රුද්‍රමාදේවි (චිත්‍රපටය)

විකිපීඩියා වෙතින්
රුද්‍රමාදේවි
මුදාහැරීමේ ප්‍රවර්ධනයක්
අධ්‍යක්‍ෂණයගුණසේඛර්
රචනයගුණසේඛර්
නිශ්පාදනයගුණසේඛර්
රාගිනී ගුණා
නීලිමා ගුණා
යුක්තමුඛී
රංගන ශිල්පීන්අනුෂ්කා ෂෙට්ටි
අල්ලු අර්ජුන්
රානා දග්ගුබාති
වික්‍රම්ජීත් විර්ක්
ක්‍රිෂ්ණම් රාජු
ප්‍රකාශ් රාජ්
කථනයචිරන්ජීවි
සිනෙමාරූපණයඅජයන් වින්සන්ට්
සංස්කරණයශ්‍රීකර් ප්‍රසාද්
සංගීතයඉලෛයරාජා
Production
company
බෙදාහැරීමගුණා ටීම් වර්ක්ස්
(තෙලිඟු)
ශ්‍රී තේනන්දල් ෆිල්ම්ස්
(දෙමළ)
නිකුත්වූ දිනය
  • 9 ඔක්තෝබර් 2015 (2015-10-09)
තිර කාලය
මිනිත්තු 157
රටඉන්දියාව
භාෂාවතෙලිඟු
පිරිවැයINR48 කෝටි (US$7.5 මිලියන)[1]
ආදායමඇස්ත. INR86.92 කෝටි (US$14 මිලියන)[1]

රුද්‍රමාදේවි යනුවෙන් හැඳින්වෙන්නේ 2015දී මුදාහරුණු ඉන්දියානු තෙලිඟු 3D වීරකථා ඓතිහාසික ප්‍රබන්ධ චිත්‍රපටයකි. මේ සඳහා පාදක වී ඇත්තේ ඩෙකෑනයේ කාකතීය රාජවංශයේ විසූ ප්‍රමුඛ රැජිනියක වූ රුද්‍රමා දේවියගේ ජීවන පුවතයි. ඇය ඉන්දියානු ඉතිහාසයේ විසූ අතලොස්සක් වූ රාජ්‍ය කරන රැජිනියන් අතුරින් අයෙකි.[2][3] මෙම චිත්‍රපටය රචනාකරණය සහ අධ්‍යක්ෂණය සිදුකරන ලද්දේ ගුණසේඛර් විසිනි. මෙහි ප්‍රධාන චරිතය වන රුද්‍රමා දේවීගේ චරිතය අනුෂ්කා ෂෙට්ටි විසින් නිරූපණය කරනු ලබයි.[4] මෙහි සෙසු චරිත අල්ලු අර්ජුන්, රානා දග්ගුබාති, වික්‍රම්ජීත් විර්ක්, ක්‍රිෂ්ණම් රාජු, ප්‍රකාශ් රාජ්, සුමන්, නිත්‍යා මෙනන්, බාබා සේගාල් සහ කැතරින් ට්‍රේසා විසින් නිරූපණය කරන ලදී. මෙම චිත්‍රපටයේ කථානය සිදුකරන්නේ චිරන්ජීවි විසිනි.[5] චිත්‍රපටයේ නාදපථය සහ පසුබිම් සංගීතය ඉලෛයරාජා විසින් නිර්මාණය කරන ලදී.[6]

රුද්‍රමාදේවී චිත්‍රපටය ‍ලොව පුරා මුදාහැරුණේ 2015 ඔක්තෝබර් 9 වන දින ය. ඒ හා සමගාමීව චිත්‍රපටයේ හින්දි සහ මලයාලම් බසින් හඬකැවූ ප්‍රභේද ද ප්‍රදර්ශනය කෙරිණි. දෙමළ බසින් හඬකැවූ ප්‍රභේදය[7] මුදාහරින ලද්දේ ඔක්තෝබර් 16 දින ශ්‍රී තේනන්දල් ෆිල්ම්ස් ආයතනය විසිනි.[8] මුදාහැරීමෙන් පසු, මෙම චිත්‍රපටය ධනාත්මක ප්‍රතිචාර හිමිකරගත් අතර, චිත්‍රපටයේ අධ්‍යක්ෂණය, කථන ශෛලිය, පසුබිම් සංගීතය සහ අනුෂ්කාගේ රංගන ප්‍රතිභාව විචාරක පැසසුමට ලක් විය. මෙම චිත්‍රපටය 2015 වර්ෂයේ මුල්ම ප්‍රදර්ශන දින‍යේ පස්වන වැඩිම ආදායම හිමි කරගත් ඉන්දියානු චිත්‍රපටය බවට පත් විය‍.[9][10][11] මුල් ප්‍රදර්ශන සතිය තුළ එය ලොව පුරා ඉන්දියානු රුපියල් කෝටි 32ක ආදායමක් හිමිකරගත්තේ ය.[12][13][14]

කථාපුවත[සංස්කරණය]

ගණපතිදේව යනු කාකතීය රාජවංශයේ කාකතීය අධිරාජ්‍යය පාලනය කළ අධිරාජයා වේ. ඔහු සිය අධිරාජ්‍යය පාලනය කළේ ඔරුගල්ලු (වර්තමාන වරංගල්, තෙලංගානා) සිය අගනුවර කොටගෙන ය. පුරාතන පුත්‍රිකා මංගල්‍යය අනුව ඔහු සිය දියණිය වූ රුද්‍රමා, නිල වශයෙන් පුත්‍රයා ලෙස නම් කොට රුද්‍රදේව නැමැති පුරුෂ නාමයක් ද තැබී ය. 1250-60 දක්වා කාලය තුළ රුද්‍රමා දේවී සිය පියාගේ සම-අනුරාජයා ලෙස හවුල් රාජ්‍ය පාලනයක් ගෙනගියේ රුද්‍රදේව ‍මහාරාජ යන නාමයෙනි.

ඔවුන්ගේ හවුල් පාලන සමයේ පළමු වර්ෂ ද්විත්වය හෝ ත්‍රිත්වය තුළ රාජධානිය මතභේදාත්මක සහ අවුල් සහගත තත්ත්වයකට පත්වන්නේ Iවන ජයවර්මන් සුන්දර් පාණ්ඩ්‍යන් විසින් රාජ්‍’ය ආක්‍රමණය කිරීමත්, නෙල්ලෝරය අසල මුත්තුකූර් යුධ භූමිවේ දී කාකතීයවරුන් සහ ඔවුන්ගේ මිත්‍ර පාක්ෂිකයන් දැඩි පරාජයකට ලක්වීමත් සමගයි. කෙසේ හෝ ගණපතිදේව ආක්‍රමණය යළි හරවා යැවීමට සමත් වුව ද, ඒ වනවිට ඔහුගේ රාජධානියේ බිම් බොහෝ ප්‍රමාණයක් අහිමි වී තිබූ අතර, ඔහුගේ ගෞරවය ද හීන වී තිබිණි. එසේම ඔහුගේ වැඩවසම් බිම් සහ වංශවතුන් ද වෙනස් වී සිටියේ ය. මෙම තත්ත්ව යටතේ ඔහු ක්‍රියාකාරී දේශපාලනයෙන් විශ්‍රාම ගත්තේ ය. රුද්‍රමාදේවියව නිදාදවෝලුහි වෙංගි චාලුක්‍ය (බදාමියේ චාලුක්‍යවරුන්ගේ ශාඛාවකි) කුමරකු වූ වීරභද්‍ර හට විවාහ කරදෙන ලදී.

චරිත නිරූපණය[සංස්කරණය]

නිෂ්පාදනය[සංස්කරණය]

රූගත කිරීම් ඇරඹුණු කුළුණු දහසේ දේවාලය.

අධ්‍යක්ෂක ගුණසේඛර් රාණි රැද්‍රමාදේවීගේ චරිතය ඇසුරෙන් පිටපතක් සූදානම් කළේ ය. මෙහි රුද්‍රමාදේවීගේ චරිතය සඳහා අනුෂ්කා, නයනතාරා සහ ප්‍රියංකා‍ චොප්රාගේ නම් යෝජනා වූ අතර, අරුන්දතී චිත්‍රපටයේ රංගන ප්‍රතිභාව සලකා අනුෂ්කාව මෙම චරිතය සඳහා යොදාගැනිණි. ගුණසේඛර් විසින් මෙහි සංගීත නිර්මාණය සඳහා ඉලෛයරාජාව තෝරාගැනුණු අතර, කලා අධ්‍යක්ෂණය සඳහා තෝට්ට තාරණි තෝරාගැනිණි. චිත්‍රපටය නිෂ්පාදනය කෙරුණේ ඉන්දියානු රුපියල් කෝටි 80ක අයවැයක් යටතේ ය.[1] මහේෂ් බාබු සහ කනිෂ්ඨ NTR යන දෙදෙනාගේ නම් මුලින් ගෝන ගණ්ණ රෙඩ්ඩි සඳහා යෝජනා වුවත්, ඔවුන් දෙදෙනා විසින්ම එම යෝජනාව ප්‍රතික්ෂේප කොට තිබිණි. පසුව ක්‍රමයෙන් අල්ලු අර්ජුන් මෙම චරිතය සඳහා තෝරාගැනිණි.[15] නීතා ලල්ලා විසින් වස්ත්‍ර නිර්මාණය සිදුකරන ලදී.[16] බාබා සේගාල්ව ද අධ්‍යක්ෂක ගුණසේඛර් විසින් චරිතයක් සඳහා යොදාගන්නා ලදී.[17] අශුතෝෂ් ගෝවාරිකර්ගේ ඛේලෙඉන් හම් ජී ජාන් සේ (2010) සහ පූරි ජගන්නාධ්ගේ 2014 චිත්‍රපටයක් වූ Heart Attack යන චිත්‍රපටවල ඍණාත්මක චරිත නිරූපණය කළ වික්‍රම්ජීත් විර්ක් නැමැති නළුවා, මෙම චිත්‍රපටයේ ද ඍණාත්මක චිත්‍රපටයක් වන මහාදේව නායකාදුගේ චරිතය නිරූපණය කරයි.[18]

චිත්‍රපටයේ රූගත කිරීම් 2013 පෙබරවාරි 14 දින වරංගල්හි දී ය. එහි පළමු දසුන රූගත කෙරුණේ වරංගල්හි කුළුණු දහසේ දේවාලයේ දී ය.[19] අවසන් රූගත කිරීම් 2014 ජූලි මස සිදු විය.[18]

මුදාහැරීම[සංස්කරණය]

චිත්‍රපටයේ නිල ප්‍රචාරක පටය 2015 මාර්තුවේ මුදාහැරිණි.[20] චිත්‍රපටය මුදාහැරීම 2015 ජූනි 26 දින සිදු කිරීමට සැලසුම් කොට තිබුණ ද,[21] තාක්ෂණික ගැටලු හේතුවෙන් එය ඔක්තෝබර් 9 තෙක් කල්දැමිණි.[22] තෙලංගානා ප්‍රාන්තය විසින් මෙම චිත්‍රපටය සඳහා රසවින්දන බදු නිදහසක් ලබා දී තිබිණි.[23]

නීත්‍යානුකූල මාර්ගස්ථ මුදාහැරීම[සංස්කරණය]

හීරෝටෝකීස් විසින් නීත්‍යානුකූලව රුද්‍රමාදේවී චිත්‍රපටය 2D සහ 3D රූප ආකෘතිවලින් මුදාහරින ලද්දේ ලොවපුරා 3D රූපවාහිනී පාරිභෝගිකයන් හට ලබා ගැනීම සඳහායි.[24]

පිළිගැනීම[සංස්කරණය]

විචාරක ප්‍රතිචාරය[සංස්කරණය]

මුදාහැරීමත් සමග, චිත්‍රපටය යහපත් ප්‍රතිචාර හිමි කරගත් අතර, අධ්‍යක්ෂණය, ඉදිරිපත් කිරීම සහ අනුෂ්කාගේ රංගනය පැසසුමට ලක් විය.[10][11] බෙල්වොයර් ඊගල් විසින් මෙම චිත්‍රපටයට 3.5/5 ක ඇගයුමක් ලබා දී තිබූ අතර,[25] The Hans Indiaහි කියාරා සින්දු විසින් එයට 4/5ක ප්‍රමාණනයක් ලබා දෙන ලදී.[26]

බොක්ස් ඔෆිස්[සංස්කරණය]

මෙම චිත්‍රපටය 2015 වර්ෂයේ පළමු ප්‍රදර්ශන දිනයේම පස්වන ඉහළම ආදායම හිමිකරගත් ඉන්දියානු චිත්‍රපටය බවට පත් විය.[9] දේශීය ප්‍රවේශපත් කාර්යාල තුළ පළමු සති අන්තයේ දී මෙය ඉන්දියානු රුපියල් කෝටි 32ක ආදායමක් හිමි කරගත් අතර,[27] පළමු සතිය තුළ ඉන්දියානු රුපියල් කෝටි 57.62ක ආදායමක් හිමි කරගත්තේ ය.[28] ලෝකය පුරා ප්‍රදර්ශනය මගින් දින 17ක් ඇතුළත ඉන්දියානු රුපියල් කෝටි 81.77ක[29] සහ දින 21ක් තුළ ඉන්දියානු රුපියල් කෝටි 83ක ආදායමක් ලබා ගැනීමට මෙම චිත්‍රපටය සමත් විය.[30] දින 35ක් ඇතුළත් මෙහි ලෝකය පුරා උපයාගත් ආදායම ඉන්දියානු රුපියල් කෝටි 86.92ක් විය.[1]

මෙහි හින්දි හඬකැවූ ප්‍රභේදය මුදාහැර පළමු සති දෙක ඇතුළත ඉන්දීය රුපියල් කෝටි 15ක ආදායමක් හිමි කරගන්නා ලදී.[31] දින 24ක් ඇතුළත විදේශ ප්‍රදර්ශන මගින් චිත්‍රපටය ඇ.ඩො. 990,772ක[32] දින 31ක් ඇතුළත ඇ.ඩො. 993,837ක ආදායමක් හිමි කරග්නනා ලදී.[33]

සම්මාන සහ නිර්දේශ[සංස්කරණය]

වර්ෂය ප්‍රවර්ගය සම්මානය චිත්‍රපටය ප්‍රතිඵල ජයග්‍රාහකයා
2015 හොඳම නිළිය සඳහා උගාඩි සම්මානය උගාඩි සම්මාන 2016 රුද්‍රමාදේවී දිනාගති අනුෂ්කා ෂෙට්ටි
හොඳම නිළිය අප්සරා සම්මාන 2016 දිනාගති
වසරේ රසවින්දකයා අප්සරා සම්මාන 2016 දිනාගති
හොඳම නිළිය සඳහා සිනේමා සම්මානය සිනේමා සම්මානය දිනාගති
හොඳම නිළිය භරතමුණි සම්මාන දිනාගති
හොඳම නිළිය - විචාරක තේරීම SIIMA (දකුණු ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට සම්මාන) 2016[34] දිනාගති
හොඳම නිළිය SIIMA (දකුණු ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට සම්මාන) 2016[34] නිර්දේශිත
හොඳම නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය – තෙලිඟු ෆිල්ම්ෆෙයාර් සම්මාන දකුණ දිනාගති
සන්තෝෂම් හොඳම නිළිය සම්මානය සන්තෝෂම් චිත්‍රපට සම්මාන දිනාගති
සහායක චරිතයක හොඳම නළුවා සඳහා වන ෆිල්ම්ෆෙයාර් සම්මානය – තෙලිඟු ෆිල්ම්ෆෙයාර් සම්මාන දකුණ දිනාගති අල්ලු අර්ජුන්
හොඳම නළුවා - විචාරක තේරීම SIIMA (දකුණු ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට සම්මාන) 2016 දිනාගති
හොඳම නළුවා SIIMA (දකුණු ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට සම්මාන) 2016[34] නිර්දේශිත
හොඳම නළුවා සඳහා සිනේමා සම්මානය - ජූරියේ සිනේමා සම්මාන දිනාගති
අගය කිරීම සඳහා සිනේමා සම්මානය සිනේමා සම්මාන දිනාගති ගුණසේඛර්
සන්තෝෂම් හොඳම චිත්‍රපටය සම්මානය සන්තෝෂම් චිත්‍රපට සම්මාන දිනාගති
හොඳම අධ්‍යක්ෂක - තෙලිඟු SIIMA (දකුණු ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට සම්මාන) 2016[34] නිර්දේශිත
හොඳම චිත්‍රපටය - තෙලිඟු SIIMA (දකුණු ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට සම්මාන) 2016[34] නිර්දේශිත
සහායක චරිතයක හොඳම නිළිය - තෙලිඟු SIIMA (දකුණු ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට සම්මාන) 2016[34] නිර්දේශිත නිත්‍යා මෙනන්

නාදපථය[සංස්කරණය]

මෙහි ගීත තෙලංගානා සහ ආන්ධ්‍රා ප්‍රදේශ්වල වෙනවෙනම ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් මුදාහැරීමට සැලසුම් කොට තිබිණි. ඇල්බමයේ ඇති ගීත හයෙන්, තුනක් විසාඛපට්නම්හි උගාඩි උත්ස‍වයේ දී නිකුත් කෙරිණි. ඉතිරි ගීත තුන මුදාහැරුණේ ඊළඟ දිනයේ වරංගල්හි දී ය.[35][36] ඩෙකෑන් මියුසික් විසින් 2015 මාර්තු මස මෙය හොඳම තෙලිඟු ඇල්බමය ලෙස නම්කෙරිණි.[37] දෙමළ සහ මලයාලම් නාදපථ ප්‍රභේද පසුව නිකුත් කෙරිණි.

උරුමය[සංස්කරණය]

එක්සත් රාජධානියේ ලන්ඩන්හි පටිගතකිරීම් සිදුකළ පළමු තෙලිඟු චිත්‍රපටය රුද්‍රමාදේවි ය. මෙහි ප්‍රධාන චරිත සඳහා නිර්මාණය කරන ලද වස්ත්‍ර සහ ආභරණ චෙන්නායිහි NAC ආභරණ වෙළෙන්දන් විසින් රුද්‍රමාදේවී එකතුව ලෙස ප්‍රදර්ශනයට තබා ඇත.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 "'Rudramadevi' (Rudhramadevi) grosses Rs 116.92 crore at box office in 35 days". International Business Times. 15 November 2015.
  2. Julius Jolly (1885) Outlines of an History of the Hindu Law of Partition, Inheritance, and Adoption:As Contained in the Original Sanskrit Treatises, Thacker, Spink and Company, pp. 144–150:
  3. Bilkees I. Latif (2010). Forgotten. Penguin Books India. p. 70. ISBN 978-0-14-306454-1.
  4. "Anushka to do a Tamil-Telugu period film?". Times of India. 6 October 2012. සම්ප්‍රවේශය 24 November 2012.
  5. "Rudhramadevi Movie Database". Film Dhamaka. 27 January 2015. සම්ප්‍රවේශය 27 January 2015.
  6. "Rudramadevi Music". Raag. සම්ප්‍රවේශය 21 March 2015.
  7. "Puli' box office collection: Will Anushka's 'Rudhramadevi' (Rudramadevi) affect Vijay starrer?". ibtimes.co.in. සම්ප්‍රවේශය 2015-10-16.
  8. "Tamil version of Rudhramadevi to release on October 16". Hindustan Times. 7 October 2015. සම්ප්‍රවේශය 7 October 2015.
  9. 9.0 9.1 "'Rudhramadevi' (Rudramadevi) 1st day box office collection: Gunasekhar film turns 6th biggest opener of 2015". International Business Times, India Edition. 10 October 2015.
  10. 10.0 10.1 "Rudramadevi review: Lengthy but interesting period drama". The Indian Express. 10 October 2015.
  11. 11.0 11.1 Special Correspondent. "Rudramadevi exempted from entertainment tax in TS". The Hindu.
  12. "Rudhramadevi box office collection: Anushka Shetty-starrer mints Rs 32 crore in the opening weekend". msn.com.
  13. "Rudhramadevi Box Office Collection". Box Office. 11 October 2015.
  14. "'Rudramadevi' (Rudhramadevi) grosses Rs 93.7 crore at box office in 35 days". International Business Times. Nov 15, 2015.
  15. "Anushka as a warrior princess". Deccan Chronicle. 4 October 2012. සම්ප්‍රවේශය 24 November 2012.
  16. "German technicians to work for Rudrama Devi". Times of India. සම්ප්‍රවේශය 29 November 2012.
  17. Prasad Shiva (3 April 2013). "Baba Sehgal in Anushka's film". 10 April 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 April 2013.
  18. 18.0 18.1 Afrin Humayon (4 May 2013). "Vikramjeet Virk lands in T'wood". 8 May 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 May 2013.
  19. "Anushka – Guna Sekhar's Rudramadevi film launch". idlebrain.com. 14 February 2013. සම්ප්‍රවේශය 15 February 2013.
  20. "Rudhramadevi official trailer crosses million hits". 7 March 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 July 2015.
  21. "Rudrama Devi Release Date – Rudrama Devi Latest News – Rudrama Devi Mvie News – Allu Arjun Rana Rudrama Devi Latest News – Anushka Rudrama Devi Movie News – 123telugu.com". 123telugu.com.
  22. "Rudhramadevi postponed again". සම්ප්‍රවේශය 25 July 2015.
  23. "Rudramadevi gets tax exemption – Telugu cinema news". idlebrain.com.
  24. http://home.mykollywood.com/2015/11/14/rudhramadevi-3d-naanum-rowdy-dhaan-releases-online-legally-in-herotalkies-com සංරක්ෂණය කළ පිටපත 2015-11-17 at the Wayback Machine 'Rudhramadevi movie 3D online in HeroTalkies.com'
  25. "Rudramadevi (Rudhramadevi) Movie Review and Rating: 3.5/5 , Allu Arjun, Anushka". BLR Eagle.
  26. "Rudramadevi Review Out: UK Film Critic Gives 4 Star Rating – The Hans India". thehansindia.com.
  27. http://m.koimoi.com/box-office/rudhramadevi-mints-rs-32-crore-in-the-opening-weekend
  28. http://www.ibtimes.co.in/rudhramadevi-rudramadevi-1st-week-box-office-collection-anushka-film-crosses-rs-55-crore-7-650783
  29. "'Rudramadevi' (Rudhramadevi) 17-day box office collection: Anushka starrer set to cross Rs 100-crore mark". International Business Times. 28 October 2015.
  30. "'Rudramadevi' (Rudhramadevi) beats total collection record of Vijay's 'Puli' at US box office". International Business Times. 5 November 2015.
  31. http://www.koimoi.com/box-office/jazbaa-has-a-decent-opening-week-1st-week-box-office-collections
  32. http://www.ibtimes.co.in/rudramadevi-rudhramadevi-overseas-box-office-collection-anushka-shetty-starrer-earns-990772-653061
  33. http://www.ibtimes.co.in/rudramadevi-rudhramadevi-collection-crosses-993837-overseas-box-office-31-days-654148
  34. 34.0 34.1 34.2 34.3 34.4 34.5 https://www.ibtimes.co.in%2Fsiima-2016-telugu-movie-nominations-revealed-baahubali-srimanthudu-lead-list
  35. "Rudhramadevi songs". 28 March 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 July 2015.
  36. "Rudramadevi to release 3 of its songs on UGADI". Sakshi. සම්ප්‍රවේශය 21 March 2015.
  37. Best Telugu Songs and Albums of March 2015 Deccan Music – 31 March 2015

බාහිර සබැඳි[සංස්කරණය]