උපාංගය(Windows Forms)

[සංස්කරණය]

විෂුවල් බේසික් හී සියලුම උපාංග තබාගන්නා උපාංගය වින්ඩෝස් ෆෝර්ම උපාංගය වේ. මේ මතට ටූල් බොක්ස් මත ඇති සියළුම කන්ට්‍රෝල උපාංගයන් දැමීමට හැකියාව ඇත. ඒනම් විධාන බොත්තම්, ටෙක්ස් බොක්ස, කොම්බෝ බොක්ස ආදිය වේ.

ප්‍රොජෙක්ට් ජනේලය

[සංස්කරණය]

මෙමත ව්‍යාපෘතියේ සියලූම ගොනු දිස්වෙයි මෙම ගොනු මත දෙවරක් ක්ලික් කිරීම මහින් අවශ්‍ය ගොනුව විවෘත්ත කරගත හැක.

ගුණාංග ජනේලය (Property Panel)

[සංස්කරණය]

විෂුවල් විෂූවල් බේසික් හි සියලුම උපාංගවල වත්කම් (Properties ) මෙමගින් පෙන්නුම් කරයි. එවා අවශ්‍ය පරිදි වෙනස් කිරීම මෙමගින් කල හැක.

විෂූවල් බේසික් හි ප්‍රධාන දත්ත වර්ග

[සංස්කරණය]

විෂූවල් බේසික් හි ප්‍රධාන දත්ත වර්ග පහත ලෙස දැක්විය හැකිවෙයි.

  1. byte
  2. Integer
  3. Long
  4. String
  5. Double
  6. Boolean


විශුවල් බේසික් දත්ත වර්ගවල අගයන් (සංඛ්‍යා)
වර්ගයධාරිතාවයඅගය පරාසය
byte1 byte0 සිට 255 දක්වා
Integer2 bytes-32,768 සිට 32,787 දක්වා
Long4 bytes-2,147,483,648 සිට 2,147,483,648 දක්වා
Single4 bytes-3.402823E+38 සිට -1.401298E-

45 ඝෘන සංක්‍යා වලට 1.401298E-45 සිට 3.402823E+38 දක්වා ධන සංක්‍යා වලට

Double8 bytes-1.79769313486232e+308 සිට -4.94065645841247E-324 ඝෘන සංක්‍යා වලට 4.94065645841247E-324 සිට 1.79769313486232e+308 ධන සංක්‍යා වලට
Currency8 bytes-922,337,203,685,477.5808 සිට -922,337,203,685,477.5807 දක්වා
Decimal12 bytes+/-79,228,162,514,264,337,593,543,

950,335 (දෂම සංක්‍යා යොදා නෙගනී නමි) +/- 7.92281625142643375935439503 35 (දෂම සංක්‍යා 28 කි)


විශුවල් බේසික් දත්ත වර්ගවල අගයන් (සංඛ්‍යා නොවන)
වර්ගයධාරිතාවයඅගය පරාසය
String(නිෂ්ච්ත දිග)String එකහි දිගඅකුරු 1 සිට 65,400
String(වෙනස් වන දිග)දිග + 10 බයිටිඅකුරු 0 සිට බිලියන 2ක් පමණ
Date8 bytes1- 1-100 සිට 31-12- 9999
Boolean2 bytesTrue හෝ False
Object4 bytesසෑම Object එකක් සඳහාම
Variant(අංක)16 bytesDouble ලෙසම වේ
Variant(අකුරු)බයිටි 22+ දිගවෙනස් වන දික String ලෙසම වේ
"https://si.wikipedia.org/w/index.php?title=විෂුවල්_බේසික්&oldid=623710" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි