බාහුබලි 2: ද කන්ක්ලූෂන්
බාහුබලි 2: ද කන්ක්ලූෂන් | |
---|---|
![]() සිනමාශාලා ප්‍රවර්ධන පෝස්ටරයක් | |
අධ්‍යක්ෂණය | එස්. එස්. රාජමෞලි |
නිෂ්පාදනය | |
තිර රචනය |
|
කතාවස්තුව | කේ. වී. විජයේන්ද්‍ර ප්‍රසාද් |
රංගන ශිල්පීන් | |
සංගීතය | එම්. එම්. කීරවානි |
සිනෙමාරූපණය | කේ. කේ. සෙන්තිල් කුමාර් |
සංස්කරණය | කෝටගිරි වෙන්කටේස්වරා රාඕ |
චිත්‍රාගාරය | අර්කා මීඩිකා වර්ක්ස් |
බෙදා හරින ලද්දේ |
|
නිකුත්වූ දිනය(න්) | 28 අප්‍රේල් 2017 |
දිවෙන කාලය | |
රට | ඉන්දියාව |
භාෂාව | තෙලිඟු දෙමළ |
පිරිවැය | ![]() |
ආදායම | ඇස්ත. ![]() |
බාහුබලි 2 : ද කන්ක්ලූෂන් (සිංහල: බාහු බලය ඇත්තා) යනුවෙන් හැඳින්වෙන්නේ තිරගත වීමට නියමිත ඉන්දියානු වීරකථා ඓතිහාසික ප්‍රබන්ධ චිත්‍රපටයකි. මෙය නිෂ්පාදනය කරන ලද්දේ ටොලිවුඩ් කලාගාරයක් වන අර්කා මීඩියා වර්ක්ස් විසිනි. මෙය අධ්‍යක්ෂණය කරන ලද්දේ එස්. එස්. රාජමෞලි විසිනි. මෙය බාහුබලි: ද බිගිනිං චිත්‍රපටයේ දෙවන කොටස ලෙස සැලකෙයි. මෙය මුලින් නිර්මාණය වූයේ තෙලිඟු සහ දෙමළ භාෂාවලිනි. පසුව එය හින්දි, මලයාලම්, ජර්මන්, ප්‍රංශ, ජපන් සහ ඉංග්‍රීසි භාෂාවලින් හඬකැවිණි.[5] චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ටොලිවුඩ් ක්ෂේත්‍රයේ ප්‍රබල නළු නිළියන් වන ප්‍රභාස්, අනුෂ්කා ෂෙට්ටි, රානා දග්ගුබාති සහ සත්‍යරාජ් විසිනි. මූලිකව මෙම චිත්‍රපට ද්විත්වයම 2.5 බිලියන (US$39 මිලියන)ක අයවැයකින් යුක්තව හවුලේ නිෂ්පාදනය කෙරිණි.[6] කෙසේනමුත්, දෙවන කොටස සඳහා වෙන්කෙරුණු අයවැය පසුව වැඩිකෙරිණි. මුදාහැරීමට ප්‍රථම බාහුබලි 2: ද කන්ක්ලූෂන් චිත්‍රපටය ඉන්දියානු රුපියල් බිලියන 5ක (ඇ.ඩො. මිලියන 77) ව්‍යාපාරකරණයක් සිදු කිරීමට සමත්ව ඇත.[7]
බාහුබලි 2: ද කන්ක්ලූෂන් බ්‍රිතාන්‍ය චිත්‍රපට ආයතනයේ දී ප්‍රදර්ශනය වීම ඇරඹිණි.[8][9] 2017 අප්‍රේල් 28 දි සිට ලොව පුරා සිනමාහල් 9000කට අධික ප්‍රමාණයක එය මුදාහැරිණි.[10][11] 4K ඉහළ විසර්ජනයකින් යුත් ආකෘතියෙන් යුතුව මුදාහැරුණු පළමු තෙලිඟු චිත්‍රපටය ද බාහුබලි 2 චිත්‍රපටය විය. ආසන්න වශයෙන් තිර 200ක් පමණ මෙම චිත්‍රපටය මුදාහැරෙන දිනයට පෙර 4K ප්‍රක්ෂේපක සමගින් දියුණු කිරීමට හැකිවේ යැයි ඇස්තමේන්තුගත කොට තිබිණි.[12]
බාහුබලි 2 විචාරකයන් වෙතින් යහපත් ප්‍රතිචාර ලද අතර, 2014 හින්දි චිත්‍රපටයක් වූ PK අභිබවා යමින් සර්වකාලීන ඉහළම ආදායම ලබන ඉන්දියානු චිත්‍රපටය බවට පත්වූයේ මුදාහැර දින හයක් ඇතුළත ලොව පුරා 800 කෝටි (US$120 මිලියන)ක ආදායමක් උපයා ගනිමිනි.[13] මුල් දින දහය තුළ මෙතෙක් සියලුම භාෂාවලින්
කෝටි 1000ක (ඇ.ඩො. මිලියන 155ක) ආදායම අභිබවා ගිය පළමු ඉන්දියානු චිත්‍රපටය ද මෙයයි.[14][15][16]
කථාපුවත[සංස්කරණය]
කට්ටප්පා (සත්‍යරාජ්) තමන් අමරේන්ද්‍ර බාහුබලි (ප්‍රභාස්) මරාදැමූ අයුරු විස්තර කරයි.
කාලකේයවරුන් යටත් කරගැනීමෙන් පසුව, අමරේන්ද්‍ර බාහුබලි මහිෂ්මතී රාජ්‍යයේ අනාගත රජු ලෙස නම්කෙරෙන අතර, භල්ලලදේව (රානා දග්ගුබාති) එහි ප්‍රධාන සෙන්පති ලෙස නම්කෙරේ. අභිෂේකයට ප්‍රථම රාජමාතා සිවගාමී (රම්‍යා ක්‍රිෂ්ණන්) අමරේන්ද්‍ර හට මනාලියක් සොයන්නී ය. ඇය අමරේන්ද්‍ර සහ කට්ටප්පා හට පවසන්නේ රාජධානියේ සංචාරයක නිරත වී එහි වර්තමාන තත්ත්වය සහ ජනයා පිළිබඳ වටහාගන්නා ලෙසයි.
අමරේන්ද්‍ර කුන්තාල රාජධානියේ (මහිෂ්මතියට යොදුන් 7.5ක් උතුරින් වූ) රජුගේ සොයුරිය වන දේවසේනා කුමරිය (අනුෂ්කා ෂෙට්ටි) සමග ප්‍රේමයෙන් බැඳෙයි. අමරේන්ද්‍ර දේවසේනාගේ අවධානය දිනාගැනීමට දරන උත්සාහය වටහාගන්නා භල්ලලදේව, අමරේන්ද්‍ර සහ සිවගාමී විරසක කිරීමට සිතා, තමන්ට දේවසේනාව විවාහ කරදෙන මෙන් සිවගාමීගෙන් ඉල්ලා සිටියි. අමරේන්ද්‍ර දේවසේනාට පෙම්කරන බව නොදත් සිවගාමී රැජින දේවසේනාව භල්ලලදේවට විවාහ කරදීමට පොරොන්දු වේ.
සිවගාමී කුන්තාලය වෙත රාජ දූතයන් පිටත් කරයි. ඔවුන් විවාහ යෝජනාව ඉදිරිපත් කරන්නේ අහංකාර අයුරිනි. මේ හේතුවෙන් අපහාසයට පත්වන දේවසේනා රෞද්‍ර අයුරින් එම යෝජනාව ප්‍රතික්ෂේප කරයි. දේවසේනාගේ ප්‍රතිචාරය අසා සිවගාමී කෝපයට පත්වේ. ඇය දේවසේනාව ප්‍රාණඇපකාරියක ලෙස මහිෂ්මතිය වෙත රැගෙන එන මෙන් අමරේන්ද්‍රහට නියෝගයක් නිකුත් කරයි.
කුන්තාල රාජධානිය මංකොල්ලකරුවන් වැනි පිණ්ඩාරිවරුන්ගේ හමුදාවන්ගේ ආක්‍රමණයකට නතු වේ. දේවසේනාගේ මාතෘ පාර්ශ්වීය මාමණ්ඩිය වන කුමාර වර්මාගේ (සුබ්බරාජු) උපකාර ඇති අමරේන්ද්‍ර එම ආක්‍රමණය මැඬලා කුන්තාලය ආරක්ෂා කරයි. අමරේන්ද්‍ර සිය අනන්‍යතාව හෙළිකරයි. ඔහු දේවසේනාට පොරොන්දු වන්නේ තමන් ඇගේ ගෞරවය ආරක්ෂා කරන බවයි. ඇයට සිය අනාගත මනාලිය ලෙස මහිෂ්මතියට පැමිණෙන මෙන් ඔහු ආරාධනා කරයි.
මහිෂ්මතියට ළඟාවීමෙන් පසුව, වැරදි වැටහීම පහව යයි. සිහසුන හෝ දේවසේනා යන දෙදෙනාගෙන් අයකු තෝරාගන්නා මෙන් සිවගාමී අමරේන්ද්‍රහට තර්ජනය කරයි. ඔහු දේවසේනාව තෝරාගනියි. අනතුරුව භල්ලලදේව රාජ්‍යයේ රජු ලෙස අභිෂේක කෙරෙන අතර, අමරේන්ද්‍ර රාජ්‍යයේ ප්‍රධාන සෙන්පති ලෙස පත් කෙරේ. අභිෂේක මංගල්‍යයේ දී මහිෂ්මතී රටවැසියෝ භල්ලලදේවට නොව අමරේන්ද්‍ර හට ප්‍රසාදය දක්වති.
දේවසේනාට දරුවකු ලැබෙන්නට සිටින අතර, භල්ලලදේව අමරේන්ද්‍රව සේනාපති ධුරයෙන් නිදහස් කරන්නේ ඔහුට භාර්යාව සමග සිටීමට අවකාශය සලසා දීමටයි. රජුගේ ක්‍රියාවට එරෙහිව දේවසේනා වහාම නැගීසිටින අතර, ඇය මෙතෙක් රාජ්‍ය පාලනයෙන් ඈත්වී සිටි සිවගාමීව ද යළි පොළඹවයි. කෙසේ හෝ අරගල මධ්‍යයේ අමරේන්ද්‍ර සහ දේවසේනා මාලිගයෙන් පිටුවහල් කර හැරෙයි. අමරේන්ද්‍ර සහ දේවසේනා ජනතාව අතර සතුටින් දිවිගෙවති. මේ අතර භල්ලලදේව ජනයාට ඒත්තු ගන්වන්නේ අමරේන්ද්‍ර ඔවුන්ගේ රජු ලෙසයි. එලෙසින් ඔහු සිය පියා වන බිජ්ජලදේව (නසාර්) සමග එක්ව කුමන්ත්‍රණය කරන්නේ අමරේන්ද්‍ර තමන්ව ඝාතනය කිරීමට උත්සාහ දරන බව සිවගාමීට ඒත්තු ගැන්වීමටයි. භල්ලලදේවගේ ජීවිතය අනතුරක ඇති බව සිතන සිවගාමී, මෙමගින් සිවිල් යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට සිතා අමරේන්ද්‍රව මරාදමන මෙන් කට්ටප්පාට නියෝග කරයි. රැජිනගේ අණ ඉටුකිරීමට බැඳීසිටින කට්ටප්පා තමන් අනතුරකට පත්ව ඇති බව මවාපාමින් උපායයකින් අමරේන්ද්‍රගේ පිටට පිහියෙන් ඇණ ඔහුව මරණයට පත්කරයි.
භල්ලලදේවගේ කුමන්ත්‍රණය පිළිබඳ කට්ටප්පා දැනගනියි. ඔහු මේ බව සිවගාමී රැජිනට දැනුම් දෙයි. සිය රදුවා දෑතෙහි දරා සිටින දේවසේනා ද සිය සැමියාගේ මරණයට පත්ව සිටිනු දකියි. සිවගාමී සිය මාලිගය වටා රැස්ව සිටි සන්නද්ධ සේනාවට නිවේදනය කරන්නේ අමරේන්ද්‍ර මියගොස් ඇති බවත්, ඔහුගේ බිළිඳු පුත් මහේන්ද්‍ර බාහුබලි නව රජු බවත් ය.
භල්ලලදේව සහ ඔහුගේ මිනිසුන් සිවගාමී මව් රැජිනව අල්ලාගන්නට උත්සාහ දරයි. නමුත් රැජින බිළිඳු මහේන්ද්‍ර බාහුබලි ද රැගෙන පලා යයි. දේවසේනාව සිරභාරයට ගැනෙන අතර ඇයට ඉදිරි වර්ෂ 25ම සිරභාරයේ ගෙවීමට සිදුවේ. මේ වනවිට භල්ලලදේව විසින් කුන්තාල රාජධානිය ද සම්පූර්ණයෙන් විනාශ කොට තිබේ. සිහසුනෙන් පහකළ කුන්තාල රජු (මේකා රාමක්‍රිෂ්ණා) කැරලි සේනාවක් සංවිධානය කරන අතර, ඔවුන් භල්ලලදේවට එරෙහිව ගරිල්ලා සටන්ක්‍රම අනුගමනය කරමින් සටන් වදියි.
සම්පූර්ණ කථා පුවතට සවන් දීමෙන් පසුව, මහේන්ද්‍ර බාහුබලි හෙවත් ශිවුදු (ප්‍රභාස්) සිය පියාගේ මරණය වෙනුවෙන් පලිගන්නට තීරණය කරයි. ඔහු තමන්ගේම හමුදාවක් සමගින් මහිෂ්මතිය වෙත ගමන් කරන්නේ කට්ටප්පා, අවන්තිකා (තමන්නා) සහ නගරයේ ජනයා ද සමගිනි. නැවත වරක් භල්ලදේව දේවසේනාව පැහැරගෙන මාලිගය මුද්‍රා තබයි. නමුත් සිය පියා සේම උපක්‍රමශීලී බාහුබලි කෙසේහෝ භල්ලලදේව හසු කරගනු පිණිස මාලිගයට පිවිසීමට සමත් වේ.
මේ අතර බිජ්ජලදේව කට්ටප්පාව සිය පාර්ශ්වයට පොළඹවා ගන්නට උත්තාස දරන්නේ මහිෂ්මතියේ සිංහාසනය ආරක්ෂා කිරීමට ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේ එකඟතාව සිහිපත් කරමිනි. ඔහු රජුට පක්ෂපාතී විය යුතු බව බිජ්ජලදේව පවසයි. නමුත් කට්ටප්පා අවධාරණය කරන්නේ වසර 25කට පෙර සිවගාමී රැජිනිය විසින් මහේන්ද්‍ර බාහුබලි රාජ්‍යයේ රජු ලෙස නම්කොට ඇති බවයි. මේ නිසා සිය පක්ෂපාතීත්වය හිමිවන්නේ සැබෑම රජු වන බාහුබලි හට බව ඔහු පවසයි. පසුබ බාහුබලි විසින් භල්ලලදේවව පරාජයට පත්කරනු ලබයි. අනතුරුව දේවසේනා විසින් සැකසූ දරසෑය තුළ භල්ලලදේව පණපිටින් දැවී යයි. මෙලෙසින් භල්ලලදේවගේ කෲර පාලන සමය අවසන් කරමින් බාහුබලි මහිෂ්මතියේ නව රජු බවට පත්වන අතර, අවන්තිකාව සිය රැජින බවට පත්කරගනිමින් සාමය සහ සමාදානය ප්‍රකාශයට පත්කරයි.
චිත්‍රපටය නිමාවන්නට ආසන්න වන විට කුඩා දරුවකු සිය වැඩිහිටියකුගෙන් මහේන්ද්‍ර බාහුබලිගේ පුත්‍රයා මහිෂ්මතියෙහි ඊළඟරජු වන්නේදැයි විමසයි. එයට පිළිතුරු දෙමින් වැඩිහිටියා පවසන්නේ "ශිව දෙවියන්ගේ සැලැස්ම කුමක්දැයි කවුරුන් ද දන්නේ?" යනුවෙනි.
චරිත නිරූපණය[සංස්කරණය]
- ප්‍රභාස්, අමරේන්ද්‍ර බාහුබලි සහ මහේන්ද්‍ර බාහුබලි හෙවත් ශිවුදු (තෙලිඟු)/ ශිවූ (දෙමළ) ලෙස[17]
- රානා දග්ගුබාති, භල්ලල දේව (තෙලිඟු)/ පල්ලලතේවන් (දෙමළ) ලෙස
- අනුෂ්කා ෂෙට්ටි, යුවරාණි (කුමරිය) දේවසේනා (තෙලිඟු)/ තේවසේනෛ (දෙමළ) ලෙස
- රම්‍යා ක්‍රිෂ්ණන්, රාජමාතා (මව් රැජින) සිවගාමී (තෙලිඟු සහ දෙමළ) ලෙස
- සත්‍යරාජ්, කට්ටප්පා (තෙලිඟු සහ දෙමළ) ලෙස; වහලකු සහ රජුගේ ප්‍රධාන ආරක්ෂකයායි.
- තමන්නා, අවන්තිකා ලෙස; දේවසේනාව මුදාගන්නට උත්සාහ දරන කැරලි කණ්ඩායමේ සාමාජිකාවකි.
- නසාර්, බිජ්ජලදේව (තෙලිඟු) / පිංගලතේවන් (දෙමළ) ලෙස
- සුබ්බරාජු, කුමාර වර්මා ලෙස; දේවසේනාගේ ඥාති සොහොයුරායි.
- පෘථිවිරාජ් බලිරෙඩ්ඩි, කුන්තාල රාජධානියේ අග්‍රාමාත්‍ය ලෙස
- මේකා රාමක්‍රිෂ්ණා, ජය වර්මා ලෙස; කුන්තාලයෙහි රජු සහ කැරලි කණ්ඩායමේ නායකයායි.
- රෝහිනී, සංගා ලෙස; ශිවුදුව හදාගත් මෑණියන් ය.
නිෂ්පාදනය[සංස්කරණය]
ඉන්දියාව තුළ ප්‍රකාශිත 'අමර් චිත්‍ර කථා' නැමැති චිත්‍රකථා කියවීම අරඹන විට මාගේ වයස අවුරුදු 7ක් පමණ ය. ඒවා සුපිරි වීරයන් පිළිබඳ නොවේ. නමුත් ඒවායින් ඉන්දියාවේ කථා, ජනප්‍රවාද, පුරාණෝක්ති, සියල්ල නිරූපණය වූවා. නමුත් මෙම කථාවලින් බොහෝමයක් ඉන්දියානු ඓතිහාසික චරිත පිළිබඳවයි. මම මේවායේ ඇතුළත් බලකොටු, යුද්ධ සහ රජවරුන් පිළිබඳ සතුටට පත්වූවා. මෙම මෙම කථා කියවූවා පමණක් වුවත්, ඒවා මාගේ මිතුරන්ට ඉදිරිපත් කළේ මාගේම ක්‍රමයකටයි.
බාහුබලි: ද කන්ක්ලූෂන් චිත්‍රපටය නිෂ්පාදනය වන්නේ ඉන්දියාවේ තෙලිඟු භාෂා චිත්‍රපටවල කේන්ද්‍රස්ථානයක් වන හයිදරාබාද් මුල්කොටගත් ටොලිවුඩ් හි ය. කෙසේනමුත්, මෙය සමගාමීව තෙලිඟු සහ දෙමළ භාෂාවලින් රූගත වීම සිදු වේ. මෙම චිත්‍රපට මාලාව ඉන්දියාවේ වඩාත් වියදම් අධිකම චිත්‍රපට මාලාව වේ යැයි අපේක්ෂා කෙරේ. රාජමෞලි චිත්‍රපට බොහෝමයක් සඳහා තිර රචනයෙන් දායක වූ මෙහි තිර රචක කේ. වී. විජයේන්ද්‍ර ප්‍රසාද් නැවත වරක් මෙම කථාව බාහුබලි ලෙස රචනා කරන්නට විය. ආර්. සී. කමලකන්නන් මෙහි දෘශ්‍ය ප්‍රයෝග පරිපාලක ලෙස පත්කෙරුණු අතර, කෝටගිරි වෙන්කටේස්වරා රාඕ මෙහි සංස්කාරකවරයා විය. පී. එම්. සතීෂ් විසින් මෙහි ශබ්ද සංකලනය සිදුකළ අතර, පීටර් හෙයින් විසින් ක්‍රියාදාම අධ්‍යක්ෂණය කරන ලදී. රාමා රාජමෞලි සහ ප්‍රසාන්ත් ත්‍රිපුරනේනි මෙහි වස්ත්‍ර නිර්මාණය සඳහා දායක වූහ. මෙහි පෙළ නිෂ්පාදක (line producer( එම්. එම්. ශ්‍රීවල්ලි ය. 2015 දෙසැම්බර් 17 දින මෙහි රූගත කිරීම් හයිදාරාබාද්හි රාමෝජි ෆිල්ම්ස් සිටිහි ආරම්භ වූයේ ප්‍රභාස් සහ රම්‍යා ක්‍රිෂ්ණන්ගේ මූලිකත්වයෙනි.
නළුවරණය[සංස්කරණය]

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ප්‍රභාස් විසිනි. අනුෂ්කා ෂෙට්ටි විසින් මෙහි වීරවරියගේ චරිතය නිරූපණය කරනු ලබයි. ඇයට විසින් මිර්චි (2013) චිත්‍රපටයේ ද මෙවැනි චරිතයක් නිරූපණය කොට ඇත.[19] රාජමෞලි විසින් සිය චිත්‍රපට සඳහා යොදාගත් පළමු වීරවරිය වන්නේ ඇයයි. මේ නිසා ඇයට 2013 සහ 2014 වර්ෂ කාර්යබහුල වන්නට විය.[20] තෙලිඟු නළු රානා දග්ගුබාති මෙහි ප්‍රධාන එදිරිවාදී චරිතය නිරූපණය කරයි. ඔහු විසින් රුද්‍රමාදේවි චිත්‍රපටයේ ද මෙවැනි චරිතයක් නිරූපණය කළේ ය.[21] දෙමළ නළු සත්‍යරාජ් ද චිත්‍රපටයට දායක විය.[22]
කන්නඩ නළු සුදීප් මෙම චිත්‍රපටයේ සුළු චරිතයක් නිරූපණය කරයි[23] 2013 ජූලි මස දින හතරක් තිස්සේ ඔහු රූගත කිරීමවල නියැළුණු අතර, පීටර් හෙයින්ගේ සටන්කලා අධ්‍යක්ෂණය යටතේ සත්‍යරාජ් සමග සිටනක නිරත වීමට ද සිදු විය.[24] පන්ජා (2011) චිත්‍රපටයේ දස්කම් දැක පැහැදුණු රාජමෞලි 2013 අප්‍රේල් මස, එහි රඟපෑ ආදිවි සේෂ් මෙහි තීරණාත්මක චරිතයක් සොඳහා යොදවා ග්තතේ ය.[25] 2013 අගෝස්තු මස නිළි රම්‍යා ක්‍රිෂ්ණන් ද මෙම චිත්‍රපටයේ රාජමාතාවගේ තීරණාත්මක චරිතයට යොදා ගැනිණි.[26] නසාර් නැමැති නළුවා මෙහි සහාය චරිතයක් සඳහා තෝරාගැනිණි.[26] චරන්දීප් මෙම චිත්‍රපටයේ ප්‍රධාන දුෂ්ටයාගේ සොහොයුරාගේ චරිතයට තෝරාගැනිණි.[27] 2-13 දෙසැම්බර් 20 දින, පුවත් සමුළුවක දී ප්‍රකාශ කෙරුණේ තමන්නා මෙම චිත්‍රපටයේ දෙවන වීරවරිය වනු ඇති බවයි. මෙය රාජමෞලි සමග ඇගේ පළමු අත්දැකීම වූ අතර, ප්‍රභාස් සමග ඇගේ දෙවන රංගනය ද විය.[28] මේකා රාමක්‍රිෂ්ණා නැමැති නිළිය කුන්තලා ගරිල්ලාවරුන්ගේ නායිකාව ලෙස තෝරාගැනිණි.
චරිත සහ පෙනුම[සංස්කරණය]
රානා දග්ගුබාති මෙහි ප්‍රභාස්ගේ සොහොයුරාගේ චරිතයට තෝරාගැනිණි. මෙම චිත්‍රපටයේ චරිතය නිරූපණය වෙනුවෙන් ඔහුට බොහෝ කායික වෙනස්වීම් සිදු කරගැනීමට සිදු විය.[21] මීට අමතරව, ඔහු ටුවාන් නැමැති වියට්නාම සටන්කලා පුහුණකරුවකු යටතේ පුහුණව ද ලැබී ය.[29] සත්‍යරාජ් හට මෙහි චරිතය වෙනුවෙන් සිය හිස මුඩු කිරීමට සිදු විය.[30] සුදීප් පැවසූයේ තමන් මෙහි අස්ලාම් ඛාන් නැමැති ආයුධ වෙළෙන්දකුගේ චරිතයක් නිරූපණය කරන බවයි.[31] 2013 ඔක්තෝබර් මස අවසානයේ, රානා විලාසිතා දැක්මකට පෙනී සිටිමින් සිය මස්පිඬු පිරිපුන් දේහය නිරාවරණය කළේ ය. ඔහුට අනුව මෙය චිත්‍රපටය වෙනුවෙන් ඇති කරගත් ඔහුගේ පෙනුමේ ආකාරයකි.[32] 2014 මැයි මස මැද වන විට, වාර්තා වන්නට වූයේ චිත්‍රපටයේ දෙවන කොටස තුළ අනුෂ්කා ගර්භනී ස්ත්‍රියකගේ චරිතයක් නිරූපණය කරන බවයි.[33]
එම කාලයේම, ප්‍රභාස් සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කොට තිබුණේ තමන් සුළු උරහිස් ශල්‍යකර්මයකට මුහුණදුන් බවත්, මාසයකින් චිත්‍රපටයට යළි දායක වන බවත් ය.[34] 2014 ජූනි 1වන දින, ප්‍රභාස් සහ රානාගේ පුහුණකරු වන ලක්ෂ්මන් රෙඩ්ඩි පැවසූයේ ප්‍රභාස් සිය පුහුණවීම් ඇරඹූයේ රූගත කිරීම් ඇරඹීමට මාස 8කට පෙර බවත්, ඔවුන් දෙදෙනාගෙන් සෑම අයෙක්ම වසර දෙකක් ගතවූ පසු ආසන්නව කිලෝ 100ක පමණ බරකින් යුතුවූ බවත් ය. මීට අමතරව ඔහු තවදුරටත් පැවසූයේ ප්‍රභාස්ට බාහුබලිගේ චරිතය වෙනුවෙන් බරැති මහත් වූ දේහයකිනුත්, දෙවැනි චරිතය සඳහා කෘෂ පෙනුමක් සහිත සිරුරකුත් ඇති කරගැනීමට සිදුවූ බවත් ය.[35] සිය පෙනුම සඳහා, ප්‍රභාස් 2014 පෙබරවාරි මස ද අන්ඩර්ටේකර් වැනි WWE සුපිරිතරු මුණගැසුණු අතර, ඔවුන්ගේ දෛනික ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ආදිය හදාළේ ය.[36]
ප්‍රභාස් ඉන්දියානු රුපියල් මිලියන 15ක පමණ වටිනාකමින් යුතු උපකරණ සිය නිවසට ගෙන්වාගෙන පෞද්ගලික ව්‍යායාම මධ්‍යස්ථානයක් ඉදිකරවාගත්තේ ය. ඔහුගේ උදෑසන ආහාරයට අර්ධව-තැම්බූ බිත්තර සුදු මද 40ක් සමග මිශ්‍රකළ ප්‍රෝටීන පිටි වර්ගයකින් සමන්විත විය.[36] 2014 ජූනි මැද වන විට,චිත්‍රපටයේ චරිතය සැලකිල්ලට ගනිමින් තමන්නා පැවසූයේ තමන් අවන්තිකා නැමැති රණකාමී කුමරියකගේ චරිතය නිරූපණය කරන බවත්, එහි ඇගේ පෙනුම ඇගේ පෙර සියලු චිත්‍රපටවලට වඩා වෙනස් බව ය.[37][38] චිත්‍රපටයේ රූගත කිරීම්වලට සම්බන්ධ වීමට පෙර, තමන්නා චිත්‍රපටයේ ඇඳුම් අත්හදා බැලීම් සඳහා ද දායක වූවා ය. මේ බව සනාථ කරමින් ඇය සිය ක්ෂුද්‍ර-බ්ලොග් පිටුවෙහි මෙසේ පවසා ඇත: "බාහුබලි චිත්‍රපටයට දායක වීම පිළිබඳ මම අතිශයින්ම උනන්දු වෙනවා. අද දින මා ඇඳුම් අත්හදා බැලීම් කිහිපයක් සිදුකළා. මෙම චිත්‍රපටයේ මගේ පෙනුම සම්පූර්ණයෙන්ම නව පෙනුමක් ගනු ඇති. මේ වනතෙක් මා කිසිදින එවැනි පෙනුමක් ඇති කරගෙන නැහැ. මෙය මට නැවුම් චරිතයක් වේවි."[39] රාජමෞලි තමන්නාව ගැන පැවසූයේ ඇගේ රංගනය චිත්‍රපටයට "අගය එකතු කිරීමක්" සිදුකරන බවයි.[40] එසේම අවන්තිකා චරිතය නිරූපණයේ දී විශේෂිත පුහුණු සහ ආහාර චර්යා රටාවක් අනුගමනය කිරීමට සිදුවූ බව ඇය පැවසුවා ය.[41] චිත්‍රපටය මගින් කිලිකිලි නැමැති නව භාෂාවක් හඳුන්වා දෙයි.[42]
නාදපථය[සංස්කරණය]
රාජමෞලිගේ මස්සිනා වූ එම්. එම්. කීරවානි විසින් මෙම චිත්‍රපටයේ සංගීත සහ පසුබිම් සංගීත නිර්මාණය සිදුකරන ලදී.
Untitled |
---|
තෙලිඟු පථ ලැයිස්තුව[43] | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
අංකය. | ගීතය | ගී පදවැල | ගායක(යන්) | කාලය | |||||
1. | "සාහෝරේ බාහුබලි" | කේ. ශිවශක්ති දත්තා, ආචාර්ය කේ. රාමක්‍රිෂ්ණා | දේලර් මෙහ්න්දි, එම්. එම්. කීරවානි, මෞනිමා | 3:29 | |||||
2. | "හම්ස නාව" | චෛතන්‍යා ප්‍රසාද් | සෝනි, දීපු | 3:27 | |||||
3. | "කන්නා නිඩුරින්චරා" | එම්. එම්. කීරවානි | ටී. ශ්‍රීනිධි, වී. ශ්‍රීසෞම්‍යා | 4:56 | |||||
4. | "දණ්ඩාලයියා" | එම්. එම්. කීරවානි | කාල භෛරවා | 3:31 | |||||
5. | "ඕක ප්‍රාණම්" | එම්. එම්. කීරවානි | කාල භෛරවා | 2:56 | |||||
සම්පූර්ණ දිග: |
18:19 |
සියලු පද රචනා සිදුකරන ලද්දේ මධන් කාර්කි.
දෙමළ පථ ලැයිස්තුව[44] | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
අංකය. | ගීතය | ගායක(යින්) | කාලය | ||||||
1. | "බාලේ බාලේ බාලේ" | දේලර් මෙහ්න්දි, එම්. එම්. කීරවානි, මෞනිමා | 3:29 | ||||||
2. | "ඔරේ ඕර් ඌරිල්" | මෝහනා, දීපු | 3:27 | ||||||
3. | "කන්නා නී තූංගඩා" | නයනා නායිර් | 4:56 | ||||||
4. | "වන්දායි අයියා" | කාල භෛරවා | 3:31 | ||||||
5. | "ඔරු යාගම්" | කාල භෛරවා | 2:56 | ||||||
සම්පූර්ණ දිග: |
18:19 |
සියලු පද රචනා සිදුකරන ලද්දේ මනෝජ් මුන්තෂිර්.
හින්දි පථ ලැයිස්තුව[45] | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
අංකය. | ගීතය | ගායක(යන්) | කාලය | ||||||
1. | "ජියෝ රේ බාහුබලි" | දේපර් මෙහ්න්දි, සංජීව් චිම්මල්ගි, රම්‍යා බෙහාරා | 3:29 | ||||||
2. | "වීරොන් කේ වීර් ආ" | ආදිති පෝල්, දීපු | 3:27 | ||||||
3. | "සෝජා සාරා" | මධුශ්‍රී | 4:56 | ||||||
4. | "ජයි-ජයිකාරා" | කෛලාශ් ඛේර් | 3:31 | ||||||
5. | "ශිවම්" | කාල භෛරවා | 2:56 | ||||||
සම්පූර්ණ දිග: |
18:19 |
සියලු පද රචනා සිදුකරන ලද්දේ මාන්කොම්බු ගෝපාලක්‍රිෂ්ණන්.
මලයාලම් පථ ලැයිස්තුව[46] | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
අංකය. | ගීතය | ගායක(යින්) | කාලය | ||||||
1. | "බලි බලි බාහුබලි" | යාසින් නිසාර්, විජයි යේසුදාස්, ශ්වේතා මෝහන් | 3:29 | ||||||
2. | "ඔරේ ඔරු රාජා" | විජේ යේසුදාස්, ශ්වේතා මෝහන් | 3:27 | ||||||
3. | "මුකිල් වර්ණා මුකුන්දා" | ශ්වේතා මෝහන් | 4:56 | ||||||
4. | "අර්කුම් තෝල්කතේ" | මධු බාලක්‍රිෂ්ණන් | 3:31 | ||||||
5. | "ඔරු ජීවන් බාහුත්‍යාගම්" | එම්. එම්. කීරවානි | 2:56 | ||||||
සම්පූර්ණ දිග: |
18:19 |
මුදාහැරීම[සංස්කරණය]
2017 අප්‍රේල් 28 දින ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක සිනමාශාලා තිර 9,000ක මෙම චිත්‍රපටය සම්මුතික 2D තාක්ෂණයෙන් මෙන්ම IMAX රූප ආකෘතියෙන් යුක්තව ද මුදාහැරිණි.[47][48] මෙම චිත්‍රපටය එහි මුදාහැරීම් දිනයට එක් දිනකට පෙර, එනම් 2017 අප්‍රේල් 27 දින UAE ඇතුළු බොහෝ ගල්ෆ් රටවල තිරගත විය.[49] චිත්‍රපටයේ තෙලිඟු ප්‍රභේදය Future Generali ආයතනය විසින් මූල්‍යමය හානි ඇතිවීම වළක්වා ගැනීමට කෝටි 200කට රක්ෂණය කරන ලදී.[50]
බාහුබලි 2: ද කන්ක්ලූෂන් චිත්‍රපටය මුදාහැරීමට ප්‍රථම එහි චන්ද්‍රිකා සහ සිනමාශාලා අයිතීන් අලෙවි කිරීම මගින් කෝටිc 500ක (
බිලියන 5) ආදායමක් උපයාගත්තේ ය.[51][52]
බොක්ස් ඔෆීස්[සංස්කරණය]
බාහුබලි 2: ද කන්ක්ලූෂන් චිත්‍රපටය එ මුදාහළ ප්‍රථම දිනයේම ලොවපුරා 217 කෝටි (US$34 මිලියන)ක දළ ආදායමක් හිමි කරගනිමින්[53] ඉන්දියානු චිත්‍රපටයක් ලද ඉහළම විවෘත කිරීමේ ආදායම ලබාගත්තේ කබාලි (
87.5 කෝටි (US$14 මිලියන)) චිත්‍රපටය අභිබවා යමිනි.[54] බාහුබලි 2 දින 3ක් තුළ නව ඉන්දියානු වාර්තාවක් තැබූයේ ලොවපුරා
540 කෝටි (US$84 මිලියන)ක දළ ආදාමයක් උපයා ගනිමිනි.[55] ආරම්භක සති අන්තයේ දී බාහුබලි 2 ඇඩො මිලියන 81ක දළ ආදායමක් උපයාගනිමින් ගෝලීය බොක්ස් ඔෆීස් ලැයිස්තුවේ තෙවන ස්ථානයට පැමිණියේ ය. මෙහි දී එක්සත් ජනපදය තුළ පමණක් ඇඩො මිලියන 10.1ක ආදායමක් උපයාගත්තේ ඉන්දියානු චිත්‍රපටයක් එක්සත් ජනපදයේ දී මෙතෙක් ලද ඉහළම චිත්‍රපටය ලෙස වාර්තාගත වෙමිනි.[56][57][53]
ඉන්දියාව තුළ දේශීය සියලු භාෂාවලින් ලද ඉහළම ආදායම චිත්‍රපටය තමන් සතු කරගත්තේ දින 5ක් ඇතුළත 565 කෝටි (US$88 මිලියන)ක ආදායමක් උපයා ගනිමිනි.[58] එය දින සයක් ඇතුළත සියලු භාෂාවලින්
කෝටි 792ක ආදායමක් ලොවපුරා උපයා ගනිමින් ඉහළම ආදායම ලද ඉන්දියානු චිත්‍රපටය බවට පත් විය.[59] සියලු භාෂාවලින් ලොවපුරා ප්‍රදර්ශනයෙන්
1000 කෝටි (US$160 මිලියන)ක ආදායම් සීමාව ඉක්මවූ ප්‍රථම ඉන්දියානු චිත්‍රපටය ද බාහුබලි 2 චිත්‍රපටයයි.[14][60][61] පළමු සති දෙකෙහි අවසානය වන විට සියලු භාෂාවලින්
1250 කෝටි (US$190 මිලියන)නට අධික දළ ආදායමක් උපයා ගැනීමට මෙම චිත්‍රපටය සමත් විය.[62]දින දහසයකට පසුව, චිත්‍රපටයේ ගෝලීය ආදායම
1330 කෝටි (US$210 මිලියන) පමණ විය.[63] දින දහනවයක් අවසානයේ එහි දළ ආදායම
1450 කෝටි (US$230 මිලියන) ඉක්මවී ය.[64] දින විසි එකක් අවසානයේ චිත්‍රපටයේ සමස්ත ගෝලීය ආදායම
1500 කෝටි (US$230 මිලියන) කරා ළඟා විය.[65]
ඉන්දියාව[සංස්කරණය]
ඉන්දියාව තුළ, බාහුබලි 2: ද කන්ක්ලූෂන්[66] චිත්‍රපටය එහි ප්‍රථම දිනයේම එහි ප්‍රභේද සතරෙන්ම (තෙලිඟු, දෙමළ, මලයාලම් සහ හින්දි) 152.6 කෝටි (US$24 මිලියන)ක දළ ආදායමක් හිමි කරගැනීමට සමත් විය.[54] තෙවන දිනය අවසන් වන විට, දේශීය වෙළඳපොල තුළ චිත්‍රපටයේ දළ ආදායම
415 කෝටි (US$65 මිලියන)ක් විය.[55] පළමු සතියේ අවසානය වන විට, ඉන්දියාව තුළ චිත්‍රපටය
695 කෝටි (US$110 මිලියන)ක දළ ආදායමක් හිමි කරගෙන තිබිණි.[67] බාහුබලි 2හි හින්දි හඬකැවූ ප්‍රභේදය පමණක් සති දෙකක් තුළ ඉන්දියාව තුළ ප්‍රදර්ශනයෙන්
386 කෝටි (US$60 මිලියන)ක ශුද්ධ ආදායමක් උපයාගෙන තිබිණි.[68] හින්දි ප්‍රභේදයේ බෙදාහරින්නාගේ අංශය දින එකොළහකින් පසුව
185 කෝටි (US$29 මිලියන) කරා ළඟා වෙමින් හින්දි චිත්‍රපටයක් ලද එම ඉහළම අගය හිමි කරගත්තේ දංගල් චිත්‍රපටයේ වාර්තාව බිඳහෙළමිනි.[69] තමිල් නාඩුව තුළ බාහුබලි 2
කෝටි 100ක පමණ දළ ආදායමක් ද, කේරළය තුළ
කෝටි 50ක ආදායමක් ද උපයාගත්තේ ය.[70]
විදේශ[සංස්කරණය]
පළමු දිනයේම විදෙස් වෙළඳපොල තුළ 60 කෝටි (US$9.4 මිලියන)කට ආසන්න ආදායමක් මෙම චිත්‍රපටය හිමි කරග්තතේ ය. ඉන්
කෝටි 30ක් (
මිලියන 300) එක්සත් ජනපදයෙන් ද,
16 කෝටි (US$2.5 මිලියන)ක් එක්සත් අරාබි රමීර් රාජ්‍යයෙන් සහ වෙනත් රටවල්වලින් හිමි විය.[54] තෙවන දිනයේ අවසානය වන විට, විදෙස් වෙළඳපොල තුළ එය
125 කෝටි (US$19 මිලියන)ක ආදායමක් උපයාගත් අතර, ඉන්
64 කෝටි (US$10 මිලියන)ක්ම එක්සත් ජනපදයෙන් පමණක් හිමිවූ ආදායම විය.[55] 2017 මැයි 3 වන විට, බාහුබලි 2: ද කන්ක්ලූෂන් චිත්‍රපටය එක්සත් ජනපදය බොක්ස් ඔෆීස්හි ඉහළම ආදායම ලබන ඉන්දියානු චිත්‍රපටය බවට පත්වූයේ ඇ.ඩො. මිලියන 12.5ක් උපයා ගනිමිනි. එය මින් පෙර දංගල් චිත්‍රපටයේ ඇ.ඩො. මිලියන 12.3ක වාර්තාගත ආදායම අභිබවා යාමට සමත් විය.[71][72][73]
මැදපෙරදිග -GCC- ගල්ෆ් කලාපයේ ඇ.ඩො. මිලියන 11.1ක ආදායම හිමි කරගැනීමට සමත් වූ ප්‍රථම ඉන්දියානු චිත්‍රපටය බවට බාහුබලි 2: ද කන්ක්ලූෂන් පත්වූයේ බජ්රන්ගි භායිජාන් චිත්‍රපටය අභිබවා යමිනි.[74]14 මැයි 2017[update], මෙම චිත්‍රපටය එක්සත් ජනපදය තුළ ඇ.ඩො. මිලියන 19ක ආදායමක් උපයාගෙන තිබිණි.[75] මුදාහැර දින 16කට පසුව, චිත්‍රපටයේ විදෙස් දළ ආදායම 240 කෝටි (US$37 මිලියන)ක් විය.[63]
මේවාත් බලන්න[සංස්කරණය]
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ "Baahubali 2: The Conclusion [Telugu version] (U/A)". 20 April 2017.
- ↑ Sreedhar Pillai on Twitter: "#Baahubali2 (Tamil) censor certificate – UA. Running Time 168 minutes. Release April 28. https://t.co/2mmgYR5LYz". Twitter.com (25 April 2017). Retrieved 5 May 2017.
- ↑ "Investments covered, Baahubali 2 is a gold mine even before release: Experts". Hindustan Times. 8 April 2017. 10 April 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
{{cite web}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (help) - ↑ "Baahubali 2 box office collection day 24: SS Rajamouli film collects Rs 1565 crore". The Indian Express. 22 May 2017. සම්ප්‍රවේශය 22 May 2017.
- ↑ "Bahubali 2 to feature in foreign languages". The Hans India. 4 April 2017.
{{cite web}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (help) - ↑ indiatvnews (10 July 2015). "Bahubali: Is Rs 250 Crore Budget Film Inspired From Hollywood'IndiaTV News Mobile Site". India TV News.
- ↑ broke many records, http://viraltelegram.com/baahubali-2-makes-rs-500-crore-business/, ප්‍රතිෂ්ඨාපනය 3 June 2017
- ↑ "Bahubali-2 To Be Screened At British Film Institute". 1 March 2017.
- ↑ "Baahubali 2 premiere: Queen Elizabeth II will watch it before anybody else in India?". 28 February 2017.
- ↑ Srivatsan (25 April 2017). "SS Rajamouli's Baahubali 2 to release across 6000 screens worldwide". India Today. සම්ප්‍රවේශය 10 May 2017.
- ↑ "It's official! Baahubali 2 to hit the screens on April 28, 2017". Hindustan Times. 5 August 2016. 12 August 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 August 2016.
{{cite web}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (help) - ↑ "IndianExpress.com Cinema theatres gear up for Baahubali-2 with 4K projectors".
- ↑ The Worldwide Crown To Bahubali 2 Also. Box Office India. Retrieved 5 May 2017.
- ↑ 14.0 14.1 "Bahubali 2 Hits 1000 Crore Worldwide In Ten Days".
- ↑ "Baahubali 2's Rs 1000 crore collection: How SS Rajamouli's film achieved its box office numbers". 8 May 2017.
- ↑ Baahubali 2 Creates History, Becomes First Indian Movie Ever To Collect Rs 1,000 Crore. Ndtv.com (30 April 2017). Retrieved 8 May 2017.
- ↑ "Baahubali 2: Meet Maharaja Vikramadeva, Prabhas's third role in the film. See pic". The Indian Express. සම්ප්‍රවේශය 18 April 2017.
- ↑ An Interview With 'Baahubali' Director SS Rajamouli: The Beginning. Forbes.com. Retrieved on 2015-10-28.
- ↑ "In the realm of love". The Hindu. 17 November 2013. සම්ප්‍රවේශය 24 December 2013.
- ↑ "A busy summer for Anushka". The Times of India. 30 March 2013. සම්ප්‍රවේශය 24 December 2013.
- ↑ 21.0 21.1 "Rana's groundwork for 'Baahubali'". raagalahari.com. 7 March 2013. සම්ප්‍රවේශය 24 December 2013.
- ↑ "Sathyaraj joins Baahubali's cast". 123telugu.com. 25 April 2013. සම්ප්‍රවේශය 26 April 2013.
- ↑ Shekhar (18 April 2013). "I am doing a small role in Rajamouli's Bahubali: Sudeep". Oneindia Entertainment. සම්ප්‍රවේශය 19 April 2013.
- ↑ "Sudeep shoots for 'Baahubali'". Sify.com. 10 July 2013. සම්ප්‍රවේශය 24 December 2013.
- ↑ "Adivi Sesh in Rajamouli's Bahubali". The Times of India. 6 April 2013. සම්ප්‍රවේශය 7 April 2013.
- ↑ 26.0 26.1 "Ramya Krishna as Rajamatha in Baahubali". 123telugu.com. 15 August 2013. සම්ප්‍රවේශය 15 August 2013.
{{cite web}}
: Italic or bold markup not allowed in:|work=
(help) - ↑ "Charandeep likes playing powerful villainous roles". 11 March 2015. සම්ප්‍රවේශය 23 October 2016.
- ↑ "Tamanna To Star With Prabhas In Baahubali: First Look Released As Birthday Gift". Oneindia Entertainment. 20 December 2013. සම්ප්‍රවේශය 21 December 2013.
- ↑ "Rana's focus on Martial Arts". raagalahari.com. 18 April 2013. සම්ප්‍රවේශය 19 July 2014.
- ↑ "SS Rajamouli signs Sathyaraj". Sify.com. 25 April 2013. සම්ප්‍රවේශය 25 April 2013.
{{cite web}}
: Italic or bold markup not allowed in:|work=
(help) - ↑ "Sudeep plays the role of weapon trader in Baahubali". Oneindia Entertainment. 16 July 2013. සම්ප්‍රවේශය 24 December 2013.
- ↑ "Rana Daggubati is all beefed up for 'Baahubali'". Deccan Chronicle. 29 October 2013. 29 November 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 19 July 2014.
{{cite web}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (help) - ↑ "Anushka will be shown as pregnant in baahubali". Deccan Chronicle. 19 May 2014. සම්ප්‍රවේශය 19 July 2014.
- ↑ "Actor Prabhas clears the mystery over secret surgery". Deccan Chronicle. 19 May 2014. සම්ප්‍රවේශය 19 July 2014.
- ↑ "Prabhas and Rana hit century on weighing scale". Deccan Chronicle. 1 June 2014. සම්ප්‍රවේශය 19 July 2014.
- ↑ 36.0 36.1 "The secret behind Prabhas' look in Baahubali". The Times of India. 20 February 2014. සම්ප්‍රවේශය 19 July 2014.
- ↑ "Tamannaah to romance Prabhas in Baahubali". The Times of India. 20 December 2013. සම්ප්‍රවේශය 21 December 2013.
- ↑ "Straddling three worlds". The Hindu. 21 June 2014. සම්ප්‍රවේශය 19 July 2014.
- ↑ "Tamannaah to join the sets of Baahubali". The Times of India. 23 June 2014. සම්ප්‍රවේශය 19 July 2014.
- ↑ "All praise for Tamannaah". The Hindu. 3 July 2014. සම්ප්‍රවේශය 19 July 2014.
- ↑ "Tamannaah shed 6 kilos for Baahubali". The Times of India. 22 December 2014. සම්ප්‍රවේශය 24 December 2014.
- ↑ "Baahubali does a Lord of the Rings! The film introduces a new language called Kilikili".
- ↑ M. M. Keeravani. "Baahubali – The Conclusion (Telugu) [Original Motion Picture Soundtrack]".
- ↑ M. M. Keeravani. "Baahubali – The Conclusion (Tamil) [Original Motion Picture Soundtrack]".
- ↑ M. M. Keeravani. "Baahubali – The Conclusion (Hindi) [Original Motion Picture Soundtrack]".
- ↑ M. M. Keeravani. "Baahubali 2: The Conclusion (Malayalam) [Original Motion Picture Soundtrack]".
- ↑ Nancy Tartaglione (16 March 2017). "'Baahubali 2' Sets IMAX Release; Sequel To 2015 Smash Debuts April 28". Deadline.com. 17 April 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 March 2017.
{{cite web}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (help) - ↑ "Bahubali 2: The Conclusion – All you need to know about its story, box office, pre-release business". Firstpost. 28 April 2017. 28 April 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 April 2017.
{{cite web}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (help) - ↑ Baahubali 2 The Conclusion Movie Review, Rating & Public Response සංරක්ෂණය කළ පිටපත 2 මැයි 2017 at the Wayback Machine. Santabantawallpaper.co.in. Retrieved 8 May 2017.
- ↑ "Baahubali-2 insurer Future Generali explains risks, rewards in film insurance business in India". 6 May 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
{{cite web}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (help) - ↑ "Baahubali – 2 made 500 crores before release" සංරක්ෂණය කළ පිටපත 12 පෙබරවාරි 2017 at the Wayback Machine. Hindustan Times. Retrieved 5 May 2017.
- ↑ "Baahubali – 2 film earns 500 crores before release" සංරක්ෂණය කළ පිටපත 3 පෙබරවාරි 2017 at the Wayback Machine. The Indian Express. (1 February 2017). Retrieved 5 May 2017.
- ↑ 53.0 53.1 "Cyclone 'Baahubali' Wallops India With A Deluge Of Box Office Riches". Forbes. 1 May 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
{{cite web}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (help) - ↑ 54.0 54.1 54.2 "Baahubali 2 (Bahubali 2) 1st day worldwide box office collection: Prabhas-starrer gross Rs 212 crore, check areas-wise business". International Business Times. 29 April 2017. සම්ප්‍රවේශය 29 April 2017.
- ↑ 55.0 55.1 55.2 "Baahubali 2 box office collection day 3: With Rs 540 crore worldwide collection, the age of SS Rajamouli is here". The Indian Express. 1 May 2017. 30 April 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 1 May 2017.
{{cite web}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (help) - ↑ "imdb News".
- ↑ "Baahubali 2 debuts at third position at American box office, earns $10.1 million". Deccan Chronicle. 1 May 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
{{cite news}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (help) - ↑ ‘Baahubali 2: The Conclusion’ box-office collection Day 5: Film becomes highest ever domestic grosser සංරක්ෂණය කළ පිටපත 3 මැයි 2017 at the Wayback Machine. The Times of India. Retrieved 5 May 2017.
- ↑ ‘Baahubali 2: The Conclusion’ worldwide box office collection Day 6: Film creates history by amassing Rs 792 crore සංරක්ෂණය කළ පිටපත 4 මැයි 2017 at the Wayback Machine. The Times of India. Retrieved 5 May 2017.
- ↑ 'Baahubali 2: The Conclusion' worldwide box-office collection Day 10: Film creates history by crossing 1000 crore mark සංරක්ෂණය කළ පිටපත 8 මැයි 2017 at the Wayback Machine
- ↑ Steinberg, Don (8 May 2017). "How an Indian Superhero Film Beat Hollywood Competitors" – via www.wsj.com.
- ↑ "Baahubali 2 box office collection Day 14: SS Rajamouli film creates Rs 400 crore club in Bollywood". 12 May 2017.
- ↑ 63.0 63.1 "Baahubali 2 box office collection day 16: SS Rajamouli film collects Rs 1330 crore worldwide". The Indian Express. 14 May 2017. සම්ප්‍රවේශය 14 May 2017.
- ↑ "Baahubali 2 box office collection day 19: SS Rajamouli film fends off competition, grosses Rs 1450 cr worldwide". The Indian Express. 17 May 2017. සම්ප්‍රවේශය 17 May 2017.
- ↑ "Baahubali 2 box office collection day 21: SS Rajamouli film creates Rs 1500-crore club". The Indian Express. 19 May 2017. සම්ප්‍රවේශය 19 May 2017.
- ↑ "Baahubali 2 Day-Wise Collection at Domestic Box Office". BoxOfficeCollection.in. සම්ප්‍රවේශය 4 May 2017.
{{cite web}}
: Cite has empty unknown parameter:|dead-url=
(help) - ↑ "Baahubali 2 box office collection day 7: SS Rajamouli film trumps Aamir Khan's PK, becomes India's highest worldwide grosser". The Indian Express. 5 May 2017. සම්ප්‍රවේශය 14 May 2017.
- ↑ "Bahubali 2 Is Highest Hindi Grosser Of All Time".
- ↑ "Bahubali 2 (Hindi) Is Rock Steady On Second Tuesday The film in Hindi has crossed the Dangal Hindi distributor share in just 11 days to become to have the highest distributor share ever for a Hindi film of 184-185 crore apprx".
- ↑ Bahubali 2 - The Conclusion Crosses 900 Cr NETT All India
- ↑ Bahubali 2 Crushes Dangal In Six Days In USA. Box Office India. Retrieved 5 May 2017.
- ↑ $12.6 million and counting: Baahubali 2 beats Dangal at the US box-office සංරක්ෂණය කළ පිටපත 4 මැයි 2017 at the Wayback Machine. Business Standard. (28 April 2017). Retrieved 5 May 2017.
- ↑ 'Baahubali 2' box-office collection: SS Rajamouli's magnum opus beats 'Dangal' at the US box-office. The Times of India. Retrieved 5 May 2017.
- ↑ "Bahubali 2 - First Film To Cross 10 Million In UAE".
- ↑ "Baahubali 2: The Conclusion (2017)". Box Office Mojo. සම්ප්‍රවේශය 5 May 2017.
- 2017 මැයි සිට ගැනෙන දිනය-මාසය-වසර ආකාරයේ දාතම භාවිතා
- 2017 චිත්‍රපට
- මැයි 2017 සිට ගැනෙන යල් පැන ගිය ප්‍රකාශ අඩංගු වීමට ඉඩ ඇති ලිපි
- 2010 දශකයේ ෆැන්ටසි චිත්‍රපට
- 2010 දශකය තුළ දෙමළ-භාෂා චිත්‍රපට
- 2010 දශකයේ තෙලිඟු-භාෂා චිත්‍රපට
- බාහුබලි
- එම්. එම්. කීරවානිගේ චිත්‍රපට සංගීත නිර්මාණ
- එස්. එස්. රාජමෞලි විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට
- පුරාතන ඉන්දියාව පසුබිමෙහි නිර්මාණය වූ චිත්‍රපට
- ඉන්දියානු ඓතිහාසික චිත්‍රපට
- ඉන්දියානු වීරකථා චිත්‍රපට
- ඉන්දියානු චිත්‍රපට
- බහුභාෂා චිත්‍රපට
- දෙමළ-භාෂා චිත්‍රපට
- තෙලිඟු-භාෂා චිත්‍රපට
- ඉන්දියානු අනුගාමී චිත්‍රපට
- දෙමළ අනුගාමී චිත්‍රපට