තමන්නා

විකිපීඩියා වෙතින්
තමන්නා භාටියා
තමන්නා, ලක්මේ විලාසිතා සතිය (2015) තුළ
උපත21 දෙසැම්බර් 1989 (1989-12-21) (වයස 34)
නිවහනමුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව
ජාතිකත්වයඉන්දියානු
වෙනත් නම්තමන්නා
රැකියාවනිළියක, නිරූපිකාවක, නර්තන ශිල්පිණියක
සක්‍රීය වසර2002–වර්තමානය
සම්මානකලෛමාමණි, ඒෂියාවිෂන් සම්මාන, සිනේමා සම්මාන

තමන්නා භාටියා (උපත 1989 දෙසැම්බර් 21[1]) හෙවත් තමන්නා ලෙස හැඳින්වෙන්නේ ඉන්දියානු නිළියකි.[2]ඇය ප්‍රධාන වශයෙන්ම තෙලිඟු සහ දෙමළ චිත්‍රලටවල රංගනයේ යෙදී ඇත. එසේම ඇය හින්දි චිත්‍රපටවල ද චරිත නිරූපණය කොට ඇත. රංගනයට අමතරව, ඇය වේදිකා වැඩසටහන් සඳහා සහභාගී වී ඇත. එසේම ඇය විවිධ නිෂ්පාදන නාමයන් සඳහා ප්‍රමුඛ සන්නාම තානාපතිනියක ලෙස ද ක්‍රියා කරයි.

තෙලිඟු සහ දෙමළ සිනමාවට පිවිසීමට ප්‍රථම 2005දී, 15වන වියේ පසුවූ ඇය ඇය සිය ප්‍රථම රංගන දායකත්වය සැපයූයේ බොලිවුඩ් චිත්‍රපටයක් වන චන්ද් සා රෝෂන් චෙහ්රා චිත්‍රපටයේ ය. එසේම ඇය අභිජීත් සාවන්ත්‍ගේ ආප්තා අබිජීත් ඇල්බ‍මයේ "ගෆ්සෝන් මේන්" ගීතය සඳහා ද දායකත්වය සැපයූවා ය. එය 2005 වර්ෂයේ මුදාහැරිණි. තමන්නා තෙලිඟු චිත්‍රපට ක්ෂේත්‍රයට සිය ප්‍රවිෂ්ඨය සනිටුහන් කළේ ශ්‍රී චිත්‍රපටයෙනි. ඊළඟ වර්ෂයේ ඇය ඇගේ පළමු දෙමළ චිත්‍රපටය වන කේඩි චිත්‍රපටයේ රැඟුවා ය. 2007දී, ඇය විසින් පාසල්-දිවිය අලලා නිමැවුණු චිත්‍රපට ද්විත්වයක් වන Happy Days නැමැති තෙලිඟු චිත්‍රපටයේත්, කල්ලූරි නැමැති ද්‍රවිඩ චිත්‍රපටයේත් චරිත නිරූපණය කරන ලදී.

ඇගේ රංගන ව්‍යාපෘති අතර දෙමළ චිත්‍රපට වන අවන් (2009), පයියා (2010), සුරා (2010) සහ සිරුතායි (2011), වීරම් (2014) වැනි චිත්‍රපට ද, තෙලිඟු චිත්‍රපට වන 100% Love (2011) වැනි චිත්‍රපට ප්‍රකට ය. ඇගේ සෙසු චිත්‍රපට අතර රාචා (2012), තඩාකා (2013), බාහුබලි: ද බිගිනිං (2015), Bengal Tiger (2015) සහ ඌපිරි (2016) වැනි චිත්‍රපට හමුවේ. මෙලෙසින් ඇය තෙලිඟු සහ දෙමළ සිනමාවේ ප්‍රමුඛ නිළියක ලෙසින් සිය සලකුණු සනිටුහන් කළා ය.

තමන්නා අජිත් කුමාර්, විජයි, සූර්යා, කාර්ති, ධනුෂ්, ජයම් රවි, ආර්යා, පවන් කල්‍යාන්, මහේෂ් බාබු, නාගාර්ජුනා, අල්ලු අර්ජුන්, රාම්චරන්, කනිෂ්ඨ එන්. ටී. රාමා රාඕ, රවි තේජා, ප්‍රභාස්, සටිෆ් අලි ඛාන්, අජේ දේව්ගන්, අක්ෂේ කුමාර්, රන්වීර් සිං වැනි ප්‍රධාන නළුවන් සමග චරිත නිරූපණයේ නියැළී තිබේ. දකුණු ඉන්දීය සිනමාවේ, ඉහළම ආදායමක් ලබන නිළියන්ගෙන් අයෙකි, ඇය. ඇය දෙමළ, තෙලිඟු සහ හින්දි යන වෙනස් භාෂා තුනකින් යුත් චිත්‍රපට 50ක පමණ ඇය රඟපා ඇත.

සැටර්න් සම්මාන උළෙලේ හොඳම සහාය නිළිය සඳහා නිර්දේශ වූ පළමු ඉන්දියානු නිළිය ඇයයි. නමුත් එම සම්මානය හිමිවූයේ Crimson Peakහි රඟපෑ ජෙසිකා චැස්ටේන් හට ය.

2010දී තමිල් නාඩු ප්‍රධාන අමාත්‍යවරයා විසින් පිරිනමන කලෛමණි සම්මානය තමන්නාට හිමි විය.

මුල්කාලීන දිවිය[සංස්කරණය]

තමන්නා භාටියා උපත ලැබූයේ 1989 දෙසැම්බර් 21 දින ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායිහි ය. ඇය සන්තෝෂ් සහ රාජනී භාටියා යන අයගේ දියණිය වූවා ය. ඇගේ වැඩිමහල් සොයුරා ආනන්ද් නම් විය. ඇ‍ගේ පියා දියමන්ති ව්‍යාපාරිකයකු විය. ඇයට සින්ධි සම්භවයක් ඇත.[2] ඇය සිය අධ්‍යාපනය හදාළේ මුම්බායිහි, බැංග‍ලෝරයේ SJR උසස් පාසලෙනි. පසුව ඇය සංඛ්‍යා විද්‍යාත්මක හේතූන් මත ඇගේ තිර නාමය තමන්නා ලෙස තරමක් වෙනස් කරන ලදී.[3][4] ඇය ක්ෂේත්‍රයට පිවිසුණේ 13වන වියේදී ය. ඇගේ පාසලේ වාර්ෂික දින උළෙලේ දී ඇගේ දක්ෂතා හඳුනාගෙන ඇයට ප්‍රධාන චරිතයක් පිරිනැමිණි. ඇය වර්ෂයක් සඳහා මුම්බායිහි ප්‍රිත්වි නෘත්‍ය ශාලාවේ සාමාජිකත්වය දැරුවා ය. මීට අමතරව ඇය අභිජීත් සාවන්ත්ගේ ආප්කා අභිජීත් නැමැති ඇල්බමයේ වූ "ලාෆ්සෝ මේන්" ගීතය සඳහා සිය රංගන දායකත්වය සැපයූවා ය. එය 2005 වර්ෂයේ දී මුදාහැරිණි.[5]

වෘත්තිය[සංස්කරණය]

2003–2008[සංස්කරණය]

පඩික්කාඩවන්හි මුදාහැරීම වෙනුවෙන් 2008 ඔක්තෝබර් මස චෙන්නායිහි පෙනී සිටි තමන්නා

තමන්නා පළමුවරට පෙනීසිටියේ ජ්‍යෝති ක්‍රිෂ්ණා විසින් අධ්‍යක්ෂණය කළ 2003 චිත්‍රපටයක් වූ එනක්කු 20 උනක්කු 18 තුළ ය. 13වන වියේ පසුවූ ඇය මෙහි ත්‍රිෂාගේ මිතුරියකගේ චරිතය නිරූපණය කළා ය. 2005දී, 15 වියැති ඇය, චාන්ද් සා රෝෂන් චෙහ්රා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය හෙබවූවා ය. නමුත් එය වානිජමය අතින් අසාර්ථක විය.[6] එම වර්ෂයේම ඇය තෙලිඟු සිනමාව තුළ සිය සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් ශ්‍රී චිත්‍රපටයේත්, 2006දී දෙමළ සිනමාවේ ප්‍රවිෂ්ටය ලෙස කේඩි චිත්‍රපටයේත් රැඟුවා ය. ඉන්ඩියාග්ලිට්ස් සිය විචාරය තුළ තමන්නා හඳුන්වා ඇත්තේ "සැබෑ දර්ශන-සොරකම් කරන්නියක" ලෙසයි. එසේම ඇය පිළිබඳ විස්තර කරමින් ඇය "සියලු ගෞරවයන් සමග ඇවිද යන" බව පවසා ඇත. තවදුරටත් එහි දැක්වෙන්නේ ඇගේ චරිතයන් තුළ විජයශාන්ති රඟපෑ මන්නන් (1992) චිත්‍රපටයේත්, රම්‍යා ක්‍රිෂ්ණන් රඟපෑ පඩයප්පා (1999) චිත්‍රපටයේත් ආභාසය දක්නට ලැබෙන බවයි.[7]

2007 වර්ෂයේ පළමුව මුදාහැරුණු ඇගේ චිත්‍රපටය වන්නේ ශක්ති චිදම්බරම්ගේ වියාබාරි චිත්‍රපටයයි. මෙහි ඇය එස්. ජේ. සූර්යා විසින් නිරූපණය කරන සාර්ථක ව්‍යවසායකයකු පිළිබඳ වාර්තාවක් ලියන ජනමාධ්‍යවේදිනියක ලෙස කටයුතු කරයි. මෙම චිත්‍රපටය ඍණාත්මක ප්‍රතිචාරයන්ට ලක්වූ අතර, බොක්ස්-ඔෆිස් අංශයෙන් අසාර්ථක විය.[8] නමුත් මෙහි ඇගේ ප්‍රතිභාව වෙනුවෙන් තමන්නා ප්‍රශංසාවට භාජනය වූවා ය.[9] ඇයගේ රංගන දිවියේ කඩඉම් ලෙස සේඛර් කම්මුලා‍ගේ Happy Days චිත්‍රපටයත්, බාලාජි සක්තිවේල්ගේ කල්ලූරි චිත්‍රපටයත් සැලකෙයි. මෙම චිත්‍රපට ද්විත්වයේම තමන්නා පාසල් සිසුවියකගේ චරිතය නිරූපණය කළා ය. මෙම චිත්‍රපට ද්විත්වය විචාරක පැසසුමට හේතු විය.[10] Happy Days සහ කල්ලූරි චිත්‍රපටවල ආර්ථික සාර්ථකත්වය තෙලිඟු සහ දෙමළ චිත්‍රපට කර්මාන්තයේ ඇයව ස්ථාපිත කිරීමට හේතු විය.[11] මෙහි දෙවනුව සඳහන් කළ චිත්‍රපටයේ රංගනය හේතුවෙන් ඇය 56වන ෆිල්ම්ෆෙයාර් අවෝඩ්ස් සවුත් සස්මාන උළෙලේ හොඳම දෙමළ නිළිය සම්මානය සඳහා නිර්දේශ වූවා ය.[12]

2008 වර්ෂයේ ඇගේ පළමු චිත්‍රපටය වූයේ ජී. රවිචරන් රෙඩ්ඩි නැමැති නවක අධ්‍යක්ෂකවරයාගේ කාලිදාසු චිත්‍රපටයයි. එහි ඇය අක්කිනේනි නාගේස්වරා රාඕ නැමැති නළුවාගේ මුණුපුරා වූ සුශාන්ත් සමග යුග රංගනයෙන් දායක වූවා ය.[10] මෙය මුදාහැරීමෙන් පසු, චිත්‍රපටය මැදිහත් විචාරයන්ට ලක්වූ අතර විචාරකයන්ට හැඟී ගියේ ඇය මනා පෙනුමකින් සහ සරාගී බවින් යුතු නමුත්, රංගන ප්‍රතිභාව අතින් ඇත්තේ අඩු ඉඩකඩක් බවයි.[13][14][15] මෙම චිත්‍රපටය සාමාන්‍ය ආදායම් ලබමින් තිරගත විය.[16] පසුව ඇය Ready නැමැති තෙලිඟු චිත්‍රපටයේත්, අනතුරුව නින්න නේඩු රේපු නැමැති තෙලිඟු-දෙමළ ද්විභාෂා චිත්‍රපටයත්, එහි නේට්රු ඉන්රු නාලෛ නැමැති දෙමළ සංස්කරණයේත් පසුබිම් රංගනයෙන් දායකවූවා ය.[17]

2009–2010[සංස්කරණය]

2009 වර්ෂයේ පළමුව තිරගත වූ තමන්නාගේ චිත්‍රපටය සුරාජ් විසින් අධ්‍යක්ෂණය කළ පඩික්කාඩවන් නැමැති දෙමළ චිත්‍රපටයයි. රජිනිකාන්ත්ගේ 1985 එම නාමයම ඇති චිත්‍රපටය අනුව එය නම්කෙරිණි. මෙහි ඇය ධනුෂ් සමග රංගනයේ යෙදුණා ය. විචාරකයන් වෙතින් මිශ්‍ර ප්‍රතිචාර ලද මෙහි, සීමිත චරිතයක තමන්නාගේ රංගනය පැසසුමට ලක්විය.[18][19] පඩික්කාඩවන් ආර්ථික අතින් ද සාර්ථකත්වයට පත් විය.[20] අනතුරුව ඇය රැඟූ කිෂෝර් කුමාර් පර්දාසනි විසින් අධ්‍යක්ෂණය කළ කොංචම් ඉෂ්ටම් කොංචම් කෂ්ටම් තෙලිඟු චිත්‍රපටය තිරගත විය. මෙහි ඇය සිද්ධාර්ත් සමග සම-රංගනයේ නියැළුණා ය. විචාරකයන් වෙතින් ධනාත්මක ප්‍රතිචාර ලද මෙම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇය පැසසුමට පත් විය.[21][22] එහි දී ඇය 57වන ෆිල්ම්ෆෙයාර් අවෝඩ්ස් සවුත් උළෙලේ හොඳම තෙලිඟු නිළිය ප්‍රවර්ගයෙන් නි‍ර්දේශ වූවා ය.[23] කෙසේනමුත් මෙම චිත්‍රපටය තරමක ආදායම් හිමිකරගත්තේ ය.[24] සූරියා සමග සම-රංගනයේ නියැළි ඇගේ ඊළඟ චිත්‍රපටය වූයේ කේ. වී. ආනන්ද්ගේ ආයන් චිත්‍රපටයයි. වසරේ ආර්ථික අතින් සාර්ථක එකම ප්‍රධාන දෙමළ චිත්‍රපටය වූයේ මෙයයි.[25][26]

පසුව ඇය ගාන්ධි ක්‍රිෂ්ණාගේ ආනන්ද තාණ්ඩවම් චිත්‍රපටයට දායක වූවා ය. මෙය සුජාතා රංගරාජන්ගේ පිරිවෝම් සංතිප්පෝම් නවකථාව ඇසුරෙන් සැකසුණකි. මෙහි ඇය සිද්ධාර්ත් වේණුගෝපාල් සමග රංගනයෙහි යෙදුණා ය. එය සිද්ධාර්ත්ගේ මංගල චිත්‍රපට රංගනය විය.[27] චිත්‍රපටය ඍණාත්මක ප්‍රතිචාර හිමිකරගත්තේ ය.[28][29] මෙය 2009 වර්ෂයේ ඇගේ එකම ආර්ථික අසාර්ථකත්වය විය.[30] කෙසේනමුත්, තමන්නාගේ රංගනය විචාරක පැසසුමට ලක් විය. Rediff.com වෙබ්අඩවියේ පවිත්‍රා ශ්‍රීනිවාසන් සඳහන් කොට ඇත්තේ තමන්නා "සිද්ධාර්ත් සමග රංගනයේ යෙදෙන විට අසරණ වන බවත්, රාධාක්‍රිෂ්ණන්ව තෝරාගන්නා විට මඳක් කපටි ලෙසත් පරිපූර්ණව" රංග‍නයේ යෙදුණු බවයි.[31]

තමන්නා පසුව ජබ් වේ මෙට් (2007) හි නිල ප්‍රතිනිර්මාණය වූ ආර්. කන්නන්ගේ කන්ඩේන් කාදලෛ චිත්‍රපටයේ රංගනයේ යෙදුණේ භාරත් විසිනි. චින්මායි විසින් ඇගේ චරිතයට හඬකවන ලදී.[32] කන්ඩේන් කාදලෛ විචාරකයන්ගෙන් යෝග්‍ය ප්‍රතිචාර හිමිකරගත් අතර, තමන්නාගේ රංගනය පැසසුමට ලක් විය.[33][34] Sifyහි විචාරකයකු පවසා ඇත්තේ, "මෙම ප්‍රේම කථාවේ ආත්මය සහ හදවත වන තමන්නා විනෝදකාමී අතර ජීව ගුණයෙන් පිරිපුන් ය. ඇය ජීව්‍යත්වයෙන් යුත් රංගන ප්‍රතිභාවකින් යුක්ත වන අතර, මෙම චිත්‍රපටයේ මායාව රැඳී ඇත්තේ ඇගේ කුසලතාව මත ය." එයට ඌන පූරණයක් එකතු කරමින් තවදුරටත් සඳහන් කොට ඇත්තේ ඇය තේනි මෙන් අමන්ත්‍රණය කරන තේවාර් යුවතියක මෙන් දිස්නොවූව ද, දෙමළ සිනමාවේ කිසිදු නිළියක ඇය තරම් හොඳින් එම චරිතය නිරූපණය නොකරනු ඇති බව ය.[35] චිත්‍රපට ක්ෂේත්‍රයේ ඇගේ රංගන ප්‍රතිභාව හේතුවෙන් ඇය 57වන ෆිල්ම්ෆෙයාර් දකුණු සම්මාන උළෙලේ හොඳම දෙමළ නිළිය සඳහා නිර්දේශ වූවා ය. එම අවස්ථාවේ වෙනස් භාෂා දෙකකින් දෙවරක් නිර්දේශ වූ එකම නිළිය ඇයයි.[23] එය සඳහාම ඇය සවුත් ස්කෝප් සම්මානය ද දිනාගත්තා ය.[36] මෙම අවධියේ ඇය දෙමළ සිනමාවේ විශිෂ්ට නිළියක ලෙස අවිවාදිතව පිළිගැනිණි.[2][30]

2010 වර්ෂයේ මුදාහැරුණු තමන්නාගේ ප්‍රථම චිත්‍රපටය එන්. ලිංගුස්වාමිගේ පයියා නැමැති දෙමළ චිත්‍රපටයයි. මෙහි ඇය කාර්ති සමග ප්‍රධාන චරිත නිරූපණයේ යෙදිණි. විචාරකයන් වෙතින් ධනාත්මක ප්‍රතිචාර ලද මෙම චිත්‍රපටය ආර්ථික අතින් ද සාර්ථකත්වයට පත් විය.[37] ඇය 58වන ෆිල්ම්ෆෙයාර් අවෝඩ්ස් සවුත් සහ 5වන විජයි සම්මාන උළෙවල්වල දී හොඳම දෙමළ නිළිය ප්‍රවර්ගයෙන් නිර්දේශ වූවා ය.[38][39] 2010 වර්ෂයේ ඇගේ තවත් චිත්‍රපට දෙකක් වූ එස්. පී. රාජ්කුමාර්ගේ සුරා චිත්‍රපටයේ විජයි සමගත් එම්. රාජාගේ තිල්ලාලංගඩි චිත්‍රපටයේ ජයම් රවි සමගත් ඇය සම-රංගනයේ නියැළුණා ය. සුරා චිත්‍රපටය විජයිගේ නළු දිවියේ 50වන චිත්‍රපටය විය.[40] තිල්ලාලංගඩි චිත්‍රපටය සුරේන්දර් රෙඩ්ඩිගේ Kick (2009) චිත්‍රපටයේ නිල ප්‍රතිනිර්මාණයකි.[41] ඉහත චිත්‍රපට ද්විත්වයම එතරම් සාර්ථක වූයේ නැත.[42]

2011–2012[සංස්කරණය]

2011 සැප්තැම්බරයේ හයිදරාබාද්හි බ්ලෙන්ඩර්'ස් ප්‍රයිඩ් විලාසිතා දැක්මේ දී තමන්නා

2011 වර්ෂයේ තමන්නාගේ පළමු චිත්‍රපටය ලෙස සිවාගේ සිරුතායි චිත්‍රපටය තිරගත විය. කාර්ති සමග ඇය මෙහි ප්‍රධාන චරිත නිරූපණය කළ අතර, මෙම චිත්‍රපටය එස්. එස්. රාජමෞලිගේ වික්‍රමාර්කුඩු (2006) චිත්‍රපටයේ නිල ප්‍රතිනිර්මාණයයි.[43] ඇගේ චරිතය වෙත මෙහි දී විචාරකයන් අතින් හිමිවූයේ දුර්වල පිළිගැනීමකි. Rediff.com හි පවිත්‍රා ශ්‍රීනිවාසන් මේ පිළිබඳ පැවසූයේ "සීනිබෝලයකට වඩා මඳක් වැඩි යමක්" ලෙසයි.[44] කෙසේවුව ද, මෙම චිත්‍රපටය ආර්ථික අතින් සාර්ථකත්වයට පත් විය.[45] ඉන් පසුව ඇය කේ. වී. ආනන්ද්ගේ කෝ චිත්‍රපටයේ ආග නාග ගීතය සඳහා පසුබිම් රංගනයෙන් දායකවූවා ය.[46]

වසර දෙකක පරතරයකින් පසු, තෙලිඟු සිනමාව වෙත සිය යළි පැමිණීම සනිටුහන් කරමින් ඇය එම වර්ෂයේ දී සුකුමාර්ගේ 100% Love චිත්‍රපටයේ නාගා චෛතන්‍යා සමග ප්‍රධාන චරිත නිරූපණයෙහි යෙදුණා ය. මෙහි ඇය නිරූපණය කළේ සිය උසස් අධ්‍යාපනය සඳහා හයිදරාබාද් වෙත යන ග්‍රාමීය යුවතියකගේ චරිතයකි.[47] ඇගේ රංගන කුසලතාව විචාරක පැසසුමට ලක් විය. ඉන්ඩියාග්ලිට්ස්හි විචාරකයෙක් පැවසූයේ තමන්නා "චිත්‍රපටයේ අලංකාරය සොරකම් කළ" බවත්, "ඇය කිසි තැනක ඇගේ චරිතය අධිරංගනයේ හෝ අවරංගනයේ නොයෙදෙන බවත්" ය. තවදුරටත් විචාරකයා පවසා තිබුණේ ඇය "ඉතා ප්‍රභාවත් බවත්, ඇය ඇගේ රූසපුවෙන් ඔබගේ හද සොරකම් කරන බවත්" ය.[48] මෙම චිත්‍රපට 2011 වර්ෂයේ ඉහළම ආදායම් ලැබූ තෙලිඟු චිත්‍රපටයක් ලෙස සැලකේ.[49] එසේම ඇය 59වන ෆිල්ම්ෆෙයාර් දකුණු සම්මාන සහ 1වන දකුණු ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ දී හොඳම තෙලිඟු නිළිය ප්‍රවර්ගයෙන් නිර්දේශ වූවා ය.[50] 2012 වර්ෂයේ CineMAA සම්මාන උළෙලේ දී සහ 2011 හයිදරාබාද් ටයිම්ස් චිත්‍රපට සම්මාන උළෙලවල දී හොඳම නිළියට හිමි සම්මානය ඇය දිනාගත්තා ය.[51][52]

2011 වර්ෂයේ තිරගත වූ ඇගේ තවත් චිත්‍රපටයකි, වී. වී. විනායක්ගේ බද්‍රිනාත් චිත්‍රපටය. මෙහි ඇය අල්ලු අර්ජුන් සමග ප්‍රධාන චරිත නිරූපණයේ නියැළුණා ය. චිත්‍රපටයේ ඇගේ පෙනුම විවාදයට ලක් විය.[53] මෙම චිත්‍රපටය විචාරකයින් අතින් මිශ්‍ර මෙන්ම ඍණාත්මක ප්‍රතිචාරවලට ලක් විය. ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියාහි සුරේෂ් කවිරායනිට හැඟී ගියේ තමන්නා "උද්යෝගිමත් නමුත්, අනවශ්‍ය දර්ශනවල පවා ඇගේ සම නිරාවරණය වනු දක්නට ලැබුණු බවයි".[54] කෙසේනමුත්, මෙම චිත්‍රපටය සැලකිය යුතු බොක්ස් ඔෆිස් සාර්ථකත්වයක් හිමිකරගත්තේ ය.[55] 2012 CineMAA සම්මාන උළෙලේ හොඳම නිළිය සඳහා ඇය නිර්දේශ විය.[56]

හරි නැමැති චිත්‍රපට අධ්‍යක්ෂකවරයාගේ වෙංගෛ චිත්‍රපටයේ ඇය ධනුෂ් සමග ප්‍රධාන චරිත නිරූපණය කළා ය. මෙහි ඇය විසින් ග්‍රාමීය යුවතියකගේ චරිතය නිරූපණය කළ අතර ඇය විසින් එය හැඳින්වූයේ "අප්‍රකට සහ අවරංගන" චරිතයක් ලෙසයි.[57] මෙම චිත්‍රපටය මෙන්ම ඇගේ රංගන ප්‍රතිභාව ද විචාරකයන්ගේ මිශ්‍ර ප්‍රතිචාර හිමිකරගත්තේ ය.[58][59] Rediff.comහි පවිත්‍රා ශ්‍රීනිවාසන් සඳහන් කළේ තමන්නා "පිළිවෙලට උසස් ආකාරයේ ඇඳුම් හැඳසිටිය ද, හදිසියේම ඇය සිය නාභිය දර්ශනය වන ආකාරයේ ලෝභී ඇඳුම් පැළඳ සිටීමට පටන්ගෙන ඇති බවයි." එසේම ඇයව පෙනෙන්නේ "ඇය දෙස බැලීමට අව් කණ්නාඩි අවශ්‍ය වන ආකාරයේ දිදුලන සුදු පැහැයකින් බවයි".[60] ඇගේ ඊළඟ චිත්‍රපටය වූයේ සුරේනදර් රෙඩ්ඩි විසින් අධ්‍යක්ෂණය කළ ඌසරවෙල්ලි නැමැති චිත්‍රපටයයි. මෙහි ප්‍රධාන චරිත ඇය සහ කනිෂ්ඨ එන්. ටී. රාමා රාඕ විසින් නිරූපණය කරන ලදී. මෙය ද විචාරකයන් වෙතින් මිශ්‍ර ප්‍රතිචාර ලබාගත්තේ ය.[61][62] නමුත් එය ආර්ථික අතින් අසාර්ථක විය.[63]

2012දී තමන්නා තෙලිඟු චිත්‍රපට හතරක ප්‍රධාන චරිත නිරූපණය කළා ය. මින් පළමුවැන්න සම්පත් නන්දිගේ රාචා චිත්‍රපටයයි. මෙහි රාම් චරන් සමග රැඟූ ඇය, ආරක්ෂා කෙරුණු ලෝකයක දිවි‍ගෙවන ධනවත් තරුණියකගේ චරිතය නිරූපණය කළා ය.[64] මෙය මුදාහැරීමෙන් පසු තමන්නා විචාරක පැසසුමට ලක් වූ අතර Sify හි විචාරකයා ඇයව හැඳින්වූයේ චිත්‍රපටයේ "ප්‍රධාන වස්තුව" ලෙසයි.[65] ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියාහි කාර්තික් පසුපුලාති පැවසූයේ ඇය "අවශ්‍ය පරිදි එය සිදුකරන" බවත්, "චිත්‍රපටයේ ඇති වශීකරණ බලය ඇය විසින් වැඩිකරන බවත්" ය.[66] මෙම චිත්‍රපටයේ දින 50ක ධාවන කාලය අවසානයේ එය විශාල ආර්ථික සාර්ථකත්වයක් හිමිකරගත්තේ ය.[67] හොඳම නිළිය ප්‍රවර්ගය යටතේ ඇය 60වන ෆිල්ම්ෆෙයාර් අවෝඩ්ස් සවුත් සහ 2013 CineMAA සම්මාන උළෙලේ දී නිර්දේශ විය.[68][69]

ඇගේ ඊළඟ චිත්‍රපටය වූ ඒ. කරුණාකාරන්ගේ එන්ඩුකාන්ටේ... ප්‍රේමාන්තා! චිත්‍රපටයේ ඇය සහ රාම් විසින් ප්‍රධාන චරිත නිරූපණය කරන ලදී. මෙය විචාරකයන්ගේ ඍණාත්මක ප්‍රතිචාර ලද අතර, ආර්ථික අතින් ද සාර්ථකත්වයට පත් විය.[70] කෙසේනමුත් මෙහි ඇගේ සහ රාම්ගේ රංගනය විචාරක පැසසුමට ලක් විය. එහි දී, ද හින්දු පුවත්පතේ වයි. සුනීතා චෞධරි පැවසූයේ ඔවුන් "මෙම ෆැන්ටසිය යතාර්ථයක් බවට පත්කිරීමට හැකි උපරිම අයුරින් රංගනයේ යෙදී ඇති බවයි".[71] Rediff.comහි රාධිකා රාජමණි ඔවුන්ව හඳුන්වා ඇත්තේ එම චිත්‍රපටයේ "හදවත සහ ආත්මය" වශයෙනි.[72] ඇ‍ගේ තෙවන චිත්‍රපටය වූ රාඝවා ලෝරන්ස් Rebel චිත්‍රපටයේ ඇය ප්‍රභාස් සමග ප්‍රධාන චරිත නිරූපණය කළා ය. මෙහි ඇය නිරූපණය කළේ හිප් හොප් නර්තන ගුරුවරියකගේ චරිතයයි.[73] විචාරකයන් වෙතින් මිශ්‍ර ප්‍රතිචාර ලද මෙය ආර්ථික අතින් අසාර්ථකත්වයට පත් විය. අයවැය ඉහළයාම මීට හේතුවක් ලෙස දක්වා ඇත.[74] 2012 වර්ෂයේ තිරගත වූ ඇගේ අවසන් චිත්‍රපටය වූයේ පුරි ජගන්නාධ්ගේ කැමරාමන් ගංගාතෝ රාම්බාබු චිත්‍රපටයයි. පවන් කල්‍යාණ් සමග ඇය ප්‍රධාන චරිත නිරූපණය කළ මෙහි, ඇය විසින් දඟකාර මාධ්‍ය කැමරාකාරිණියකගේ චරිතය නිරූපණය කරන ලදී.[75] මෙම චිත්‍රපටය 2012 වර්ෂයේ ඉහළම ආදායම් ලද තෙලිඟු චිත්‍රපට අතුරින් එකකි.[76]

2013–2014[සංස්කරණය]

2013 වර්ෂයේ තිරගත වූ තමන්නාගේ පළමු චිත්‍රපටය සජිඩ් ඛාන්ගේ හිම්මත්වාලා නැමැති චිත්‍රපටයයි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කළේ ඇය සමග අජේ දේව්ගන් විසිනි. මෙය 1983 එම නාමයම ඇති හින්දි චිත්‍රපටයේම ප්‍රතිනිර්මාණයකි. මෙහි ඇය මුල් නිර්මාණයේ ශ්‍රීදේවි විසින් නිරූපණය කළ චරිතයට පණපොවන්නී ය. ඛාන් ඇයව තෝරාගත්තේ දකුණු ඉන්දීය සිනමාව තුළ ඇය ලබා තිබූ ජනප්‍රියත්වය සැලකිල්ලට ගනිමිනි. මෙය හින්දි සිනමාවේ ඇගේ පුනරාගමනය සනිටුහන් කළේ ය.[77] නමුත් මෙම චිත්‍රපටය වෙත විචාරකයන් වෙතින් හිමිවූයේ ඍණාත්මක ප්‍රතිචාරයි.[78] ඔවුන් පැවසූයේ ඇය රූමත්බව අතින් ශ්‍රීදේවි හා සැසඳුණ ද, රංගන හැකියාව අතින් "උසස් නොවන" බවයි.[79] බොක්ස් ඔෆිස් වාර්තා අතින් ද හිම්මත්වාලා ආර්ථිකමය අසාර්ථකත්වයට පත් විය.[80]

2013 ජනවාරි මස හිම්මත්වාලා චිත්‍රපටයේ දියත් කිරීමේ උත්සවයක දී තමන්නා සහ අජේ දේව්ගන්; මෙයි හින්දි චිත්‍රපට වෙත ඇගේ පුනරාගමනය සනිටුහන් කරයි.

2013 වර්ෂයේ විකාශය වූ ඇගේ තවත් චිත්‍රපටයකි, කිෂෝර් කුමාර් පර්දාසනිගේ තඩාකා චිත්‍රපටය. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කළේ ඇය සමග නාගා චෛතන්‍යා, සුනිල් සහ ඇන්ඩ්‍රියා ජෙරමියා විසිනි.[81] මෙය එන්. ලිංගුස්වාමිගේ වෙට්ටෛ චිත්‍රපටයේ නිල තෙලිඟු ප්‍රතිනිර්මාණයයි. මෙහි තමන්නා විසින් මුල් චිත්‍රපටයේ ආමලා පෝල් විසින් නිරූපණය කළ චරිතයට පණපොවයි.[82] මෙම චිත්‍රපටයට විචාරකයන්ගේ මධ්‍යස්ථ ප්‍රතිචාර හිමි විය.[83] මෙය ආර්ථික අතින් ද සාර්ථක චිත්‍රපටයකි.[84] මෙම චිත්‍රපටය සඳහා 3වන දකුණු ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ හොඳම නිළිය ප්‍රවර්ගයෙන් ඇගේ නම යෝජනා විය.[85]

දෙමළ සිනමාවේ ඇගේ යළි පිවිසීම සනිටුහන් කරමින් ඇය සහ අජිත් කුමාර් රංග‍නයෙන් දායක වූ සිවාගේ වීරම් චිත්‍රපටය 2014දී ප්‍රදර්ශනය ඇරඹිණි.[86] සම්මුඛ සාකච්ඡාවක දී ඇය පැවසූයේ ඇයට දෙමළ චිත්‍රපට ගණනාවකට ආරාධනා ලැබී ඇති බවත් නොබෝ කලකින්ම ඉන් කිහිපයකට තමන් අත්සන් තබන බවත් ය.[87] විචාරකයන් වෙතින් යහපත් ප්‍රතිචාර හිමිකරගත් වීරම් චිත්‍රපටය[88] 2014 වර්ෂයේ ඉහළම ආදායම් ලත් දෙමළ චිත්‍රපට අතුරින් එකක් ලෙස සැලකේ.[89] සජිඩ් ඛාන්ගේ හම්ෂකල්ස් චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතයක් රඟපාමින් ඇය හින්දි සිනමාවට යළි පිවිසියා ය. මෙහි සෙසු ප්‍රධාන චරිත සයිෆ් අලි ඛාන්, රාම් කපූර්, රිතේෂ් දේශ්මුඛ්, බිපාෂා බාසු සහ ඒෂා ගුප්තා විසින් නිරූපණය කරන ලදී. මෙය ද විචාරකයන් වෙතින් දුර්වල ප්‍රතිචාර හිමිකරගත් අතර,[90] එය බොක්ස් ඔෆිස් අතින් ද අසාර්ථක විය.[91]

වී. වී. විනායක්ගේ අල්ලුදු සීනු වෙනුවෙන් ඇය සිය පළමු ගීතය ඉදිරිපත් කළා ය. බෙල්ලම්කොන්ඩා ශ්‍රීනිවාස් සහ සමන්තා රුත් ප්‍රභු විසින් ප්‍රධාන චරිත නිරූපණය කළ මෙය විනායක්ගේ ආරාධනය මත සිදුකළ එකකි.[92] "ලබ්බාර් බොම්මා" ලෙස නම්කෙරුණු එම ගීතය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය විය.[93]

ඇගේ ඊළඟ නිකුතුව වූයේ සජිඩ්-ෆර්හාඩ් විසින් අධ්‍යක්ෂණ කළ Entertainment චිත්‍රපටයයි. මෙහි ඇය සහ අක්ෂේ කුමාර් විසින් ප්‍රධාන චරිත නිරූපණය කරන ලදී. එහි දී ඇය රූපවාහිනී නිළියකගේ චරිතයට පණපෙවුවා ය.[94] මෙම චිත්‍රපටය තරමක බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත වුව ද,[95] තමන්නාගේ නාමය 7වන ‍ගෝල්ඩන් කේලා සම්මාන උළෙලේ දී නරකම නිළියන් ප්‍රවර්ගයෙන් නිර්දේශ විය.[96] 2014 වර්ෂයේ ඇගේ අවසන් නිකුතුව වූයේ ශ්‍රිනු වෛත්ලාගේ ආගාදු චිත්‍රපටයයි. මහේෂ් බාබු සමග ප්‍රධාන චරිත නිරූපණයෙන් දායක වූ ඇය මෙහි රසකැවිලි වෙළඳසැල් ජාලයක හිමිකාරිණිය වන ගම්බද රූමතියකගේ චරිතය නිරූපණය කරයි.[97] මිශ්‍ර විචාරක ප්‍රතිචාර ලත් මෙම චිත්‍රපටය, බොක්ස් ඔෆිස් අතින් අසාර්ථක විය.[98]

2015–වර්තමානය[සංස්කරණය]

පසුකාලීනව ඇය විසින් උදයනිධි ස්ටාලින් සහ නයන්තාරා විසින් ප්‍රධාන චරිත නිරූපණය කළ ජගදිෂ්ගේ නාන්බෙන්ඩා චිත්‍රපටයේ පසුබිම් චරිතයක් නිරූපණය කරන ලදී. ඇය විසින්ම එම චරිතයට හඬකැවීම ද සිදුකළා ය‍.[99] 2015 ජූලි මස මුදාහැරුණු, එස්. එස්. රාජමෞලිගේ කොටස් දෙකකින් යුත් බහු-භාෂා ප්‍රබන්ධ වීරකථා චිත්‍රපටයක් වූ බාහුබලි චිත්‍රපටයට ද ඇය සිය රංගන දායකත්වය සැපයූවා ය. මෙහි ඇයට අමතරව ප්‍රභාස්, රානා දග්ගුබාති සහ අනුෂ්කා ෂෙට්ටි ප්‍රධාන චරිත නිරූපණය කළහ.[100] මෙහි ඇය අවිනිශ්චිත යුගයක විසූ අවන්තිකා නැමැති සටන්කාමී කුමරියකගේ චරිතය නිරූපණය කළා ය. මෙම චරිතය වෙනුවෙන් ඇයට සිය බර කිලෝ පහක්-හයක් පමණ අඩු කරගන්නට සිදුවූ අතර, මෙහි ඇගේ චරිතයේ පෙනුම, වස්ත්‍ර සහ ආභර‍ණ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට ද සිදුවිණි.[101][102] යහපත් ප්‍රතිචාර හිමිකරගත් මෙම චිත්‍රපටයේ තමන්නාගේ රංගන ප්‍රතිභාව පැසසුමට ලක් විය.[103][104] ඉන්දියානු රුපියල් කෝටි 600 (ඇ.ඩො. මිලියන 89) ක පමණ ආදායමක් හිමිකරගත් මෙම චිත්‍රපටය තෙලිඟු සිනමාවේ ඉහළම ආදායම් හිමිකරගත් චිත්‍රපටය වූ අතර, තෙවන වැඩිම ආදායමක් හිමිකරගත් ඉන්දියානු චිත්‍රපටය ද විය.[105][106]

2015 සැප්තැම්බර් මස මුම්බායි අභ්‍යන්තර ගුවන්තොටුපළේ දී කැමරා කාචයට හසුවූ තමන්නා

ඇගේ ඊළඟ නිකුතුව වූයේ එම්. රාජේශ්ගේ වාසුවුම් සරවනනුම් ඔන්න පඩිචවාංග චිත්‍රපටයයි. මෙහි ඇය ආර්යා, එන්. සාන්තනම් සහ භානු සමග ප්‍රධාන චරිත නිරූපණය කළා ය‍. මෙහි ඇය ඇගේම වයිට් ඇන්ඩ් ගෝල්ඩ් ආභරණ මෝස්තර ප්‍රදර්ශනය කළා ය.[107] මෙම චිත්‍රපටය වෙත විචාරකයන්ගෙන් හිමිවූයේ ඍණාත්මක ප්‍රතිචාරයන් ය.[108] පසුව ඇය Size Zero නැමැති ද්වී-භාෂා චිත්‍රපටයේ පසුබිම් චරිතයක් රැඟුවා ය. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කළේ ආර්යා, අනුෂ්කා ෂෙට්ටි සහ සොනාල් චෞහාන් විසිනි.[109]

2015 වර්ෂයේ ඇගේ අවසානයට නිකුත් වූ චිත්‍රපටය සම්පත් නන්දිගේ Bengal Tiger චිත්‍රපටයයි. මෙහි ඇය සමග පළමු වරට රවි තේජා ප්‍රධාන චරිතයක් සඳහා දායක විය.[110] මෙම චිත්‍රපටයේ පෙනුම ඇගයීමට ලක් විය.[111] මෙය මිශ්‍ර විචාරක ප්‍රතිචාර හිමිකරගත් නමුත්, ආර්ථික අතින් සාර්ථකත්වයට පත්වූයේ ගෝලීයව ඉන්දියානු රුපියල් කෝටි 40.5 (ඇ.ඩො. මිලියන 6.0) ක ආදායමක් හිමිකරගනිමිනි. මෙය වර්ෂයේ 8වන වැඩිම ආදායම හිමිකරගත් තෙලිඟු චිත්‍රපටය ලෙස සැලකිණි.[112] චිත්‍රපටයේ සාර්ථකත්වයෙන් ප්‍රීතියට පත් තමන්නා සිය අදහස් දැක්වූයේ "රවි තේජා මහතා නොමැතිව මට මේ චිත්‍රපටය ගැන සිතන්නටවත් නොහැකියි. මෙම චරිතයට සාධාරණයක් ඉටු කළ හැක්කේ ඔහුට පමණයි." යනුවෙනි.[113]

ඇය ඇගේ දෙවන ගීතය භිමානේනි ශ්‍රීනිවාස රාඕගේ ස්පීඩුන්නෝඩු වෙනුවෙන් සිදුකළා ය. මෙහි ප්‍රධාන චරිත බෙල්ලම්කොන්ඩා ශ්‍රීනිවාස් සහ සොනාරිකා භාදෝරියා විසින් සිදුකරන ලදී. එය 2016 පෙබරවාරි මස මුදාහැරිණි.[114] ඇය සිය වේතනයෙන් අඩක් මෙම ගීතයේ පෙනී සිටී‍ම වෙනුවෙන් අයකළා ය.[115] මෙම ගීතය "බැච්ලර් බාබු" නම්වූ අතර එය නිර්මාණය කිරීමට ඉන්දියානු රුපියල් කෝටි 2.25 (ඇ.ඩො. 330,000) වියදම් විය.[116] ඇගේ ඊළඟ චිත්‍රපටය වූයේ වම්සිගේ ඌපිරි චිත්‍රපටයයි. මෙය The Intouchables (2011) චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයකි. එහි ප්‍රධාන චරිත අක්කිනේනි නාගාර්ජුනා සහ කාර්ති විසින් නිරූපණය කරන ලදී. මෙය තෙලිඟු මෙන්ම දෙමළ බසින් ද රූගත කෙරිණි.[117][118] මෙම චිත්‍රපටයට යහපත් ප්‍රතිචාර හිමි විය.[119]

ඇගේ ඊළඟ චිත්‍රපටය ධර්ම දුරෛ නැමැති ද්‍රවිඩ චිත්‍රපටයකි. එහි වෛද්‍යවරියකගේ චරිතය රඟපෑ ඇය අංග රාග නොමැතිව රංගනයේ යෙදීම ද විශේෂත්වයකි‍. මෙය ද ධනාත්මක ප්‍රතිචාර හිමිකරගත්තේ ය. එය සාර්ථකව බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත විය.[120] 2016 ඔක්තෝබර් මස ඇගේ තෙවන ගීතමය විශේෂාංගය තෙලිඟු-කන්නඩ ද්වී-භාෂා චිත්‍රපටයක් වූ ජගුවාර් වෙනුවෙන් මුදාහරින ලදී.[121] ඇගේ ඊළඟ චිත්‍රපටය වූයේ කාන්තා චරිතයක් මුල් කරගත් ත්‍රීභාෂා (දෙමළ — තෙලිඟු — හින්දි) චිත්‍රපටයක් වූ දේවි චිත්‍රපටයයි. මෙලෙසින් සම්පූර්ණ දිගැති ත්‍රීභාෂා සන්ත්‍රාස චිත්‍රපටයක ඇය ද්විත්ව චරිතය නිරූපණයක් සිදුකළ පළමු අවස්ථාව ද මෙයයි. එසේම ඇය එම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් පැසසුමට ලක්වූ අතර, භාෂා ත්‍රිත්වයෙන්ම තිරගත වීමේ දී එය රුපියල් කෝටි 100ක පමණ ආදායමක් හිමිකරගැනීමට සමත් විය.[122][123] 2016 වර්ෂයේ තිරගත වූ ඇගේ අවසන් චිත්‍රපටය ඇය සහ විශාල් ප්‍රධාන චරිත නිරූපණය කරන කත්ති සන්දෛ චිත්‍රපටයයි. මෙය ද මිශ්‍ර විචාරක ප්‍රතිචාර දිනාගත් අතර, සාමාන්‍ය සාර්ථකත්වයක් හිමිකරගත්තේ ය.[124]

ඇගේ තිරගත වීමට නියමිත ඉදිරි චිත්‍රපට අතරට බාහුබලි: ද කන්ක්ලූෂන් චිත්‍රපටය,[125] අන්බනවන් අසරාධවන් අදන්ගාධවන් නම් දෙමළ චිත්‍රපටය සහ සිලම්බරසන් චිත්‍රපට ද වේ.

විචාරක පැසසුමට පත් කන්ගනාගේ Queen චිත්‍රපටයේ නිල දෙමළ ප්‍රතිනිර්මාණයේ චරිත නිරූපණය කිරීමට ද ඇය අත්සන් කොට ඇත. එය රේවතිගේ අධ්‍යක්ෂණයකි. මීට අමතරව ඇය තෙලිඟු චිත්‍රපටයක් වන පෙල්ලි චූපුලුහි දෙමළ ප්‍රතිනිර්මාණයට ද අත්සන් තබා ඇත. එය ගෞතම් වසුදේව් මෙනන්ගේ නිෂ්පාදනයකි.[126]

වෙනත් දායකත්වයන්[සංස්කරණය]

2015 වර්ෂයේ සිය ආභරණ සන්නාමය වූ විට්න්ගෝල්ඩ් ප්‍රවර්ධන අවස්ථාවක පෙනී සිටි තමන්නා

නොයෙකුත් රූපවාහිනී වෙළඳ දැන්වීම්වල පෙනී සිටින තමන්නාට නිරූපිකාවක ලෙස අත්දැකීම් ඇත.[127] ඇය සෙල්කොන් මොබයිල්ස්, ෆැන්ටා සහ චන්ද්‍රිකා ආයුර්වේද සබන් යන සුප්‍රකට වෙළඳ නාමයන් සඳහා පෙනීසිටියා ය.[128][129] මීට අමතරව ඇය සලෙම් පාදක කරගත් AVR ආභරණ වෙළඳසැලේ සහ ඛසානා ආභරණ වෙනුවන් සන්නාම තානාපතිනියක ලෙස සේවය කරන්නී ය. චිත්‍රපට කර්මාන්තයට පිවිසීමට ප්‍රථම ඇය, ශක්ති මසාලා, පවර් සබන් සහ Sun Direct වැනි දෙමළ දැන්වීම්වල රඟපා ඇත. එසේම සෙල්කොන් මොබයිල් වෙනුවෙන් ඇය විරාත් කෝලි සමග වෙළඳ දැන්වීමක් රූපගත කිරීමට ද දායක වී ඇත.[130]

2014දී, ඇය PETA සංවිධානයේ දැන්වීමකට පෙනී සිටිමින් සත්ත්වයින් යොදා ගනිමින් පරීක්ෂණ සිදු නොකළ විලවුන් විශේෂ භාවිතා කරන්නට පාරිභෝගිකයන් දිරිගැන්වූවා ය.[131] 2015 මාර්තු මස ඇය Zee Telugu නාළිකාව වෙනුවෙන් සන්නාම තානාපතිනියක ලෙස කටයුතු කිරීමට ගිවිසුමක් අත්සන් කළා ය.[132][133]

2015 මාර්තු 31 දින තමන්නා විසින් Wite-n-Gold නැමැති සිල්ලර ආභරණ ව්‍යාපාරයක් දියත් කරන ලදී.[134] ආක්ෂයා ත්‍රිතියා උත්සවය සනිටුහන් කරමින් එහි වෙබ්අඩවිය 2015 අප්‍රේල් 20 දින විවෘත කෙරිණි.[135][136] ඇය ඇගේ ආභරණ සන්නාමය සඳහා නිර්මාණාත්මක ප්‍රධානියා ලෙස ද කටයුතු කරන්නී ය.[137]

2016 ජනවාරි මස, ඇය ඉන්දියානු ජනරජයේ බේටි බචාඕ, බේටි පඪාඕ ව්‍යාපාරය වෙනුවෙන් සන්නාම තානාපතිනියක ලෙස පත්කෙරිණි. මෙය FOGSIහි මූලිකත්වයෙන් සිදුකෙරිණි.[138]

සම්මාන සහ නිර්දේශ[සංස්කරණය]

වර්ෂය සම්මානය ප්‍රවර්ගය නිර්දේශිත කෘතිය ප්‍රතිඵලය
2007 ෆිල්ම්ෆෙයාර් සම්මාන හොඳම නිළිය - දෙමළ
කල්ලූරි
නිර්දේශිත
2009
කන්ඩේන් කාදලෛ
නිර්දේශිත
සවුත් ස්කෝප් සම්මාන[139] හොඳම දෙමළ නිළිය දිනාගති
විජයි සම්මාන හොඳම දෙමළ නිළිය නිර්දේශිත
ප්‍රියතම වීරවරිය දෙමළ නිර්දේශිත
ෆිල්ම්ෆෙයාර් සම්මාන හොඳම නිළිය - තෙලිඟු
කොංචම් ඉෂ්ටම් කොංචම් කෂ්ටම්
නිර්දේශිත
2010 ෆිල්ම්ෆෙයාර් සම්මාන හොඳම නිළිය - දෙමළ
පයියා
නිර්දේශිත
විජයි සම්මාන ප්‍රියතම වීරවරිය දෙමළ නිර්දේශිත
2011 ෆිල්ම්ෆෙයාර් සම්මාන හොඳම නිළිය - තෙලිඟු
100% ලව්
නිර්දේශිත
හයිදරාබාද් ටයිම්ස් චිත්‍රපට සම්මාන[140] හොඳම නිළිය දිනාගති
CineMAA සම්මාන හොඳම තෙලිඟු නිළිය දිනාගති
2013 SIIMA සම්මාන හොඳම තෙලිඟු නිළිය
තඩාකා
දිනාගති
2016 ෆිල්ම්ෆෙයාර් දකුණු සම්මාන හොඳම නිළිය - තෙලිඟු
බාහුබලි: ද බිගිනිං
නිර්දේශිත
IIFA සම්මාන ප්‍රධාන චරිතයක හොඳම රංගන ප්‍රතිභාව (කාන්තා) නිර්දේශිත
සැටර්න් සම්මාන හොඳම සහාය නිළිය නිර්දේශිත
ඒෂියාවිෂන් සම්මාන හොඳම දෙමළ නිළිය
ධර්ම දුරෛ
දිනාගති

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Sify (21 දෙසැම්බර් 2010). "Happy birthday Tamannaah". Sify. සම්ප්‍රවේශය 2011-04-23.
  2. 2.0 2.1 2.2 "Happy B'day to the Queen of K'wood!". Sify. 21 දෙසැම්බර් 2009. 18 ජූනි 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015.
  3. "Siren of the Week: Tamannaah Bhatia – 9". Entertainment.in.msn.com. 2009-10-03. සම්ප්‍රවේශය 2012-10-09.
  4. "Tamannah's 'secret of success' – Tamil Movie News". IndiaGlitz. 2010-06-01. සම්ප්‍රවේශය 2012-10-09.
  5. "The Tamannaah Bhatia Interview : Of Baahubali and Bollywood". silverscreen. 27 ජූනි 2014.
  6. "More Happy Days". The Times of India. 26 මැයි 2008. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  7. "Kedi Movie Review - Love triangle". IndiaGlitz. 26 සැප්තැම්බර් 2006. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015.
  8. "Arun Pandian takes Vil away from Suryah". Behindwoods. 10 දෙසැම්බර් 2007. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015.
  9. Iyer, Sriram (2 අප්‍රේල් 2007). "Poor detailing ruins Vyapari". Rediff.com. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015.
  10. 10.0 10.1 රාජමණි, රාධිකා (31 දෙසැම්බර් 2007). "'I want to make a mark in the South'". Rediff.com. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015.
  11. අගාර්වාල්, දිව්‍යා (27 අප්‍රේල් 2008). "South for Stardom". The Times of India. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  12. Sekhar, Settu (5 ජූලි 2008). "Rajini- Nayan nominate for Filmfare". Oneindia Entertainment. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015.
  13. "Review : Kalidasu". Sify. 11 අප්‍රේල් 2008. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015.
  14. "Kalidasu Movie Review - Sushant – Dance is his strength". IndiaGlitz. 11 අප්‍රේල් 2008. 14 නොවැම්බර් 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015.
  15. "Kalidasu Review". Oneindia Entertainment. 11 අප්‍රේල් 2008. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015.
  16. රාජමණි, රාධිකා (18 මැයි 2009). "From Kalidasu to Current". Rediff.com. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015.
  17. "Choosy Tamanna!". The Times of India. 27 ජූනි 2008. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  18. "Padikathavan– Movie Review". Behindwoods. 15 ජනවාරි 2009. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015.
  19. "Padikathavan Movie Review - Hotch-potch". IndiaGlitz. 15 ජනවාරි 2009. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015.
  20. "Dhanush in demand!". Sify. 18 ජනවාරි 2009. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015.
  21. "A feel-good entertainer". Rediff.com. 5 පෙබරවාරි 2009. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015.
  22. "Konchem Istam Konchem Kastam Movie Review - Feel Good Family Entertainer". IndiaGlitz. 5 පෙබරවාරි 2009. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015.
  23. 23.0 23.1 "Nominations for 57th South Filmfare Awards". Oneindia Entertainment. 10 ජූලි 2010. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015.
  24. "Box-office report for first quarter 2009". Sify. 1 අප්‍රේල් 2009. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015.
  25. "2009's Top Tamil Actors". Rediff.com. 21 දෙසැම්බර් 2009. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015.
  26. "2009- Kollywood Hits & Misses!". Sify. 31 දෙසැම්බර් 2009. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015.
  27. කුමාර්, එස්. ආර්. අශෝක් (10 මැයි 2008). "Sujatha's novel on the big screen". The Hindu. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  28. "Review : Ananda Thandavam". Sify. 10 අප්‍රේල් 2009. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015.
  29. "Aanandha Thandavam - Movie Review". Behindwoods. 10 අප්‍රේල් 2009. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015.
  30. 30.0 30.1 පිල්ලෛ, ශ්‍රීධර් (2 අප්‍රේල් 2010). "Three cheers for Tammu!". The Times of India. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  31. ශ්‍රීනිවාසන්, පවිත්‍රා (10 අප්‍රේල් 2009). "Anandha Thandavam, not as good as the novel". Rediff.com. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015.
  32. ශ්‍රීනිවාසන්, පවිත්‍රා (30 ඔක්තෝබර් 2009). "Kanden Kadhalai, good but lacks Jab We Met's magic". Rediff.com. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015.
  33. "Kanden Kadhalai Movie Review". Behindwoods. 30 ඔක්තෝබර් 2009. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015.
  34. "Kanden Kadhalai Movie Review". The Times of India. 30 ඔක්තෝබර් 2009. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  35. "Review : Kanden Kadhalai". Sify. 30 ඔක්තෝබර් 2009. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015.
  36. "Prakash Raj & Tamannaah gets South Scope Awards". Sify. 20 සැප්තැම්බර් 2010. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015.
  37. පිල්ලෛ, ශ්‍රීධර් (7 අප්‍රේල් 2010). "Karthi: On road to superstardom". The Times of India. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  38. "Nominees of Idea Filmfare Awards South". IndiaGlitz. 1 ජූනි 2011. 13 නෙවාමැබර් 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015. {{cite web}}: Check date values in: |archivedate= (help)
  39. "Vijay awards Nominees list announced". සුලේඛා. 22 ජූනි 2011. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015.
  40. "Sura releasing big in Kerala". Sify. 29 අප්‍රේල් 2010. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015.
  41. "Jayam Ravi's Thillalangadi starts rolling!". Sify. 19 අගෝස්තු 2009. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015.
  42. "Tamannaah waits for another hit!". Sify. 14 ජනවාරි 2011. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015.
  43. "First Look: Karthi in Siruthai". Rediff.com. 10 නොවැම්බර් 2010. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015.
  44. ශ්‍රීනිවාසන්, පවිත්‍රා (14 ජනවාරි 2011). "Siruthai is Karthi's show all the way". Rediff.com. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015.
  45. රාඝවන්, නිඛිල් (16 අප්‍රේල් 2011). "Itsy-bitsy". ද හින්දු. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  46. පිල්ලෛ, ශ්‍රීධර් (1 මාර්තු 2011). "It's cameo craze for Kollywood actors!". The Times of India. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  47. රාජමණි, රාධිකා (6 මැයි 2011). "Tamannaah returns to telugu films with Sukumar's next". Rediff.com. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015.
  48. "100% Love Movie Review - 100% Entertainment". IndiaGlitz. 6 මැයි 2011. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015.
  49. නරසිංහම්, එම්. එල්. (25 දෙසැම්බර් 2011). "Year of family entertainers". ද හින්දු. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  50. ශේඛර් (7 ජූනි 2012). "Dookudu, 100% Love, Mr Perfect lead SIIMA nominations list". Oneindia Entertainment. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015.
  51. ෂේඛර් (18 ජූනි 2012). "Mahesh Babu's Dookudu tops winners list of CineMAA Awards 2012". Oneindia Entertainment. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015.
  52. "The Hyderabad Times Film Awards 2011". The Times of India. 24 ජූනි 2012. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  53. "I miss Chennai : Tamannaah". Sify. 5 ජූනි 2011. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015.
  54. කවිරායනි, සුරේෂ් (12 ජූනි 2011). "Badrinath Movie Review". The Times of India. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  55. "Badrinath completes 50days in 187 theatres". The Times of India. 3 අගෝස්තු 2011. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  56. "CineMAA Awards 2012 Best Heroine Voting". යූටියුබ්. MAA TV. 7 ජූනි 2012. සම්ප්‍රවේශය 15 මැයි 2015.
  57. රාජමණි, රාදිකා (6 ජූලි 2011). "Tamannaah: I am like clay that can be moulded". Rediff.com. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015.
  58. "Venghai Review". Behindwoods. 8 ජූලි 2011. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015.
  59. නාරායණන්, වෙන්කටේස්වරන් (8 ජූලි 2011). "Venghai Movie Review". The Times of India. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  60. ශ්‍රීනිවාසන්, පවිත්‍රා (8 ජූලි 2011). "Review: Venghai is tedious". Rediff.com. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015.
  61. කවිරායනි, සුරේෂ් (7 ඔක්තෝබර් 2011). "Oosaravelli Movie Review". The Times of India. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  62. රාජමණි, රාධිකා (7 ඔක්තෝබර් 2011). "Review: Oosaravelli is a routine revenge drama". Rediff.com. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015.
  63. "Tollywood Top Heroes Register Hat trick Flops". The Times of India. 9 මැයි 2012. 15 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  64. රාජමණි, රාධිකා (4 අප්‍රේල් 2012). "'I dont have a glamarous role in Rachcha'". Rediff.com. 16 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 මැයි 2015.
  65. "Rachcha review: A paisa vasool movie". Sify. 5 අප්‍රේල් 2012. 16 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 මැයි 2015.
  66. පසුපුලාති, කාර්තික් (5 අප්‍රේල් 2012). "Racha movie review". The Times of India. 16 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  67. "Ram Charan's Racha completes 50 days in 127 centers". The Times of India. 23 මැයි 2012. 16 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  68. "60th Idea Filmfare Awards 2013 (South) Nominations". Filmfare. 4 ජූලි 2013. 16 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 මැයි 2015.
  69. "CineMAA Awards 2013 : Nominations for Best Actor Female". යූටියුබ්. MAA TV. 3 ජූනි 2013. සම්ප්‍රවේශය 16 මැයි 2015.
  70. "Karunakaran to direct Nithin`s next". Sify. 31 මැයි 2013. 16 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 මැයි 2015.
  71. චෞධරි, වයි. සුනීතා (10 ජූනි 2012). "'Spirited' attempt". ද හින්දු. 16 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  72. රාජමණි, රාධිකා (8 ජූනි 2012). "Review: Endukante Premanta disappoints". Rediff.com. 16 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 මැයි 2015.
  73. ඒ. එස්., සෂිධර් (27 සැප්තැම්බර් 2012). "Tamannaah turns a hip-hop dance teacher". The Times of India. 16 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  74. "Raghava Lawrence in trouble". The Times of India. 17 දෙසැම්බර් 2012. 16 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  75. රාජමණි, රාධිකා (16 ඔක්තෝබර් 2012). "'It was challenging to play a tomboy'". Rediff.com. 16 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 මැයි 2015.
  76. ෂේඛර් (17 දෙසැම්බර් 2012). "Pictures: Super-hit Telugu movies at Box Office in 2012". Oneindia Entertainment. 16 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 මැයි 2015.
  77. උදාසි, හර්ෂිකා (23 මාර්තු 2013). "On cloud nine". ද හින්දු. 16 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  78. "'Himmatwala' Review Roundup: Ajay Devgn Starrer Disappoints Critics". International Business Times India. 29 මාර්තු 2013. 16 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  79. "'Himmatwala' Star Tamannah Fails To Impress Critics in Her Bollywood Debut". International Business Times India. 30 මාර්තු 2013. 16 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  80. IANS (30 මැයි 2014). "Thank god 'Himmatwala' flopped: Sajid Khan". The Times of India. 16 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  81. "'Thadakha' release on May 10th". IndiaGlitz. 7 මැයි 2013. 16 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 මැයි 2015.
  82. ඒ. එස්., සෂිධර් (25 අගෝස්තු 2012). "Tamannaah replaces Hansika in Vettai remake". The Times of India. 16 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  83. "'Tadakha' (Thadaka) Review Roundup: Action-Packed Mass Entertainer". International Business Times India. 11 මැයි 2013. 16 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  84. දේවි දන්දූ, සංගීතා (29 දෙසැම්බර් 2013). "Clichés canned". ද හින්දු. 16 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  85. සේශාගිරි, සංගීතා (21 ජූලි 2014). "SIIMA 2014 Telugu Nominations: Pawan Kalyan's 'Attarintiki Daredi' Nominated in 12 categories [List]". International Business Times India. 16 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  86. "Veeram will set the tone for me this year - Tamannah". Behindwoods. 2 ජනවාරි 2014. 16 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 මැයි 2015.
  87. කාර්තික්, ජනනි (1 ජනවාරි 2014). "I feel I have an amazing year ahead: Tamannaah". The Times of India. 16 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  88. සේෂාගිරි, සංගීතා (11 ජනවාරි 2014). "'Veeram' Review Roundup: Complete Masala Entertainer for Ajith's Fans". International Business Times India. 16 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  89. සේෂාගිරි, සංගීතා (1 ජනවාරි 2015). "From Vijay's 'Kaththi' to Ajith's 'Veeram': Top Grossing Tamil Films of 2014". International Business Times India. 16 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  90. සේෂාගිරි, සංගීතා (20 ජූනි 2014). "'Humshakals' Movie Review: Boring, Over-the-Top Comedy Film". International Business Times India. 16 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  91. "Sajid Khan is in a soup". Deccan Chronicle. 20 ජූලි 2014. 16 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  92. "After initial walk out, Tammu does a song for Vinayak's film". The Times of India. 31 මාර්තු 2014. 16 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  93. "Tamannaah's item song generates good buzz". The Times of India. 5 ජූලි 2014. 16 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  94. සෙහ්ගල්, ගීති (22 අගෝස්තු 2014). "Tamannaah, a television serial actress, in It's Entertainment and a VJ in Humshakals". The Indian Express. 16 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  95. රෙජී, හර්ෂද (22 අගෝස්තු 2014). "Akshay Kumar is the real king of box office every year". Daily News and Analysis. 16 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  96. PTI (17 පෙබරවාරි 2015). "'Humshakals' leads nominations list at Golden Kela Awards". ද හින්දු. 16 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  97. "Tamannaah to play a village belle in Aagadu". The Times of India. 4 අගෝස්තු 2014. 16 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  98. සේෂාගිරි, සංගීතා (8 ඔක්තෝබර් 2014). "Box Office Collection: 'Aagadu' Beats '1 Nenokkadine', 'Rabhasa' Total Figures". International Business Times India. 16 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  99. "Dashing Tamanna takes a bold step". Behindwoods. 5 අප්‍රේල් 2015. 16 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 මැයි 2015.
  100. පැචෙකෝ, සුනිත්‍රා (10 ජූලි 2015). "S S Rajamouli's magnum opus 'Baahubali' releases today". The Indian Express. සම්ප්‍රවේශය 10 ජූලි 2015.
  101. "Tamannaah to romance Prabhas in Baahubali". The Times of India. 20 දෙසැම්බර් 2013. 16 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  102. "Tamannaah shed 6 kilos for Baahubali". The Times of India. 22 දෙසැම්බර් 2014. 16 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  103. "Baahubali review: It's best enjoyed when you keep logic far away : Reviews, News – India Today". indiatoday.intoday.in. සම්ප්‍රවේශය 24 සැප්තැම්බර් 2015.
  104. "Review: Bahubali is mega, ingenious and envelope pushing!". සම්ප්‍රවේශය 24 සැප්තැම්බර් 2015.
  105. "Baahubali crosses 50 days run, nets Rs. 600 crore". ද හින්දු. 2015-08-29. සම්ප්‍රවේශය 2015-09-24.
  106. "'Baahubali' (Bahubali) Completes 50-Day Run in 600+ Theatres in India: SS Rajamouli Sets Another New Record". International Business Times. 24 සැප්තැම්බර් 2015.
  107. එච්. හූලි, ෂේඛර් (1 අප්‍රේල් 2015). "'Vasuvum Saravananum Onna Padichavanga' to Showcase Tamannaah's Jewellery Designs". International Business Times India. 16 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  108. "VSOP review: Vasuvum Saravananum Onna Padichavanga is a U-rated obscenity". IndiaToday. 14 අගෝස්තු 2015. සම්ප්‍රවේශය 24 සැප්තැම්බර් 2015.
  109. "Anushka Shetty's Size Zero Friends Include Baahubali's Rana, Tamannaah". NDTV Movies. 17 නොවැම්බර් 2015. සම්ප්‍රවේශය 18 නොවැම්බර් 2015.
  110. කුමාර්, හේමන්ත් (5 නොවැම්බර් 2014). "Tamannaah is excited to work with Ravi Teja for the first time". The Times of India. 3 මාර්තු 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 1 දෙසැම්බර් 2015.
  111. "Tamannaah looks stunning". Deccan Chronicle. 26 සැප්තැම්බර් 2015. 26 සැප්තැම්බර් 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 සැප්තැම්බර් 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  112. එච්. හූලි, ෂේඛර් (5 ජනවාරි 2016). "Baahubali to Kumari 21F: Top 20 highest-grossing Telugu/Tollywood movies of 2015". International Business Times India. 5 ජනවාරි 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 5 ජනවාරි 2016.
  113. "Commercial genre is difficult: Tamannah". DC. 20 දෙසැම්බර් 2015. සම්ප්‍රවේශය 11 පෙබරවාරි 2016. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  114. "Tamannaah in a special song in Bellamkonda's next". TOI. 31 ඔක්තෝබර් 2015. සම්ප්‍රවේශය 3 ජනවාරි 2016.
  115. "Tamannah paid a bomb for an item song". Sify. 11 නොවැම්බර් 2015. සම්ප්‍රවේශය 3 ජනවාරි 2016.
  116. "Sreenivas-Tamannaah song cost Rs 2.25 crore". The Times Of India. 4 පෙබරවාරි 2016. සම්ප්‍රවේශය 5 පෙබරවාරි 2016. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  117. උපාධ්‍යාය, ප්‍රකාශ් (30 මාර්තු 2015). "Tamanna Snatches away Karthi-Nagarjuna's Film from Shruti Haasan; How Big is the Loss for Kamal's Daughter?". International Business Times India. 16 මැයි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 මැයි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  118. "'Oopiri' wraps up shoot, gears up for release". Sify. 15 පෙබරවාරි 2016. සම්ප්‍රවේශය 16 පෙබරවාරි 2016. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  119. "'Oopiri' review round-up: Vamsi Paidipally's film bags positive verdict, rich ratings from critics". International Business Times. සම්ප්‍රවේශය 27 මාර්තු 2016.
  120. "Tamannaah Bhatia joins sets of Tamil film 'Dharmadurai'". The Indian Express. 6 ජනවාරි 2016. සම්ප්‍රවේශය 6 ජනවාරි 2016.
  121. "Tamannaah charges a bomb for item number"
  122. "Abhinetri Tamannaah". DC. 24 අප්‍රේල් 2016. සම්ප්‍රවේශය 24 අප්‍රේල් 2016.
  123. "Tamannah Bhatia to join horror bandwagon". DC. 2 පෙබරවාරි 2016. සම්ප්‍රවේශය 2 පෙබරවාරි 2016.
  124. "Tamannaah begins shooting for 'Kaththi Sandai'". Sify. 10 මැයි 2016. 11 මැයි 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 මැයි 2016.
  125. "SS Rajamouli's 'Baahubali 2': Shobu Yarlagadda says 'The Conclusion' shoot begins Thursday". 17 දෙසැම්බර් 2015. සම්ප්‍රවේශය 3 ජනවාරි 2016.
  126. "Tamanna takes up the big challenge". 28 නොවැම්බර් 2016. සම්ප්‍රවේශය 3 දෙසැම්බර් 2016.
  127. Article-Tamil-Tamannah in Kandein Kadhalai. Indiglamour.com (2009-10-17). සම්ප්‍රවේෂණය 2010-12-13.
  128. "Tamanna to endorse Wipro's Chandrika soap!!". currentweek. සම්ප්‍රවේශය 2011-05-21.
  129. palPalani (2012-04-23). "Tamanna to endorse Fanta!". Southdreamz.com. සම්ප්‍රවේශය 2012-10-09.
  130. Tamanna with Kohli, http://www.ifilmish.com/tamanna-kohli-ad-shoot-finished/, ප්‍රතිෂ්ඨාපනය 2017-11-01 
  131. "Tamanna Bhatia Poses for PETA To Oppose Animal Tests සංරක්ෂණය කළ පිටපත 2014-07-14 at the Wayback Machine," OneIndia Entertainment, 17 ජූනි 2014.
  132. "Tamannaah as zee telugu brand ambassador" සම්ප්‍රවේෂණය 5 අප්‍රේල් 2015
  133. "Zee Telugu brand ambassador"
  134. "Tamanna into jewellery business" සම්ප්‍රවේෂණය 5 අප්‍රේල් 2015
  135. "Tamanna new business" සම්ප්‍රවේෂණය 5 අප්‍රේල් 2015
  136. "Tamannaah starts her own jewellery business" සම්ප්‍රවේෂණය 5 අප්‍රේල් 2015
  137. "Tamanna new role", http://www.newindianexpress.com/entertainment/tamil/Tamannaah-Bhatia-Takes-up-a-New-Role/2015/04/21/article2774178.ece, ප්‍රතිෂ්ඨාපනය 2017-11-01 
  138. "Tamannaah to endorse girl power". [‍[ඩෙකෑන් ක්‍රෝනිකල්. 21 ජනවාරි 2016. සම්ප්‍රවේශය 21 ජනවාරි 2016. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help); Text "Deccan Chronicle]]" ignored (help)
  139. "Prakash Raj & Tamannaah gets South Scope Awards". Sify.com. 2010-09-20. සම්ප්‍රවේශය 2011-07-11.
  140. "The Hyderabad Times Film Awards 2011". The Times of India. 2013-07-18 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 24 ජූනි 2012.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=තමන්නා&oldid=658998" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි